Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

Dhamma Medicine

Sunday, October 11, 2009 , at 7:48 PM


කෙළෙස් කියන්නෙ සත්වයින් ව උමතු කරවන දෙයක්.. සත්වයින් ගේ සිත් කෙළෙසා දමන එකක්. ඇත්තට ම සත්වයින් ගේ සිත් ලෙඩ කරවන එකක්. රූප වේදනා සඤ්ඤා සංස්කාර කියන්නෙත් රෝග. සංසාරය කියන්නෙ මුලුමණින් ම සත්වයින් ට වැළඳුනු ලෙඩක් වගේ එකක්..

බුදු රජාණන් වහන්සේ ගේ ධර්මයෙන් ඒ සංසා‍ර රෝගය, කෙලෙස් අසනීපය සදහට ම සුව කරල දානව..ඒ නිසා ධර්මය තමයි පරම අවුෂධ ය. ඒ අවුෂධය ලෝකයට ලබා ‍දුන්නෙ බුදු රජාණන් වහන්සේ. ඒ නිසා නෙ බුදු රජාණන් වහන්සේ ට අනුත්තර වූ වෛද්‍ය වරයා (අනුත්තරෝ සල්ලක්ඛත්තෝ) කියල කියන්නෙ.

එක දවසක් බුදු රජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට මෙහෙම දේශනා කළා.

යේ කේචි ඕසධා ලෝකේ විජ්ජන්ති විවිධා බහූ..
ධම්මෝසධසමං නත්ථි ඒතං පිවත භික්ඛවෝ..
ධම්මෝසධං පිවිත්වා අජරාමරණං සියුං..
භාවයිත්වා ච පස්සිත්වා නිබ්බුතා උපධික්ඛයේ..

ඇතත් නෙක් ඔසු ලොවැ..
දහමො'සුව සම ඔසුවෙක් නැත..
එය වළඳන්න මහණෙනි..!
එ ඔසුව බී ඔබ ද..
කෙ‍ළෙස් ලෙඩ හැම සුව කැර..
දිරුම් වැනසුම් නැති
උතුම් පිරිනිවියාව දනු මැන...!


.................
ඉතින් ඒ උත්තම වූ, අනුත්තර වූ දහම් ඔසුවෙන් බිඳ‍ක් හෝ බී, සංසාර ගිමන් මොහොතකට හෝ සංසිඳුවා ගනිත්වා..!!! ඒ අපේ පැතුම යි..

Bookmark and Share

Currently have 2 comments:

  1. Anonymous says:

    Amaa gaben
    Amaa rasak
    Ukahaagena dena daethak..
    Mahaa nidhanayak vagei
    Ranin thenoo ruk sevanak...

    E obamai...
    Mahamewnaave...

  1. Anonymous says:

    Theruwansaranai,

    Thanks (pin) for helping us to learn guide to seek the truth of the greatest peace within us this Dhamma has never being heard before now have the opportunity to hear at our houses. We are so fortunate to hear Dhamma far away from our mother land.

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails