Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates
Showing posts with label භාවනා වාක්‍යයන්... Show all posts
Showing posts with label භාවනා වාක්‍යයන්... Show all posts

නමඳිමු ඒ මුනි ගුණ මත්තේ......

On Sunday, September 5, 2010



(බුදු ගුණ භාවනාව​)

1. මාගේ ස්වාමී වූ බුදුරජාණන්වහන්සේ, සියළු රාග, ද්වේශ, මෝහ දුරු කල සේක. සියළු අකුසල ධර්මයන් ප්‍රහානය කල සේක. සියළු කුසල ධර්මයන් උපදවා ගත් සේක. සියළු කෙළෙසුන් කරෙන් නිදහස් වී වදාළ සේක. රහසින්වත් පව් නොකල සේක. සියළු පාපයන්ගෙන් මිදුන සේක. සියලු ලෝ වැසියන්ගේ ආමිස පූජා , ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වන සේක.

බුදුරජාණන් වහන්සේ , ඇසින් රූප දැක ඒ රූප කෙරෙහි නොඇලුන සේක, නොගැටුන සේක, මුලා නොවුන සේක, ආශාව දුරු කල සේක.
බුදුරජාණන් වහන්සේ, කනින් ශබ්ද අසා ඒ ශබ්ද කෙරෙහි නොඇලුන සේක, නොගැටුන සේක, මුලා නොවුන සේක, ආශාව දුරු කළ සේක.
බුදුරජාණන් වහන්සේ, නාසයෙන් ගඳ සුවඳ දැන, ඒ ගඳ සුවඳ කෙරෙහි නොඇලුන සේක, නොගැටුන සේක, මුලා නොවුන සේක, ආශාව දුරු කල සේක.
බුදුරජාණන් වහන්සේ, දිවෙන් රස විඳ ඒ රස කෙරෙහි නොඇලුන සේක, නොගැටුන සේක, මුලා නොවුන සේක, ආශාව දුරුකල සේක.
බුදුරජාණන් වහන්සේ, කයින් පහස ලබා ඒ පහස කෙරෙහි නොඇලුන සේක, නොගැටුන සේක, මුලා නොවුන සේක, ආශාව දුරු කල සේක.
බුදුරජාණන් වහන්සේ, මනසින් අරමුණු සිතා ඒ අරමුණු කෙරෙහි නොඇලුන සේක, නොගැටුන සේක, මුලා නොවුන සේක, ආශාව දුරුකල සේක.

බුදුරජාණන් වහන්සේ වීතරාගී වනසේක, වීත ද්වේශී වන සේක, වීත මෝහී වන සේක. බුදුරජාණන්වහන්සේ අරහං වන සේක. අරහං වන සේක. අරහං වන සේක.

2. බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය ගුරු උපදේශ නැතිවම පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කල සේක. සම්මා සම්බුද්ධ වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. සම්මා සම්බුද්ධ වන සේක.

3. මාගේ ස්වාමී වූ බුදුරජාණන්වහන්සේ සියලු විද්‍යාවන් උපදවා, ඒ සියළු විද්‍යවන්ට අනුවම නුවණින් හැසිරුන සේක. විජ්ජාචරන වන සේක. විජ්ජාචරන වන සේක. විජ්ජාචරන වන සේක.

4. බුදුරජාණන්වහන්සේ සුන්දර නිවන් මග සොයා සුන්දර අමා මහා නිවනට වැඩම කල සේක. බුදුරජාණන්වහන්සේ අවබෝධ කොට වදාල ඒ ආර්ය අශ්ඨාංගික මාර්ගය නම් වූ මධ්‍යම ප්‍රතිපදාව ඒ කාන්තයෙන්ම සුන්දරයි. බුදුරජාණන්වහන්සේ සුගත වන සේක. සුගත වන සේක. සුගත වන සේක.

5. මාගේ ස්වාමී වූ බුදුරජාණන්වහන්සේ සියළු බ්‍රහ්ම ලෝකද, සියළු දිව්‍ය ලෝකද, මේ මිනිස් ලෝකයද, සතර අපාය, නිරය ආදී වූ සියළු ලෝකයන්ගේ යථා ස්වභාවය අවබෝධ කල සේක. මේ සියලු ලෝක වලින් නිදහස් වී වදාල සේක. ලෝකවිදූ වන සේක. ලෝක විදූ වන සේක. ලෝක විදූ වන සේක.

6. බුදුරජාණන්වහන්සේ දමනය කිරීමට නොහැකි වූ සියලු දෙවියන්වද, සියලු බ්‍රහ්මයන්වද, සියලු මිනිසුන්වද, සෘද්ධි ප්‍රාතිහාර්යයෙන් ද, ආදේශනා ප්‍රාතිහාර්යයෙන්ද, අනුශාසනා ප්‍රාතිහාර්යයෙන්ද, මහා කරුණාවෙන් යුතුවම දමනය කල සේක. අනුත්තරෝපුරිසදම්ම සාරථී වන සේක. අනුත්තරෝපුරිසදම්ම සාරථී වන සේක. අනුත්තරෝ පුරිසදම්මසාරථී වන සේක. අනුත්තරෝපුරිසදම්මසාරථී වන සේක.

7. මාගේ ස්වාමී වූ බුදුරජාණන්වහන්සේ දෙව්ලොව දෙවියන්ගේද, මනු ලොව මිනිසුන්ගේද, එකම ශාස්තෲන් වහන්සේ වන සේක. සත්ථා දේව මනුස්සානං වන සේක. සත්ථා දේව මනුස්සානං වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක.

8. බුදුරජාණන්වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අන් අයටත් අවබෝධ කර ගැනීම පිණිස ඉතා සුන්දර ලෙස, ඉතා පැහැදිලි ලෙස, පැහැදිලි වචන වලින්, පැහැදිලි අර්ථ සහිතව දහම දෙසූ සේක. බුද්ධ වන සේක. බුද්ධ වන සේක. බුද්ධ වන සේක.

9. මාගේ ස්වාමී වූ බුදුරජාණන්වහන්සේ අනන්ත වූ සීලයෙන්ද, අනන්ත වූ සමාධියෙන්ද, අනන්ත වූ ප්‍රඥාවෙන්ද අනන්ත වූ වීරියකින්ද, අනන්ත වූ සිහිනුවණින්ද, අනන්ත වූ විමුක්තියෙන්ද, අනන්තවූ විමුක්තිඥාන දර්ශනයෙන්ද, දසබල ඥානයෙන්ද, විශාරද ඥානයෙන්ද, මහා කරුණා සමාපත්තියෙන්ද සමන්විත වන සේක. බුදුරජාණන්වහන්සේ මේ සියලු සම්බුදු ගුණ දරා ගැනීමට තරම් භාග්‍යවන්ත වන සේක. භගවා වන සේක. භගවා වන සේක. භගවා වන සේක.

ඒ භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පළමුව ද, දෙවනුව ද, තෙවනුව ද
මාගේ නමස්කාරය වේවා...!

ආහාරයේ පිළිකුල් සඤ්ඤාව - භාවනා වාක්‍ය..

On Wednesday, October 14, 2009



අහාරයේ පිළිකුල් සංඤ්ඤාව පුරුදු කරමු !

ඔබ අසුභ භාවනාව පුරුදු වනවා නම් මේ භාවනා වාක්‍ය යොදා ගන්න..
මෙම දේශනාවට ත් සවන් දෙන්න...

 භාවනා වාක්‍ය

මේ ආහාර කොච්චර සුවඳට, රසට, ලස්සනට පිළියෙල කරල තිබුනත් මේ අහාර අතින් අල්ලපු ගමන් ඒ්ක ඉඳුල් වෙලා යනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි..., පිළිකුලයි...,  පිළිකුලයි...
 
මේ අහාර කටට ගත්තාම කටේ තියෙන කෙල, සෙම එක්ක කලවම් වෙනවා. මේක පිළිකුල් දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි..., පිළිකුලයි...,  පිළිකුලයි...
 
උගුරෙන් පහලට යන විට මේ අහාර සෙම, සොටු සමඟ මේ අහාර කවලම් වෙනවා. තවදුරටත් මේක පිළිකුල් දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි..., පිළිකුලයි...,  පිළිකුලයි...
 
ආහාර බඩට ගියාම බඩේ තියෙන නොයෙකුත් දේ සමඟ මේ අහාරය එකතු වෙනවා. වමනෙ බවට පත් වෙනවා. ඉතාම පිළිකුල් දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි..., පිළිකුලයි...,  පිළිකුලයි...
 
බඩවැල් වලට ගියාම මේ අහාරය අසූචි බවට පත් වෙනවා. ඉතාම දුර්ගන්ධ දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි..., පිළිකුලයි...,  පිළිකුලයි...
 
මේ අහාරය අනුභව නොකර තිබ්නොත් ඒත් මේක පිළිනි වෙලා දුර්ගන්ධය හමන දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි..., පිළිකුලයි...,  පිළිකුලයි...
 
මේ අහාර උයන්නේ නැතිව තිබුනොත් කුනුවෙලා පිළිකුල් දෙයක් බවට පත් වෙනවා. දුර්ගන්ධය හමන දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිකුලයි..., පිළිකුලයි...,  පිළිකුලයි...
 
සාදු...! සාදු...!! සාදු...!!!
 
 

අසුභ භාවනාව - භාවනා වාක්‍ය..




අසුභ භාවනාව පුරුදු වෙමු...!

ඔබ අසුභ භාවනාව පුරුදු වනවා නම් මේ භාවනා වාක්‍ය යොදා ගන්න..
මෙම දේශනාවට ත් සවන් දෙන්න...



භාවනා වාක්‍ය

යටි පතුලෙන් උඩටත් කෙස් වලින් පහලටත් සමකින් සීමා වෙලා තියෙන මේ ශරීරයේ අසූචි වගේ දේවල් තමයි තියෙන්නේ...

මේ කයේ තියෙනවා..., කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර වැල්, ඇට, ඇටමිඳුළු, වකුගඩු, හෘදය, අක්මාව, පිත්තාශය, බඩදිව, පෙනහළු, කුඩා බඩවැල්, මහ බඩවැල්, ආමාංශය, අසූචි, මොළය, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, තෙල් මන්ද, කඳුළු, වුරුණු තෙල්, කෙළ, සොටු, සඳමිඳුළු, මූත්‍ර...

මගේ කියන ශරීරය හැදිල තියෙන්නේ මේ වගේ අසූචි වලින්මයි, අනුන්ගේ කියල හිතන ශරීරත් මේ වගේමයි. ඒවල තියෙන්නෙත් අසූචි විතරයි. මගේ කියල හිතන ශරීරයත්, අනුන්ගේ කියල හිතන ශරීරත් ඔක්කොම අසූචිමයි.

මගේ කියල හිතන ශරීරය ආහාරයෙන් හටගෙන ආහාර නැතිවීමෙන් නැතිවෙලා යන එකක්. අනුන්ගේ කියල හිතන ශරීරත් ආහාරයෙන් හටගෙන ආහාර නැතිවීමෙන් නැතිවෙලා යන දේවල්. මගේ කියල හිතන ශරීරයත් අනුන්ගේ කියල හිතන ශරීරත් ඔක්කොම ආහාරයෙන් හටගෙන ආහාර නැතිවීමෙන් නැතිවෙලා යන දේවල්.

මගේ කියල හිතන ශරීරය අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍යය වූ දුක් වූ විපරිනාමයට පත් වෙන මේ ශරීරය මම නොවෙයි, මගේ නොවෙයි, මගේ ආත්මය නොවෙයි.

අනුන්ගේ කියල හිතන ශරීර අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍යය වූ දුක් වූ විපරිනාමයට පත් වෙන ඒ ශරීර මම නොවෙයි, මගේ නොවෙයි, මගේ ආත්මය නොවෙයි.

මගේ කියල හිතන ශරීරයත්, අනුන්ගේ කියල හිතන ශරීරත් මේ සියළු ශරීර අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍යය වූ දුක් වූ විපරිනාමයට පත් වෙන මේ ශරීර මම නොවෙයි, මගේ නොවෙයි, මගේ ආත්මය නොවෙයි.

සාදු...! සාදු...!! සාදු...!!!

මරණ සතිය වඩමු - භාවනා වාක්‍ය..





අපි මරණ සතිය පුරුදු වෙමු...!

ඔබ මරණ සති භාවනාව පුරුදු වනවා නම් මේ භාවනා වාක්‍ය යොදා ගන්න..
මෙම දේශනාවට ත් සවන් දෙන්න...


භාවනා වාක්‍ය

කොයි මොහොතේ හෝ මොන විදිහකින් හෝ මම මැරිල යන්න පුළුවන්. කකුල පැටලිලා වැටිල, මගේ මරණය සිද්ධ වෙන්ට පුළුවන්. කන කෑම හිරවෙලා මම මැරෙන්ට පුළුවන්. කන කෑම විෂ වෙලා මම මැරෙන්ට පුළුවන්. ශරීරය ඇතුලෙ ගෙඩි, පිළිකා වගේ දේවල් හැදිල මම මැරෙන්ට පුළුවන්. වා පිත් සෙම් කෝප වෙලා මම මැරෙන්ට පුළුවන්. හොර හතුරෙක් අතින් මම මැරෙන්ට පුළුවන්. සර්පයක් දෂ්ඨ කරල මම මැරෙන්ට පුළුවන්. සතෙක් සිව්පාවෙකුට ගොදුරු වෙලා මම මැරෙන්ට පුළුවන්. අමනුෂ්‍යයෙක් අතින් වුනත් මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. මේ පිට වෙන හුස්ම ඇතුල් වෙන්න කලින් මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. මේ මොහොතේම වුනත් මම මැරිල යන්න පුළුවන්.

මේ විදිහට මම මැරෙන විට මගේ හිතේ රාග, ද්වේෂ, මෝහ තිබුනොත් ඒක මට මහා විපතක්මයි. මම මැරෙන විට රාග, ද්වේෂ, මෝහ නැත්නම් ඒක මට යහපතක්.

ජීවිතය අනිත්‍යයි..., මරණය නියතයි..., ජීවිතය අනිත්‍යයි..., මරණය නියතයි..., ජීවිතය අනිත්‍යයි..., මරණය නියතයි... (නැවත නැවත ආරම්භයේ සිට සිහි කරන්න)

සාදු...! සාදු...!! සාදු...!!!

මෙත්තා භාවනා - මෛත්‍රී භාවනාව

On Saturday, October 10, 2009




මෙත්තා භාවනා - මෛත්‍රී භාවනාව..

අහං අවේරෝ හෝමි - මම වෛර නැත්තෙක් වෙම්වා..
අබ්‍යාපජ්ඣෝ හෝමි - තරහ නැත්තෙක් වෙම්වා..
අනීඝෝ හෝමි - දුක් පීඩා නැත්තෙක් වෙම්වා..
සුඛී අත්තානං පරිහරාමි - සුවසේ ජීවත් වෙම්වා..

අහං විය මය්හං - මා මෙන් ම මාගේ,

ආචරිඋපජ්ඣායා - ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා ද,
මාතා පිතරෝ - මව් පියවරු ද,
හිත සත්තා - හිතවත් සත්වයෝ ද,
මජ්ඣත්තික සත්තා - මැදහත් සත්වයෝ ද,
වේරීසත්තා - වෛරී සත්වයෝ ද,

අවේරා හොන්තු - වෛර නැත්තෝ වෙත්වා,
අබ්‍යාපජ්ඣා හොන්තු - තරහ නැත්තෝ වෙත්වා..
අනීඝා හොන්තු - දුක්පීඩා නැත්තෝ වෙත්වා..
සුඛී අත්තානං පරිහරන්තු - සුවසේ ජීවත් වෙත්වා..
දුක්ඛා මුච්චන්තු - දුකින් මිදෙත්වා..
යථා ලද්ධසම්පත්තිතෝ මා විගච්ඡන්තු - ලද සම්පත් වලින් නො පිරිහෙත්වා..
කම්මස්සකා - කර්මය ස්වකීය දෙය කරගෙන ඇත්තාහු ය.

ඉමස්මිං විහාරේ - මේ විහාරයේ සිටින,
ඉමස්මිං ගෝචර ගාමේ - මේ ගොදුරු ගමෙහි සිටින,
ඉමස්මිං නගරේ - මේ නගරයේ සිටින,
ඉමස්මිං ලංකාදීපේ - මේ ලංකාදීපයේ සිටින,
ඉමස්මිං ජම්බුදීපේ - මේ දඹදිව් තලයේ සිටින,
ඉමස්මිං චක්කවාළේ - මේ සක්වලෙහි සිටින,

ඉස්සර ජනා - අධිපති ජනයෝ,
සීමට්ඨක දේවතා - සීමා වාසී දෙවිවරු,
සබ්බේ සත්තා - සියලු සත්වයෝ,

අවේරා හොන්තු - වෛර නැත්තෝ වෙත්වා,
අබ්‍යාපජ්ඣා හොන්ත - තරහ නැත්තෝ වෙත්වා..
අනීඝා හොන්තු - දුක්පීඩා නැත්තෝ වෙත්වා..
සුඛී අත්තානං පරිහරන්තු - සුවසේ ජීවත් වෙත්වා..
දුක්ඛා මුච්චන්තු - දුකින් මිදෙත්වා..
යථා ලද්ධසම්පත්තිතෝ මා විගච්ඡන්තු - ලද සම්පත් වලින් නො පිරිහෙත්වා..
කම්මස්සකා - කර්මය ස්වකීය දෙය කරගෙන ඇත්තාහු ය.

පුරත්ථිමාය දිසාය - නැගෙනහිර දිශාවේ සිටින,
දක්ඛිණාය දිසාය - දකුණු දිශාවේ සිටින,
පච්ඡිමාය දිසාය - බටහිර දිශාවේ සිටින,
උත්තරාය දිසාය - උතුරු දිශාවේ සිටින,
පුරත්ථිමාය අනුදිසාය - නැගෙනහිර අනුදිශාවේ සිටින,
දක්ඛිණාය අනුදිසාය - දකුණු අනුදිශාවේ සිටින,
පච්ඡිමාය අනුදිසාය - බටහිර අනුදිශාවේ සිටින,
උත්තරාය අනුදිසාය - උතුරු අනුදිශාවේ සිටින,
හෙට්ඨිමාය දිසාය - යට දිසාවේ සිටින,
උපරිමාය දිසාය - උඩ දිසාවේ සිටින,

සබ්බේ සත්තා - සියලු සත්වයෝ,
සබ්බේ පාණා - සියලු ප්‍රාණීන්,
සබ්බේ භූතා - සියලු භූතයෝ,
සබ්බේ පුග්ගලා - සියලු පුද්ගලයෝ,
සබ්බේ අත්තභාවපරියාපණ්ණා - ජීවිතයක් ලබා ගත් සියලු සත්වයෝ,
සබ්බා ඉත්ථියෝ - සියලු ස්ත්‍රීන්,
සබ්බේ පුරිසා - සියලු පුරුෂයෝ,
සබ්බේ අරියා - සියලු ආර්යයෝ,
සබ්බේ අනරියා - සියලු අනාර්යයෝ,
සබ්බේ දේවා - සියලු දෙවියෝ,
සබ්බේ මනුස්සා - සියලු මනුෂ්‍යයෝ,
සබ්බේ අමනුස්සා - සියලු අමනුෂ්‍යයෝ,
සබ්බේ විනිපාතිකා - සියලු අපායවාසී සත්වයෝ,

අවේරා හොන්තු - වෛර නැත්තෝ වෙත්වා,
අබ්‍යාපජ්ඣා හොන්තු - තරහ නැත්තෝ වෙත්වා..
අනීඝා හොන්තු - දුක්පීඩා නැත්තෝ වෙත්වා..
සුඛී අත්තානං පරිහරන්තු - සුවසේ ජීවත් වෙත්වා..
දුක්ඛා මුච්චන්තු - දුකින් මිදෙත්වා..
යථා ලද්ධසම්පත්තිතෝ මා විගච්ඡන්තු - ලද සම්පත් වලින් නො පිරිහෙත්වා..
කම්මස්සකා - කර්මය ස්වකීය දෙය කරගෙන ඇත්තාහු ය.

සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු - සියලු සත්වයෝ සුවපත් වෙත්වා..!
සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු - සියලු සත්වයෝ සුවපත් වෙත්වා..!!
සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු - සියලු සත්වයෝ සුවපත් වෙත්වා..!!!

Related Posts with Thumbnails