Latest Updates
Showing posts with label Let's Meditate - Budusarana Articles. Show all posts

නොපිරිහෙන කෙනෙක් වෙන්නට නම්...
On
Thursday, December 16, 2010
Let's Meditate - Budusarana Articles

අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ සඳහන් වෙනවා, සිල් රකින කෙනාට මේ ජීවිතේ මේ මේ ආනිශංස ලැබෙනවා කියලා. මේ කරුණු දැනගත්ත කෙනා ධර්මය දන්න කෙනෙක් බවට පත්වෙනවා. ඒ ධර්මය දැනගත්තට පස්සේ ‘මේ ධර්මය ඒකාන්තයෙන් සැප විපාක සහිතයි.
කියලා එයා ඒ දහමට පහදිනවා. ඊට පස්සෙ එයා සීලයට එනවා. දැන් එයා නුවණින් කල්පනා නොකළොත් එයාට දැන ගත්ත දේ දැකගන්ට පුළුවන් ද? දැකගන්ට බෑ. ඔන්න එයා දැන් කාලයක් සිල් සමාදන් වෙලා ඉන්නව. එහෙම හිටියට ඒ කිව්ව සැප එයාට තෝර බේරා ගන්න බැරිනම් එයාට සිල් රැකගන්න බැරිවෙනවා. ඇයි එහෙම වෙන්නෙ? එයා හිතනව ‘ මම සීලයට ආව, මට මුකුත් ප්‍රතිඵලයක් නෑනෙ.කියලා. ‘ මට පින් නෑනෙ..’ කියනව. . එය සසඳල බලන්නෙ නෑ දුස්සීල බව නිසා ලැබෙන දුක් සහිත විපාක මට දැන් නෑ කියල. සිල්වත් බවේ ආනිශංස මට ලැබෙනවා කියල සසඳල බලන්නෙ නෑ.
නමුත් සීලයට පැමිණි පුද්ගලයා සිල් රැකීමෙන් මට මේ මේ ආනිශංස ලැබෙනවා’ කියල නුවණින් කල්පනා කළොත්, එයා ඒ සීලය තුළ පිහිටනවා.
එයා සීලය තුළ පිහිටන්නේ ඒ සීලය නිසා සතුටු වෙන කෙනෙක් බවට පත්වෙන නිසයි. එහෙම වුණොත් එයා සීලය අතහරින්නෙ නෑ දිවි හිමියෙන් රකිනව. එයා දන්නවා මේකෙන් මට සැප ලැබෙනවා කියල. මම සීලය බිඳ ගත්තොත්, ඒ හේතුකොටගෙන මට මේ මේ විදිහේ දුක් විපාක ලැබෙනවා කියල එයා දන්නවා. එතකොට එයා පිළිගන්නවා සිල් රැකීමෙන් පින් රැස්වෙනවා. ඒ පිනේ විපාක විදිහටයි මේ සැප ලැබෙන්නේ කියල. එතකොට එයා ධර්මය අහල දැනගත්ත කෙනා බවට පත්වෙනවා. ඊට පස්සෙ එයා ධර්මය දැකගත්ත කෙනා බවටත් පත්වෙනවා. එයා පිරිහෙන්න නෑ. එයාට ඒ ධර්මය නිසා යම් සැපක් සොම්නසක් ඇතිවුණා නම් ඒක නුවණින් තේරුම් ගන්නව.
දැන් බලන්න සිල් බිඳෙන කෙනාගේ හිතට සැපයක් එනව ද? පසු තැවීමක් එනවද? පසුතැවෙනවා, සිල් රකින කෙනාගේ සිත, සතුටට පත් වෙනවා.
එතකොට සිත සතුටු වෙන්නෙ ඒ සීලය මුල් කරගන නේද? එතකොට සිත අපහසුතාවට පත් වෙන්නේ සීලය බිඳුණු නිසා, සිල් බිඳුණු කෙනාගෙ රාග, ද්වේෂ, මෝහ ඇවිස්සෙනව. එතකොට ඒ කිලිටි මුල් කරගෙන එයා අපහසුතාවයට පත්වෙනවා. සිල් රකින කෙනා තුළ රාග, ද්වේෂ, මෝහ පාලනය වෙනව. රාග, ද්වේෂ, මෝහ පාලනය වීම තුළ සිතට සැප ඇතිවෙනවා.
සිතේ නිදහස් බවක් ඇති වෙනවා. එතකොට සිත නිදහස් වුණේ රාග, ද්වේෂ, මෝහ තුනි වීමෙන්, පාලනය වීමෙන් මයි. අන්න ඒකට තමයි නියම ආකාරයෙන් නිදහස්වන සිත කියල කියන්නෙ. ඒ සිත එයා දැක ගත්තොත් ආපස්සට ඒ සිත පිරිහෙන්ට දෙන්ට කැමැති වෙන්නේ නෑ නේද? අන්න ඒක තමයි මෙතෙන්දී අප කියා දෙන්නෙ.
එහෙනම් සිල් රැකීමෙන්, ධර්මය ඉගෙන ගැනීමෙන්, වන්දනාමාන කිරීමෙන්, වත් පිළිවෙත් කිරීමෙන්.මේ හැම දේකින්ම අපේ හිතේ සැප සොම්නස උපදිනවා. අන්න එතකොට අප කල්පනා කළොත් ‘මේ ධර්මයේ හැසිරීම නිසා සුවපහසුවක් මට ඇතිවෙනවා’ කියල. එයා ඒ ධර්මයේ හැසිරීම අතහැර දමන්නෙ නෑ. ඒ ධර්මයේ හැසිරීමට එයා පහදිනව. එයා කැමැතියි ඒ දේවල් කරන්න. ඇයි කැමැති වෙන්නෙ? එයා තුළම උපන් වැටහීමක් තියෙනවා. ඒකට කියනවා “ප්රත්යක්ෂ” කියල. තව කෙනෙකුගේ උපකාරයකින් තොරව තමන් ම ඒක තේරුම් ගන්නවා.
එතකොට තව කෙනෙකුට කියන්න පුළුවන්ද” නෑ නෑ ඕව කරල හරියන්නෙ නෑ...අතහරින්න” කියල. එහෙම කිව්වට නිවැරැදි වැටහීමට ආපු කෙනා අතහැරල යයිද? නෑ. ඇයි ඒ ? තව කෙනෙකුගේ උපකාරයෙන් තොරවූ දැනුමක් එයාට තියෙනවා. මේ සිත සැපයට පත්වෙන්නෙ මේ විදිහටයි කියල. මුළු ලෝකයම ඇවිල්ල එයාව අනිත් පැත්තට ඇද්දත්, එයාව ඇදල අයින් කරන්න බෑ. එයා තුළ උපන් වැටහීමක් තියෙනවා. මේ සිත පිරිසුදු වෙන්නෙ මෙහෙමයි කියල. ඒකයි එයා පිරිහෙන්නෙ නැත්තෙ.
සිත පිරිසුදු වෙන්නෙ මෙහෙමයි කියල දන්නෙ නැති කෙනාට, වත් පිළිවෙත් කිරීමෙන්, ධර්මය ඇසීමෙන්, දේශනා කියවීමෙන් ධර්ම කථාවෙන් , බණ භාවනා කිරීමෙන්, අපේ සිතට සුවපහසුවක් එනවා කියල තෝරා බේරා ගන්න බෑ. ‘බණ භාවනා කරල පහසුවක් ඇතිවුණා. කියල තේරෙන්නෙ නෑ එයාට. එහෙම නැත්නම් වත් පිළිවෙත් කරනව, ඒත් එයාට සුවපහසුවක් ඇතිවෙනවා කියල තේරෙන්නෙ නෑ. එතකොට දිගින් දිගට ඒක කරයි ද? නෑ. කළ දේට එයා පහදීද පහදින්නෙ නෑ.
ඇයි? ඒ කළ දේ යහපත් විපාක එයා දැක්කෙ නෑ. එහෙම කෙනාට මේ ලෝකයම ඇවිල්ල කියන්න ඕනද ඕක අතහරින්න කියල . නෑ. ලෝකයම යහපතට උනන්දු කළත් එයා ඒක අතහැරගන්නවා.. ඇයි ඒ තමන්ට යහපත තේරෙන්නේ නැති නිසා. අන්න ඒකයි කියන්නෙ යම්කෙනෙකුට කෙලෙස් දුරුවීමෙන් , කෙලෙස් යටපත් වීමෙන් මේ හිතේ ඇතිවන යම් නිදහස් බවක් තිබෙනව නම්, ධර්මයේ හැසිරෙද්දී අන්න ඒක තෝර බේර ගන්න බැරිනම්, ඒක ප්රත්යවේක්ෂා කරන්න බැරිනම්, එයා පිරිහෙන බවට පත් වෙනවා කියල.
ඒ නිසා ධර්මය ඉගෙන ගනිද්දී , බණ භාවනා කරද්දී, පින් දහම් කරද්දී අප තුළ යම් සුවපහසුවක් ඇතිවෙනවා නම්, එහි කම් සැප විඳීමෙන් ඇතිවන සුවපහසුවක්ද? නෑ. අපි ඒක තෝරගන්ට ඕන.
අපි සූත්‍ර දේශනාවක් කියවනකොට හෝ දේශනාවක් අහනකොට හෝ සුවපහසුවක් දැනෙනවා නම් තෝර බේර ගන්ට දක්ෂවෙන්න ඕන, මේ ධර්මය අහනකොට, ධර්මය කියවනකොට මට සැපක් දැනෙනවා නේද? මට සුවයක් දැනෙනවා නේද? කියල. ඒ විදිහට තෝරගන්ට දක්ෂ වෙන්නේ සිහිය තිබුණොත් , නුවණ තිබුණොත් තමයි. සිහිය නැත්නම්, නුවණ නැත්නම් එයාට ඒක තෝරගන්නට බෑ.
එනිසා අප හොඳින් සිහිය උපදවාගෙන තෝරා බේරා ගත්තොත්, අපේ ජීවිත පිරිහෙන්නෙ නැති ජීවිත බවට පත්කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ කාරණාව සිහිකරන්න කල්පනා කළේ, මේ මූලික කාරණාව පුරුදු නොකර අපි කොයිතරම් බණ භාවනා කළත්, අන්තිමට ඒ භාවනාව එපා වෙලා යන එක විතරයි වෙන්නෙ. ඇයි එයාට තෝරා බේරා ගන්න බෑ
මට මේකෙන් පහසුවක් එනව කියල. තෝරා ගන්න බැරි නිසාම අපිට ඒ පහසුව දියුණු කරගන්න බෑ. වැඩිල යන්නෙ නෑ. දැන් අපිට ඒ ධර්මය පුරුදු කරපුවාම සුවපහසුවක් ඇති වෙනව කියල තේරෙනවා නම් අපේ සිතේ පී‍්‍රති ප්‍රමෝදය වැඩිවෙනවා. ඊට පස්සෙ එයා සතුටු සිතින්මයි ඒක කරගෙන යන්නෙ.
එනිසා බණ භාවනා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගන්ට කැමැති කෙනෙක් විසින් ආරම්භයේ සිටම හොඳින් පුරුදු කරගතයුතු ධර්මයක් තමයි ප්රත්යවේක්ෂා කිරීම, භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා. කුසල් දහම්වල ප්රත්යවේක්ෂා කරන්න යම් කෙනෙක් දක්ෂයි නම්, ඒක බොහෝ උපකාර වෙනවා ධර්මයේ පිහිට පිළිසරණක් ලබා ගැනීම පිණිස, ප්රත්යවේක්ෂා කිරීමට යම් කෙනෙක් හුරු කරගත්තේ නැත්නම් එයාට ධර්මය තුළ පිහිටන්න බැරිව යනව. එයා ටික කලකින් ධර්මය අතහැර ගන්නව.
ඒනිසා හොඳට තේරුම් ගන්න, අප පුරුදුකරන කාරණා මුල්කරගෙන අපට ලැබෙන සැප පහසුව ගැන. දේශනා ඉගෙන ගනිද්දි වේවා, එහෙම නැත්නම් භාවනා කරද්දි වේවා, වත් පිළිවෙත් කරද්දි වේවා අපේ හිතට පහසුවක් දැනෙන කොට තේරුම් ගන්න ධර්මයේ හැසිරීම නිසා නේද? සැප පහසුව ලැබෙන්නේ කියල. අන්න එයා ඊට පස්සෙ ඒ ධර්මයේ හැසිරීමට කැමැතියි. ඇයි එයා දන්නව සැප ලැබෙනවා කියල. එයා ධර්මයේ හැසිරීම අත්හරින්නේ නෑ.
’ප්රත්යාවේක්ෂා කරන්න ‘අදක්ෂ කෙනාට ධර්මයට පිවිසෙන්න බැරිව යනවා. යම් කනෙක් ධර්මයට පිවිසුණත්, ධර්මයට බැසගන්න එයාට පුළුවන්කම ලැබුණත් ප්රත්යාවේක්ෂා කිරීමට හොඳින් පුරුදු නොවුණොත් එයාට ධර්මයෙන් බොහෝ පිහිට පිළිසරණ ලබාගන්නට බැරිව යනවා. ඒ නිසා මතක තියාගන්න මේ ධර්ම මාර්ගය ආරම්භ වන්නේත් ප්රත්යාවේක්ෂා කිරීමෙන්මයි. ඒවගේම තමයි මේ ධර්ම මාර්ගය අවසන් වන්නේත් ප්රත්යවේක්ෂා කිරීමෙන් ඒ ධර්ම මාර්ගය (ආර්ය අෂ්ටාංගික මාර්ගය) දිගටම එයා තෝරා බේරා ගත යුතු වන්නේ ප්රත්යවේක්ෂා කිරීමෙන් මයි.
නුවණින් කල්පනා කිරීමෙන් ම තමයි එය තෝරා බේරා ගත යුත්තේ. එනිසා අප ප්රත්යවේක්ෂා කිරීමට හොඳින් දක්ෂ භාවය උපදවා ගත්තොත් මේ ධර්ම මාර්ගයේ බොහෝ දුර ගමනක් අපට යන්න අවස්ථාව ලැබේවි. සියලු දෙනාටම ඒ උතුම් භාග්‍ය උදාවේවා!
නාවලපිටියේ අරියවංශ හිමි
'බුදුසරණ' පුවත් පතේ පළ වූ ලිපියක් ඇසුරෙන්
http://www.lakehouse.lk/budusarana/2010/11/28/tmp.asp?ID=vision03
විමුක්ති සිත ප්රත්යවේක්ෂා කරමු
On
Sunday, November 28, 2010
Let's Meditate - Budusarana Articles

භාවනා කරන්න පුරුදුවෙන කෙනෙක් විසින් ඒ භාවනාව සාර්ථක කර ගැනීම පිණිස ආරම්භයේදී පටන් අවසානය දක්වා ම කළ යුතු, අතිශයින්ම වැදගත් වන මූලික අංගයක් පිළිබඳව අද සිට කියා දෙන්නයි අප කල්පනා කරන්නේ. දැන් මේ විස්තර කරන කාරණාව යමෙක් පුරුදු කළේ නැත්නම්, එයා කොයි තරම් භාවනා කරන්න උත්සාහ කළත්, ධර්මය පුරුදු කරන්න උත්සාහ කළත්, එයාට ඒ ධර්මයෙන් සාර්ථක ප්‍රතිඵල නෙළා ගන්න බැරිව යනවා. ඒ නිසා අප අද සිට කතා කරන්න කල්පනා කරන කාරණාව අතිශයින්ම වැදගත් එකක්.
ඒ තමයි “ ප්රත්යවේක්ෂා කිරීම “ .
භාවනා කරන කෙනෙක් ඒ භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීම පිණිස එයා තුළ දියුණු කර ගත යුතු අතිශය වැදගත් වු කුසලතාව තමයි ප්රත්යවේක්ෂා කිරීම, කුසල් දහම් ප්රත්යවේක්ෂා කිරීම මහත් වූ ප්‍රතිඵල සහිත දෙයක්. අප කරන ක්‍රියා පිළිබද ප්රත්යවේක්ෂා කරන්න පුළුවන්කම තියෙනවා නම් (අප තුළ දියුණු වන කුසල් දහම් නුවණින් විමසල බලන්න පුළුවන් නම් ) අන්න ඒ හැකියාව තමයි අපට බොහෝ සේ උපකාරී වන්නේ, කුසලය තුළ හිත පිහිටවා ගන්නත්, ඒ වගේම ධර්මයෙන් පිහිට පිළිසරණ ලබා ගැනීමටත්, ඒ නිසා අප ඒ හැකියාව දියුණු කර ගන්න ඕන.
”ප්රත්යවේක්ෂා කිරීම” කියනදේ අපට කරන්න තේරෙන්නෙ නැත්නම්, කරගන්න බැරිනම්, දන්නෙ නැත්නම්, අපට භාවනාවකින් ප්‍රතිඵලයක් ලබා ගන්න බෑ. ධර්මය ඉගෙනගෙන ඒකෙන් ප්‍රතිඵලයක් ලබා ගන්නත් බෑ. පිනක් දහමක් කරල ඒකෙන් සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්නත් බෑ. සාමාන්‍ය එදිනෙදා කටයුක්තකින් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්නත් බෑ.ඒ තරම් ම අපට උපකාර වන දෙයක් තමයි ප්රත්යවේක්ෂා කිරීම කියන්නෙ.
අංගුත්තර නිකාය දෙවන පොත් වහන්සේගේ පංචක නිපාතයේ තියෙනවා පඨම සමයවිමුත්ත සූත්‍රය කියලා දේශනයක්. මේ දේශනාවේදි භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට අපිට කියා දෙනවා. ‘පඤ්චිමේ භික්ඛවේ ධම්මා සමයවිමුත්තස්ස භික්ඛුනෝ පරිහානාය සංවත්තති’. පින්වත් මහණෙනි, බණ භාවනා කරමින් ධර්මයේ හැසිරෙන්නා වූ භික්ෂුවකගේ පිරිහීම පිණිස පවතින්නා වූ කාරණා පහක් තිබෙනවා. ඒ තමයි ‘කම්මාරාමතා, භස්සාරාමතා, නිද්දාරාමතා, සංඝිනිකාරාමතා, යථා විමුත්තං චිත්තං න පච්චවෙක්ඛති ‘ එතකොට අප මේ කාරණා පහ ගැන තෝරා බේරා ගන්න දක්ෂ වුණොත්, අපට පුළුවන්කම තියෙනවා මේ කාරණා පහ හේතුකොට ගෙන අප තුළ පිරිහීමක් ඇතිවෙනවා නම්, ඒ පිරිහීම වළක්වා ගන්න.
කම්මාරාමතා කියන්නෙ වැඩ කටයුතුවලට ඇලී යාමයි. නමුත් වැඩකටයුතු දෝෂයක් නොවෙයි. වැඩ කටයුතුවලට ඇලීම තමයි පිරිහීමට බලපාන කාරණය. ඊළඟට භස්සාරාමතා. ඒ කියන්නෙ කතා කිරීම නොවෙයි. කතාවට ඇලීයාමයි. ඊළඟට නිද්දාරාමතා,. ඒ කියන්නේ නිදාගැනීම නෙවෙයි. නින්දට ඇලී යාමයි. ඊළඟට සංඝනිකාරාමතා, ඒ කියන්නේ පිරිසත් සමඟ ඉඳීම නෙවෙයි. පිරිසත් සමඟ ඇලී ගැලි වාසය කිරීමයි. අප මේ කරුණු ගොඩක් වරද්දා ගන්නව. පිරිසත් සමඟ ඉඳල බෑ කියල කල්පනා කරනව. ඒක වැරැදියි. පිරිස සමඟ ඉඳීම නොවෙයි දෝෂය වෙන්නෙ. පිරිසට ඇලිල වාසය කිරීමයි. අන්න ඒ දේ හඳුනාගෙන බැහැර කරන්න ඕන. ඊළඟ කරුණ “ යථා විමුත්තං චිත්තං න පච්චවෙක්ඛති “ ඒ කාරණාව විස්තර කරන්න තමා අද අප කල්පනා කරන්නෙ. නමුත් මුල් කාරණා හතරත් තේරුම් ගන්න ඕන. මුල් කාරණා අප තෝරා බේරා නොගත්තොත්, එමඟින් සිදුවන හානිය වළක්වාගන්ට බැරිවෙනවා. සිහි නුවණ පිරිහෙනවා. ඒක හේතු වෙනව මේ පස්වෙනි කාරණාව අප තුළ සිදුවෙන්ට.
විමුක්ත “ කියල කියන්නෙ නිදහස් බවට. එතකොට “ යථා විමුත්තං “ කියල කියන්නෙ ‘ නියම ආකාරයෙන් නිදහස් වන’ කියන එකයි. ‘නියම ආකාරයෙන් නිදහස් වෙන සිත ප්රත්යවේක්ෂා නොකිරීම ‘ තමයි ඒකෙන් අදහස් වෙන්නෙ. නියම ආකාරයෙන් නිදහස් වෙන සිත නුවනින් තෝරාබේරා ගන්න දන්නෙ නැතිකම, තේරෙන්නෙ නැතිකම, අපේ පිරිහීමට හේතුවන කාරණයක් කියල භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා. අපේ සිතේ ඇතිවෙන පිරිසුදු බව නිදහස් බව, පහන් බව යම් විදිහකින් ධර්මයේ හැසිරීමත් එක්ක ඇතිවෙන දෙයක්. සිතේ ඇති වෙන “ පහන් බව “ අපිට තෝරා බේරා ගන්න බැරිවුණොත් එහෙම,, අපිට ධර්මයෙන් දියුණුවක් කරා යන්න බැරිව යනවා. ඒක තෝරා බේරා ගන්න බැරි වෙන්ට හේතුවන කාරණාව තමයි අපිට සිහිය නැතිකම. සිහි නුවණ මඳ බව.
සිහි නුවණ නැතුව යන්නෙ, එක්කො, එයා පිරිස සමඟ ඇලි ගැලී වාසය කිරීමෙන්, එහෙම නැත්නම් එයා නින්දට ඇලිල වාසය කරනවා. සිහිය උපදින්නෙ නෑ. එහෙම නැත්නම් එයා කතාවට ඇලිල ගිහිල්ල. කතා කර කර ඉඳල, ඒකට ඇලිල ගිහිල්ල සිහිය උපදවා ගන්න බෑ . එහෙම නැත්නම් එයා වැඩ කටයුතුවලට ඇලිල ගිහිල්ල. සිහිය උපදවා ගන්න බෑ . සිහිය උපදවා ගන්න බැරි නිසා මේ ධර්මයෙන් අපිට යම් පිහිටක් පිළිසරණක් තියෙනව නම්, අන්න ඒක එයාට තෝරා බේරා ගන්න බැරිව යනවා. දැන් වැටහුණාද කාරණාව .බලන්න අපි බොහෝ ධර්ම දේශනා තුළින් අසා තියෙනවා. මේ මේ විදිහට පින් රැස්වෙනව කියලා. නමුත් බලන්න ඒ පිළිබඳව අපේ ජීවිතයේ තුළ පිහිටි ප්රත්යක්ෂ බවක් තියෙනවද කියල. අපේ ජීවිතේ තුළ උපන් විශ්වාසයක් තියෙනවද බලන්න. අප අහල තියෙනවා සිල් රැකීමෙන් පින් රැස්වෙනව, දන් දීමෙන් පින් රැස්වෙනව, මෛත්‍රී භාවනාව කිරීමෙන් පින් රැස්වෙනවා කියල. බලන්න අපට අප තුළ උපන් විශ්වාසයක් ඒ පිළිබඳව තියෙනවද කියල. මේ ආකාරයෙන් පින් රැස්වෙනවා කියල උපන් විශ්වාසයක් අප තුළ තියෙනවා නම් අප තුළ ප්රබෝධයක් තියනව. ඇයි ඒ ප්රබෝධය තියෙන්නෙ? අප තුළ විශ්වාසයක් තියෙනවා පින තුළින් සැප උපද්දල දෙනවා කියල. එතකොට පින් කරන කෙනා මේ ජීවිතයේදීම පිනේ විපාක භූ®ක්ති විඳීනවා කියල අපට වැටහීමක් තිබෙනවා. ඒ වැටහීම තියෙන කෙනා පී‍්‍රති ප්‍රමෝදයෙන් වාසය කරනවා. දැන් බලන්න අපට කියා දෙනවා සිල් රකින කෙනා මේ ජීවිතය තුළ මේ විදිහට සැප විපාක ලබනවා කියල. එතකොට මරණින් මත්තෙ සුගතියේ උපදිනවා කියලත් කියා දෙනවා.එතකොට බලන්න සිල් රකින කෙනා මේ ජීවිතයේ සැප ලබනවා කියල අප කොහොමද දැන ගන්නෙ? ඊළඟට මතු ජීවිතයේදී සුගතියේ උපදිනවා කියල කොහොමද අප දැන ගන්නෙ? දැන් බලන්න සිල් රකින කෙනාට පිරිස ඉදිරියේ විශාරද බවක් ඇති වෙනවා. එයා මුළු ගැන්නෙන්නෙ නෑ.
එතකොට කොහොමද එයා සිල් රැකීමේ ආනිශංස දැනගන්නෙ? ඒක ප්රත්යක්ෂය තුළින් තමාට වැටහෙනව. තමා සීලයට ආපු ගමන්, සිල් රකින්න පුරුදු වුණාම, ඒ කුසලය මුල් කරගෙන මේ ජීවිතයේදි සැප ලැබෙනවා කියල එයාට තේරෙනවා. දැන් සිල් බිෙඳන කෙනෙක් (හොරකම් කරන කෙනෙක්) ඉන්නව. හොරකම් කරන කෙනා දුස්සීලයි. දුස්සීල කෙනාට මොනවද ලැබෙන ආදීනව? එයාට පිරිස ළගට යන්න බෑ. එයාට අපකීර්තිය පැතිරෙනවා. ඊට පස්සෙ එයාට බය ඇතිවෙනවා. එතකොට ඒ ආදීනව එයා කොහොමද දැන ගන්නෙ? ප්රත්යක්ෂයෙන්. තමාටම තේරෙනවා දුස්සීල බවට වැටුණහම ඒකෙ ආදීනව. ඒ ආදීනව තේරෙන්නෙ නුවණින් කල්පනා කළොත් නැත්නම් තේරෙන්නේ නෑ. එහෙනම් සිල් රකින කෙනා. සීලය නිසා මට මේ විදිහට සැප ලැබෙනවා කියල දැනගන්නෙ කොහොම ද? ප්රත්යක්ෂයෙන්, ප්රත්යක්ෂ වෙන්නෙ නුවණින් කල්පනා කරනකොට යි. අන්න ඒකට කියනවා ‘ප්රත්යවේක්ෂා’ කරනවා කියල. මේ විදිහට නුවණින් කල්පනා කරන්ට බැරිනම් එයා ධර්මය තුළ වැඩෙන කෙනෙක්. දියුණුවෙන කෙනෙක් බවට පත්වෙන්ට බෑ. එයා පිරිහෙනවා. ඒකට හේතුව ධර්මයෙන් ලැබෙන පිළිසරණ, සුවපත් බව, යහපත තේරුම්ගන්ට නොහැකිවීමයි. එසේ තේරුම්ගන්ට බැරිවෙන්නේ ප්රත්යවේක්ෂා නොකිරීම නිසයි. එසේ තේරුම් නොගත්ත කෙනා ධර්මය හොඳින් පුරුදුකරන්නේ නෑ. හොඳින් තේරුම්ගත්ත කෙනා ධර්මය කෙරෙහි පහදිනව. ගෞරව කරනවා.ඉතාම ගෞරවයෙන් ධර්මය පුරුදු කරනවා . එයා පිරිහෙන්නේ නෑ. දියුණුවෙන් දියුණුවටම යනවා.
නාවලපිටියේ අරියවංශ හිමි
'බුදුසරණ' පුවත් පතේ පළ වූ ලිපියක් ඇසුරෙන්
http://www.lakehouse.lk/budusarana/2010/11/28/tmp.asp?ID=vision03
සබ්බසංඛාරේසු අනිච්ච සංඥාව
On
Saturday, November 13, 2010
Let's Meditate - Budusarana Articles

අප මීට පෙර කතා කළේ සියලු ලෝකය කෙරෙහි ඇල්ම දුරු කර ගැනීම පිණිස පවතින සංඥාව එනම් “සබ්බලෝකේ අනභිරත සංඥාව” පුරුදු කර ගන්නේ කොහොම ද? කියන කරුණ. ඒ වගේ ම ඒ භාවනාව පුරුදු කර ගැනීමෙන් අපිට අත් කර ගන්න පුළුවන් ප්රතිලාභ අපි කෙටියෙන් සරලව කතා කළෙමු. විශේෂයෙන් එය සංකීර්ණ භාවනාවක්. හුරු වෙන්න අපහසු යි. නමුත් අප ටික ටික හුරු කර ගත්තොත් ඉතාම සුව පහසුව ඇති කර ගන්න පුළුවන් කමක් තියෙනවා.
අපි අද සිහිකර දෙන්න කල්පනා කළේ, “සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥාව” කියන භාවනාව. ඒ සංඥාවත් පුරුදු කර ගැනීම අමාරු යි. නමුත් අපිට සියලු සංස්කාර කෙරෙහි අනිත්‍ය හුරු කර ගන්න ලේසි විදිහක් තමයි පංච උපාදාන ස්කන්ධය කෙරෙහි ඇල්ම දුරුවෙන විදියට, අනිත්‍ය විදියට වඩන්න පුරුදු වීම. අපිට එමගින් මේ සංඥාව හුරු කර ගන්න පුළුවන්. සියලු සංස්කාර කෙරෙහි ඇල්ම දුරු කර ගන්නට තමයි මේ ධර්මය පුරුදු කර ගන්නේ. සියලුම සංස්කාර පංච උපාදානස්කන්ධයට අයිති යි. පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇල්ම දුරු කරගත්තොත් සියලු සංස්කාර කෙරෙහි ඇල්ම දුරු වෙලා යනවා. ඒ නිසා පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇල්ම දුරු වෙන විදියට “අනිත්‍ය” පුරුදු කර ගත්තොත් ඒ මගින් අපිට මේ සංඥාව පුරුදු කර ගන්න අවස්ථාවක් ඇති වෙනවා. (පාරිලෙය්‍යක සූත්‍රය/සංයුක්ත නිකාය 111)
මේ භාවනාව ටික ටික පුරුදු වීමෙන් අපට මේක තේරුම් ගන්න පුලුවන් කමක් තියෙනවා. පංච උපාදානස්කන්ධය හට ගැනීමත් නැති වීමත් ගැන භාවනා විදිහට වඩන පිළිවෙළක් කෙටියෙන් මම කියන්නම්. ඒක ටික ටික හුරු කර ගන්න. සමාධිය පුරුදු වීමත් එක්ක, ටික ටික තේරුම් බේරුම් කර ගන්න පුළුවන්කම ඇතිවේ.
මේ සංඥාව මේ විදියට භාවනා වශයෙන් හුරු කර ගන්න “සතර මහා ධාතුන්ගෙන් යුතු මේ රූපය ආහාරයෙන් ඇති වෙලා ආහාර නැති වීමෙන් නැති වෙලා යන නිසා අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. අනිත්‍ය වූ දුක් වූ විපරිනාමයට පත්වෙන රූපය, මම නොවෙමි. මගේ නොවෙයි මගේ ආත්මය නොවෙයි.
ස්පර්ශයෙන් ඇතිවන හඳුනා ගැනීම ස්පර්ශය නැතිවීමෙන් නැති වී යන නිසා අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. අනිත්‍ය වූ දුක් වූ විපරිනාමයට පත්වන විදීම මම නොවෙමි .මගේ නොවෙයි මගේ ආත්මය නොවෙයි. ස්පර්ශයෙන් ඇතිවන හඳුනා ගැනීම ස්පර්ශය නැතිවීමෙන් නැති වී යන නිසා අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. අනිත්‍ය වූ දුක් වූ විපරිනාමයට පත්වන හඳුනා ගැනීම මම නොවෙමි. මගේ නොවෙයි මගේ ආත්මය නොවෙයි. ස්පර්ශයෙන් ඇති වන චේතනාව ස්පර්ශය නැති වීමෙන් නැති වී යන නිසා අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. අනිත්‍ය වූ දුක් වූ විපරිනාමයට පත්වන චේතනාව මම නොවෙමි. මගේ නොවෙයි මගේ ආත්මය නොවෙයි. නාමරූපයෙන් ඇතිවන විඥානය නාම රූප නැති වීමෙන් නැති වී යන නිසා අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. අනිත්‍ය වූ දුක් වූ විපරිනාමයට පත්වෙන විඥානය මම නොවෙමි. මගේ නොවෙයි මගේ ආත්මය නොවෙයි. ඔය විදියට හුරු කර ගන්න. මේකත් පුරුදු වෙන්නෙ ටික ටික.
හැම භාවනාවක් ම ටික ටික තමයි පුරුදු වෙන්නේ. ටික ටික පුරුදු වෙනකොට අපිට ඒක හුරු පුරුදු දෙයක් බවට පත්වෙයි. එක පාරට කරන්න බෑ. අනික කලබලයට මනසිකාර කරන්න එපා. යම් රිද්මයකට කරන්න බලන්න. එතකොට තමන්ට හුරුවෙයි. ඉස්සෙල්ලා පුරුදු කර ගැනීම සඳහා කරන්න ඕනෑ. පස්සේ අපට හොඳින් ජීවත් වන්න පුළුවන් කම තියෙනවා.
සබ්බසංඛාරේසු අනිච්ච සංඥාව කියන සංඥාව හොඳින් පුරුදු කර ගත්තොත් එයාට සිතේ ඇතිවන ඕන පීඩාවකින් ගැළවෙන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් අපහසු යි. අමාරුළුවෙන් තමා මේවා කරන්න තියෙන්නෙ. මේ ධර්මයන් හොඳින් හුරු කර ගන්න කෙනා හොඳට යුද ශිල්පය දන්න දක්ෂ සොල්දාදුවෙක් වගේ අපිට භාවනාවක් පුරුදු වෙන මුල් කාලේ එහෙම ගැටලු එන්නේ නෑ. භාවනා කරගෙන කලක් යද්දී අපිට චිත්ත පීඩා එන්න පුළුවන්. අපි ආන්න එතකොට එන චිත්ත පීඩා දුරු කර ගන්නේ අප පුරුදු වුණු භාවනා පාවිච්චි කරලා. යුද්ධයට යන සොල්දාදුවා වගේ.
සොල්දාදුවා යුද්ධයට කලින් පුහුණු වෙනව නේ ද? යුද්ධයට කලින් සොල්දාදුවා පුහුණු වෙනවා. පුහුණු වෙනකොට ඒක ප්‍රනීතයි. ඒ පුහුණුව ප්‍රනීතයි නේ ද? යුද භටයෙක් හමුදාවට බැඳීලා පුහුණු වෙනවා පුහුණු වෙන්නේ බයෙන් ද සතුටින් ද? සතුටෙන් ප්‍රීතියෙන් එයා පුහුණු වෙන්නේ. පුහුණුව ඉවර වෙලාත් සතුටු වෙනවා නේ ද? එයාට මරණ භයක් එනව ද? මරණ භයක් තියෙනව ද? සතුරු බයක් තියෙනවා ද? අනතුරක් එයාට තියෙනව ද? නෑ. එයා ප්‍රීතියෙන් යුද ශිල්පය පුරුදු වෙනවා. ඔන්න පුරුදු වෙලා එයා යනවා යුද්ධයට.
දැන් පුරුදු වුණායින් පස්සේ “ආ පුතේ ගෙදර පලයන්” කියනව ද? ගෙදර පලයන් කියන්නේ නෑනේ. ඒකට ද පුරුදු වෙන්නේ එයා. නෑ නෑ යුද ශිල්පය පුරුදු වෙන්නේ යුද්ධ කරන්න. සතුරාට එරෙහිව සටන් කරන්න. ඉතින් ඊට පස්සේ එයා යුද්දෙට ගිහිල්ලා පාවිච්චි කරන්නෙ මොනව ද? පාවිච්චි කරන්නෙ කලින් පුහුණු වූ දේමයි. කලින් යම් ශිල්පයක් ද පුහුණු වුණේ ඒ ශිල්පය යුද්ධයේ දී පාවිච්චි කරන්න ඕනෑ. එතකොට ඒ පුහුණුව තවත් වැඩි දියුණු වෙනවා.එතන තියෙන්නේත් පුහුණු වීමක්. ඒක තව දුරටත් වැඩි දියුණු වෙනවා.
භාවනා කරන කෙනාත් ආන්න ඒ වගේ, කෙලෙස් හමුදාව එක්ක සටන් කරන්න කලින්, අවි හරඹය පුරුදු වෙනවා. මුලින් භාවනා කරනවා කියන්නේ ඒකට යි. අප භාවනාව ටික ටික කර කර පුරුදු වෙනවා. සමාධියක් ඇති කර ගන්නවා. ඒ සමාධිය ඇති කර ගන්නා තෙක් ඉතා ප්‍රනීත යි. ඒ සමාධියත් ප්‍රනීත යි. ඊට පස්සේ තමයි යුද්දේ තියෙන්නේ එතෙක් යුද්දේ නෑ. සමාධියක් ඇති කර ගෙන ඒ සමාධිය වඩන්න ඕනෑ. ආන්න එතකොට කෙලෙස් යුද්දේ පටන් ගන්නවා. අන්න එතනදි අපිට අපහසුකම් ආවොත් අපිට පාවිච්චි කරන්න තියෙන්නේ අපි කලින් පුරුදුවුණු භාවනාම යි. වෙන ක්‍රමයක් නෑ.
සොල්දාදුවා හමුදාවට බැඳිලා අවි පුහුණු වෙනවා සතුරු හමුදාවට එරෙහිව සටන් කරන්න ගියහ ම එයා පාවිච්චි කරන්නේ කලින් ඉගෙන ගත්ත දේ නේ ද? ඉතින් ඒවා පාවිච්චි කරන්න ඕනෑ. ඒ නිසා තමයි අප හොඳට පුරුදු වෙන්නේ. අප භාවනා ඉගෙන ගන්න කොට කලබලයට භාවනා කරන්න පටන් ගන්නෙ නෑ. මුල් කාලේ හොඳින් ඉගෙන ගන්න. ඒ භාවනා ඉගෙන ගෙන හොඳට පුරුදු කර ගන්න. පුරුදු වුණායින් පස්සේ යම් කලකදී අපට සතුරු සේනාවත් එක්ක යුද්ධ කරන්න කලක් එයි.
කෙලෙස් යුද්දේ පටන් ගන්න කලක් එයි. ආන්න එතකොට අපට ඒ කෙලෙස් යුද්දෙන් පරදින්නෙ නැති කෙනෙක් බවට පත්වෙන්නෙ අප මුලින් පුරුදු වෙන ධර්මය පාවිච්චි කරලාම යි. ඒ ඉගෙන ගන්න සූත්‍ර දේශනා, ඊළඟට අපි ලැබෙන අවවාද අනුශාසනා, ඊළඟට අපි පුරුදු කරගත්ත භාවනා, පුරුදු කරමින් මේවා ම පාවිච්චි කරමින් අපි ඒ අපහසුතාවන් දුරු කර ගනිමු.
ඉතින් ඒ සඳහා අපිට සිහිය උපදවලා දෙන්නේ කල්‍යාණ මිත්‍රයා. “ඔතෙන්දි මේකයි කරන්නේ” “මෙතෙන්දි මේක යි කරන්නේ” “ඕක කරන්න එපා” “ඔහොම නෙමෙයි කරන්නෙ” “දැන් මෙහෙම කරන්න” අහවල් දේශනාව බලන්න” ඔය ආදි වශයෙන් සිහිය උපද්දවලා දෙන්නේ කල්‍යාණ මිත්‍රයා. මොකද සිහි උපද්දවා ගන්න බැරි වෙන වෙලාවල් තියෙන්න පුළුවන්. ආන්න එතකොට සිහිය උපද්දවා දෙන්නෙ කල්‍යාණ මිත්‍රයා. එයා සිහිය උපද්දවා දීම පිණිස අනුකම්පාවෙන් සොයා බලමින්ම වාසය කරන කෙනෙක්. එයා තුළ තියෙන්නේ අනුකම්පාව සහ අන් අයගේ දියුණුවට කැමැත්ත. මේ තමා කල්‍යාණ මිත්‍රයා තුළ බලවත්ව තියෙන දේ. ආන්න ඒ කරුණු දෙක මුල් කරගෙන උපකාරයට නැමුනු සිතින් තමා වාසය කරන්නේ. ඒ නිසා අපිට කල්‍යාණ මිත්‍ර ඇසුර තරම් සැප පහසු ආරක්ෂාව ඇති කරන්නා වූ තැනක් ඇත්තේ නෑ.
ඉතින් මේවා තේරුම් අරගෙන මේ භාවනාවන් හොඳින් පුරුදු කර ගන්න. එවිට අප කාටත් ඉතාම සුව පහසු ජීවිතයක් ඇති කර ගන්න පුළුවන්කම තිබේවි. එතකොට අපි මූලික වශයෙන් කළයුතු භාවනා කීපයක් කතා කළෙමු. එවිට මම හිතන්නේ අපට වැටහීමක් ඇති ඒ ගැන, අපි දවස් කීපයක් තිස්සේ කතා කළෙමු. ඉතින්, අප විශ්වාස කරනවා මේ අයට යම් වැටහීමක් ඇති වෙන්න ඇති. සරල මට්ටමින් හෝ. ඉතින් ඒ කියා දුන්න භාවනාවන් සහ කාරනාවන් තේරුම් ගෙන, ටික ටික පුරුදු කරගෙන, තම තමන්ගේ ජීවිතයට ඒ උතුම් සැප අත් කර ගැනීම පිණිස, අත් නොහරින වීර්යය, කැමැත්ත උපදවා ගනිත්වා කියලා අපි ආශිර්වාද කරමු. සියලු දෙනාට ම තෙරුවන් සරණයි.
මතු සම්බන්ධයි

http://www.lakehouse.lk/budusarana/2010/11/13/tmp.asp?ID=vision03
දුක දුරු කරගෙන සැප උදාකර ගැනීම පිණිසයි
On
Thursday, October 14, 2010
Let's Meditate - Budusarana Articles

ඇස, කන, නාසය, දිව, ශරීරය, හිත කෙරෙහි අකමැත්ත උපදවා ගන්න කෙනාට, කාමයන් දුරු කර ගන්න පහසුයි. ඒක ලොකු උපකාරයක් වෙනවා. ඒ නිසා මේ අමාරු දේ කරන්න කල්පනා කරන්න. ඒ සඳහා ප්‍රමාණවත් තරම් ධර්මය තියෙනවා. පොත පතේ පෙන්වා දී තිබෙන ධර්මය ඉගෙන ගන්න.
සිතට පීඩාවක් ආපු වෙලාවට ඒක දුරු කර ගන්න මා උපක්‍රමයක් කියලා දෙන්නම්. ඒ වගේ වෙලාවට අපිට වාඩිවෙලා භාවනා කරන්න බැරි වෙයි. මුලින් සක්මන් කරන්න. කෙනෙකුට අපහසුවක් එනකොට පොඩ්ඩක් ඇවිදිනකොට අපහසුව අඩුවෙලා යනවා. ඒ නිසා ටිකක් සක්මන් කරන්න. ‘මේ සිත අනිත්‍යයයි සිතිවිලිත් අනිත්‍යයි’ කියලා මෙනෙහි කරමින් සක්මන් කරන්න. බලවත් පීඩා පවතිනකොට දැඩි කැප කිරීමක් කරන්න වෙනවා. ටික වෙලාවක් එහෙම කරනකොට තමන්ටම තේරෙයි ටික ටික ඒ මුරණ්ඩු සිත මෙල්ල වෙනවා. ඒ මුරණ්ඩු සිත මෙල්ල වෙලා අර අපහසුකම් ටික ටික අඩුවෙනවා. තමන්ටම තේරෙයි. අපිට පුළුවන් ‘සිතත් අනිත්‍ය යි’ ‘සිතිවිලි අනිත්‍ය යි’ ‘සිතේ විඥානයත් අනිත්‍යයි’ කියලා මෙනෙහි කරන්න.
තව දුරටත් ඒ විදිහටම කරගෙන යනකොට තවත් පහසු ඇති වෙයි. එවිට මෙනෙහි කරන්න සිතත් අනිත්‍යයි, සිතිවිලිත් අනිත්‍යයි, විඥානයත් අනිත්‍යයි, සිතේ ස්පර්ශයත් අනිත්‍ය යි කියලා. තව දුරටත් ඒ විදිහට කරගෙන යන්න. එතකොට තවත් සුවපහසුව ඇති වෙනවා තේරෙයි. පීඩා අඩුවෙනවා තේරෙයි. එතකොට මෙනෙහි කරන්න සිතත් අනිත්‍යයි, සිතිවිලිත් අනිත්‍යයි, සිතේ විඥානයත් අනිත්‍ය යි, සිතේ ස්පර්ශයත්,අනිත්‍ය යි ඒ ස්පර්ශයෙන් ඇතිවන විඳීමත් අනිත්‍යයි කියලා. තවදුරටත් සක්මන් කරමින්ම කරන්න. එතකොට තවත් අපහසුව අඩුවෙනවා තේරෙයි.
එතකොට මෙනෙහි කරන්න සිතත් අනිත්‍යයි, සිතිවිලිත් අනිත්‍යයි, සිතේ විඥානයත් අනිත්‍ය යි, සිතේ ස්පර්ශයත් අනිත්‍යයි, ඒ ස්පර්ශයෙන් ඇතිවන විඳීමත් අනිත්‍යයි, හඳුනා ගැනීමත් අනිත්‍ය යි, චේතනාවත් අනිත්‍යය යි.
කියලා තවදුරටත් ඒ විදිහට කරගෙන යනකොට අපහසුව අඩුවෙලා ගොඩක් පහසුව ඇති වෙයි. එතකොට මෙනෙහි කරන්න සිතත් අනිත්‍ය යි, සිතිවිලිත් අනිත්‍යයි, සිතේ විඥානයත් අනිත්‍ය යි, සිතේ ස්පර්ශයත් අනිත්‍ය යි, ඒ ස්පර්ශයෙන් ඇති වන විඳීමත් අනිත්‍ය යි, හඳුනා ගැනීමත් අනිත්‍ය යි, චේතනාවත් අනිත්ය්ය යි, සිතේ ඇති වෙන තණ්හාවත් අනිත්‍ය යි කියලා. ආන්න එතකොට තව දුරටත් පහසුව වැඩි වෙයි. දැන් ගිහිල්ලා හෙමිහිට වාඩි වෙන්න. වාඩි වෙලා ඒ භාවනාව ම කරගෙන යන්න.
එතකොට අර ගින්න නිවිලා යයි. එතකොට තේරුම් ගන්න ධර්මය සංදිට්ඨිකයි කියලා. එතකොට තේරුම් ගන්න මම යම් ධර්මයක් පුරුදු කළා නම් එමඟින් තිබූ අපහසුව දුරු වුණා. එහෙනම් ධර්ම සංදිට්ඨිකයි කියලා එතකොට තේරුම් ගන්න. මට පීඩාවක් තිබුණා. කල්‍යාණ මිත්‍රයා මුන ගැහුණා. ධර්මය කිවුවා. මා ඒ ධර්මය පුරුදු කළා. පීඩාව දුරු වුණා. එහෙනම් සෝතාපත්ති අංග සත්‍යයි කියලා පිළිගන්න. මෙන්න මේ විදියට කල්පනා කරන්න. එතකොට අප ධර්මයට එන්න පුළුවන් විදියට අපේ හිත හැදෙනවා. එහෙම නැත්නම් අපි කැරකිලා ගිහිල්ලා ආපහු සැරයක් අර මාරයාගේ වසඟයේ තියෙන සිතටම කොටු වෙලා යනවා.
කොටුවෙලා ගිහිල්ලා අප මාරයාගේ ගෝලබාලයන් බවට පත් වෙලා යනවා ඉන් පසු තමනුත් නැසිලා අන් අයත් නැසෙන මට්ටමට අපේ සිත කෙලෙසනවා. අප කවදාවත්, ඒ තත්ත්වයට නොවැටිය යුතු යි. ඒ නිසා තේරුම් ගන්න ‘සබ්බලෝකේ අනභිරත සංඥාව‘ අපි හොඳින් හුරු කර ගත්තොත් අපිට මේ අපහසුවලින් දුරු වෙන්න පුළුවන්.
ඇස, කන, නාසය, දිව, ශරීරය, හිත කෙරෙහි අකමැත්ත උපදවා ගන්න කෙනාට, කාමයන් දුරු කර ගන්න පහසුයි. ඒක ලොකු උපකාරයක් වෙනවා. ඒ නිසා මේ අමාරු දේ කරන්න කල්පනා කරන්න. ඒ සඳහා ප්‍රමාණවත් තරම් ධර්මය තියෙනවා. පොත පතේ පෙන්වා දී තිබෙන ධර්මය ඉගෙන ගන්න.
ඉගෙන ගෙන, තම තමාගේ කටයුත්ත තම තමා කර ගන්න. මේක කාටවත් කරවලා දෙන්න බෑ. සිහිකරලා දීම විතරයි කෙනෙකුට කරන්න පුළුවන්. තම තමන් පෞද්ගලිකව මේක කර ගන්න ඕනෑ. එතකොට ඔක්කොම නිහඬයි. ඇයි තමාට කරන්න කටයුත්තක් තියෙනවා. මේක කතා කර කර නෙමෙයි කරන්නෙ. තනි තනියෙන් කරනවා. ලොකු පිරිසක් ඉන්න තැනකට ඉතාම වටිනව මේ ධර්මය. ඇයි?
තනි තනියෙන්ම තම තමා පුරුදු කරනවා. පිරිස අතර කලබල නෑ. ඇයි එකිනෙකාට කරන්න දෙයක් තියෙනවා. තමාගේ ඇස, කන, නාසය, දිව යන ආයතන ගැන සිතනවා. සිතන්නෙ ඒක ගැන ඇල්ම ඇතිවෙන විදිහට නෙමෙයි. නොඇල්ම ඇති වෙන විදිහට සිතනවා. ඇස වදකයෙක්, ඇස හතුරෙක්, කන, නාසය, දිව, ශරීරය, සිත මේවා මිතුරෝ විදිහට නෙමේ කල්පනා කරන්නෙ වදකයන් විදිහට හතුරෝ විදිහට. අපිට හානියක් කරපු අපරාධයක් කරපු දේවල් විදිහට කල්පනා කරමු. එවිට එයා ටිකෙන් ටික නිහඬ තැන්පත් කෙනෙක් බවට පත්වෙනවා.
ආන්න එයාට සමාධිය උපදවා ගන්න පහසු යි. ඇයි සමාධිය උපදවා ගන්න පහසු වෙන්නෙ. කාමයන් යටපත් කර ගෙන නිරුද්ධ කර ගන්න එයාට මේ සංඥාව ලොකු උපකාරයක් වෙනවා. ඒ නිසා මේ භාවනාව හොඳින් පුරුදු කර ගන්න. මේ පුරුදු කරන්නෙත් ටික ටික තමයි. එක පාරට ගොඩක් කරන්න අමාරුයි. මේක ගොඩාක් සංකීර්ණයි. අනිත් ඒවාට වඩා හොඳයි. එහෙනම් අපි සියලු දෙනාටම ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මහා කරුණාවෙන් යුක්තව පෙන්වා දෙන ලද ඒ පරම ගාම්භීර වූ ධර්මය, දුක දුරු කරගෙන මහත් වූ සැප උදාකර ගැනීම පිණිස ඉතාම සැප පහසු ජීවිතයක් දියුණු කර ගැනීම පිණිස සියලු දෙනාටම උපකාර වේවා කියලා ආශිර්වාද කරනවා.
'බුදුසරණ' පුවත් පතේ පළ වූ ලිපියක් ඇසුරෙන්
http://www.lakehouse.lk/budusarana/2010/10/14/tmp.asp?ID=vision03
වද දෙන සිත
On
Thursday, October 7, 2010
Let's Meditate - Budusarana Articles

අප කෙතරම් බණ භාවනා කළත්, මේ සසර ගමන අවසන් වෙන තෙක් අපිට අතිශය පීඩාවන්, කරදර අපහසුකම් ඇතිවෙනවා. භාවනා කරන මුල් කාලෙදී කෙනෙකුට එතරම් අපහසුකම් නොවන්න පුළුවන්. භාවනා කරන මුල් කාලෙකදී තියෙන්නෙ භාවනාවක් දියුණු කර ගැනීමට තියෙන අපහසුව විතරයි. නමුත් භාවනාව දියුණු කර ගෙන ඒ භාවනාව යම් දුරක් පුරුදු කරගෙන යනකොට එයාට යම් යම් අපහසුකම් ඇතිවෙන්න පුළුවන්. භාවනා කිරීම නිසා ඇති වන අපහසුකම් නෙමේ එතකොට ඇති වෙන්නේ. අප භාවනාවක් කරලා ඒකෙන් යමක් කරන්න උත්සාහ කරනවා. කුමක්ද කරන්න උත්සාහ කරන්නේ? හිතේ් තියෙන කෙලෙස් දුරුකර ගන්න උත්සාහ කරනවා. එවිට අපට මුල් කාලයෙදී භාවනාව පුරුදු වෙන්න අපහසුවක් ඇතිවෙනවා නේද? පුරුදු වුණාට පස්සේ ඒ භාවනාව පහසු යි. ඊට පස්සේ ඒ භාවනාව මගින් අප කුමක්ද කරන්න කල්පනා කරන්නේ? හිතේ් තියෙන කෙලෙස් දුරුකර ගන්න මහන්සි වීම. ආන්න එතකොට අපට අපහසුවක් එනවා. මොකක්ද ඒ අපහසුව. ඒ කෙලෙස් නිසා අපිට පීඩා ඇතිවෙනවා. බලවත් පීඩා ඇතිවෙනවා. ආන්න ඒ පීඩා වලින් යට නොවී අපට සුව පහසුව ඇතිකර ගැනීම පිණිස බොහෝ සේ උපකාර මේ සංඥාව.
අපට පීඩාවක් ආවොත් රාගය, ද්වේශය, මෝහය ඉස්මතු වෙලා. ඉතින් ඒක හිතේ් එන්නේ. හිතේ තමයි ඒ පීඩාව තියෙන්නේ. ඉතින් අපට හොඳට සිහිය උපදවාගෙන ඒක අනිත්‍ය විදියට මෙනෙහි කර ගන්න පුළුවන් වුණොත් අපට ඒ පීඩාව දුරුකර ගන්න පුළුවන්කම තියෙනවා. හොඳට මතක තියා ගන්න, ඕනෑම චිත්ත පීඩාවක් එක පාරට හට ගන්නේ නෑ. එය ටික ටික ඇතිවෙලා වැඩිවෙලා යනවා.
ඉතින් අප ආරම්භයේදී තේරුම් ගන්න ඕනෑ. අපහසුවක් එනකොට මෙය වැඩිවෙලා යයි කියන දේ. එහෙම නම් ආරම්භයේදී ම අප එය මග හැර ගන්න දක්ෂ වෙන්න ඕනෑ. එහෙම නැත්නම් එය මග හරින්න බැරිනම් අනිත්‍ය විදියට මෙනෙහි කරලා දුරුකර ගන්න දක්ෂ වෙන්න ඕනෑ. සිහිය පිහිටුවා ගන්න ඕනෑ. එහෙමත් බැරිවුණොත් එය බලවත් වෙලා ගියොත් ‘මේක හට ගත් එකක්’ මේක නැති වීමක් තියෙනවා. ‘මේක සංඛිතයක්’ කියන විශ්වාසය අපට තියෙන්න ඕනෑ. එසේ විශ්වාසය ගොඩනගා ගත්තොත් අපට පුළුවන්කම තියෙනවා අනිත්‍ය විදිහට මෙනෙහි කරලා ඒ අපහසුව දුරුකර ගන්න. ඒක තමයි ධර්මයෙන් අපට තිබෙන පිළිසරණ.
රාග, ද්වේශ, මෝහ දුරු කරන්න අපි කැමති වූ පමණින් රාග, ද්වේශ, මෝහ අපෙන් අයින්වෙලා යන්නේ නෑ. දැන් අපි කැමැතියි කියලා රාග, ද්වේශ, මෝහ අපෙන් අයින්වෙලා යයි ද? අයින්වෙලා යන්නේ නෑ. ඇයි? ඒ අපි ඇස, කන, නාසය, දිව, ශරීරයට අකැමැති යි කියලා හිතුවට ඒවා අපෙන් නිදහස් වෙලායයි ද නෑ. ඇයි නිදහස් වෙලා යන්නේ නැත්තේ. දැන් අපි ඇස, කන, නාසය, දිව, ශරීරය සිතට අකමැති යි කියනවා. මම නම් එය අත්හරිනවා කියනවා. එසේ කියූ පමණින් එසේ සිතු පමණින් පුළුවන්ද කරන්න. අත්හරින්න පුළුවන් ද? ඇයි බැරි. මේවා මාරයාගේ වසඟයේ තියෙන දේවල්. අපේ වසඟයේ නෙමේ තියෙන්නේ.
මාරයා මේ ලෝකේ අධිපති භාවයෙන් යුක්තයි. අපි නිකම් දූවිල්ලකින් කෝටියෙන් එකක් තරම්වත් වටින්නේ නෑ. දූවිල්ල කියන එක ගොඩක් පුංචියි නේ ද? ඒකෙන් කෝටියෙන් එකක් තරම්වත් අපිට බලයක් නෑ. අපි සිතින් ඉන්නවා ලෝකයට වඩා බලයක් අපට තියෙනවා කියලා. එහෙම සිතනවා නේ ද? අපිට ලොකු හැකියාවක් තියෙනවා කියලා අපි සිතනවා නේ ද? නමුත් දූවිල්ලකින් කෝටියෙන් එකක් තරම්වත් බලයක් අපට නෑ. අප තව කෙනෙකුගේ වසඟයේ තියෙන දෙයක් මගේ කියල සලකමින් අපිට බලයක් තියෙනවා කියලා කල්පනා කරනවා. එය මාරයාගේ වසඟයේ තියෙන ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත මගේ් කියලා හිතාගෙන ඒවා මුල්කරගෙන අප සිතින් ම මවා ගත් බලයක්. අප සිතනවා මට බලයක් තියෙනවා. හැකියාවක් තියෙනවා කියලා. අන්න එබඳු මුලාවක නේද අප ඉන්නේ.
මාරයාගේ වසඟයේ තියෙන ආයතන හයක් මම කියලා හිතාගෙන මගේ කියලා හිතාගෙන ඒවා මුල්කරගෙන මවාගත් හැකියාවක් මත නේද අපි යැපෙන්නේ. අන්න ඒ යැපීම තුළ වාසය කරන තෙක් අපට මේකෙන් නිදහස් වෙන්න වත් පීඩා දුරුකර ගන්නවත් බෑ. ඒ නිසා මතක තියාගන්න මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත අධිපති භාවයෙන් අග්‍ර වූ මාරයාගේ වසඟයේ තියෙන දෙයක්. ඒකට මුලාවෙන් රැවටිලා ‘මම’ කියලා හිතාගෙන අප සිතින් ගොඩනගා ගත්ත හැකියාවක් තුළ අප ඉන්නේ. එහෙනම් තමන්ම හැකියාවක් නැත කියලා කල්පනා කළොත් අන්න එයාට තමන් ම සිතා මතා ගොඩනගා ගත යුතු හැකියාවක් තියෙනවා. මොකක් ද ඒ හැකියාව. ඒ තමයි ශ්‍රද්ධාව මුල්කරගෙන නුවණින් කල්පනා කිරීමේ හැකියාව. ඒක තමන් උපදවා ගන්න ඕනෑ. ඒක ඉබේ එන්නේ නෑ. සිතාමතා ම කළයුතු එකක්.
නමුත් සාමාන්‍ය මනුෂ්‍යයාගේ ස්වභාවය තමයි සිතේ එන අදහස හරි කියලා හිතාගෙන ඒ මත තීන්දු ගන්නවා. එතකොට සිතින් එන සිතිවිලි මත තීන්දුව තමා අරගෙන ඉවර යි’ සිත කාගේ ද? සිත මාරයාගේ එහෙනම් සිතිවිල්ල කාගේ ද? ඒකත් මාරයාගේ, ගින්නෙන් එන දැල්ල කාට ද අයිති. ගින්නට අයිති. එහෙනම් සිත මාරයට අයිති යි නම් හිතේ එන සිතිවිල්ල කාට ද අයිති. ඒක තමාට අයිති නෑ. ඒක මාරයට අයිතියි. එහෙනම් ඒ සිතිවිල්ලට අනුව තමන් කටයුතු කළොත් තමන් කාගේ වසඟයේ ද ඉන්නේ. මාරයාගේ වසඟයේ. අප හිතනවා අප නිදහස් කියලා. අන්න එතන තමා අපට වරදින තැන.
මම ස්වාධීනව ඉන්න ඕනෑ. මම නිදහසේ ඉන්න ඕනෑ කියලා හැඟීම් අපට එනවා. ඒවා සිතේ තියෙන්නේ. ඒ සිතිවිලි මාරයාට අයිති දේවල්. එසේ සිතන කෙනා මාරයට කොටු වෙලා. ඒ නිසා මාරයාගේ වසඟයෙන් නිදහස්වීම පිණිස කළයුතු එක දෙයයි තියෙන්නේ. ඒ තමයි සිතට එන සිතිවිල්ල බාර නොගත යුතු යි. අපි ශ්රද්ධාවට මුල්තැන දීලා ශ්රද්ධාවට ප්‍රමුඛත්වය දීලා, ශ්‍රද්ධාව උපදවාගෙන නුවණින් කල්පනා කරන්න පුරුදුවිය යුතු යි. එසේ ශ්‍රද්ධාව උපදවාගෙන නුවණින් කල්පනා කරන්න අපට යම් හැකියාවක් උපදනවා නම් උපදින්නේ කල්‍යාණ මිත්‍ර ඇසුරේ දී. කල්‍යාණ මිත්‍රයා ප්‍රකාශ කරනවා නම් යමක් ‘මේ දේ කරන්න’ ‘මේ දේ කරන්න එපා’ කියලා.
අපිට බලයක් තියෙන්න ඕනෑ ඒක පිළිගන්න. කල්‍යාණ මිත්‍රයා යමක් කියනකොට ඒක පිළිගන්න යමෙකුට පුළුවන්නම් එයා වීර්යවන්තයෙක්. එයා බලවත් වීර්යයවන්තයෙක්. ආන්න ඒ වීර්යය එයාට උපකාර වෙනවා. ඒ සිතට යට නොවී ඉන්න. සිතට යට වෙනවා කියලා කියන්නේ මාරයට යට වෙලා. ඒකෙන් මහා විශාල ලාභයක් අපට අහිමි කරලා දානවා. ඒ වගේම ලෝකයටත් ඒ ලාභය අහිමි වෙන තත්ත්වයට කටයුතු කරන අය බවට අප පත්වෙනවා.
ඒ නිසා හොඳට මතක තියා ගන්න කල්‍යාණ මිත්‍ර ඇසුරේ ඉඳගෙන අවවාදය ඇසුරේ ඉඳගෙන ශ්‍රද්ධාව උපදවාගෙන මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත කියන මේ ආයතන අනිත්‍ය විදියට තේරුම් ගන්න කල්පනා කරන්න. අනිත්‍ය විදියට තේරුම් ගන්න කෙනා සිතේ එන සිතිවිල්ල අනිත්‍ය යි කියලා කල්පනා කරනවා. සිතිවිලි මිහිරියි වගේ පෙනෙයි. තමන්ට ලොකු උපකාරයක් වගේ පෙනේ. නමුත් තේරුම් ගන්න ‘මේක සිතේ ආපු දෙයක්’ ‘මේක මම නොමෙයි’ ‘මේක මගේ නෙමෙයි’ මේක මාරයාට අයිති එකක්’ , ‘මේක මට උපකාරය පිණිස පවතින එකක් නෙමෙයි’ කියලා තේරුම් ගන්න. තේරුම් අරගෙන ඒ සිතත් අනිත්‍යයි කියලා පුරුදු කරන්න.
සිතිවිල්ලත් අනිත්‍යයි කියලා පුරුදු කරන්න. එතකොට අපට යම් සිතිවිල්ලක් උපදනවා නම් ඒ සිතිවිල්ල සකස් වෙච්ච දෙයක්. ඒ නිසා ඒ සිතිවිලි වලට ගොදුරු වෙන්න එපා. සිතිවිලි අනිත්‍ය විදියට දකින්න මහන්සි වෙන්න ඕනේ. එතකොට අපට විශාල සැනසීමක් ඇති කර ගන්න පුළුවන්කම තියෙනවා. අප සිතිවිල්ලක් නිසා පීඩාවට පත් වුණානම් ඒ සිතිවිල්ල අත් හැරුනට පස්සේ අප නිදහස්. හොඳට කල්පනා කරලා තමා දෙස හොඳට එබිකම් කරලා තමාගේ් ජීවිතය දිහා හොඳට බලන්න. මේ මහා පීඩා තුළ වාසය කරනවා නම් ඒක මේ සිතිවිල්වලට අසුවෙලා නේද හිරකූ®ඩුවක වගේ ඉන්නවා. අප කටු ගොඩක වගේ් ඉන්නවා. සිතිවිලි වලට අසුවෙලා. එක තැනක ඉඳලා හොඳට කල්පනා කරන්න.
මතු සම්බන්ධයි.
නාවලපිටියේ අරියවංශ හිමි
'බුදුසරණ' පුවත් පතේ පළ වූ ලිපියක් ඇසුරෙන්
http://www.lakehouse.lk/budusarana/2010/10/07/tmp.asp?ID=vision03

යෝනිසෝමනසිකාරය
On
Friday, October 1, 2010
Let's Meditate - Budusarana Articles

අපේ ‘ආයතන’ ගැන සිතන්න පුරුදු වුණොත් අපි නිහඬයි නේ ද? කලබල ගතිය අඩුවෙනවා නේ ද? අපි ඉඳගෙන හිටියත් අපි යම් වැඩක් කරමින් ඉන්නේ. මේ ඇස, කන, නාසය, ගැන අපි නුවණින් කල්පනා කරනවා කවුරුත් දන්නේ නෑ. මොකක්ද කරන්නේ කියලා කාටවත් පේන්නේ නෑ නේද? දැන් තේරෙනවා ද තමන්ගේ අභ්‍යන්තර කටයුතු කාටවත් පේන්නේ නෑ කියලා. කියාගෙන යන්න දෙයක් නෑ නේ ද? එතකොට බලන්න අපට අනවශ්‍ය දේ කතා කර කර ඉන්න වෙලාවක් එන්නේ නෑ නේද? එතකොට බලන්න මේ ‘හුදකලාව‘ ‘තනිකම’ මේ මොකුත් එන්නේ් නෑ නේ ද? මේ විදිහට පුරුදු වුණොත් ඉන්න තැනකම ඉඳගෙන මේ ආයතන ගැන කල්පනා කරන්න පුළුවන්.
එතකොට අපිට ලොකු පිරිසක් හිටියා කියලා කලබල නොවී ඉන්න පුළුවන් නේ ද? නිහඬ පරිසරයක් හැදෙනවා නේ ද? නිකම්ම. අපි සිතින් නිවැරැදි දෙයක් කරනවා. සිතින් වැරැදි දෙයක් කළොත් නම් ටික කලකින් ඝෝෂාව පටන් ගන්නවා නේ ද?. සිතින් නිවැරැදි දේ කරන්න කරන්න සිත නිවෙනවා. සන්සුන් වෙනවා. එයාගෙන් අනවශ්‍ය වචන එළියට එන්නේ නෑ. ලොකු පිරිසකට එකට ඉන්න පුළුවන්. ඇයි අපි මේ ඇස ගැනත් අකැමැත්ත උපදවා ගන්නවා. පේන රූප ගැනත් අකමැත්ත උපදවා ගන්නවා. ආන්න එසේ අකමැත්ත උපදින විදිහට අපි හිතනවානෙ. පැහැදිලියි නේ ද කාරණාව.
නිකම් ඉන්න කොට අර්ථ රහිත දේ කතාකර කර ඉන්න එපා. තමාගේ ජීවිතයේ ඇත්ත ස්වභාවය කල්පනා කරන්න. අපිට මේ ඇස, කන, නාසය, දිව, ශරීරය සිත මේවා මුල් කරගෙන ජීවිතයේ දුක් ඉපදිලා තියෙනවා. රාගය නිසා සිත ගිනි ගන්නවා. ද්වේශය නිසා ගිනි ගන්නවා. මෝහය නිසා ගිනි ගන්නවා. නොයෙකුත් තැවුල් ගිනි සිතේ පත්තු වෙනවා. අපහසුකම් සිතේ පත්තුවෙනවා. පීඩා සිතේ පත්තු වෙනවා. වද වේදනා තුළ තමා මනුෂ්‍යයා ඉන්නේ. ඒ තමා දුක. ඉතින් අපිට සිහිකල්පනාව නැත්නම්, නුවණ පාවිච්චි කළේ නැත්නම් මේ වද වේදනා වලට යටවෙලා තවත් වදයක් විඳිනවා. ඒකෙන් ගැළවෙන්න බැහැ. එතකොට නුවණ නැති කොට වද දෙකක් විඳිනවා. නුවණ පාවිච්චි කළොත් ඒ වද විඳිමින් ම ඒ වදය දුරුකර ගැනීම පිණිස කල්පනා කරනවා.
ඒ වදය (දුක) ඉපදුනේ කොහොම ද? කියලා කල්පනා කරනවා. ඊට පස්සේ නැවත වතාවක් එබඳු දුකක් හට නො ගන්න විදිහට ඒ දුක් හදපු ආයතන ගැන අපි අකමැත්ත උපදවා ගන්නවා. ඒකයි නුවණ පාවිච්චි කිරීම කියලා කියන්නේ. කාටත් පීඩා තියෙන්න පුළුවන්. තැවෙන ගතිය තියෙන්න පුළුවන්.
සිත ගිනිගන්න පුළුවන්. ඒ වෙලාවට කලබල වෙන්න එපා. හිතන්න මේ ගින්න කවුද පත්තු කළේ. මේ දුක කවුද ඇතිකළේ කියලා. ඒ කල්පනාව අපි ඇතිකර ගත හැක්කේ භාග්‍යවතුන්වහන්සේ පෙන්වා දුන් ධර්මයත් එක්ක.
ඉතින් භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දීලා තියෙනවා මේ ඇස නිසා තමයි දුක හට ගන්නේ. ඒ දහම් දැනුම ඕන වෙනවා. ඒ දහම් දැනුම ජීවිතයට ගළපා ගන්න විධියක් තමා ඔය කිව්වේ. එසේ සියලු ලෝකය කෙරෙහිම ඇල්ම දුරු වෙන විදිහට කල්පනා කිරීමෙන් ධර්මය ජීවිතයට ගලපා ගැනීමක් සිද්ධ වෙනවා. තමාගේ ජීවිතයට ධර්මය ගළපා ගන්නේ එහෙම යි.
මේ නුවණින් කල්පනා කිරීම ඕනෑම ඉරියව් වකින් කරන්න පුළුවන් . සතර ඉරියව්වෙන් ම මේ නුවණින් කල්පනා කිරීම කරන්න පුළුවන් නේ ද? දැන් මේ විදිහට අපි පුරුදු වුණොත් අපේ ජීවිතය ශාන්ත වෙයි ද? ඇවිස්සිලා යයි ද? ශාන්ත බවට පත්වෙනවා නේද? දැන් මේක කළා කියලා කරන කොට ම ගින්න දුරු වෙයි ද? කරන කොටම ගින්න දුරුවෙන්නේ නෑ. නමුත් අපි කරන්න පටන් ගත්තහම ගිනි නිවෙන්න පටන් ගන්නවා. අයේ ගිනි හට ගන්න ස්වභාවය වැහෙන්න පටන් ගන්නවා.
ඒ නිසා හොඳට සිහි කල්පනාව උපදවාගෙන මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, හිත, රූපය, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු මේවා කෙරෙහි ඇල්ම දුරුවෙන විදිහට කල්පනා කරන්න ඕනෑ. ඒ ඇල්ම දුරුවෙන විදිහට කල්පනා කරන්න හොඳ අවස්ථාවක් තමයි අපේ හිතේ යම් ගැටලුවක් ආපු වෙලාවට. එතකොට පුරුදු කරන්න. අනිත් වෙලාවේදීත් ඒක පුරුදු කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් පහසුවෙන් ඉන්නකොට කරන්න කෙනෙකුට තේරෙන්නේ නෑ. අපහසුවක් එනකොට හඳුනාගෙන කල්පනා කරන්න මේ අපහසුව ඇතිවුණේ් මොකක් මුල් කරගෙන ද? කියලා. ඒක තේරෙනවා නේද යම් අපහසුවක් සිතට එනවානම්, එක්කෝ රාගය මුල්වෙලා.
නැත්නම් ද්වේශය මුල්වෙලා. නැත්නම් මෝහය මුල්වෙලා. එතකොට ඒ රාග ද්වේශ, මෝහ ගිනි ඇති කරන්නේ් ඇස, කන, නාසය, දිව,ශරීරය හිත කියන මේ ආයතන මුල්වෙලා නේ ද? ආන්න ඒක අපි ධර්මය තුළින් පිළිගන්න ඕනෑ.
අපි එහෙම එකක් දැනගෙන හිටියේ නෑ. අපිට හිතාගන්න බෑ ඇහැ මුල්වෙලා රාගය ඇතිවෙනවා කියලා. අපි කොහොම ද දන්නේ. අපිට හිතලා ගන්න පුළුවන් ද? අපිට හිතලා ගන්න බෑ. පාසලේ උගන්වයි ද? නෑ. අපි ඉගෙන ගත්තේ් කොහෙන් ද? ධර්මයෙන්. ආන්න ඒ ඉගෙන ගත්ත දේ පිළිබඳව බැසගත් ශ්‍රද්ධාවක් තිබුණොත් රාගය එනකොට එයාට හිතට එනවා මෙන්න භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් දේ. ඇස නිසා මේක හටගත්තේ කියන එක. සිහිකරන්න පුළුවන්. ඒකයි ශ්රද්ධාවත් එක්ක නුවණින් කල්පනා කිරීම සම්බන්ධ. ඒ නිසා තමයි නැවත නැවත සූත්‍ර දේශනා ඉගෙන ගත යුත්තේ. නැවත නැවතත් ධර්ම ශ්‍රවණය කළ යුත්තේ. නැවත නැවතත් ධර්ම සාකච්ඡා කළ යුත්තේ. එවිට අපි ඉපදුනා වූ යම් ශ්‍රද්ධාවක් තියෙනවා නම් ඒ ශ්‍රද්ධාව දියුණු වෙනවා. නූපන් ශ්‍රද්ධාව තියෙනවා නම් ඒ ශ්‍රද්ධාව ඉපදෙනවා. ඒ ශ්‍රද්ධාව ඉපදිලා පරිපූර්ණ වෙනවා. ඒ ශ්‍රද්ධාව මුල්කරගෙන අපිට නුවණින් කල්පනා කිරීම උපදවා ගන්න පුළුවන්.
අපිට සිතේ පීඩාවක් එනකොට අපිට ධර්මය සිහිවෙනවා නම් එතැන ශ්‍රද්ධාව මුල්වෙලා නේද? ශ්‍රද්ධාව නැති කෙනෙකුට ගැටලුවක් එනකොට ධර්මය සිහි වෙයි ද? නෑ. දැන් සමහර විට අපිට ගැටලුවක් එනකොට ධර්මය සිහි නොවන්න පුළුවන්. නමුත් කල්‍යාණ මිත්‍රයා සිහිකරලා දෙනවා මේකනේ හේතුව කියලා. මේක මෙහෙම හිතන්න කියලා. එතකොට එයාට ධර්මය පිළිසරණ කරා යන්න පුළුවන් නේ ද? ආන්න ඒකයි ශ්‍රද්ධාවෙන් අපිට තියෙන උපකාරය.
එතකොට ශ්‍රද්ධාව ඉපදිලා තියෙන කෙනාට තමාට ම යෝනිසෝමනිසිකාරය (ධර්මයට අනුව කල්පනා කිරීම) උපදවා ගන්න පුළුවන්. එහෙම නැත්නම් කල්‍යාණ මිත්‍රයා සිහිකරලා දෙනකොට එයාට යෝනිසෝමනිසිකාරය (ධර්මයට අනුව සිහිකිරීම) උපදවා ගන්න පුළුවන්. ඒ නිසා අපිට මේ ධර්මයේ ප්‍රයෝජන ලබා ගන්නනම් ධර්මයෙහි තියෙන විදිහට මේ ජීවිතය ගැන කල්පනා කරන්න. ඉතින් ඒකට හොඳ අවස්ථාවක් තමයි පීඩා තැවුල් එනකොට, ඒ පීඩාව හටගත්ත විදිහ ගැන කල්පනා කිරීම. ඔයගොල්ලන්ට වැටහෙනවා නේද, මේ කාරණාව.
මේවාට ප්‍රමාද වෙන්න එපා. මේවාට ප්‍රමාද වුණොත් පස්සේ අපිට මේවා හිතේ පිහිටුවා ගන්න බැරිව යනවා. ඇයි රාගයෙන් සිත ගිනි අරගෙන හිත විනාශ වෙලානම් මේක කරන්න බෑ. ද්වේශයෙන් සිත වැනසිලා නම්, මේ ධර්මයට අනුව කල්පනා කරන්න බැරිව යනවා.
ඇයි? අකුසලයෙන් සිත යටවෙලා ඉවරයි. අකුසලයෙන් හිත වැනසිලා ඉවරයි. එතකොට කුසල් සිතක් උපදවා ගන්න බෑ. ඒ නිසා අපි බ්‍රහ්මචාරී ජීවිතයට ආපු අළුත ඉඳල ම මේවා හුරුකර ගත්තොත්, නැවුම්. ඒ කාලේ සිත නැවුම් කියලා කියන්නේ් මහත් සේ කිලිටි වෙලා නෑ. නමුත් අපි නිකම් ම කාලේ ගත කෙළොත් සිත කිලිටි වෙන සම්භාවිතාව වැඩියි. නිකම් කාලේ ගත කර ගත්තොත් සිත කිලිටි වෙලා යන ඉඩ වැඩි යි. ඒ නිසා දැන් ම ම ඉඳලා මේ ධර්මය හුරුකර ගන්න ටික ටික. එතකොට අපිට යම් පීඩාවක් කරදරයක් එන වෙලාවට මේ ධර්මයේ පිළිසරණ තියෙනවා ම යි. එහෙම නැත්නම් අපිට ඒ පීඩාවට යටවෙලා වැනසෙන්න වෙනවා. මතකයි නේද කාරණාව. එහෙනම් අද ඒ ඉගෙනගත්ත කාරණාව ඇත්තෙන් ම අමාරු එකක්. ලෙහෙසි නෑ. අපි කතා කරන තරම් පහසු නෑ.
යම් කෙනෙක් ටික ටික මේක කරන්න පටන් ගත්තොත් එයාට ඉතාම පහසු දෙයක් බවට පත්වෙනවා. ඉතාම ප්‍රනීත දෙයක් බවට පත්වෙනවා. ඒ වගේම තමයි එයාට කාමයන් දුරුකර ගන්න. කාමයන් නිරුද්ධ කර ගන්න ඉතාම පහසු දෙයක් බවට පත්වෙනවා.
එතකොට සියලු ලෝකය කෙරෙහි ඇල්ම දුරු වෙන විදියට අපිට හිත හුරුකර ගන්න තමයි මේ භාවනාව හුරුකර ගන්නේ. මේ ධර්මය පුරුදු කරන විට මනුෂ්‍යය ලෝකේ වේවා, දිව්‍ය ලෝක වේවා බ්‍රහ්ම ලෝක, පේත ලෝක ආදි සියලු ලෝකයන් කෙරෙහිම ඇල්ම දුරු වෙන්න පටන් ගන්නවා. ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු මේවා කෙරෙහි අකැමැත්ත උපදවා ගන්න පුරුදු වෙන්න.
මේ සියලු ලෝකය කෙරෙහිම ඇල්ම දුරුවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා කෙටියෙන් ඒක පුරුදු වෙන්න. එක පාරටම ඒක තේරෙන්නේ නැති වෙ යි. නමුත් මේ ධර්මය පුරුදු කරන්න. එවිට, අපේ ඇල්ම ටික ටික දුරුවෙලා යන්න පටන් ගන්නවා.
නාවලපිටියේ අරියවංශ හිමි
'බුදුසරණ' පුවත් පතේ පළ වූ ලිපියක් ඇසුරෙන්
http://www.lakehouse.lk/budusarana/2010/10/01/tmp.asp?ID=vision03

සබ්බලෝකේ අනභිරත සංඥාව පුරුදු වෙමු.
On
Wednesday, September 15, 2010
Let's Meditate - Budusarana Articles
අපි පහුගිය දවස් වල භාවනා තුනක් ගැන කෙටියෙන් කථා කළෙමු. අසුභ සංඥාව, ආහාරයේ පිළිකුල් සංඥාව, මරණසතිය ගැන, ඒ භාවනාවන් කරන්නේ කොහොමද? කියන විදිහත් අපි සරළව කතා කළෙමු. ඊළඟට ඒ භාවනා පුරුදු කර ගැනීමෙන් අපට උපදවා ගත හැකි කුසලයන්, සැප පහසුකම්, ආනිසංසත් කෙටියෙන් කතා කළා.
අපි තව භාවනා දෙකක් ගැන කතා කරන්න කල්පනා කළෙමු. එකක් සබ්බලෝකේ අනභිරත සංඥාව, අනික සබ්බසංඛ්යාරේසු අනිත්‍ය සංඥාව, මේ භාවනා දෙක පුරුදු කර ගැනීම තරමක් සංකීර්ණයි. ඒ සංඥාවල හිත පිහිටුවා ගැනීම අපහසු යි. ඒ නිසා ඒ සංඥාවන් තුළ අපේ හිත පිහිටුවා ගන්න පුළුවන් ආකාරයේ භාවනා විධි දෙකක් කියා දෙන්නම්. අපිට ඒ භාවනා දෙක පුරුදු කර ගැනීමෙන් ඒ අදාළ සංඥාවන් තුළ හිත පිහිටුවා ගන්න අවස්ථාව තියෙනවා.
පළවන එක තමයි සබ්බලෝකේ අනභිරත සංඥාව. (සියලු ලෝකයන් කෙරෙහි අකමැත්ත උපදවා ගැනීම පිළිබඳ සංඥාව) එතකොට සියලු ලෝකය කියලා කිව්ව ඇස, ඇසට පෙනෙන රූප, කන, කනට ඇසෙන ශබ්ද , නාසය , නාසයට දැනෙන ගඳ සුවඳ. දිව, දිවට දැනෙන රස, කය, කයට දැනෙන පහස. සිත, සිතට දැනෙන අරමුණු (සබ්බ සූත්‍රය /ලෝක සූත්‍රය (සං. නිකාය)
මේ විදියට සියලු ලෝකය ගැන කියලා දීලා තියෙන්නෙ භාග්‍යවතුන් වහන්සේ විසින් ම යි. එතකොට අපිට ඒ ඇසත්, ඇසට පෙනෙන රූපත්......ආදී හැම දෙයක් ගැන ම අකැමැත්ත උපදවා ගැනීම තමා තියෙන්නේ. ඇස කෙරෙහිත් අකැමැත්තක් උපදවා ගන්න. ඇසට පේන රූපය කෙරෙහිත් අකැමැත්තක් ඇති කර ගන්න. අප්පිරියාවක් උපදවා ගන්න. හිරිකිතක් උපදවා ගන්න. ඉතින් මේක ලෙහෙසියි ද? අමාරුයි.
අපි තුළ ඇස කෙරෙහිත් ඇසට පෙනෙන රූප කෙරෙහිත් මහත් වූ කැමැත්තක් තියෙනවා. කන, නාසය, දිව, ශරීරය, සිත, මේ කියන ආයතන හැම එකක් ගැනම අප තුළ මහත් වූ කැමැත්තක්, ආශාවක්, ඇල්මක් තියෙනවා. ඒ ඇල්ම තියෙන නිසාම තමයි සසරට යන්නේ. සසරේ කලක් ආවෙත් ඒ ආයතන කෙරෙහි ඇල්ම තියෙන නිසා ම යි. නැවත සසරේ යන්න වුණොත් යන්න වෙන්නෙත් ඒ ඇල්ම තියෙන නිසා ම යි. සසරින් නිදහස් වෙන්න නම් ඒ ඇල්ම දුරු කර ගන්න ඕනෑ. එසේ දුරු කර ගැනීම පිණිස කරන එක උපක්‍රමයක් තමයි අකැමැත්ත උපදවා ගැනීම . ඒ අකැමැත්ත උපදවා ගැනීම පිණිස තමයි සබ්බලෝකේ අනභිරත සංඥාව හුරු කර ගන්න කියලා අපිට භාග්‍යවතුන් වහන්සේ කියා දීලා තියෙන්නේ. ඉතින් ඒක අපිට අපහසුයි. ඇත්තෙන්ම සංකීර්ණ යි. නමුත් උත්සාහ කළොත් පුරුදු කර ගන්ට පුළුවන්.
මේ සඳහා ක්‍රම දෙකක් අනුගමනය කරන්න. සාමාන්‍යයෙන් ඉන්නකොට ඇස ගැන ඇසට පෙනෙන රූපය ගැන අකැමැත්ත උපදවා ගන්න උත්සාහ කරන්න. පැහැදිලි ද? කියන කාරණාව. ඒ කියන්නේ ඇස මිත්‍රයෙක් විදියට දකින්න එපා. පිළිගන්න එපා. කන මිත්‍රයෙක් විදිහට යහපත් දෙයක් විදිහට පිළිගන්න එපා. නාසය, දිව, ශරීරය මේ ආයතන මිතුරෙක් විදිහට පිළිගන්න එපා. ඒක අපි හිතාමතා ම ඒ කෙරෙහි අකැමැති විදිහේ සිතිවිලි උපදවා ගන්න ඕනෑ. එයාට පුළුවන් මේ ඇස හතුරෙක් විදිහට හිතන්න. කන හතුරෙක් විදිහට හිතන්න පුළුවන්. වදකයෙක් විදිහට හිතන්න පුළුවන්. ඒ විදිහට ඇස කෙරෙහි අකැමැත්ත උපදවා ගන්න පුළුවන්. කන කෙරෙහි අකැමැත්ත උපදවා ගන්න පුළුවන්. නාසය කෙරෙහි, දිව කෙරෙහි ශරීරය කෙරෙහි, අකැමැත්ත උපදවා ගන්න පුළුවන්. ඒක අමාරුයි ද? ලෙහෙසියි ද? අමාරුයි.
අපි හිතමු කෙනෙකුට රාගය උපදිනවා. රාගය උපදිනකොට බොහෝ අය ගොඩක් වෙලාවට, කළබල වෙලා යනවා. දැන් මට රාගය තියනවානේ කියලා එක්කෝ බය වෙනවා. එහෙම නැත්තම් රාගයට යට වෙලා යනවා. ඒ වගේ වෙලාවට අපිට පුළුවන් මෙහෙම හිතන්න. “රාගය අපිට වදයක්” පීඩාවක්, හිරිහැරයක්, ඒකෙන් හිත ගිනිගන්නවා, මහා කරදරයක්. මේ රාගය ඇති වුණේ කොහොමද? මේ ඇහෙන් දැකපු රූපයක්, කනෙන් අහපු ශබ්දයක්,....මේවා මුල් වෙලා තමයි මේ රාගය ඇති වුණේ ඒ විදිහට කල්පනා කරන්න. රාගය ආපු වෙලාවට මේ විදිහට කල්පනා කරන්න පුළුවන් වෙන්න ඕනෑ. ඉතින් මේක එක පාරට කරන්න බෑ. ටික ටික පුරුදු කර ගන්න කෙනාට කරන්න පුළුවන්. එතකොට අපිට හිතන්න පුළුවන්. මේ ඇස අපිට යහළුවෙක් නෙමේ. හොඳ දෙයක් නම් කරලා නෑ. හතුරු කමක් තමා කරලා තියෙන්නේ කියලා.
මෙහෙම කරන්න නම් ලොකු සිහි කල්පනාවක ඉන්න ඕනෑ නේ ද? හොඳ සිහි කල්පනාවකින් ඉන්න ඕනෑ. හොඳ සිහි කල්පනාවකින් හිටියේ නැත්නම් මේ ඇස, කන, නාසය ගැන ඔය විදිහට හිතන්න පුළුවන් ද? ඒ විදිහට හිතා ගන්න බෑ. ඇයි හිතන්න බැරි. මේ හිතේ එන රාගය එහෙම නැත්නම් වෙනත් පීඩා ස්වභාවයන් මුල් කරගෙන ඒකට යටවෙනවා. ඒ ඔස්සේ අයෝනිසෝ මනසිකාරයට යනවා. ඒවා මුල් කරගෙන යෝනිසේ මනසිකාරයට එන්න කල්පනා කරන්නේ නෑ. රාගයෙන් වේවා, ද්වේශයෙන් වේවා, මෝහයෙන් වේවා පීඩාවක් හිතේ තියන කොට, ඒ වෙලාවේ දී ඒ පීඩාව මුල්කරගෙන හිත යෝනිසෝ මනසිකරයට ගන්න පුළුවන්. එහෙම යෝනිසෝ මනසිකාරය උපදවා ගන්න විදිහක් තමයි මේ ඇස කන නාසය දිව ශරීරය සිත කියන ආයතන ගැන අකැමැති හිත උපදවා ගන්න එක.
රාගය ආපු වෙලාවට රාගයට යටවෙන්න එපා. කල්පනා කරන්න. ඇසින් දැකපු රූපයක් මුල් වෙලා නැත්නම් කනින් අහපු ශබ්දයක්...මේ වගේ දෙයක් මුල් වෙලා තමයි මේ මහ ගින්න හිතේ හට ගත්තේ. ඒ ඇස අපිට හිතවත් බවක් පෙන්නලා නෑ. ඒ ඇස හතුරෙක් විදිහට කටයුතු කරලා තියෙන්නේ. වදකයෙක් විදිහට තමයි මේ ඇහැ අපට සලකන්නේ. ආන්න ඒ විදිහට කල්පනා කළොත් මේ, ඇස, කන, නාසය, දිව, ශරීරය සිත කෙරෙහි අකැමැති හිත උපදවා ගන්න පුළුවන්.
ඒක භාවනාවක් වගේ පුරුදු කර ගන්න. දැනට අපි කරන ආයතන භාවනාව මගින් මේ සංඥාව හුරු කර ගන්න පුළුවන්. ඒක කවුරුත් කරනවාද? කරන්නෙ නැති අය ඉන්නවාද? කරන්නෙ නැති අය ඇති. නමුත් අද ඉඳලා හරි ආයතන භාවනාව කරන්න. ඒ ඔස්සේ අපිට මේ සබ්බලෝකේ අනභිරත සංඥාව හිතට හුරු කර ගන්න පුළුවන්. පැහැදිලි ද මම කියන දේ. මේක සංකීර්ණ යි. සංකීර්ණ නිසා අපිට කර ගන්න බැරි වෙන්න පුළුවන් නමුත් ඒ සංකීර්ණ කම දුරුකර ගෙන මේක අපිට හුරු කර ගන්න පහසු විදියක් තමා මම කිව්වේ . ඒ ඇස කන නාසය දිව ශරීරය කෙරෙහි අකැමැති හිත උපදවා ගන්න. ඒ අතර භාවනාවක් විදිහට පුරුදු කරන්න (දැනට කරන ආයතන භාවනාව) එතකොට ඒ කරුණු දෙකම මුල් කරගෙන සබ්බලෝකේ අනභිරත සංඥාව කියන සංඥාව හිතේ පිහිටුවා ගන්න පුළුවන්.
කලක් යනකොට ඔයගොල්ලන්ට තේරෙයි. ඒ සංඥාව තුළ හිත පිහිටුවාගෙන සමාධිය වඩන්න පුළුවන් කලක් යයි. එකපාරට අපිට කරන්න බැරි වෙයි. ඒ නිසා මේ ක්‍රම දෙක අනුගමනය කරන්න. පළමුවන විධිය මතකයි නේද? සාමාන්‍යයෙන් අපි ඉන්නකොට වාඩි වෙලා හෝ වේවා ඉඳගෙන හෝ වේවා ඇවදිමින් හෝ වේවා අපි ඉන්න වෙලාවෙදි මේ ඇහැ ගැන කන ගැන නාසය දිව ශරීරය ගැන අකැමැති හිත උපදවා ගන්න. ඒවා හතුරො විදිහට වදකයෝ විදිහට එහෙම නැත්නම් අපිට අයහපත කරන දේ විදිහට ඒ ගැන කල්පනා කරන්න ඕනෑ. ඒ අතර ආයතන භාවනාව (දැනට අපි කරන ආයතන භාවනාව) භාවනාවක් විදිහට පුරුදු කර ගෙන යන්න. එතකොට, යම් කලකදී අපිට මේ පුහුණුවීම් දෙකම මුල් කරගෙන “ සබ්බලෝකේ අනභිරත සංඥාව “ කියන සංඥාව හිතේ පිහිටුවාගෙන ඒ මත සමාධිය දියුණු කර ගන්න පුළුවන් කලක් එයි. ඒකට කලක් යයි. හදිසියේ සිදුවන දෙයක් නෙමෙ යි.
ඒ නිසා ආයතන භාවනාව හොඳින් පුරුදු කරන්න. සමහර කෙනෙකුට ආරම්භයේ දී ආයතන භාවනාව සම්පූර්ණයෙන් ම කරන්න බැරි වෙන්න පුළුවන් . අමාරු වෙන්න පුළුවන්.
ඒ නිසා කෙටියෙන් හරි පුරුදු කර ගන්න. ඒ සඳහා මේ භාවනා වැකි පුරුදු කර ගන්න.
හොඳට කය ඍජු කරගෙන වාඩිවෙන්න. එතකොට කයේ තියෙන මැලි ගතිය දුරුවෙලා යනවා. දැන් තේරුම් ගන්න” මම වාඩි වෙලා ඉන්නෙ” කියලා. හෙමිහිට ඇස් වහගෙන අපි ඉන්න තැන හොඳට තේරුම් ගන්න. ඊළඟට ඉඳගෙන ඉන්න ඉරියව්වට සිහිය පිහිටුව ගන්න. හිතෙන් ඉඳ ගෙන ඉන්න ඉරියව්ව හොඳට තේරුම් ගන්න. දැන් තමන් බිම වාඩිවෙලා ඉන්නෙ කියල හොඳට තේරුම් ගන්න. දැන් මේ විදිහට මෙනෙහි කරන්න.
මේ ඇස අනිත්‍යයි. අනිත්‍යයි අනිත්‍යයි. අනිත්‍ය වූ දුක් වු විපරිණාමයට පත්වන ඇස මම නොවෙයි, මගේ නොවෙයි, මගේ ආත්මයි නොවෙයි. මේ ඇස අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍ය වූ දුක් වූ විපරිණාමයට පත්වන ඇස මම නොවෙයි. මගේ නොවෙයි. මගේ ආත්මය නොවෙයි.
ඇසට පේන රූප අනිත්‍යයි. අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍ය වූ දුක් වූ විපරිණාමයට පත්වන රූප, මම නොවෙයි. මගේ නොවෙයි. මගේ ආත්මය නොවෙයි. ඇසට පේන රූප අනිත්‍යයි. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍ය වූ දුක් වූ විපරිණාමයට පත්වන රූප මම නොවෙයි. මගේ නොවෙයි. මගේ ආත්මයි නොවෙයි.
මේ කන අනිත්‍යයි අනිත්‍යයි, අනිත්‍යයි , අනිත්‍ය වූ දුක් වූ විපරිණාමයට පත්වන කන මම නොවෙයි. මගේ නොවෙයි, මගේ ආත්මයි නොවෙයි. මේ කන අනිත්‍යයි. අනිත්‍යයි, අනිත්‍යයි අනිත්‍ය වූ දුක් වූ විපරිණාමයට පත් වන කන මම නොවෙයි, මගේ නොවෙයි. මගේ ආත්මයි නොවෙයි. කනට ඇසෙන ශබ්ද අනිත්‍යයි. අනිත්‍යයි, අනිත්‍යයි අනිත්‍ය වූ දුක් වූ විපරිණාමයට පත්වන ශබ්ද මම නොවෙයි. මගේ නොවෙයි, මගේ ආත්මයි නොවෙයි. කනට ඇසෙන ශබ්ද අනිත්‍යයි, අනිත්‍යයි,අනිත්‍යයි අනිත්‍ය වූ දුක් වූ විපරීණාමයට පත්වන ශබ්ද මම නොවෙයි. මගේ නොවෙයි. මගේ ආත්මයි නොවෙයි.
මේ නාසය අනිත්‍යයි....අනිත්‍යයි....අනිත්‍යයි....අනිත්‍ය වූ දුක් වූ...විපරිණාමයට පත්වන නාසය...මම නොවෙයි....මගේ නොවෙයි...මගේ ආත්මයි නොවෙයි....මේ නාසය අනිත්‍යයි...අනිත්‍යයි....අනිත්‍යයි....අනිත්‍යය වූ දුක් වු විපරිණාමයට පත්වන නාසය.....මම නොවෙයි..මගේ නොවෙයි...මගේ ආත්මයි නොවෙයි.
නාසයට දැනෙන ගඳ සුවඳ අනිත්‍යයි...අනිත්‍යයි....අනිත්‍යයි.අනිත්‍ය වූ දුක් වු විපරිණාමයට පත්වන ගඳ සුවඳ මම නොවෙයි. මගේ නොවෙයි. මගේ ආත්මයි නොවෙයි. නාසයට දැනෙන ගඳ සුවඳ අනිත්‍යයි....අනිත්‍යයි.අනිත්‍යයි අනිත්‍ය වු දුක් වූ විපරීණාමට පත්වන ගඳ සුවඳ මම නොවෙයි. මගේ නොවෙයි. මගේ ආත්මයි නොවෙයි.
මෙ දිව අනිත්‍යයි. අනිත්‍යයි,අනිත්‍යයි. අනිත්‍ය වූ දුක් වූ විපරිණාමයට පත්වන දිව මම නොවෙයි. මගේ නොවෙයි.මගේ ආත්මයි නොවෙයි. මේ දිව අනිත්‍යයි. අනිත්‍යයි...අනිත්‍යයි...අනිත්‍ය වූ දුක් වූ විපරිණාමයට පත්වන දිව මම නොවෙයි. මගේ නොවෙයි. මගේ ආත්මයි නොවෙයි.
දිවට දැනෙන රසය අනිත්‍යයි..අනිත්‍යයි.අනිත්‍යයි....අනිත්‍ය වූ දුක් වූ විපරිණාමයට පත්වන රසය මම නොවෙයි. මගේ නොවෙයි. මගේ ආත්මයි නොවෙයි..දිවට දැනෙන රසය අනින්යයි. අනිත්‍යයි.අනිත්‍යයි.අනිත්‍ය වූ දුක් වූ විපරිණාමයට පත්වන රසය මම නොවෙයි. මගේ නොවෙයි. මගේ ආත්මයි නොවෙයි. මේ කය අනිත්‍යයි...අනිත්‍යයි...අනිත්‍යයි.අනිත්‍ය වූ දුක් වු විපරිණාමයට පත්වන කය..මම නොවෙයි. මගේ නොවෙයි. මගේ ආත්මයි නොවෙයි...මේ කය අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි.අනිත්‍ය වූ දුක් වූ විපරිණාමයට පත්වන කය මම නොවෙයි. මගේ නොවෙයි. මගේ ආත්මයි නොවෙයි.
කයට දැනෙන පහස අනිත්‍යයි....අනිත්‍යයි...අනිත්‍යයි....අනිත්‍ය වූ දුක් වූ විපරිණාමයට පත්වන පහස මම නොවෙයි. මගේ නොවෙයි. මගේ ආත්මයි නොවෙයි.
කයට දැනෙන පහස අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍ය වූ දුක් වූ විපරිණාමයට පත්වන පහස මම නොවෙයි. මගේ නොවෙයි. මගේ ආත්මයි නොවෙයි. මේ සිත අනිත්‍යයි. අනිත්‍යයි...අනිත්‍යයි. අනිත්‍ය වූ දුක් වූ විපරිණාමයට පත්වන සිත මම නොවෙයි. මගේ නොවෙයි. මගේ ආත්මයි නොවෙයි. මේ සිත අනිත්‍යයි. අනිත්‍යයි...අනිත්‍යයි. අනිත්‍ය වූ දුක් වූ විපරිණාමයට පත්වන කය මම නොවෙයි.. මගේ නොවෙයි...මගේ ආත්මයි නොවෙයි...
සිතට දැනෙන අරමුණු අනිත්‍යයි....අනිත්‍යයි....අනිත්‍යයි, අනිත්‍ය වූ දුක් වූ විපරිණාමයට පත්වන අරමුණු මම නොවෙයි. මගේ නොවෙයි. මගේ ආත්මයි නොවෙයි. සිතට දැනෙන අරමුණු අනිත්‍යයි...අනිත්‍යයි.අනිත්‍යයි අනිත්‍ය වූ දුක් වූ විපරිණාමයට පත්වන අරමුණු මම නොවෙයි. මගේ නොවෙයි.
මගේ ආත්මයි නොවෙයි. සමාධිය බැස යත්වා...කියල හිතන්න. දැන් අස් අරින්න. පුරුදු වෙන්න, පුරුදු වෙන්න සම්පූර්ණ භාවනාව ම කර ගන්න පුළුවන් වෙයි. ඒ නිසා කලබල නොවී උත්සාහයයෙන් කරන කෙනාට ටික කලක් යනකොට ඒ භාවනාව සම්පූර්ණයෙන් කරගන්න පුළුවන් වෙයි. ඒ අතර අර ඇස, කන, නාසය, දිව ශරීරය හිත ගැන අකැමැති හිත උපදවා ගන්න කල්පනා කරන්න බලන්න. බහුල වශයෙන් පුරුදු කරන්න. සිත පිහිටුවා ගන්න. සියලු දෙනාට ම තෙරුවන් සරණයි.
නාවලපිටියේ අරියවංශ හිමි
'බුදුසරණ' පුවත් පතේ පළ වූ ලිපියක් ඇසුරෙන්
http://www.lakehouse.lk/budusarana/2010/09/15/tmp.asp?ID=vision04

මරණානුස්සතිය - 03
On
Thursday, September 2, 2010
Let's Meditate - Budusarana Articles
අපි ජීවිතය හදා ගන්න ඕනෑ. එහෙම වෙන්න නම් හිත සංවේගයට පත් වන්න ඕනෑ. සංවේගයට පත් වූ සිතින් ලෝකයට අපිට උපකාර කරන්න පහසු යි. ඉතින් ඒ විදිහට හිත සකස් වන්න අපිට උපකාර වන බලවත් ම වූ ධර්මය තමයි, මරණ සතිය. ඒ නිසා කවුරුත් මරණ සතිය හොඳින් පුරුදු කරගෙන, බලවත්ව පුරුදු කරගෙන, තම තමන්ගේ සිත් සංවේගයට පත් කර ගැනීම පිණිස කටයුතු කරත්වා! කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙනාට ම තමන්ගේ ජීවිතයේ සැබෑ තත්ත්වය කල්පනා කරන්න පුළුවන් සිතක් ඇති කර ගන්න භාග්‍යය උදා වේවා! කියලා, අපි ආශිර්වාද කරනවා.
කලින් මම ඔබට කිව්වා ප්‍රඥාවේ පිරිහෙන යුගයකයි අපි වාසය කරන්නේ කියලා. ඒක තව ටිකක් කියන්නම්, ප්‍රඥාව බලවත් නම් ඒක මුල් වෙනවා අකුසල් දුරු වෙලා යන්න. ඒක පැහැදිලි නේද? ප්‍රඥාව බලවත් නම් රාග, ද්වේශ, මෝහ ඉක්මනින් දුරු කරගන්න අවස්ථාවක් තියෙනවා. ප්‍රඥාව දුබල වන්න වන්න රාග, ද්වේශ, මෝහ දුරු කර ගන්න තියෙන හැකියාව අඩු වෙලා යනවා.
එතකොට අද යුගය වනකොට ප්‍රඥාව හීන වෙලා යන යුගයක තමා අපි ඉන්නේ. එහෙම නේද? එතකොට ප්‍රඥාව දුබල නිසා අපිට ඉන්ද්රිය ධර්ම බලවත්ව පිහිටයි ද? බලවත් ඉන්ද්රිය ධර්ම අපට පිහිටන්නේ නෑ. මේ කාලයේ දී ඉන්ද්රිය ධර්ම දුබල යි. ඉන්ද්රිය තමා බල බවට පත් වන්නේ. පංච ඉන්ද්රිය ම පංච බල බවට පත්වනවා. ඒ පංච බල තමයි, අකුසල් දුරු කරන්න අපිට උපකාර වන්නේ.
අකුසලය එන්න එන්න ශක්තිමත් වනවා. සංසාරේ අපි යන්නේ, ඒක යි. ලෝකය පිරිහෙන කොට අකුසල් බලවත් රාග, ද්වේෂ, මෝහ බලවත්. ඒක නේ, අන්තිමට අර මිනිස්සු විනාශ කර ගන්නේ නේද? කපා කොටා ගෙන මිනිස්සු විනාශ කර ගන්න කාලයක් එනවා නේද? රාග, ද්වේෂ, මෝහ එතරම් ම බලවත්. තේරෙනවා නේ ද? ඒ කාරණාව? එන්න එන්න මිනිසුන්ගේ රාග, ද්වේෂ, මෝහ බලවත් වනවා. කුසල් පැත්ත බලවත් නෑ. ඇයි? ප්‍රඥාව දුබල වෙලා නිසා. ඒ නිසා හොඳට කල්පනා කරන්න. හොඳට කල්පනා කරලා, තියෙන දෙයින් උපරිම ප්‍රයෝජන ගන්න නම්, හොඳින්ම සිහිය පිහිටුවා ගෙන කීකරුකම, ඇති කරගෙන, විශේෂයෙන් ම හිතේ නිවෙන ස්වභාවය ඇති කර ගන්න. සංවේගය ඇති කර ගන්න කල්පනා කරන්න. අන්න එතකොට අපට ආරක්ෂාවක් තියෙනවා. හිත සංවේගයට පත් කර ගන්න අපට පුළුවන් වුණොත්, අපට ආරක්ෂාවක් තියෙනවා ඇයි? එතන, ඇලෙන, ගැටෙන ගතිය අඩුවෙලා යන නිසා ඇලෙන, ගැටෙන ගතිය ඔස්සේ තමයි, අකුසලය දියුණු වෙලා යන්නේ. එවිටයි, ආරක්ෂාවක් නැති වන්නේ.
සංවේගයට පත්වන සිත තුළ අකුසලය දියුණු වෙලා යන්න තියෙන ඉඩ අඩුයි. ඇයි? සංවේගයට පත් වීමත් සමඟ සතිපට්ඨානයේ සිත පිහිටුවා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මරණ සතිය අපට බලවත් උපකාරයක් හිත සංවේගයට පත් කර ගන්න. අන්න එතකොට සතිපට්ඨානය හුරු කර ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් අකුසල් පැත්තට තමයි, හිත බර වෙලා යන්නේ.
එහෙම වුණහම වන්නේ අපට බණ භාවනා කරලා සමාධියක් උපදවා ගත්තත් පුංචි අකුසලයක් ආපු ගමන් අර තියෙන කුසලයෙන් ඒ අකුසලය දුරු කරන්න බැරිව යනවා. මොකද? අකුසලය බලවත් වෙලා නිසා. අකුසලයට පුළුවනි, අර කුසල් සිත් නසලා දාන්න. ඉතින් අපි අන්න ඒ විදිහට අකුසලයට ගොදුරු වුණොත් අපරාදේ සමාජයක් ම වැනසිලා යනවා. සමාජයක් ම විනාශ වෙලා යනවා.
ඒ නිසා අපි හොඳට කල්පනාවට අරගෙන, ලෝකය කෙරෙහි අනුකම්පාව උපදවාගෙන, විශේෂයෙන්ම මරණ සතිය ආදී දේවල් පුරුදු කළොත් හිත සංවේගයට පත් කරගෙන ඉන්න පුළුවන්. අන්න එතන ආරක්ෂාවක් තියෙනවා. තමාටත්, ලෝකයටත් යහපත වනවා. ඒ නිසා මරණ සතිය හොඳට පුරුදු කර ගන්න. අපට තියෙන ප්‍රඥාවෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්න එතකොට පුළුවන්. ඇයි, හිත සංවේගයට පත්වන නිසා.
හිත නොසන්සුන් නම්, ප්‍රඥාව දුබල වෙලා යනවානේ? හිත සංවේගයට පත්වෙලා හිටපුවා ම හිතේ කැළඹිලි නෑ. ඇවිස්සිලා යන්නේ නෑ. ඇලීම් ගැටීම් ඇතිවන්නේ නෑ. ඒකයි සංවේගයට පත් වෙලා තියෙන්නේ. අන්න එතන ප්‍රඥාව වැහෙන්න ඉඩ නෑ. ප්‍රඥාව ඉස්මතු කර ගන්න අවකාශයක් තියෙනවා. ඒ නිසා, මරණ සතිය කියන එක අතිශයින් ම බලවත් එකක්.
අතිශයින් උපකාර සහිතයි. උපකාර බහුලයි. එතන වීර්යය උපදිනවා. වීර්යය උපදින තැන අකුසලය දුරු කර ගන්න හොඳ හයියක් තියෙනවා. ඒ නිසා මේ මොහොතේ ඉඳල ම මරණ සතිය බලවත්ව වඩන්න. අඛණ්ඩව වඩන්න. බහුල වශයෙන් පුරුදු කරන්න. සිත පිහිටුවා ගන්න. සියලු දෙනාට ම තෙරුවන් සරණයි.
නාවලපිටියේ අරියවංශ හිමි
'බුදුසරණ' පුවත් පතේ පළ වූ ලිපියක් ඇසුරෙන්
http://www.lakehouse.lk/budusarana/2010/09/01/tmp.asp?ID=vision05

මරණානුස්සතිය - 02
On
Monday, August 16, 2010
Let's Meditate - Budusarana Articles
මරණ සතිය අපට ඉතාමත් ම යහපත ඇති කරන, ශාන්ත ජීවිතයක් ඇති කර ගන්න, උපකාර වන භාවනාවක්. සමාධිය ඇති කර ගන්න පුළුවන්. ඒ වගේ ම බොජ්ඣංග ධර්මයන් දියුණු කර ගන්නත් පුළුවන්. විශේෂයෙන්ම එයාට විරිය සම්බොජ්ඣංගය බලවත් කර ගන්න උපකාර වෙනවා. ඒ නිසා මරණ සතිය හොඳින් ඉගෙන ගෙන, හොඳින් පුරුදු කර ගන්න කල්පනා කරන්න.
විශේෂයෙන් ම අපිට පිරිසක් එක්ක එකට වාසය කරන කොට මරණ සතිය පුරුදු කළොත් ඒ පිරිසට ඉතාම සාමකාමීව වාසය කරන්න පුළුවන්. තව කෙනෙක් කෙරෙහි කරුණාව, මෛත්‍රිය උපදවාගෙන ඉන්න පුළුවන්. ඇයි එයාගේ හිත සන්සුන්. සන්සුන් නැත්තම් එයාට තව කෙනෙක් කෙරෙහි කරුණාව, මෛත්‍රිය උපදවා ගන්න බෑ. නොසංසුන් හිතින් ඉතාම ගුණවත් කෙනාගේ වුණත් ඇදය තමා පෙනෙන්නේ. ඒක හිතේ ස්වභාවයක්.
ඒ නිසා අපි හිත සංසුන් වෙන ක්‍රම අනුගමනය කරන්න ඕනෑ. වෙන ක්‍රමයකින් හිත දමනය කරනන් බෑ. හිත බලහත්කාරයෙන් දමනය කරන්න බෑ. හිත දමනය වන්නා වූ යම් ක්‍රමයක් තියෙනවා නම් ඒ ක්‍රමය අනුගමනය කිරීමෙන් පමණක් මයි හිත දමනය වෙන්නේ. ඒ නිසා අපිට කුසල් දහම් දියුණු කර ගන්න වුවමනා කරන කෙනා, ඒකට - දොරටුව විදිහට පාවිච්චි කළ යුත්තේ, හිත සංවේගයට පත් කර ගැනීම. හිත සංවේගයට පත්වෙනවා නම් එතනින් තමයි නිවනට දොර ඇරෙන්නේ.
සංවේගයට පත්වෙන හිත ඇලිලා ගැටිලා යන්නේ නෑ. කලබල නෑ. ඇවිස්සිලා යන්නේ නෑ. ආන්න එතන සතිපට්ඨානය පිහිටවනවා. සංවේගයට පත්වුණ සිතේ සතිපට්ඨානය පිහිටුවා ගන්න පුළුවන්.
එයා සන්සුන්. ඒ සංවේගයට පත්වුණ සිතින් වාසය කරන කෙනාට අනුන්ගේ ගුණ බහුල වශයෙන් පේනවා. එයාට යම් පුංචි හෝ ගුණයක් තිබ්බානම් ඒක පේනවා. විශාල අගුණයක් තිබ්බත්, විශාල දෝෂයක් තිබ්බත්, එයා තුළ උපදින්නේ අනුකම්පාව. ඒ දෝෂය මුල් කරගෙන එයාගේ හිත ගැටිලා යන්නේ නෑ.
ඇයි සංවේගයට පත්වෙලා තියෙන්නේ. ගැටෙන ස්වභාවයත් අයින් වෙලා. එහෙනම් ගැටෙන ස්වභාවය අයින් වෙලා නම්, ඒ හිත තුළ අනුකම්පා සහගත කුසල් උපදින්නේ.
සිත සංවේගයට පත් කරගැනීම පිණිස මහත් වූ කැමැත්තක් උපදවා ගන්න ඕනෑ. සංවේගයට පත් කර ගැනීම පිණිස අපිට බොහෝ උපකාර වන්නේ තමන්ගේ මරණය ගැන කල්පනා කිරීම. ඒක බලවත් සේ අපිට උපකාර වෙනවා. ඒ නිසා ඒ මරණ සතිය හොඳින් පුරුදු කර ගන්න. ඒක මීට කලින් කරපු නැති අය ඉන්නවා නම් මේ මොහොතේ හරි ඒ කෙරෙහි කැමැත්ත ඇති කර ගන්න.
කැමැත්ත ඇති කර ගෙන, බහුල වශයෙන් පුරුදු කර ගන්න. දවසක් දෙකක් කරලා නිතර කරන එකක් නෙමෙයි. දිගටම කරන්න ඕනෑ. එහෙම නැත්තම් අපි වේලක් කෑම කාලා වේල් හතක් නිකම් හිටියා වගේ.
මරණ සතිය ටික දවසක් වඩන විට හිත පොඩ්ඩක් හොඳට තියෙයි. ඊට පස්සේ කලක් නිකම් ඉන්නවා. ආපහු සැරයක් ඇවිස්සිලා ගිහිල්ලා. ඒ අවිස්සෙන හිතේ ඇවිස්සෙන ගතිය දුරු කර ගන්න තියෙන හොඳම පිළියම තමයි, මරණ සතිය වැඩීම.
මොකද හිතේ ස්වභාවය තමයි, බාහිර දේ කල්පනා කරනවා. ඇත්ත කල්පනා වෙන්නේ නෑ. වැඩක් නැති දේ කල්පනාවට එනවා. ඒ නිසා තමයි හිත විසිරිලා යන්නේ. නමුත් අපි සත්‍ය කල්පනා කළොත්, සිදු වෙන දේ කල්පනා කළොත්, හිතේ විසිරීමක් එන්නේ නෑ. සංවේගයට පත්වෙනවා. අහෝ මෙබඳු දෙයක් නේද? තියෙන්නේ කියලා. එතන සංවේගය තියෙන්නේ.
විසිරිලා නෑ. අන්න ඒ සංවේගයට පත් වූ සිතින් ගුණ දහම් දියුණු කරන්න පුළුවන්. හොඳ බිමක හොඳ පැළයක් හැදෙන්නා වගේ හිතේ කුසල් දහම් දියුණු වෙන්න නම්, හිත හොඳ සාරවත් දෙයක් බවට පත් වෙන්න ඕනෑ. සිත සංවේගයට පත්වීම පිණිස අපිට බලවත් සේ උපකාර වන්නේ ‘මරණ සතිය’.
ඒ නිසා හොඳට පුරුදු කර ගන්න. මේ මොහොතේ ඉඳලා පුරුදු කර ගන්න. අපිට සත්පුරුෂ භූමියට පැමිණෙන්න මේක මහත් සේ උපකාර වෙයි. අපිට සත්පුරුෂයන් සමඟ වාසය කරන්න, අත් නොහැර වාසය කරන්න, අපිට උපකාර වන ධර්මයක්. ඇයි සංවේගයට පත් වූ සිතින් එයා ගුණ දකිනවා. එතන තමයි සත්පුරුෂභාවය තියෙන්නේ. සත්පුරුෂයන්ගේ අසුර ලැබෙන්නෙත් එතැන. ඒ නිසා අපිට සත්පුරුෂභාවයට පැමිණීමටත්, සත්පුරුෂයන් සමඟ වාසය කරන්නටත්, මහත් සේ උපකාර වන ධර්මයක් තමයි මරණ සතිය.
එතකොට බලන්න මරණ සතිය වැඩීමෙන් අපිට උපකාර එකක් දෙකක් ද තියෙන්නේ. බොහෝ උපකාර තියෙනවා.
ඉතින් විශේෂයෙන් ම ඉතාම සුව පහසුවෙන් වාසය කරන්න පුළුවන්. සතුටු සිතින් වාසය කරන්න පුළුවන්. සොම්නසින් ඉන්න පුළුවන්. ජීවිතය ම ඉතාම පී‍්‍රති ස්වභාවයෙන් වාසය කරන්න පුළුවන්. එයාට නිවන දක්වා ම, අරහත්වය දක්වා ම හිත දියුණු කර ගැනීමට කරුණාවෙන්. ඒකේ වටිනාකම ඩිංගක් හරි තේරෙයි කියලා. ඒ වටිනාකම ඩිංගක් හරි තේරුණොත් මේ මොහොතේ ඉඳන් ඒක කරන්න කැමති වෙනවා. කැමැති වෙලා කරන කෙනා ඉතා සන්සුන් සිත් හදා ගන්නවා. ගුණවත් අය බවට පත්වෙනවා. ඒ අය උපකාර කරන්න නැමෙනවා.
දැන් සංසුන් වූ සිතින් වාසය කරන කෙනා, එහෙම නැත්නම් සංවේගයට පත් වූ සිතින් වාසය කරන කෙනා, අන් අයට උපකාර කරන්න කැමැතියි. එයා ගොපල්ලෙක් වගේ වෙනවා.
ගොපල්ලා කැමැති වෙනවා හරකට සාත්තු කරන්න. ගොපල්ලෝ හැම තැන ම ඉන්නවාද? හරක් බලන අය ද? ගොඩක් ඉන්නේ. හරකගෙ කිරි බොන අයද? කිරි වලට ද? ගොඩක් කැමැති හරකට ද? ගොඩක් කැමැති, කිරි වලට. හරකට කැමැති වෙන්නේ කලාතුරකින් කෙනෙක්. ආන්න එයා ගොපල්ලෙක්. ලෝකේ හොඳ අය ගොපල්ලො වගෙයි. ඒ නිසා අපි ගොපල්ලො වගේ වෙන්න ඕනෑ. ගොපල්ලා තමා හරකා බලා ගන්නේ. හරකා හිටියොත් තමා ලෝකයට කිරි ලැබෙන්නේ.
සංසිඳුනු සිතින් වාසය කරන කෙනා, නිවුන සිතින් වාසය කරන කෙනා, සංවේගයට පත් වූ සිතින් වාසය කරන කෙනා, ගොපල්ලෙක් වගේ. එයා හරකා බලා ගන්න කැමැතියි. ඇයි එයා දන්නවා. මේ හරකා නිසා තමයි ලෝකයට සැප ලැබෙන්නේ කියලා. එයා තමන් සැප නොලබා හරක් පට්ටිය රැක බලා ගන්නවා.
ඒ කියන්නෙ ලෝකයට උපකාර කරන කෙනෙක් වෙනවා. ඒ නිසා සංවේගයට පත් වූ සිත උපදවා ගන්න බලන්න. සංවේගයට පත් වූ සිත ඉපදෙන්නේ තමාට සිද්ධ වෙන ඇත්ත කල්පනා කළොත්.
අපි අහස උසට කරනම් ගැහුවත් මැරිල යනවා. අපි මේ ලෝකේ අල්ලට ගත්තත් මැරිලා යනවා. අපි මේ ලෝකේ පොළොව හරහා කිමිදිලා ගියත් මැරිලා යනවා. අපිට අනන්තය දක්වා දුවන්න පුළුවන් වුණත් මැරිලා යනවා. මේ ලෝකේ මිනිස්සු ඔක්කොම එක වචනයෙන් බය කරන්න පුළුවන් වුණත් මැරිලා යනවා.
මේ ලෝකේ මිනිස්සු එක වචනයෙන් දන ගස්සන්න පුළුවන් වුණත් මැරිලා යනවා. ඒ නිසා අපිට පුළුවන් වන්නා වූ යම් හැකියාවක් තිබේ ද? ඒ සියලු හැකියා අතහරින්න.
වැඩක් නෑ. හරයක් මොකුත් නෑ. මරණය ඉදිරියේ අපිට මේ ලෝකේ කිසි දේක හරයක් නෑ. මරණය ඉදිරියේ අපිට තියෙන්නේ සංසුන් වූ හිතින් වාසය කරන්න පුළුවන්කම ඇති කර ගැනීම.
ඒ නිසා මරණය ගැන කල්පනා කරන්න. ආන්න එසේ කල්පනා කරන කෙනා, ගොපල්ලෙක් වගේ. ජීවිතය භාග්‍යය සම්පන්න දෙයක් බවට පත් කර ගන්නවා. එයා ඒ ගවයාට සැප පහසුව ඇති කරන්න කැමැතියි. ඇයි එයා දන්නවා ලෝකයට උපකාර ලැබෙන්නේ මෙතනින් කියලා. අමාරුයි නේද? මේ කටයුත්ත පුළුවන්ද හිතා ගන්න. හිතා ගන්න බෑ. කවුද තමන් සැප නොලබා හරක් බලන ජාතියේ අය වෙන්නේ. ලෝකේ සංසුන් සිත තියෙන කෙනා. එයා ඉතා කරුණාවෙන් හරකා බලා ගන්නවා. නැති කෙනා ටයි, කෝට් එක ගහගෙන කිරි ෆැක්ටරියේ වැඩ කරන්න කැමැති වෙනවා. ඒ ලෝකේ ස්වභාවය. ආන්න ඒ ස්වභාව ඉක්මවලා අපි යන්න කල්පනා කරන්න ඕනේ. ඒ ස්වභාවය ඉක්මවලා යන්න පුළුවන් වෙන්නේ සංවේගයට පත් වූ සිත උපදවා ගත්තොත්, එතන යි ලෝකයට සැප උපදින්නේ. එතන යි ලෝකයට යහපත උපදින්නේ.
ලෝකයට යහපත සැපත උපදවන්න නම්, තමාට යහපත සතුට උපදවා ගන්න ඕනෑ. සංවේගයට පත් වූ සිතින් වාසය කරන කෙනාට ගැටීම ඇලීම නෑ. එයාගෙ හිත නිමෙනවා ටික ටික. එතකොට එයා තමාට යහපත කර ගන්න පටන් ගන්නවා. ආන්න එසේ තමාට යහපත කර ගන්න කැමැති කෙනාගේ හිතේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව උපදිනවා. ආන්න එයා ගොපල්ලෙක් වගේ. ගොපල්ලා තමන්ගේ ගවයා බලා ගන්නේ යම්තාක් සෙනෙහසින් ද? ඒ වගේ ලෝකයට උපකාර කරනවා. එහෙම නැත්තන් රකිනවා, බලනවා, පෝෂණය කරනවා. එතකොට ලෝකයට සැප ලැබෙනවා. යහපත ලැබෙනවා. ඒ නිසා ගොපල්ලෝ වගේ ලෝකයට උපකාර කරන අය බවට පත්වෙන්න. සැබෑ උපකාරයක් එතැන තියෙන්නෙ. ඉතින් ආන්න එහෙම වෙන්න නම් අපි අපිට උපකාර කර ගන්න ඕනෑ. අපි අපිට උපකාර කර ගන්නේ කොහොමද? හිත සංවේගයට පත් කර ගැනීමෙන්. හිත සංවේගයට පත් වෙන කෙනා තමාට උපකාර කර ගන්නවා. තමන් කැමැති නෑ පීඩාව තුළ ඉන්න. එහෙම නැත්තම් තමන් පීඩාව තුළ ඉන්නේ නිකම් යකඩයක් ගිල්ලා වගේ. යකඩයක් ගිල්ලොත් එහෙම කොච්චර අමාරු ද? ඒක වමනෙ දාන්නත් බෑ. පිටිපස්සෙන් යන්නෙත් නෑ දිරවන්නෙත් නෑ. ඉතා වෙහෙසක්. ඉතා අමාරුයි. නමුත් අපි සංවේගයට පත් වූ කෙනා තුළ කරුණාව, මෛත්‍රිය, මුදිතාව, උපේක්ෂාව තියෙනවා. එකට එක කරන ගතිය දුරු වෙලා යනවා. දැඩි ගතිය දුරු වෙලා යනවා. එතකොට එයා තුළ අන් අයගේ ගුණ දකින ගතිය ඉපදෙනවා. උපකාර කරන පැත්තට හිත නැමෙනවා. ඉතින් ඒ විදිහට අපේ හිත හදා ගන්න ගොඩක් උපකාර වන දෙයක් තමා ‘මරණ සතිය’ වැඩීම.
ඒක දැන් දැන් කරන්න පුරුදු වෙන්න ඕනෑ. නැත්නම් පස්සේ අමාරුයි. ආරම්භයේ ඉඳලා කරන්න ඕනෑ. ආරම්භයේ ඉඳලා අඛණ්ඩව කරගෙන යන්න ඕනෑ.
බහුල වශයෙන් කරන්න ඕනෑ. එතකොට අපිට සුවපහසු ජීවිතයක් තියෙනවා. ලෝකයට උපකාර කරන අය බවට පත්වෙන්න පුළුවන්. තමාගේ පහසුව නෙමෙ යි බලන්නෙ. අන් අයගේ පහසුව බලමින් උපකාර කරනවා. තමාට ලෙඩ ද මොකුත් බලන්නෙ නෑ. ලෝකයා උදෙසා උපකාර කරන කෙනෙක් බවට පත් වෙනවා.
නාවලපිටියේ අරියවංශ හිමි
'බුදුසරණ' පුවත් පතේ පළ වූ ලිපියක් ඇසුරෙන්
http://www.lakehouse.lk/budusarana/2010/08/16/tmp.asp?ID=vision04

මරණානුස්සතිය
On
Monday, August 9, 2010
Let's Meditate - Budusarana Articles
අපි මීට පෙර කතා කළේ ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කර ගන්න විදිය ගැන. ඒ වගේම තමයි අපි නිතර පුරුදු කළ යුතු භාවනාවක් විදිහට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙන “ මරණ සතිය, “මේ ධර්මයෙන් යම් ප්‍රයෝජනයක්, පිහිටක්, පිළිසරණක් ලබා ගන්න කැමැති කෙනකුට ඒ සඳහා හොඳ අවස්ථාවක් උදා කර ගන්න හොඳින්ම පුළුවන්කම තිබෙනවා මරණ සතිය පුරුදු කර ගැනීමෙන්.
ඒ නිසා හොඳට මේක තේරුම් අරගෙන නිතර, බහුල වශයෙන් “ මරණ සතිය “ පුරුදු කර ගන්න කල්පනා කරන්න. එයට වීර්යය උපදව ගන්න, දැඩි බව, දරදඬු බව දුරු කර ගන්න. නිවුණු කෙනෙක් බවට පත්වන්න, මරණ සතිය ඊට උපකාර වනවා. මරණය ගැන සිහියෙන් සිටිනවා නම්, හිතේ තියෙන ළාමක දේවල් දුරු කරගෙන, සන්සුන් සිතක් හදා ගන්න පුළුවන්කම තියෙනවා.
ඒ නිසා අපට අත්විඳින්නට තියෙන ඒ දුක් සහිත ඉරණම ගැන කල්පනා කරන්න. අපට යම් වෙලාවක මරණයට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඒක කොයි මොහොතේ, කොයි විදිහට, කොතන දී සිදුවෙයි ද? කියලා කියන්න අපට කියන්න බෑ. ඒ නිසා අපි කවුරුත් මැරෙන බව දැන ගත්තොත්, මැරෙන බව කල්පනා කළොත්, මේ හිතේ ළාමක ස්වභාවය දුරුවෙලා, සන්සුන් කෙනකු බවට පත්වන්න පුළුවන්කමක් තිබෙනවා. මැරෙනවා කියන අදහස සිහිවෙන්නේ නැති කෙනාට , ධර්මය කරා යන්න තියෙන ඉඩකඩ වැහිලා යනවා. ළාමක අකුසලයෙන් එයාගේ හිත යටවෙන්නට ඉඩකඩ තියෙනවා.
මරණය පිළිබඳව සිහි කළොත් මේ ධර්මයෙන් පුංචි හරි පිහිටක් ලබා ගන්න අපට පුළුවන්. ඒ සඳහා අවස්ථාව උපදවා ගන්න පුළුවන්. අපි කාටත් අමතක වන දෙයක් තමා මැරෙනවා කියන එක. නමුත් අපි දන්නේ ම නැතිව මොහොතින් මොහොත මරණය කරා ළංවෙනවා. අපි දන්නෙ ම නැතිව යම් වෙලාවක අපි මැරිලා යනවා.
අපි ගොඩක් වෙලාවට ඒ ගැන කල්පනා නොකර, වැඩක් නැති හිස් දේවල් ගැන කල්පනා කරලා හිත උදුම්මගෙන වාසය කරනවා. මාන්නයෙන්, එකට එක කරමින්, උපකාර පිළිබඳ නොසිතා, හිත අකුසලට බර කරගෙන වාසය කරනවා. එතකොට අපට ධර්මයෙන් ඈතට යන්න තමා සිද්ධ වන්නේ .ඉතින් ඒ නිසා මේ හැම බාධාවක්ම දුරු කර ගෙන ධර්ම අවබෝධය කරා අපිට යන්න තියෙන හොඳම විදිහක් තමයි මරණය සිහි කිරීම, මොකද මරණය අපට නිදහස් වන්න තියෙන බලවත්ම උවදුරක් නිසා. ඉපදුණු කෙනාට මරණයට පත්වන්න සිද්ධ ෙවනවා මයි. ඉතින් ඒ දුක අපට දරන්න පුළුවන්ද? කියලා කල්පනා කර බලන්න.
ලෝකයේ තියෙන එක එක දේ ගැන ඕනවට වඩා හිතන්න එපා. අරයට මෙහෙම වුනා. මෙයාට මෙහෙම වුණා. මෙහෙම කළා. ඒවා කල්පනා කරන්න එපා. තමන්ට විඳීන්න තියෙන දේ කල්පනා කරන්න. මට මැරෙන්න සිද්ධ වෙනවා. ඒක කොයි වෙලාවේ වෙයිද? දන්නේ නෑ. මේ මොහොතේ ද තව ටිකකින්ද කියා අපි දන්නේ නෑ.
අපි දැන් කතා කරනවා. මේ ආසනයෙන් වුණත් අපට නැගිටින්න බැරි වන්න පුළුවන්. මරණය කියන්නේ එහෙම එකක්. කොයි මොහොතේද? දන්නේ නෑ. එබඳු ස්වභාවයක් තියාගෙන, අපි මේ වාද භේද කරගෙන, අමනාපකම් තියාගෙන, මොකක්ද? මේ ගත කරන අර්ථයක් නැති ජීවිතය කියලා කල්පනා කරලා බලන්න. මරණය ගැන යමෙක් හිතනවා නම් එයා තුළ වාද කරන ස්වභාවය නැති වෙලා යනවා. අමනාප ගති නැති වෙලා යනවා.
මරණය ගැන කල්පනා නොකිරීම නිසා ම යි, වාද කරන හිත මතුවන්නේ, අමනාපකම් ඇති වන්නේ, තව කෙනකුගේ ඇද කුද පෙනෙන්නේ. තව කෙනෙක් කළ හොඳ නොදකින්නේ . තව කෙනෙකුගේ වැරැදීම ඉස්මතු වෙවී පෙනෙන්නේ. එහෙම වන්නේ මරණය පිළිබඳ හැඟීම් මාත්‍රයක්වත් නැති හිතකටය. ඒ නිසා අපි අපේ මරණය ගැන හොඳින් කල්පනා කළොත් අපේ හිත කවදාවත් වාදයකට කැමති වන්නේ නෑ. අඩුපාඩු ඉස්මතු කරන්න කැමැති වන්නේ නෑ. තව කෙනෙකුගේ ගුණය , යහපත ම දකින්න එවිට කැමතියි. තව කෙනෙකුගේ යහපතක් දැකලා ඒ ඔස්සේ සතුටු වන්න අප කැමැතියි. ඇයි එයා මැරිලා යන කෙනෙක්. තව කෙනෙක් කළ උදව්වක් සිහි කරලා එයා සතුටු වෙන්න කැමතියි. මැරෙනවා කියන අදහස නැත්නම් එයාට සතුටු වෙන්න දෙයක් නෑ. එයා ඉන්නේ පීඩාවෙන් . එයාට පීඩා ඇති කරන දේම තමයි, හැම තැනම තියෙන්නේ.
ඉතින් ඒ නිසා අපි මරණය ගැන හොදින් කල්පනා කරනවා නම්, නිතර සිහි කරනවා නම්, පීඩා අඩුවෙලා යනවා. අතිශයින්ම සුව පහසුවෙන් වාසය කරන්න පුළුවන්. එයාට අන් අයගේ උපකාර මහත් වූ සතුටු උපදින දෙයක් සේ දකින්න පුළුවන්. එයා ලෝකය දැකලා සතුටු වනවා. ලෝකයේ හොඳ අය ඉන්නවා කියලා එයාට සතුට උපදවා ගන්න පුළුවන්. තමා මැරෙනවා කියලා දන්න කෙනාට, ලෝකයේ යහපත් අය ඉන්නවා කියලා සතුට උපදවා ගන්න පුළුවන්. ලෝකයේ කරුණාවන්ත අය ඉන්නවා කියලා සතුට උපදවා ගන්න පුළුවන්. ඒ කොහොම කෙනාට ද? මැරෙනවා කියලා දන්න කෙනාට.
මම මේ කියන දේ ඔය ගොල්ලන්ට දැන් තේරෙන්නේ නෑ. මේක කරන්න. කළොත් ඔයගොල්ලන්ට තේරෙයි.
මේ කිව්ව දේ කොච්චර හරිද? කියලා. මැරෙනවා කියලා දන්න කෙනා මරණයට භය කෙනෙක් නෙමෙයි. ඒ මරණය කෙරෙහි සංවේගය උපදවා ගත්ත කෙනා ලෝකය දිහා බලලා සතුටු වනවා. මේ ;ලීකයේ යහපත් මිනිස්සු ඉන්නවා කියලා. ඒ මිනිස්සුන්ගේ ගුණ දැකලා එයාට සතුටු වන්න පුළුවන්කම තියේවි.
මරණ ස්වභාවය ගැන නොදන්න කෙනා සංවේගයට පත් වන්නේ නෑ. එයාගේ හිත විසිරිලා. එයාට ලෝකයේ මනුෂ්‍යයාගේ කොයි තරම් ගුණ තිබ්බත් ඒ ගුණ පෙනෙන්නේ නෑ. ඇද පේනවා. එයා මිනිස්සු ගැන අකැමැති හිතින් වාසය කරනවා. තමාට ඉතාම පි‍්‍රයශීලි අය ගැන වුණත් අකැමැති හිතින් වාසය කරනවා.
අපේ හිත විසිරෙන්නේ ඇයි? සංවේගයට පත් වෙලා නැති නිසා, සංවේගයට පත් නොවී තියෙන්නේ ඇයි? සංවේගයට පත් වන කාරණා ගැන අපි කල්පනා කරන්නේ නෑ. අපිට කල්පනාවට එන්නේ හිත විසිරෙන කරුණු ගැන. ඒ නිසා අපිට ලෝකේ කොතරම් ගුණවත් අය හිටියත් ඒ අයගේ ගුණයක් දකින්න බෑ. එතකොට, එයාට වෙහෙසක් පීඩාවක්. මොකද? කෙනෙකුට සැප උපදින්නේ ගුණ දැකීමෙන්, ගුණ දකින්න බැරි හිතකට සැප උපදින්නේ නෑ. මේක න්‍යායයක් . ඔයගොල්ලන්ට තේරෙයි.
අපිට අන් අයගේ ගුණ දකින්න පුළුවන් වන්නේ තැන්පත් වු හිතකින්. සංවර වූ හිතකින්. සන්සුන් වූ හිතකින්. සංවේගයට පත්වු හිතකින්. එයා යම් කෙනකුගේ අගුණයක් දැක්කොත් ඒ ඔස්සේ ඒ කෙනාව හෑල්ලු කරන්නේ නෑ. එයාට ඒ කෙනා ගැන උපදින්නේ කරුණාව. ඒක මේ වගේ දෙයක්. දැන් කලබල නොවෙන කෙනෙක් නොන්ඩි ගහන මනුෂයෙක් දකිනවා. එයාට කේන්ති එනවාද? එයාට උපදින්නේ මොකක්ද? අනුකම්පාව. “අනේ අසරණ මනුෂ්‍යයෙක් කියලා” ඇයි? එයාගේ ශාරිරික දෝෂයක් දකිනවා.
ආන්න ඒ වගේ තමයි සංවේගයට පත් වුණු කෙනෙක් තව කෙනෙකුගේ රාග,ද්වේශ, මෝහ ඉස්මතුවෙලා හටගත්තු දෝෂයක් දකිනවා. එයාට මොකද හිතෙන්නේ? ඒ ගැන කල්පනා කරලා කිපෙනවද? නෑ. එයාට අනුකම්පාවක් උපදිනවා. අනේ මෙයා රාග, ද්වේශ මෝහ නිසා පීඩාවට පත්වෙලා නේද? කියලා.
ඒක මේ වගේ, දැන් අම්මා කෙනෙක් හෝ තාත්තා කෙනෙක් කරුණාවෙන් ළමයා හදන්න යද්දී දෝෂයක් දකිනවා. එතකොට ඒ අම්මා තාත්තට මොකද හිතෙන්නේ. අනුකම්පාවක් ම නේද? අනුකම්පාව උපදින්නේ, අනේ මේ ළමයා ට නොතේරුම්කම නිසා සිද්ධ වෙන දෙයක් කියලා. ඒ නිසා අපි සංවේගය උපදවාගෙන හිටියොත් , අපිට ගැටෙන හිත ඇති වෙන්නේ නෑ. එහෙම නැත්නම් සංවේගය ඉපදිලා නැත්නම් ඉතාම හොඳ කෙනා ගේ වුණත් අපිට හොඳක් දකින්න බෑ. අගුණය තමයි ඉස්මතුවෙලා පේන්නේ. එතකොට හිත ගැටෙනවා. මේකයි හිතේ ස්වභාවය.
ඒ නිසා අපිට සංවේගය උපදවා ගන්න .තියෙන හොඳම තැන තමයි අපේ ජීවිතයේ තියෙන මරණ ස්වභාවය ගැන කල්පනා කිරීම. ඒක භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දී තිබෙනවා.කොහොමද? කරන්නේ කියලා.අංගුත්තර නිකායේ සූත්‍ර කීපයක් ම තියෙනවා. මරණ සතිය ගැන. ඒ දේශනා කියවන්න. කියවලා, ඒවායේ තියෙන විදියට මරණ සතිය පුරුදු කරන්න.
සාමාන්‍යයෙන් මරණ සතිය පුරුදු කර ගන්න පුළුවන් විදිහක් මම කියන්නම්. ඒ විදිහට පාඩම් කර ගෙන භාවනාවක් විදිහට පුරුදු කර ගන්න. මේ විදිහට හිතන්න පුළුවන්. සාමාන්‍යයෙන් භාවනා කරන පිළිවෙළට වාඩි වෙලා හොඳට සිහිය පිහිටුවාගෙන, සිත කය හොඳට සන්සුන් කර ගන්න. සන්සුන් කරගෙන තමාගේ ජීවිතය ගැන කල්පනා කරන්න ඕනෑ. වෙන දෙයක් ගැන නෙමේ හිතන්න, මෙහෙම “ මගේ් මරණය කොයි මොහොතේ සිද්ධ වෙයි ද? දන්නේ නෑ.
පය හැපිලා වැටිලා මගේ මරණය සිද්ධ වන්න පුළුවන්. කන කෑම විෂ වෙලා මගේ මරණය සිද්ධ වන්න පුලුවන්.කන කෑම හිර වෙලා මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. මේ ශරීරයේ අභ්‍යන්තර අවයවවල ආබාධ ඇති වෙලා මගේ මරණය සිද්ධ වන්න පුළුවන්. ගෙඩි පිළිකා ආදි දේවල් වලින් මගේ මරණය වන්න පුළුවන්. හොර හතුරෙකුගෙන් කරදර වෙලා මගේ මරණය වන්න පුළුවන්. සර්පයෙක් දෂ්ට කරලා මගේ මරණය වන්න පුළුවන්. සතෙක් සිවුපාවෙකුගෙන් කරදර වෙලා මගේ මරණය වන්න පුළුවන්.
අමනුෂ්‍යයෙකුගෙන් කරදර වෙලා මගේ මරණය වන්න පුළුවන්. මේ වගේ විවිධ විදිහට මගේ මරණය සිද්ධ වන්න පුළුවන්. මම මේ පිට කරන හුස්ම ඇතුළට ගන්න කලින් මගේ මරණය සිද්ධ වන්න පුළුවන්.
මේ විදිහට මම මැරෙනකොට, ඒ මැරෙන වෙලාවට මගේ හිතේ රාග, ද්වේශ, මෝහ තිබුණොත් ඒක මට හොඳ දෙයක් නම් නෙමේ. ඒක විශාල අනතුරක්. මම මැරෙනකොට මගේ හිතේ රාග, ද්වේශ මෝහ නැත්නම් ඒක මට හොඳයි. ඒක මට විශාල ලාභයක්. ඒ නිසා මම මේ රාග, ද්වේශ, මෝහ දුරු කරගෙන වාසය කරන්න ඕනෑ.
මේ විදිහට මරණය ගැන කල්පනා කරන්න. දවල්, හවස, රාත්‍රී මේ විදිහට නිරන්තරයෙන් පුරුදු කරන්න. ඉතින් මේ විදිහට අපි මරණය ගැන කල්පනා කරනවා නම් අපේ හිත එන්න එන්න සන්සුන් වනවා. සංවර වනවා. දැඩි බව නැති වෙලා යනවා. මෙල්ල වෙනවා.
එතකොට එයාට සංසිදුණ සිතින් වාසය කරන්න පුළුවන්. එයාගේ හිතේ ඇලෙන ගැටෙන ගතිය දුරු වෙලා යන්න පටන් ගන්නවා. ඒ වගේ ම තමයි එයාට වීර්ය උපදිනවා. වීර්යයයෙන් යුක්තව වාසය කරන කෙනකු බවට පත් වනවා. අකුසලයට කැමැති වන්නෙ නෑ. කුසලයට හිත කැමැති වනවා.
නාවලපිටියේ අරියවංශ හිමි
'බුදුසරණ' පුවත් පතේ පළ වූ ලිපියක් ඇසුරෙන්
http://lakehouse.lk/budusarana/2010/08/09/tmp.asp?ID=vision04

ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කරමු. - 03
On
Tuesday, August 3, 2010
Let's Meditate - Budusarana Articles
දැන් සමහර කට්ටිය අසුභය වැඩුවට මට පිළිකුල තේරෙන්නේ නෑ කියලා කියනවා. භාවනාවෙ නම තියෙන්නේ පිළිකුල් භාවනාව කියල ද? නෑ. පිළිකුල් භාවනාව නෙමේ නම අසුභ සංඥාව නේද? ඉතින් ගොඩාක් අය පිළිකුලක් බලහත්කාරයෙන් උපදවා ගන්න උත්සහ කරනවා. ඒක වැරදියි. ඉතින් පිළිකුල කියන්නේ සැපක් නෙමේනේ මහ දුකක්නේ, කැමතියිද? ඒ විදිහට පිළිකුල උපදවා ගන්න ඕනනම්, අසුභය වඩන්න ඕනෑ ද වැසිකිලි වල දිහා බලපුවහම ඉවරයිනේ. ආහාරය ගැන අප්පිරියාවක් නම් උපදවා ගන්න ඕනෙ. ඉතින් භාවනා කරන්න ඕනි නෑනේ. නරක් වෙච්ච ආහාර දිහා බැලුවහම ඉවරයිනේ. පිළිකුල උපදියි. එහෙනම් පිළිකුල උපදවා ගැනීම නෙමෙයි මේ භාවනා කිරීමේ අර්ථය.
ඒ නිසා පිළිකුල ඇති වෙනව නම් අප්පිරියාවක් නම් ඇති වෙන්නේ ඒක වැරදියි මතක තියාගන්න. දැන් අපිට ආහාරයේ පිළිකුල් සංඥාව වඩන්න ගිහිල්ලා ආහාර ගන්න බැරි නම් අර්ථයක් නෑ නේද? ආහාර ගන්න බැරි වීමක් වෙනව නම් ඒ භාවනාව කරපු විදිහ වැරදියි.
ආහාරයේ පිළිකුල් සංඥාව වඩන කෙනාට “රස තෘෂ්ණාව“ ක්ෂය වෙන එක තමා වෙන්නේ. රස කෙරෙහි තියෙන ඇල්ම අඩුවෙලා යනවා. එතකොට ආහාර රුචිය අඩුවෙලා යනවද? නෑ. ආහාර රුචිය අඩුවෙන්න නෑ. ආහාර රුචිය තියෙනවා. රස තෘෂ්ණාව තමා අඩු වෙන්නේ. දැන් පිළිකුලක් දැනුනොත් කෙනෙකුට මොකක්ද වෙන්නේ. රස තෘෂ්ණාව තියෙනවා. ආහාරය රුචිය අඩුවෙනවා. එතකොට ඒ ආහාරයේ පිළිකුල වැඩීම තුළින් ආහාර රුචිය අඩුවෙනවා නම් ඒ කරපු විදිහ වැරදියි. අඩුවිය යුත්තේ මොකක්ද? රස තෘෂ්ණාව, රුචිය අඩුවෙන්න බෑ මතක තියා ගන්න.
ඒ වගේ ම සමහර අය ඉන්නවා, අසුභ භාවනාව පුරුදු කරනකොට, ආහාර පිළිබඳ රුචිය අඩුවෙන බව කියන අය ඉන්නවා. එහෙම වෙනව නම් ඒත් වැරදි යි. මතක තියා ගන්න. සමහර විට ආහාර රුචිය නැති වෙනවා. අසුභය වඩන කොට අප්පිරියාව උපදිනවා නම් ඒකත් වැරදියි.
කරන විදිහ වැරදියි. ඒකයි විවිධ විදිහේ වචන පාවිච්චි කර කර පිළිකුල වඩන්න එපා කියලා කියන්නේ. මොකද හේතුව මේ භාවනා කිරීමෙන් පිළිකුල් හැඟීමක් උපදවා ගැනීම නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ.
අර්ථය වෙන්නේ පිළිකුල් හැඟීමක් උපදවා ගැනීම නෙමේ දැන් ආහාරයේ පිළිකුල් සංඥාව කියලා කියනවා. එහෙම කිව්වට ඒකෙන් ආහාරය පිළිබඳ පිළිකුලක් උපදවා ගැනීම නෙමෙයි කරන්නේ. අර්ථය වෙන්නේ ඒකෙන් අපේක්ෂා කරන්නේ, රස තෘෂ්ණාව දුරු කර ගැනීම. රස පිිළිබඳව තියෙන ආශාව දුරු කර ගැනීම නමුත්, ඒකෙන් එයාගේ ආහාර රුචියට හානි වෙන්නේ නෑ. ආහාර රුචිය නැති වෙලා යන්නෙ නෑ එයාට ආහාර ගන්න පුළුවන්. ඒ ගැන බය වෙන්න එපා. එතකොට ඒ කාරණා හොඳට මතක තියා ගන්න.
මේ කාරණා නොදැන අපි වරද්ද ගන්නවා. මේවා දැනගෙන ආහාරයේ පිළිකුල් සංඥාව හොඳින් පුරුදු කර ගන්න. ඒකත් ටික ටික තමා කරන්නේ. ටික ටික කරමින් පුරුදු කර ගන්න. මේ භාවනාවෙනුත් අපිට සමාධිය උපදවා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සමාධිය කිවුවහම ඉහළ සමාධි උපදවා ගන්න පුළුවන්. බොජ්ඣංග ධර්ම හත ම දියුණුවෙන භාවනාවක්.
විශේෂයෙන් ආහාරය පිළිබඳ රස තෘෂ්ණාව දුරු කර ගන්න පුළුවන් භාවනාවක්. ඉතින් ඒක විශාල ලාභයක් අපි කන බොන කබලිංකාර ආහාරය පිළිබඳ ඇල්ම දුරු කර ගන්න පුළුවන් වුනොත්, ඒක සුළුපටු ලාභයක් නෙමේ. අසාමාන්‍ය ලාභයක්. ප්‍රමාණ කරන්න බැරි ලාභයක්.
ඒ නිසා අපිට තේරෙන දෙයක්, පිළිගත යුතු දෙයක් තමයි, මේ ලෙහෙසි දෙයක් නෙමේ. ආහාර පිළිබඳ තෘෂ්ණාව දුරු කිරීම ලෙහෙසි නෑ. හැබැයි ඒකට තියන ක්‍රමය තමයි මේක. ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කිරීම. ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කිරීමෙන් රස තෘෂ්ණාව ක්ෂය වෙලා යනවා. ඒ නිසා මේ භාවනාව පුංචි යි, කියලා සරලයි කියලා අත හරින්න එපා. සරල විදිහට තිබුනට ඒකෙ ප්‍රතිඵල මහත් ඵලයි. ඒ නිසා මේ භාවනාව අඛණ්ඩව පුරුදු කර ගන්න. බහුල වශයෙන් කරන්න පුරුදු වෙන්න. දවසට දෙතුන් සැරයක් කරත් කමක් නෑ. තමන්ට පුළුවන් පුළුවන් විදියට කරන්න. මුලින් විනාඩි පහක් කලත් කමක් නෑ. කරමින් කාලය වැඩි කර ගන්න. විනාඩි පහක්, දහයක්, පහළොවක්... ඒ විදිහට කාලය වැඩි කර ගන්න ටික ටික, එතකොට අපිට කලක් යනකොට කරන්න වැඩ තියෙනවා ඕනෑ තරම්.
එතකොට කම්මැලිකමට ඉඩක් නෑ. නිකන් කතා කර කර ඉන්න වෙලාවක් එන්නෙ නෑ අපිට. ඇයි කරන්න වැඩ තියෙනවා නේද? දැන් අපිට කරන්න වැඩ නැත්නම් තමයි ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ. කරන්න වැඩ තියෙනව නම් අපිට අනවශ්‍ය කතාවලට වෙලාවක් නෑ.
දැන් අපිට භාවනා කීපයක් පුරුදු කරන්න තියෙනවා. පොත් පත් බලන්ට තියෙනවා එතකොට අනවශ්‍ය දේ කරන්ට අපිට වෙලාවක් තියෙනවාද? නෑ. කඩියෝ වගේ වැඩ. කඩියන්ට තියෙනවද? නිදහසක්. නෑ. නේ ද? එයා ඉතා වේගයෙන් වැඩ කරනවා. එයාට වෙනත් දේකට වෙලාවක් නෑ. ආන්න ඒ වගේ අපි යමක් කරන කෙනෙක් බවට පත්වෙනවා. යමක් කරන කෙනෙක් බවට පත්වෙන්න නම් කරන්න දේ තියෙන්න ඕනේ. දැන් ඔන්න කරන්න දේ තියෙනවා.
ඒ නිසා මේ භාවනාවන් අපි ටික ටික පුරුදු කර ගන්න. අඛණ්ඩව කරන්න පුරුදු වෙන්න. ඒ පිළිබඳ විශ්වාසය ගොඩ නඟා ගත්තොත් ඊළඟට විශේෂයෙන් මේ භාවනාවන් කිරීමෙන් අපිට ලැබෙන ප්‍රතිලාභය තමයි, ඉතාම ප්‍රනීත වූ ජීවිතයක් හදා ගන්න පුළුවන්. සැප සේ ඉන්න පුළුවන්.
කර්කශ දුක් නොවිඳ ඉන්න පුළුවන්. කටු ගොඩක ඉන්න කොට සැපයි ද? කෙනෙක් කටු ගොඩක ඉන්නවා සැප නෑ නේද? යම් දවසක එයා ඒ කටු ගොඩින් නිදහස් වෙනවා. නිදහස් වුනොත් එයාට පුළුවන් ඕන නම් නිදාගෙන ඉන්න. නැත්නම් එයාට පුළුවන් ඉඳගෙන ඉන්න. නැත්නම් එයාට ඇවිද ඇවිද ඉන්න පුළුවන්. නැත්නම් ඔය කොහෙට හරි හේත්තුවෙලා ඉන්න පුළුවන්. නැත්නම් වැතිරිලා ඉන්න පුළුවන්. නැත්නම් කා එක්ක හරි කතා කර කර ඉන්නත් පුළුවන් නේ.
දැන් කටු ගොඩේ ඉන්නවා. එයා කටුගොඩේ ඉන්නකොට එයාට නිදා ගන්න පුළුවන්ද? නිදිය ගන්නත් බෑ. හිටගෙන ඉන්න පුළුවන් ද? හිටගෙන ඉන්නත් බෑ.
ඇලවෙලා ඉන්න පුළුවන් ද? ඇලවෙලා ඉන්නත් බෑ. කතා කර කර ඉන්න පුළුවන් ද? ඒත් බෑ. කොහොම ද ඉන්නේ දුකසේ ම යි. ඒ නිසා ඒ කටු ගොඩෙන් නිදහස් වෙන්න කල්පනා කරන්න කැමැති වෙන්න. කටු ගොඩේ ඉන්නතාක් කටු ඇනෙවාමයි. කටු ඇනෙන්නේ නැතුව කටු ගොඩක ඉන්න බෑ. දැන් ඇනෙන්නේ නැති වෙයි කියලා තමයි එහාට මෙහාට වෙන්නෙන්. ආ මෙතන නම් ඇනෙන්නේ නැති වෙයි පොඩ්ඩක් එහාට යනවා. ඇනෙනවා. මෙහේ හොඳ නෑ වෙන තැනකට යන්න ඕනෙ කියලා හිතන්නේත් ඒකයි. එතන කටු නෑ. කටු ගලවන්නෙ ඒ ක්‍රමයට නෙමෙයි. තැන මාරු කිරීමෙන් තව කටු ඇන ගන්නවා. තැන මාරු කරලා කටු ගලවන්න බෑ.
ඒ නිසා අපි මේ වැඩ, පිළිවෙළකට කරමු. ඒ නිසා කටු වලින් නිදහස් වෙන්න කල්පනා කරන්න. කටු වලින් නිදහස් වීම සඳහා කැමැත්ත උපදවා ගන්න. ඒ කටු තියෙන්නේ හිතේ. බාහිර නෙමේ. අපි කල්පනා කරනවා බාහිර තමයි මේ ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ කියලා නෑ. හිතේ තමයි මේ කටු තියෙන්නේ. එතකොට අපි මේක තේරුම් ගත්තොත් අපි ඒවා ගලව ගන්න කල්පනා කරනවා. ආන්න ඒ සඳහා තමයි මේ එක් එක් භාවනා පුරුදු විය යුත්තේ. ඉතින් ඒවා පුරුදු කර ගත්තොත් ඔය අයට යම් කලකදී ඒ කටු ගොඩෙන් නිදහස් වෙලා සුවපහසුවෙන් වාසය කරන්න පුළුවන් කලක් එයි.
එතකොට තැන මාරු කළත් එකයි. එතන හිටියත් එකයි. එතකොට තැන මාරු කරන්නත් පුළුවන්. එතන ඉන්නත් පුළුවන්. පැහැදිලි ද? කාරණාව. මේක හැබැයි කියන තරම් ලේසි නෑ. මම කියනකොට හිතෙනවා ඇති හරි ලේසියිනේ කියලා. නෑ ලේසි නෑ. ලේසි නැති දේ කරන්න තමයි අපි කැමති විය යුත්තේ.
ලේසි දේ කරන්න කැමති වෙන්න එපා. තැන මාරු කරන එක ලේසියි, හරි ලේසියි, ඉතා ලෙහෙසියි. ලෙහෙසි දේ කිරීම අපි වැනි අයට සුදුසු නෑ. අපි කරන්න ඕනෑ දුෂ්කර දේ. අතිශයින් දුෂ්කර දේ කරන්න කැමැති වෙන්න. ආන්න එයා තමයි ජයග්‍රහණය කරලා තියෙන්නේ. ජයග්‍රහණය කියන්නේ දුෂ්කර දේ කරන එක. ඒක තමයි අභියෝගය. අන්න ඒ අභියෝගය භාර ගන්න.
අපි මේ කටයුතු ටික ටික පුරුදු වෙන්න ඕනෑ කියලා කල්පනා කරන්න.
එතකොට අපි නිදහස්ව තමාගේ කටයුතු කර ගන්නවා. බාහිර ගැටලු අපිට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. එතකොට ඔය ගොල්ලන්ට කරන්න වැඩ තියෙනවා. කරන්න වැඩක් නැතිකොට නොයෙකුත් විදිහට හිත එහෙ මෙහෙ දුවනවා.
කතා කරනවා. ඒව මේව මත කාලය නාස්ති වෙනවා. අන්තිමට නොහිතපු ගැටලු ඇති වෙනවා. ඒ නිසා මේ භාවනාවන් ටික ටික පුරුදු වෙන්න. එතකොට අපිට සුවපහසු බවක් ඇති කර ගන්න යම් කලක පුළුවන් වෙයි.
හදිසියේ දී නෙමෙයි. සියලු දෙනාට ම ඒ අසුභ සංඥාව, ඒ වගේ ම ආහාරයේ පිළිකුල් සංඥාව හොඳින් පුරුදු කරගෙන, ඉතාමත් ප්‍රණීත වූ ජීවිත ඇති කර ගන්න භාග්‍යය උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා.
නාවලපිටියේ අරියවංශ හිමි
'බුදුසරණ' පුවත් පතේ පළ වූ ලිපියක් ඇසුරෙන්
http://www.lakehouse.lk/budusarana/2010/08/03/tmp.asp?ID=fea01

ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කරමු. - 02
On
Sunday, July 4, 2010
Let's Meditate - Budusarana Articles
සමහර අය ඉන්නවා, අසුභ භාවනාව පුරුදු කරනකොට, ආහාර පිළිබඳ රුචිය අඩුවෙන බව කියන අය. එහෙම වෙනව නම් ඒත් වැරදි යි. මතක තියාගන්න සමහර විට ආහාර රුචිය නැතිවෙනවා. අසුභය වඩන කොට අප්පිරියාව උපදිනවා නම් ඒකත් වැරදි යි. කරන විදිහ වැරදියි. ඒකයි විවිධ විදිහේ වචන පාවිච්චි කර කර පිළිකුල වඩන්න එපා කියලා කියන්නේ.
මොකද හේතුව මේ භාවනා කිරීමෙන් පිළිකුල් හැඟීමක් උපදවා ගැනීම නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. අර්ථය වෙන්නේ පිළිකුල් හැඟීමක් උපදවා ගැනීම නෙමේ. දැන් ආහාරයේ පිළිකුල් සංඥාව කියල කියනවා. එහෙම කිව්වට ඒකෙන් ආහාරය පිළිබඳ පිළිකුලක් උපදවා ගැනීම නෙමෙයි කරන්නේ. අර්ථය වෙන්නේ ඒකෙන් අපේක්ෂා කරන්නේ, රස තෘෂ්ණාව දුරුකර ගැනීම. රස පිළිබඳව තියෙන ආශාව දුරුකර ගැනීම. නමුත්, ඒකෙන් එයාගේ් ආහාර රුචියට හානි වෙන්නේ නෑ. ආහාර රුචිය නැති වෙලා යන්නේ නෑ. එයාට ආහාර ගන්න පුළුවන්. ඒ ගැන බය වෙන්න එපා. එතකොට ඒ කාරණා හොඳට මතක තියාගන්න.
මේ කාරණා නොදැන අපි වරද්ද ගන්නවා. මේවා දැනගෙන ආහාරයේ පිළිකුල් සංඥාව හොඳින් පුරුදු කර ගන්න. ඒකත් ටික ටික තමා කරන්නේ. ටික ටික කරමින් පුරුදු කර ගන්න. මේ භාවනාවෙනුත් අපිට සමාධිය උපදවා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සමාධිය කිවුවහ ම ඉහළ සමාධි උපදවා ගන්න පුළුවන්. බොජ්ඣංග ධර්ම හත ම දියුණු වෙන භාවනාවක්. විශේෂයෙන් ආහාරය පිළිබඳ රස තෘෂ්ණාව දුරුකර ගන්න පුළුවන් භාවනාවක්. ඉතින් ඒක විශාල ලාභයක් අපි කන බොන කබලිංකාර ආහාරය පිළිබඳ ඇල්ම දුරුකර ගන්න පුළුවන් වුනොත් ඒක සුළු පටු ලාභයක් නෙමේ. අසාමාන්‍ය ලාභයක්. ප්‍රමාණ කරන්න බැරි ලාභයක්.
ඒ නිසා අපිට තේරෙන දෙයක්, පිළිගත යුතු දෙයක් තමයි, මේක ලෙහෙසි දෙයක් නෙමේ. ආහාර පිළිබඳ තෘෂ්ණාව දුරුකිරීම ලෙහෙසි නෑ. හැබැයි ඒකට තියෙන ක්‍රමය තමයි මේක. ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කිරීම. ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කිරීමෙන් රස තෘෂ්ණාව ක්ෂය වෙලා යනවා.
ඒ නිසා මේ භාවනාව පුංචියි කියලා සරල යි කියලා අත හරින්න එපා. සරල විදියට තිබුනට ඒකෙ ප්‍රතිඵල මහත් ඵල යි.
ඒ නිසා මේ භාවනාව අඛණ්ඩව පුරුදු කර ගන්න. බහුල වශයෙන් කරන්න පුරුදු වෙන්න. දවසට දෙතුන් සැරයක් කරත් කමක් නෑ. තමන්ට පුළුවන් පුළුවන් විදියට කරන්න. මුලින් විනාඩි පහක් කලත් කමක් නෑ.
කරමින් කාලය වැඩිකර ගන්න. විනාඩි පහක්, දහයක්, පහළොවක්.... ඒ විදිහට කාලය වැඩිකර ගන්න ටික ටික. එතකොට අපිට කලක් යනකොට කරන්න වැඩ තියෙනවා ඕනෑ තරම්. එතකොට කම්මැලිකමට ඉඩක් නෑ. නිකන් කතා කර කර ඉන්න වෙලාවක් එන්නෙ නෑ අපිට. ඇයි කරන්න වැඩ තියෙනවා නේ ද? දැන් අපිට කරන්න වැඩ නැත්නම් තමයි ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ. කරන්න වැඩ තියෙනව නම් අපිට අනවශ්‍ය කතා වලට වෙලාවක් නෑ.
දැන් අපිට භාවනා කීපයක් පුරුදු කරන්න තියෙනවා. පොත්පත් බලන්ට තියෙනවා. එතකොට අනවශ්‍ය දේ කරන්ට අපිට වෙලාවක් තියෙනවාද? නෑ. කඩියෝ වගේ් වැඩ. කඩියන්ට තියෙනවාද? නිදහසක්. නෑ නේද? එයා ඉතා වේගයෙන් වැඩ කරනවා. එයාට වෙනත් දේකට වෙලාවක් නෑ. අන්න ඒ වගේ් අපි යමක් කරන කෙනෙක් බවට පත්වෙනවා. යමක් කරන කෙනෙක් බවට පත්වෙන්න නම් කරන්න දේ තියෙන්න ඕනේ. දැන් ඔන්න කරන්න දේ තියෙනවා. ඒ නිසා මේ භාවනාවන් අපි ටික ටික පුරුදු කර ගන්න. අඛණ්ඩව කරන්න පුරුදු වෙන්න. ඒ පිළිබඳ විශ්වාසය ගොඩනගා ගත්තොත් ඊළඟට විශේෂයෙන් මේ භාවනාවන් කිරීමෙන් අපිට ලැබෙන ප්‍රතිලාභය තමයි, ඉතාම ප්‍රනීත වූ ජීවිතයක් හදාගන්න පුළුවන්. සැප සේ ඉන්න පුළුවන්.
කර්කශ දුක් නොවිඳ ඉන්න පුළුවන්. කටු ගොඩක ඉන්න කොට සැපයි ද? කෙනෙක් කටු ගොඩක ඉන්නවා සැප නෑ නේද? යම් දවසක එයා ඒ කටු ගොඩින් නිදහස් වෙනවා.
නිදහස් වුනොත් එයාට පුළුවන් ඕනනම් නිදාගෙන ඉන්න. නැත්නම් එයාට පුළුවන් ඉඳගෙන ඉන්න. නැත්නම් එයාට ඇවිද ඇවිද ඉන්න පුළුවන්. නැත්නම් ඔය කොහෙට හරි හේත්තුවෙලා ඉන්න පුළුවන්. නැත්නම් වැතිරිලා ඉන්න පුළුවන්. නැත්නම් කා එක්ක හරි කතා කර කර ඉන්නත් පුළුවන්නෙ.
දැන් කටු ගොඩේ ඉන්නවා. එයා කටුගොඩේ ඉන්නකොට එයාට නිදා ගන්න පුළුවන් ද? නිදිය ගන්නත් බෑ. හිටගෙන ඉන්න පුළුවන් ද? හිටගෙන ඉන්නත් බෑ. ඇලවෙලා ඉන්න පුලුවන් ද? ඇලවෙලා ඉන්නත් බෑ. කතා කර කර ඉන්න පුලුවන්ද? ඒත් බෑ. කොහොම ද ඉන්නේ් දුකසේ ම යි. ඒ නිසා ඒ කටු ගොඩෙන් නිදහස් වෙන්න කල්පනාා කරන්න කැමැති වෙන්න. කටු ගොඩේ ඉන්නතාක් කටු ඇනෙනවා ම යි. කටු ඇනෙන්නේ නැතිව කටු ගොඩක ඉන්න බෑ. දැන් ඇනෙන්නේ නැති වෙ යි කියලා තමයි එහාට මෙහාට වෙන්නේ. ආ මෙතන නම් ඇනෙන්නේ නැති වෙයි පොඩ්ඩක් එහාට යනවා. ඇනෙනවා. මෙහේ හොඳ නෑ වෙන තැනකට යන්න ඕනෙ කියලා හිතන්නේත් ඒකයි. එතන කටු නෑ. කටු ගලවන්නෙ ඒ ක්‍රමයට නෙමෙයි. තැන මාරු කිරීමෙන් තව කටු ඇන ගන්නවා. තැන මාරු කරලා කටු ගලවන්න බෑ.
ඒ නිසා අපි මේ වැඩ පිළිවෙලකට කරමු. ඒ නිසා කටු වලින් නිදහස් වෙන්න කල්පනා කරන්න. කටු වලින් නිදහස් වීම සඳහා කැමැත්ත උපදවා ගන්න. ඒ කටු තියෙන්නේ හිතේ. බාහිර නෙමේ. අපි කල්පනා කරනවා බාහිර තමයි මේ ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ් කියලා නෑ.
හිතේ තමයි මේ කටු තියෙන්නේ. එතකොට අපි මේක තේරුම් ගත්තොත් අපි ඒවා ගලවා ගන්න කල්පනා කරනවා. ආන්න ඒ සඳහා තමයි මේ එක් එක් භාවනා පුරුදු විය යුත්තේ. ඉතින් ඒවා පුරුදු කර ගත්තොත් ඔය අයට යම් කලකදී ඒ කටු ගොඩෙන් නිදහස් වෙලා සුවපහසුවෙන් වාසය කරන්න පුළුවන් කලක් එයි.
එතකොට තැන මාරුකලත් එක යි. එතන හිටියත් එක යි. එතකොට තැන මාරු කරන්නත් පුළුවන්. එතන ඉන්නත් පුළුවන්. පැහැදිලි ද? කාරණාව. මේක හැබැයි කියන තරම් ලේසි නෑ. මම කියනකොට හිතෙනවා ඇති හරි ලේසියිනේ කියලා. නෑ ලේසි නෑ. ලේසි නැති දේ කරන්න තමයි අපි කැමති වියයුත්තේ.
ලේසි දේ කරන්න කැමති වෙන්න එපා. තැන මාරු කරන එක ලේසියි. හරි ලේසියි. ඉතා ලෙහෙසියි. ලෙහෙසි දේ කිරීම අපි වැනි අපට සුදුසු නෑ. අපි අපි කරන්න ඕනෑ දුෂ්කර දේ. අතිශයින් දුෂ්කර දේ කරන්න කැමති වෙන්න. ආන්න එයා තමයි ජයග්‍රහණය කරලා තියෙන්නේ. ජයග්‍රහණය තියෙන්නේ දුෂ්කර දේ කරන කොට. ඒක තමයි අභියෝගය. ආන්න ඒ අභියෝගය භාර ගන්න.
අපි මේ කටයුතු ටික ටික පුරුදු වෙන්න ඕනෑ කියලා කල්පනා කරන්න. එතකොට අපි නිදහස්ව තමාගේ් කටයුතු කර ගන්නවා. බාහිර ගැටලු අපිට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. එතකොට ඔය ගොල්ලන්ට කරන්න වැඩ තියෙනවා.
කරන්න වැඩක් නැතිකොට නොයෙකුත් විදිහට හිත එහෙ මෙහෙ දුවනවා. කථා කරනවා. ඒව මේව මත කාලය නාස්ති වෙනවා. අන්තිමට නොහිතපු ගැටලු ඇති වෙනවා. ඒ නිසා මේ භාවනාවන් ටික ටික පුරුදු වෙන්න. එතකොට අපිට සුවපහසු බවක් ඇති කර ගන්න යම් කලක පුළුවන් වෙයි. හදිසියේ දී නෙමෙයි. සියලු දෙනාට ම ඒ අසුභ සංඥාව, ඒ වගේ ම ආහාරයේ පිළිකුල් සංඥාව හොඳින් පුරුදු කරගෙන, ඉතාමත් ප්‍රණීත වූ ජීවිත ඇතිකර ගන්න භාග්‍යය උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා.
නාවලපිටියේ අරියවංශ හිමි
'බුදුසරණ' පුවත් පතේ පළ වූ ලිපියක් ඇසුරෙන්.
http://www.lakehouse.lk/budusarana/2010/07/04/tmp.asp?ID=vision04
ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කරමු.
On
Sunday, June 20, 2010
Let's Meditate - Budusarana Articles
අද අපි කල්පනා කළා ආහාරයේ පිළිකුල් සංඥාව පිළිබඳ කෙටියෙන් කාරණා කියලා දෙන්න.
මම හිතන්නේ අපි කවුරුත් මේක දන්න දෙයක්. පුරුදු නොකරනවා නම් පුරුදු කළ යුතු දෙයක්. සමහර අය අපෙන් අහනවා ආහාරයේ පිළිකුල් සංඥාව වඩන්නේ කොහොම ද? කියලා. ආහාරයේ පිළිකුල් සංඥාව අපි බහුලව පුරුදු කළ යුතු එකක්. බහුලව වැඩිය යුතු භාවනාවක්. දිනපතා වැඩිය යුතු භාවනාවක්.
එතකොට ඒක අද පොඩ්ඩක් කරලා, ආයේ සතියකින් තව ටිකක් කරනවා. එහෙම නෙමෙයි. මේ භාවනාව දිනපතා කළ යුතු යි. බහුලව පුරුදු කළ යුතුයි. එතකොට යි ඒකෙන් අපට ඒ අදාළ ප්‍රතිලාභය අත්වන්නේ. එහෙම නැත්නම් අපි ඒක අතහැරලා දානවා. මේකෙන් මොකුත් ප්‍රතිඵල නෑනේ කියලා හිතලා. අන්තිමට අපි භාවනාවට තමයි ගරහන්නේ. සුදුසු විදියට කරන්නේ නැති වුණහම අදාළ ප්‍රතිලාභය ලැබෙන්නේ නෑ.
එතකොට අපි දොස් කියන්නේ භාවනාවට. වරද කාගේද? තමන්ගේ. තමන් සුදුසු විදිියට ඒක කරලා නෑ. පුරුදු කරලා නෑ. ඉතින් සුදුසු විදියට ඒත නොකරපු නිසාම ඒකෙන් ලැබෙන ප්‍රතිලාභය ලැබෙන්නේ නෑ. ඉතින් අපි කියනවා මේක හරියන්නේ නෑ. අද කාලේ මේක කරන්න බෑ. ඔය වගේ නොයෙකුත් කතා කියනවා. ඇයි සුදුසු විදිහට කරලා නෑ. ඒකයි හේතුව. ඒ නිසා මේ භාවනාව දිනපතා උත්සාහ කරන්න.
එතකොට බලන්න දිනපතා අපි මේවා කරන්න පටන් ගත්තොත්, අපිට කරන්න වැඩ තියෙනවා නේද? අපිට කරන්න වැඩ තියෙනවා. එතකොට අපිට කම්මැලිකම, එහෙම නැත්නම් නිකම් කතා කර කර ඉන්න එක, අර්ථ රහිත ගමන් ආදිය නැතිව යනවා. ඒවා එන්නේ නෑ. ඇයි? ඒ අපිට කරන්න වැඩ තියෙන නිසා.
ඒ විදියට අපි යම් කටයුත්තක් කරන්න පටන් ගත්තොත් අපි ක්‍රමානුකූ®ලව යම් දෙයක් පුරුදු කරන්න ගත්තොත් ඔබට දවසේ පැය විසි හතර මදියි කියලා හිතෙයි. එතරම් ම දේවල් අපිට කරන්න යනවා. ඒ නිසා කාලය අපතේ දාගන්න එපා. වැඩ කරන්න. තමන්ගේ ජීවිතයට වටිනා දේ එකතු කර ගන්න. එතකොට කාලය අපතේ දාන කෙනකු බවට පත්වන්නේ නෑ.
‘ආහාරයේ පිළිකුල් සංඥාව‘ ත් ටික ටික තමයි පුරුදු කරන්නේ. එතකොට ඒ භාවනාව කරන්නේ කොයි වෙලාවට ද? ආහාර ගන්න පෙර ප්රත්යවේක්ෂා කරන්න ඕනෑ. අපි සාමාන්‍යයෙන් කරනවා නේද? ඒක හොඳ සිහියෙන් කරන්න.
එතකොට, මම මේ යෝජනාවක් කරන්නේ, කරන්න කියලා බල කිරීමක් නෙමෙයි. ආහාර ගන්න කලින් ප්රත්යවේක්ෂා කරන්න. ආහාර ගන්න කොට, එතකොට කොහොමද කරන්නේ? සිහියෙන් ඒ කටයුත්ත කරන්න. මුලින් ම සම්පජඤ්ඤය (සිහිනුවණ) දියුණු කර ගන්න. කලබල කර ගන්න එපා. සිහියෙන් පුරුදු කරන්න. ටික ටික හුරු වේවි කලක් යනකොට. අපට තවදුරටත් සිහිය පිහිටුවා ගන්න අවස්ථාවක් ලැබෙයි. ‘රස’ දැනෙන කොට අපිට පුළුවන් සිහිය පිහිටුවා ගන්න. ඒ වගේම කලබල නොවී මුලින් ම සිහියෙන් ආහාර ගන්න පුරුදු වෙන්න. කලක් යනකොට අපට ඒ රස හැම එකක් ම තේරුම් ගනිමින්ම ආහාර වළඳන්නට පුළුවන් වනවා. ඉතින් ඒක එක පාරට බෑ නේද? ඒ නිසා මුලින් පුරුදු කරන්න සම්පජඤ්ඤය (සිහි නුවණ) පුරුදු කරමින් ආහාර ගන්න. ඒක තේරෙන්නේ නැත්නම් සතිපට්ඨාන දේශනාව බලන්න. ඒකෙ තියෙනවා.
ඊට පස්සේ ආහාර අරගෙන ඉවර වෙලා. සාමාන්‍ය භාවනාවක් කරන පිළිවෙළට ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කරන්න. දානේ වළඳන කොට නෙමෙයි කරන්නේ. දාන වළඳනකොට සිහියෙන් කරන්න. එතන සම්පජඤ්ඤය (සිහි නුවණ) හුරු වෙන්නේ. පස්සේ වේදනානුපස්සනාව දක්වා අපට දියුණු කර ගන්න පුළුවන්කම තියෙයි. එතකොට සමහර අය දානේ වළඳමින් ඉන්න අතරේ, පිළිකුළයි කියලා කල්පනා කරනවා. ඒ ගැන මොකද හිතන්නේ, එහෙම කරනවා ද?. ඔයගොල්ලන් ආහාර ගනිද්දී පිළිකුලයි කියලා හිතනවා ද? එහෙම මට සමහර අය කියලා තියෙනවා. ඉතින් මම අහනවා ඒ ගොල්ලන්ගෙන් දැන් අපි රස මිහිරි කෑමක් ගන්නවා. ඒ රස මිහිරි කෑම ගන්නකොට ඒක පිළිකුල යි කිය කියා හිතන්නේ ඇයි? එතකොට ඒක හරි දෙයක් නෙමෙයිනේ කරන්නේ. පඩිපෙළේ පිටිපස්සට බහිනවා වගේ. පඩිපෙළක බහින කෙනා පිටිපස්සෙන් පිටිපස්සට පඩිපෙළේ බහිනවා. එයාට ප්‍රනීත භාවයක් ඇතිවෙයි ද? සුව පහසුවක් ඇති වෙයිද? අනතුරක් නේ ද තියන්නේ. ඒ වගේ රස මිහිරි කෑමක් අපි අනුභව කරන ගමන් එයා හිතනවා පිළිකුලයි මේක පිළිකුලයි කියලා හරිද? එතකොට අපිට මොකක්ද කරන්න තියෙන්නේ, රසයි නම් රසයි කියලා චනගෙන වළඳන එකයි. තිත්තයි නම් ‘තිත්තයි’ කියලා දැනගෙන වළඳන එක. ඒ නිසා වළඳනකොට පිළිකුලයි කියලා ගන්න එපා. ඒක අර්ථයක් නෑ. වළඳනකොට මුලින් හුරුකර ගන්න සම්පජඤ්ඤය (සිහි නුවණ) සිහියෙන් ආහාර ගන්න. කලක් සිහිය පුරුදු කරනකොට ‘ආශාව තේරෙයි රස තේරෙයි’ එතකොට ඒ අනුව විඳීම හඳුනගන්න පුළුවන්කම තියෙයි. කලබලයට කරන්න එපා.
මේ භවනාව මේ විදියට පුරුදුවන්න. සාමාන්‍යයෙන් භාවනා කරන පිළිවෙළට වාඩිවෙලා, අපි කලින් කියලා තියෙන විදියට ම හොඳට කය සෘජු කරගෙන, සිහිය පිහිටුවාගෙන හිතට ගන්න ‘මම දැන් ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කර ගන්න ඕනෑ’ කියලා. සිහිය පිහිටුවා ගන්න. ඒක වෙනම සංඥාවක්. දැන් අසුභය කියන්නේ වෙනම සංඥාවක්. ආහාරයේ පිළිකුළ කියන්නේ වෙනම සංඥාවක්. භාවනා කරනකොට ඒ ඒ සංඥාවේ හිත පිහිටුවන්න. දැන් ආහාරයේ පිළිකුල් සංඥාව වඩනවා නම්, මම දැන් ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කර ගන්න ඕනෑ’ කියලා හිතන්න.
ඊට පස්සේ අදාළ භාවනා මනසිකාරය ටික ටික පුරුදු කරගන්න. භාවනා මනසිකාරය මෙහෙම කරන්න. හිතන්න මේ ආහාර කොච්චර සුවඳට රසට ලස්සනට පිළියෙල කරලා තිබුණත් ආහාර අතින් අල්ලපු ගමන් ඒක ඉඳුල් වෙලා යනවා. ඒ නිසා මේ ආහාර පිළිකුල යි. පිළිකුලයි පිළිකුල යි. මේ ආහාර කටට ගත්තහම කටේ තියෙන කෙළ සෙම එක්ක කලවම් වෙනවා. මේක පිළිකුල් දෙයක් බවට පත්වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුල යි. පිළිකුල යි. පිළිකුල යි. උගුරෙන් පහලට යනකොට සෙම සොටු සමඟ මේ ආහාර කලවම් වෙනවා. තවදුරටත් මේක පිළිකුල් දෙයක් බවට පත්වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුල යි. පිළිකුල යි. පිළිකුල යි. ආහාර බඩට ගියාම ඒ බඩේ තියෙන නොයෙකුත් දේ සමග එකතු වෙනවා. වමනය බවට පත්වෙනවා. මේ ආහාරය ඉතාම පිළිකුල් දෙයක් බවට පත්වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි, පිළිකුල යි, පිළිකුලයි. බඩවැල් වලට ගියහ ම මේ ආහාරය අසුචි බවට පත්වෙනවා. ඉතාම දුර්ගන්ධ දෙයක් බවට පත්වෙනවා. මේ ආහාර පිළිකුල යි පිළිකුලයි, පිළිකුල යි. මේ ආහාරය අනුභව නොකර තිබ්බොත්, පිළුණු වෙලා දුර්ගන්ධ ය හමන දෙයක් බවට පත්වෙනවා. ඒ නිසා මේ ආහාරය පිළිකුල යි, පිළිකුල යි, පිළිකුල යි. මේ ආහාර උයන්නේ නැතිව තිබ්බත් ඒත් කුණු වෙලා පිළිකුල් දෙයක් බවට පත්වෙනවා. දුර්ගන්ධය හමන දෙයක් බවට පත්වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි පිළිකුලයි පිළිකුළයි’.
මෙන්න මේ විදියට ඒ භාවනා මනසිකාරය පුරුදු කර ගන්න. ;කටියි. ගොඩක්. නෑ. ඉතින් ආපහු මුල ඉදන් මෙනෙහි කරන්න. විශේෂයෙන් මතක තියා ගන්න, දැන් අසුභ සංඥාව ආහාරයේ පිළිකුල් සංඥාව, මේ වගේ භාවනා කරන කොට මතක තබාගත යුතු කාරණයක් තියෙනවා. අසුභ භාවනා හෝ ආහාරයේ පිළිකුල් සංඥාව හෝ වේවා වඩන කෙනෙකුට අප්පිරියාවක් එනවා නම්, ඒක වැරදි යි. අප්පිරියාවක් එන්න බෑ’ මොකද භාවනාවක් කිරීමෙන් අපිට උපදින්න ඕනෑ ප්‍රනීත බවක්, සුව පහසුවක්. ඒ භාවනා කිරීම නිසා අපට පීඩාවක් එනවා නම් අපි කරපු විදිහ වැරැදි යි.
ඒ නිසා විශේෂයෙන් අසුභ භාවනවා, ආහාරයේ පිළිකුල වගේ භාවනා කරනකොට ඉහතින් පෙන්වා දී තිබෙන වචන ටික ප්‍රමාණවත් කියලා අපි හිතනවා. නොයෙකුත් වචන දදා පිළිකුල් හැඟීම් උපදවා ගන්න එපා. දැන් මේ භාවනාවේ පිළිකුල් ස්වභාවයක් ගැන කල්පනා කළාට, අපිට පිළිකුලක් උපදිනවා නම් ඒක වැරදියි. පිළිකුල කියන්නේ සැපද?, දුක ද? දුකයි. ඉතින් අපි භාවනාවක් කරලා දුකක් උපදිනවා නම් ඒක ඵලය නෙමෙයි නේද? ඒක ඵලයක් නෙමේ. එහෙනම් භාවනාවකින් දුකක් උපදින්න බෑ. දුකක් ඉපදුනොත් ඒක වැරැදි යි. කරපු විදිහ වැරදි යි. ඒ නිසා සමහර අය නොයෙකුත් වචන දදා පිළිකුල් ස්වභාව උපදවා ගන්න කල්පනා කරනවා. එහෙම කරන්න එපා.
දැන් සමහර කට්ටිය කියනවා අසුභය වැඩුවට මට පිළිකුල තේරෙන්නේ නෑ කියලා. භාවනාවෙ නම අසුභ සංඥාව නේද? ඉතින් ගොඩාක් අය පිළිකුලක් බලහත්කාරයෙන් උපදවා ගන්න උත්සාහ කරනවා. ඒක වැරැදියි. ඉතින් පිළිකුල කියන්නේ සැපක් නෙමේ නේ? මහ දුකක් නේ. කැමැතියි ද? ඒ විදිහට පිළිකුල උපදවා ගන්න ඕන නම්, අසුභය වඩන්න ඕනෑ ද? වැසිකිලි වළ දිහා බලපුවහ ම ඉවරයි නේ? ආහාරය ගැන අප්පිරියාවක් නම් උපදවා ගන්න ඕනේ, භාවනා කරන්න ඕන නෑනේ? නරක් වෙච්ච ආහාර දිහා බලපුවහ ම ඉවරයිනේ. පිළිකුල උපදි යි. නමුත් පිළිකුල උපදවා ගැනීම නෙමෙයි, මේ භාවනා කිරීමේ අර්ථය. ඒ නිසා පිළිකුල ඇති වනවා නම් අප්පිරියාවක් නම් ඇති වෙන්නේ ඒක වැරදි යි මතක තියාගන්න. දැන් අපිට ආහාරයේ පිළිකුල් සංඥාව වඩන්න ගිහිල්ලා ආහාර ගන්න බැරි නම් අර්ථයක් නෑ නේ ද? ආහාර ගන්න බැරිවීමක් වෙනව නම් ඒ භාවනාව කරපු විදිහ වැරදි යි.
ආහාරයේ පිළිකුල් සංඥාව වඩන කෙනාට ‘රස තෘෂ්ණාව‘ ක්ෂය වෙන එක තමා වෙන්නේ. රස කෙරෙහි තියෙන ඇල්ම අඩුවෙලා යනවා. එතකොට ආහාර රුචිය අඩුවෙලා යනව ද? නෑ. ආහාර රුචිය අඩුවෙන්න නෑ. ආහාර රුචිය තියෙනවා. රස තෘෂ්ණාව තමා අඩුවෙන්නේ. දැන් පිළිකුලක් දැනුනොත් කෙනෙකුට මොකක් ද වෙන්නේ. රස තෘෂ්ණාව තියෙනවා. ආහාරය රුචිය අඩුවෙනවා. එතකොට ඒ ආහාරයේ පිළිකුල වැඩීම තුලින් ආහාර රුචිය අඩුවෙනවා නම් ඒ කරපු විදිහ වැරදියි. අඩුවිය යුත්තේ මොකක් ද? රස තෘෂ්ණාව, රුචිය අඩුවෙන්න බෑ මතක තියා ගන්න.
:::::මතු සම්බන්ධයි......
නාවලපිටියේ අරියවංශ හිමි
'බුදුසරණ' පුවත් පතේ පළ වූ ලිපියක් ඇසුරෙන්.
http://www.lakehouse.lk/budusarana/2010/06/19/tmp.asp?ID=vision03

45