Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

මොහඳුරෙන් මිදෙන්නට නම්.....

Thursday, October 22, 2009 , at 11:08 PM

මේ අවිද්‍යාව නිසා ඉපදෙන මැරෙණ සංසාරෙ හැදෙන හැටි, දුක හැදෙන හැටි බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවකින් පෙන්වල දීල තියෙනව. ඔන්න කඳු මුදුනකට විශාල බිංදු සහිත වැස්සක් වහිනව. ඒ වතුර පහලට ගලාගෙන ඇවිත් කඳු බෑවුමේ තියෙන පොඩි වලවල්, කුඩා දිය අගල් පිරෙනව. ඒ වලවල්, කුඩා දිය අගල් පිරිල ගිහින් ඊට ලොකු වලවල් වතුරෙන් පිරිල යනව. ඒ වලවල් වතුරෙන් පිරිල ගිහින් මහා වලවල් පිරිල යනව. මහා වලවල් පිරිල ගිහින් කුඩා ගංගා වතුරෙන් පිරෙනව. කුඩා ගංගා එකතු වෙලා මහා ගංගා වතුරෙන් පිරිල යනව.

අන්න ඒ විදියට....

· අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනව

· සංස්කාර නිසා විඤ්ඤාණය ඇති වෙනව

· විඤ්ඤාණය නිසා නාමරූප ඇති වෙනව

· නාමරූප නිසා ආයතන හය ඇති වෙනව

· ආයතන හය නිසා ස්පර්ෂය ඇති වෙනව

· ස්පර්ෂය නිසා විඳීම ඇති වෙනව

· විඳීම නිසා තණ්හාව ඇති වෙනව

· තණ්හාව නිසා බැඳී යාම ඇති වෙනව

· බැඳීයාම නිසා විපාක පිණිස කර්ම සකස් වෙනව

· විපාක පිණිස කර්ම සකස් වීම නිසා ඉපදෙනව

· ඉපදීම නිසා සියළුම දුක් හටගන්නව


යමකු
මෙම දුක් ස්වභාවය තෙරුම් ගතහොත්....

· දුක තේරුම් ගැනීම නිසා ශ්‍රද්ධාව ඇති වෙනව

· ශ්‍රද්ධාව නිසා ප්‍රමුදිතභාවය ඇති වෙනව

· ප්‍රමුදිතභාවය නිසා ප්‍රීතිය ඇති වෙනව

· ප්‍රීතිය නිසා සිතත් කයත් සැහල්ලු වීම ඇති වෙනව

· සිතත් කයත් සැහල්ලු වීම නිසා සැපය ඇති වෙනව

· සැපය නිසා සමාධිය ඇති වෙනව

· සමාධිය නිසා යථාභූත ඥාණය ඇති වෙනව

· යථාභූත ඥාණය නිසා කළකිරීම ඇති වෙනව

· කළකිරීම නිසා නොඇල්ම ඇති වෙනව

· නොඇල්ම නිසා නිදහස් වෙනව

· නිදහස් වීම නිසා සියල්ල නිවැරදිව සම්පූර්ණ ලෙස වටහා ගැනීමේ නුවණ ලැබෙනව


කෙලෙස්
දුරු කරන ආකාරය බුදුරජාණන් වහන්සේ උපනිස සූත්‍රයෙන් පහදල දුන්නෙ ඔන්න ඔය විදියටයි....


ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ වා!!!

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails