Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

මොහඳුරෙන් මිදෙන්නට නම්.....

Thursday, October 22, 2009 , at 11:08 PM

මේ අවිද්යාව නිසා ඉපදෙන මැරෙණ සංසාරෙ හැදෙන හැටි, දුක හැදෙන හැටි බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවකින් පෙන්වල දීල තියෙනව. ඔන්න කඳු මුදුනකට විශාල බිංදු සහිත වැස්සක් වහිනව. වතුර පහලට ගලාගෙන ඇවිත් කඳු බෑවුමේ තියෙන පොඩි වලවල්, කුඩා දිය අගල් පිරෙනව. වලවල්, කුඩා දිය අගල් පිරිල ගිහින් ඊට ලොකු වලවල් වතුරෙන් පිරිල යනව. වලවල් වතුරෙන් පිරිල ගිහින් මහා වලවල් පිරිල යනව. මහා වලවල් පිරිල ගිහින් කුඩා ගංගා වතුරෙන් පිරෙනව. කුඩා ගංගා එකතු වෙලා මහා ගංගා වතුරෙන් පිරිල යනව.

අන්න විදියට....

· අවිද්යාව නිසා සංස්කාර ඇති වෙනව

· සංස්කාර නිසා විඤ්ඤාණය ඇති වෙනව

· විඤ්ඤාණය නිසා නාමරූප ඇති වෙනව

· නාමරූප නිසා ආයතන හය ඇති වෙනව

· ආයතන හය නිසා ස්පර්ෂය ඇති වෙනව

· ස්පර්ෂය නිසා විඳීම ඇති වෙනව

· විඳීම නිසා තණ්හාව ඇති වෙනව

· තණ්හාව නිසා බැඳී යාම ඇති වෙනව

· බැඳීයාම නිසා විපාක පිණිස කර්ම සකස් වෙනව

· විපාක පිණිස කර්ම සකස් වීම නිසා ඉපදෙනව

· ඉපදීම නිසා සියළුම දුක් හටගන්නව


යමකු
මෙම දුක් ස්වභාවය තෙරුම් ගතහොත්....

· දුක තේරුම් ගැනීම නිසා ශ්රද්ධාව ඇති වෙනව

· ශ්රද්ධාව නිසා ප්රමුදිතභාවය ඇති වෙනව

· ප්රමුදිතභාවය නිසා ප්රීතිය ඇති වෙනව

· ප්රීතිය නිසා සිතත් කයත් සැහල්ලු වීම ඇති වෙනව

· සිතත් කයත් සැහල්ලු වීම නිසා සැපය ඇති වෙනව

· සැපය නිසා සමාධිය ඇති වෙනව

· සමාධිය නිසා යථාභූත ඥාණය ඇති වෙනව

· යථාභූත ඥාණය නිසා කළකිරීම ඇති වෙනව

· කළකිරීම නිසා නොඇල්ම ඇති වෙනව

· නොඇල්ම නිසා නිදහස් වෙනව

· නිදහස් වීම නිසා සියල්ල නිවැරදිව සම්පූර්ණ ලෙස වටහා ගැනීමේ නුවණ ලැබෙනව


කෙලෙස්
දුරු කරන ආකාරය බුදුරජාණන් වහන්සේ උපනිස සූත්රයෙන් පහදල දුන්නෙ ඔන්න ඔය විදියටයි....


අමා නිවන් සුව බොහෝ දුර නොවේ වා!!!

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails