Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන.....

Saturday, October 24, 2009 , at 2:14 AM

"ආං බලාපන්.... උඩහ ගෙදර ඇසිලියා රට ඉඳල ඇවිල්ල. අර.... අර ටැලිවිසොං පෙට්ටියකුත් ගෙනල්ල. මගෙ අප්පේ.... ඒක ලොකු! දැන් ඉතින් ගමටම ඇහෙන්න පේන්න ඕක දාගෙන ඉඳීවි මහ උජාරුවට. හ්ම්හ්... උන්ට හරිගියා. ඒකට බලාපල්ල අපේ ගෙදර.... කපුටු කූඩුවක් විතර ඇති ටැලිවිසොං එක. කොහෙද ඉතින් අපේ ගෙවල් වල මිනිස්සුන්ට ඕව තේරෙන්නේ නැහැනෙ. කොච්චර කිව්වත් වැඩක් නැහැ."
.ඒ වැට අද්දර උන් සිරියලතා අල්ලපු ගෙදර මැගිලින් එක්ක ඉරිසියාවෙන් පුපුරමින් කළ කතාබහක කොටසක්.


"
පුතේ උඹ ඔය ගෙදර ප්ලෑන් එක අඳින මනුස්සයට කියාපන් ගේ කොහොම හරි තට්ටු 3 ට ප්ලෑන් කරන්න කියලා. ඉස්සරහ ගෙදරත් තට්ටු 2 යි. අල්ලපු ගෙදරත් තට්ටු 2 යි. ඒ දෙකටම වඩා උසට අලුත් ගේ හදන්න ඕන ඕකුන්ට තරු පේන්න. ගෙදර ඉන්නෙ උඹයි, මායි, අප්පච්චියි විතර වුනාට කමක් නැහැ."
.නව නිවසක සිහින මවන මහේෂ්ට තම අම්මාගෙන් ලැබුනේ එවැනි දැනමුතු කමකි.


"
බලන්න චමින්ද..... ඔයා නම්කිසි වැඩකට නැහැ. ඔයාට තාම බැරි වුනා පුතාව හොඳ ඉස්කෝලෙකට දාගන්න. ඔයා පොඩ්ඩක්වත් උනන්දු වෙන්නෙ නැහැ. දැන් බලන්න සුරේනිගෙ පුතා.... එයා රෝයල් යන්නෙ. කාන්චනාගෙ පුතාල දෙන්නම රෝයල්. ඉස්සරහ ගෙදර අනුලගෙ ලොකු පුතා ආනන්දෙ.... පොඩි පුතා ඩීඑස්. ඒ ගොල්ලො වෑන් වල නැගල ඉස්කෝලෙ යනකොට අපේ පුතා විතරක් තාම පයින් යනව ගෙවල් ලඟ ඉස්කෝලෙට. වස ලැජ්ජාවනෙ චමින්ද."
....
නෝක්කාඩුවෙන් සිටි හර්ෂනී තම ස්වාමිපුරුෂයා සමඟ මොහොතක් දොඩමළු වුනේ ඒ විදියට.


උතුම් ගෞතම බුදු සසුනේ පහස ලබන පින්වත් මිතුරනේ
,


මේ වගේ කතා අපේ සමාජයේ අළුත් දේවල් නෙවෙයි නෙ. බුදු පහස ලද බිමක
, බුදු බණ ඇසෙන මායිමක ඉන්න මේ මිනිස්සුන්ට කොතනද වැරදුනේ? ගොඩක් අය ඕකට කියන්නෙ සුව කරන්න බැරි රෝගය කියල....බුදු රජාණන් වහන්සේ අපට පෙන්වාදීල තිබෙනවා මනසේ ඇති වෙන මේ වගේ ලාමක රෝග සුවකරන්න පුලුවන් බව.


අනුන්ගේ දේට ආසා කිරීම
, අනුන්ගේ සැපත ගැන ඇතිවෙන ඉරිසියාව, අනුන් සතු දේ තමන් සතු වේවා ආදී මේ තුඡ්ච හිතේ ඇතිවෙන පහත් හැඟීම් මේ සංසාර සාගරේ ගිලෙමින් ඉන්න සත්වයින්ට බොහෝ කාලයක් අහිත පිණිසම පවතින බවයි අප සරණ ගිය ඒ භාග්‍යවතුන්වහන්සේ පෙන්වා වදාළේ. ඔයාලම නිකමට හිතල බලන්න.... තව කෙනෙක් දියුණු වෙන දිහා බලල අහිංසකව සතුටු වෙන්න බැරි හදවත් කී කෝටියක් නම් අපට හමුවෙනව ද....? මේ හදවත් මේ තරම් දරුණු වුනේ කොහොම ද....?


ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ අප ගැන අනුකම්පාවෙන්ම පෙන්වා වදාළා මේ වගේ පහත් හැඟීම් අකුසල මූලයන් විදියට ක්‍රියාත්මක වෙලා අපව නිරය කරා රැගෙන යන කර්ම පවා අප විසින් සිදු කරන තත්වයට අපව පත් කරන ආකාරය. අපි මෙහෙම උදාහරණයක් ගනිමු. කලින් කතා කලේ කාන්තා පක්ෂයේ ඉරිසියාව ගැනනේ. බලමු පිරිමි හිතක ඒ වගේ හැඟීම් ක්‍රියාත්මක වෙන්න මොන විදියට ද කියලා......


ඔන්න විවාපත් යුවලක් ඉන්නව..... අසේල-රෝහිණී. අවුරුදු
5 ක්ම ප්‍රේම කරලයි අමාරුවේ වැටිල තියෙන්නෙ. එක අතකින් පුදුම වෙන්න දේකුත් නෑ.... මොකද අහවල් දේ අන්ධයි කියලත් කියනවනෙ. ඉතින් කොහොම හරි බැඳපු දා ඉඳල රෝහිණී, මෝහිණී වෙලා. ඉතින් අසේල හැමදාම ඉන්නෙ කණස්සල්ලෙන්. ඔය අතරෙ මෙයාට දකින්න ලැබෙනව ආදරෙන්, පිළිවෙලකට පවුල්කන ලස්සන ජෝඩුවක්. මෙයාගෙම මිත්‍රයෙක්. නොදැනුවත්වම මෙයාගෙ හිතේ පුංචි ඉරිසියාවක් ඇති වෙනව මේ දෙන්න ගැන. මොකද මෙයාට නැති දේ එයාලට තියෙනව. අන්න අකුසල් මුල් ක්‍රියාත්මක වෙනව. ලෝභ-ද්වේෂ-මෝහ අකුසල් වලට පාර විවර වෙනව. හිතේ ඉරිසියාව ඇති උනා. ඇතිවුන අකුසල් සිතේ ආදීනව දන්නෙත් නැති, ප්‍රහාණය කිරීමක් ගැන දන්නෙත් නැති මෙයාගෙ හිත ඒ අකුසල මූලය ඔස්සේම ක්‍රියාත්මක වුනා. ද්වේෂය ඇති වුනා. අර පවුල බිඳවන්න හිතක් පහළ වුනා. ඒ මිනිස්සු මෙයාට මොන වරදක් කළාට ද....? ඒත් බලන්න දමනය නොකරපු හිතක තියෙන භයානක කම. අර ඇතිවුන ඉරිසියාව හින්දනෙ මේ ඔක්කොම. ඉතින් මේ කෙනා විවිධ මායම් දාල අර මිත්‍රයාගෙ බිරිඳව වැරදි කාමසේවනයට යොමු කරගන්නව. එක්කො මිත්‍රයව යොමු කරවනව. එහෙම නැති නම් වෙන කෙනෙක් ලව්වා ඒ දේ කරවනවා. ඉතින් ඒ පවුලට යන කළදසාව ගැන අටුවා-ටීකා ඕන නැහැනෙ. බලන්න මිතුරනේ වටිනා මනුස්ස ජීවිතයක් ලබපු අසේලට සිද්ධ වුන දේ. එයා කොහෙන් නම් නවතීවි ද? මනුෂ්‍ය චිත්ත සන්තාන තුළ සිදු වෙන, සිදු වෙන්න පුළුවන් මේ දේවල් සියැසින්ම දැකල අප හට වදාරණ ලද්දේ අප සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ විසින්ම නෙ.


අපි අපි ගැනම මොහොතක් හිතල බලමු. ඔයාටත් මටත් වටිනා
, දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබිල තියෙනව. අතිශය වටිනා, දුර්ලභ ධර්මයක් ලැබිලා තියෙනව. මේ ඇත්ත තේරුම් අරගෙන තියෙන්න කීයෙන් කී දෙනාද??? හැමෝම හිතාගෙන ඉන්නෙ මේ ආත්මේ ඉන්න පුළුවන් තාක් කල් ඉඳල මැරිල ගිහිල්ල ඊලඟ ආත්මෙ මීට වඩා හොඳ සැපවත් ජීවිතයක් ලබන්නනෙ. මොන තරම් මුලාවක් ද? හැමෝටම තමුන් හිතන පතන විදියට ඒ දේවල් එහෙම සිද්ධ වෙනවනම් මේ ලෝක කිසිම ප්‍රශ්නයක් නැහනෙ. මේ ලෝක සුර පුරයක් වෙයිනෙ එහෙම උනොත්. ඔන්න ඔය මුලාවෙන් ගැලවුන කෙනා ජයග්‍රනයේ මාවතට පිවිසෙනවා. අන්න එයාටයි ධර්මය විවර වෙන්නේ. අන්න එයයි මේකෙන් ප්‍රයෝජන ගන්න පුද්ගලයා බවට පත් වෙන්නේ.


මේ විෂමකාරී දෘෂ්ඨිගත ලෝකෙ මිනිස්සු එකම පොදියක හිරවෙලා. මහා මුලාවක පැටලිලා. හැමෝම දුවනවා රේස් එකක..... ජය කණුවක සේයාවක්වත් නොපෙනෙන. හැමෝම පැටලිලා මහා යුද්ධයක...... තමුන් සටන් වදින්නේ කුමක් සඳහා ද වත් නොදැන.


මිනිසුනේ....
පාදාගනු මැන දෑස්......
උදෙසා
, දහම තුළින් නිවී සැනසුන ජීවිතයක්!


සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන.....

සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන......

Bookmark and Share

Currently have 7 comments:

  1. ඇත්තට ම ඊරිසියාව තමයි අද කාලේ ලංකා‍වේ බොහෝ සිංහලයින් ගේ හිත් වල තිබෙන ලොකු ම අකුසලය.. කියල යි මට නම් හිතෙන්නෙ..
    ගොඩක් පින් මේ ලිපියට..

  1. Anonymous says:

    Namal Says@ sadu sadu sadu.. godak pin.Attatama mamath hithanawa irisiyawa thamai lankawe ayata thiyena lokuma lede kiyala..
    dharma pracaraya karanna giyath, eka ekkenaawa abhibhawa yanna oone, kiyana ashawai, irisiyawai thamai godak ayage hith wala thiyenne..

    apita wediya athenta kattiya yaida.. oya wage adahas..hama thanama kattiya bedila thiyenneth ooka nisai..

    mama kiyanne me inter net eke unath, hama thanama hamooma bedila..ee aashawai irisiyaawai nisa, kiyalai mata hithenne..

  1. saman says:

    irisiyaawa suwa kara ganne kohomada..?

  1. Anonymous says:

    no,fools naver get it,it's their interest,yes it's always.

    but they will understand it,so it's little to late

  1. Anonymous says:

    Saman maithree bawanawa hodai.

  1. Unknown says:

    හැමෝ ම අද ජීවන තරගයක ඉන්නේ. හැමෝගෙ ම වගේ උත්සාහය අනෙකාව පරයා ඉහලට, ඉස්සරහට යන්න. ඒ ගමනෙදි මිනිස්සුන්ගෙ හිත් වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂාවෙන් පුරවගෙන.. අන්තිමට කවදාහරි මේ ඔක්කොම දාලා යන්න වෙනවා කියලා හිතන්නෙ කීයෙන් කී දෙනා ද...

  1. Unknown says:

    හැමෝම අද ජීවන තරගයක ඉන්නේ. හැමෝගෙ ම වගේ උත්සාහය අනෙකාව පරයා ඉහලට, ඉස්සරහට යන්න. ඒ ගමනෙදි මිනිස්සුන්ගෙ හිත් වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂාවෙන් පුරවගෙන.. අන්තිමට කවදාහරි මේ ඔක්කොම දාලා යන්න වෙනවා කියලා හිතන්නෙ කීයෙන් කී දෙනාද...

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails