මරණානුස්සතිය
Monday, August 9, 2010
, at 10:02 AM
අපි මීට පෙර කතා කළේ ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කර ගන්න විදිය ගැන. ඒ වගේම තමයි අපි නිතර පුරුදු කළ යුතු භාවනාවක් විදිහට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙන “ මරණ සතිය, “මේ ධර්මයෙන් යම් ප්‍රයෝජනයක්, පිහිටක්, පිළිසරණක් ලබා ගන්න කැමැති කෙනකුට ඒ සඳහා හොඳ අවස්ථාවක් උදා කර ගන්න හොඳින්ම පුළුවන්කම තිබෙනවා මරණ සතිය පුරුදු කර ගැනීමෙන්.
ඒ නිසා හොඳට මේක තේරුම් අරගෙන නිතර, බහුල වශයෙන් “ මරණ සතිය “ පුරුදු කර ගන්න කල්පනා කරන්න. එයට වීර්යය උපදව ගන්න, දැඩි බව, දරදඬු බව දුරු කර ගන්න. නිවුණු කෙනෙක් බවට පත්වන්න, මරණ සතිය ඊට උපකාර වනවා. මරණය ගැන සිහියෙන් සිටිනවා නම්, හිතේ තියෙන ළාමක දේවල් දුරු කරගෙන, සන්සුන් සිතක් හදා ගන්න පුළුවන්කම තියෙනවා.
ඒ නිසා අපට අත්විඳින්නට තියෙන ඒ දුක් සහිත ඉරණම ගැන කල්පනා කරන්න. අපට යම් වෙලාවක මරණයට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඒක කොයි මොහොතේ, කොයි විදිහට, කොතන දී සිදුවෙයි ද? කියලා කියන්න අපට කියන්න බෑ. ඒ නිසා අපි කවුරුත් මැරෙන බව දැන ගත්තොත්, මැරෙන බව කල්පනා කළොත්, මේ හිතේ ළාමක ස්වභාවය දුරුවෙලා, සන්සුන් කෙනකු බවට පත්වන්න පුළුවන්කමක් තිබෙනවා. මැරෙනවා කියන අදහස සිහිවෙන්නේ නැති කෙනාට , ධර්මය කරා යන්න තියෙන ඉඩකඩ වැහිලා යනවා. ළාමක අකුසලයෙන් එයාගේ හිත යටවෙන්නට ඉඩකඩ තියෙනවා.
මරණය පිළිබඳව සිහි කළොත් මේ ධර්මයෙන් පුංචි හරි පිහිටක් ලබා ගන්න අපට පුළුවන්. ඒ සඳහා අවස්ථාව උපදවා ගන්න පුළුවන්. අපි කාටත් අමතක වන දෙයක් තමා මැරෙනවා කියන එක. නමුත් අපි දන්නේ ම නැතිව මොහොතින් මොහොත මරණය කරා ළංවෙනවා. අපි දන්නෙ ම නැතිව යම් වෙලාවක අපි මැරිලා යනවා.
අපි ගොඩක් වෙලාවට ඒ ගැන කල්පනා නොකර, වැඩක් නැති හිස් දේවල් ගැන කල්පනා කරලා හිත උදුම්මගෙන වාසය කරනවා. මාන්නයෙන්, එකට එක කරමින්, උපකාර පිළිබඳ නොසිතා, හිත අකුසලට බර කරගෙන වාසය කරනවා. එතකොට අපට ධර්මයෙන් ඈතට යන්න තමා සිද්ධ වන්නේ .ඉතින් ඒ නිසා මේ හැම බාධාවක්ම දුරු කර ගෙන ධර්ම අවබෝධය කරා අපිට යන්න තියෙන හොඳම විදිහක් තමයි මරණය සිහි කිරීම, මොකද මරණය අපට නිදහස් වන්න තියෙන බලවත්ම උවදුරක් නිසා. ඉපදුණු කෙනාට මරණයට පත්වන්න සිද්ධ ෙවනවා මයි. ඉතින් ඒ දුක අපට දරන්න පුළුවන්ද? කියලා කල්පනා කර බලන්න.
ලෝකයේ තියෙන එක එක දේ ගැන ඕනවට වඩා හිතන්න එපා. අරයට මෙහෙම වුනා. මෙයාට මෙහෙම වුණා. මෙහෙම කළා. ඒවා කල්පනා කරන්න එපා. තමන්ට විඳීන්න තියෙන දේ කල්පනා කරන්න. මට මැරෙන්න සිද්ධ වෙනවා. ඒක කොයි වෙලාවේ වෙයිද? දන්නේ නෑ. මේ මොහොතේ ද තව ටිකකින්ද කියා අපි දන්නේ නෑ.
අපි දැන් කතා කරනවා. මේ ආසනයෙන් වුණත් අපට නැගිටින්න බැරි වන්න පුළුවන්. මරණය කියන්නේ එහෙම එකක්. කොයි මොහොතේද? දන්නේ නෑ. එබඳු ස්වභාවයක් තියාගෙන, අපි මේ වාද භේද කරගෙන, අමනාපකම් තියාගෙන, මොකක්ද? මේ ගත කරන අර්ථයක් නැති ජීවිතය කියලා කල්පනා කරලා බලන්න. මරණය ගැන යමෙක් හිතනවා නම් එයා තුළ වාද කරන ස්වභාවය නැති වෙලා යනවා. අමනාප ගති නැති වෙලා යනවා.
මරණය ගැන කල්පනා නොකිරීම නිසා ම යි, වාද කරන හිත මතුවන්නේ, අමනාපකම් ඇති වන්නේ, තව කෙනකුගේ ඇද කුද පෙනෙන්නේ. තව කෙනෙක් කළ හොඳ නොදකින්නේ . තව කෙනෙකුගේ වැරැදීම ඉස්මතු වෙවී පෙනෙන්නේ. එහෙම වන්නේ මරණය පිළිබඳ හැඟීම් මාත්‍රයක්වත් නැති හිතකටය. ඒ නිසා අපි අපේ මරණය ගැන හොඳින් කල්පනා කළොත් අපේ හිත කවදාවත් වාදයකට කැමති වන්නේ නෑ. අඩුපාඩු ඉස්මතු කරන්න කැමැති වන්නේ නෑ. තව කෙනෙකුගේ ගුණය , යහපත ම දකින්න එවිට කැමතියි. තව කෙනෙකුගේ යහපතක් දැකලා ඒ ඔස්සේ සතුටු වන්න අප කැමැතියි. ඇයි එයා මැරිලා යන කෙනෙක්. තව කෙනෙක් කළ උදව්වක් සිහි කරලා එයා සතුටු වෙන්න කැමතියි. මැරෙනවා කියන අදහස නැත්නම් එයාට සතුටු වෙන්න දෙයක් නෑ. එයා ඉන්නේ පීඩාවෙන් . එයාට පීඩා ඇති කරන දේම තමයි, හැම තැනම තියෙන්නේ.
ඉතින් ඒ නිසා අපි මරණය ගැන හොදින් කල්පනා කරනවා නම්, නිතර සිහි කරනවා නම්, පීඩා අඩුවෙලා යනවා. අතිශයින්ම සුව පහසුවෙන් වාසය කරන්න පුළුවන්. එයාට අන් අයගේ උපකාර මහත් වූ සතුටු උපදින දෙයක් සේ දකින්න පුළුවන්. එයා ලෝකය දැකලා සතුටු වනවා. ලෝකයේ හොඳ අය ඉන්නවා කියලා එයාට සතුට උපදවා ගන්න පුළුවන්. තමා මැරෙනවා කියලා දන්න කෙනාට, ලෝකයේ යහපත් අය ඉන්නවා කියලා සතුට උපදවා ගන්න පුළුවන්. ලෝකයේ කරුණාවන්ත අය ඉන්නවා කියලා සතුට උපදවා ගන්න පුළුවන්. ඒ කොහොම කෙනාට ද? මැරෙනවා කියලා දන්න කෙනාට.
මම මේ කියන දේ ඔය ගොල්ලන්ට දැන් තේරෙන්නේ නෑ. මේක කරන්න. කළොත් ඔයගොල්ලන්ට තේරෙයි.
මේ කිව්ව දේ කොච්චර හරිද? කියලා. මැරෙනවා කියලා දන්න කෙනා මරණයට භය කෙනෙක් නෙමෙයි. ඒ මරණය කෙරෙහි සංවේගය උපදවා ගත්ත කෙනා ලෝකය දිහා බලලා සතුටු වනවා. මේ ;ලීකයේ යහපත් මිනිස්සු ඉන්නවා කියලා. ඒ මිනිස්සුන්ගේ ගුණ දැකලා එයාට සතුටු වන්න පුළුවන්කම තියේවි.
මරණ ස්වභාවය ගැන නොදන්න කෙනා සංවේගයට පත් වන්නේ නෑ. එයාගේ හිත විසිරිලා. එයාට ලෝකයේ මනුෂ්‍යයාගේ කොයි තරම් ගුණ තිබ්බත් ඒ ගුණ පෙනෙන්නේ නෑ. ඇද පේනවා. එයා මිනිස්සු ගැන අකැමැති හිතින් වාසය කරනවා. තමාට ඉතාම පි‍්‍රයශීලි අය ගැන වුණත් අකැමැති හිතින් වාසය කරනවා.
අපේ හිත විසිරෙන්නේ ඇයි? සංවේගයට පත් වෙලා නැති නිසා, සංවේගයට පත් නොවී තියෙන්නේ ඇයි? සංවේගයට පත් වන කාරණා ගැන අපි කල්පනා කරන්නේ නෑ. අපිට කල්පනාවට එන්නේ හිත විසිරෙන කරුණු ගැන. ඒ නිසා අපිට ලෝකේ කොතරම් ගුණවත් අය හිටියත් ඒ අයගේ ගුණයක් දකින්න බෑ. එතකොට, එයාට වෙහෙසක් පීඩාවක්. මොකද? කෙනෙකුට සැප උපදින්නේ ගුණ දැකීමෙන්, ගුණ දකින්න බැරි හිතකට සැප උපදින්නේ නෑ. මේක න්‍යායයක් . ඔයගොල්ලන්ට තේරෙයි.
අපිට අන් අයගේ ගුණ දකින්න පුළුවන් වන්නේ තැන්පත් වු හිතකින්. සංවර වූ හිතකින්. සන්සුන් වූ හිතකින්. සංවේගයට පත්වු හිතකින්. එයා යම් කෙනකුගේ අගුණයක් දැක්කොත් ඒ ඔස්සේ ඒ කෙනාව හෑල්ලු කරන්නේ නෑ. එයාට ඒ කෙනා ගැන උපදින්නේ කරුණාව. ඒක මේ වගේ දෙයක්. දැන් කලබල නොවෙන කෙනෙක් නොන්ඩි ගහන මනුෂයෙක් දකිනවා. එයාට කේන්ති එනවාද? එයාට උපදින්නේ මොකක්ද? අනුකම්පාව. “අනේ අසරණ මනුෂ්‍යයෙක් කියලා” ඇයි? එයාගේ ශාරිරික දෝෂයක් දකිනවා.
ආන්න ඒ වගේ තමයි සංවේගයට පත් වුණු කෙනෙක් තව කෙනෙකුගේ රාග,ද්වේශ, මෝහ ඉස්මතුවෙලා හටගත්තු දෝෂයක් දකිනවා. එයාට මොකද හිතෙන්නේ? ඒ ගැන කල්පනා කරලා කිපෙනවද? නෑ. එයාට අනුකම්පාවක් උපදිනවා. අනේ මෙයා රාග, ද්වේශ මෝහ නිසා පීඩාවට පත්වෙලා නේද? කියලා.
ඒක මේ වගේ, දැන් අම්මා කෙනෙක් හෝ තාත්තා කෙනෙක් කරුණාවෙන් ළමයා හදන්න යද්දී දෝෂයක් දකිනවා. එතකොට ඒ අම්මා තාත්තට මොකද හිතෙන්නේ. අනුකම්පාවක් ම නේද? අනුකම්පාව උපදින්නේ, අනේ මේ ළමයා ට නොතේරුම්කම නිසා සිද්ධ වෙන දෙයක් කියලා. ඒ නිසා අපි සංවේගය උපදවාගෙන හිටියොත් , අපිට ගැටෙන හිත ඇති වෙන්නේ නෑ. එහෙම නැත්නම් සංවේගය ඉපදිලා නැත්නම් ඉතාම හොඳ කෙනා ගේ වුණත් අපිට හොඳක් දකින්න බෑ. අගුණය තමයි ඉස්මතුවෙලා පේන්නේ. එතකොට හිත ගැටෙනවා. මේකයි හිතේ ස්වභාවය.
ඒ නිසා අපිට සංවේගය උපදවා ගන්න .තියෙන හොඳම තැන තමයි අපේ ජීවිතයේ තියෙන මරණ ස්වභාවය ගැන කල්පනා කිරීම. ඒක භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දී තිබෙනවා.කොහොමද? කරන්නේ කියලා.අංගුත්තර නිකායේ සූත්‍ර කීපයක් ම තියෙනවා. මරණ සතිය ගැන. ඒ දේශනා කියවන්න. කියවලා, ඒවායේ තියෙන විදියට මරණ සතිය පුරුදු කරන්න.
සාමාන්‍යයෙන් මරණ සතිය පුරුදු කර ගන්න පුළුවන් විදිහක් මම කියන්නම්. ඒ විදිහට පාඩම් කර ගෙන භාවනාවක් විදිහට පුරුදු කර ගන්න. මේ විදිහට හිතන්න පුළුවන්. සාමාන්‍යයෙන් භාවනා කරන පිළිවෙළට වාඩි වෙලා හොඳට සිහිය පිහිටුවාගෙන, සිත කය හොඳට සන්සුන් කර ගන්න. සන්සුන් කරගෙන තමාගේ ජීවිතය ගැන කල්පනා කරන්න ඕනෑ. වෙන දෙයක් ගැන නෙමේ හිතන්න, මෙහෙම “ මගේ් මරණය කොයි මොහොතේ සිද්ධ වෙයි ද? දන්නේ නෑ.
පය හැපිලා වැටිලා මගේ මරණය සිද්ධ වන්න පුළුවන්. කන කෑම විෂ වෙලා මගේ මරණය සිද්ධ වන්න පුලුවන්.කන කෑම හිර වෙලා මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. මේ ශරීරයේ අභ්‍යන්තර අවයවවල ආබාධ ඇති වෙලා මගේ මරණය සිද්ධ වන්න පුළුවන්. ගෙඩි පිළිකා ආදි දේවල් වලින් මගේ මරණය වන්න පුළුවන්. හොර හතුරෙකුගෙන් කරදර වෙලා මගේ මරණය වන්න පුළුවන්. සර්පයෙක් දෂ්ට කරලා මගේ මරණය වන්න පුළුවන්. සතෙක් සිවුපාවෙකුගෙන් කරදර වෙලා මගේ මරණය වන්න පුළුවන්.
අමනුෂ්‍යයෙකුගෙන් කරදර වෙලා මගේ මරණය වන්න පුළුවන්. මේ වගේ විවිධ විදිහට මගේ මරණය සිද්ධ වන්න පුළුවන්. මම මේ පිට කරන හුස්ම ඇතුළට ගන්න කලින් මගේ මරණය සිද්ධ වන්න පුළුවන්.
මේ විදිහට මම මැරෙනකොට, ඒ මැරෙන වෙලාවට මගේ හිතේ රාග, ද්වේශ, මෝහ තිබුණොත් ඒක මට හොඳ දෙයක් නම් නෙමේ. ඒක විශාල අනතුරක්. මම මැරෙනකොට මගේ හිතේ රාග, ද්වේශ මෝහ නැත්නම් ඒක මට හොඳයි. ඒක මට විශාල ලාභයක්. ඒ නිසා මම මේ රාග, ද්වේශ, මෝහ දුරු කරගෙන වාසය කරන්න ඕනෑ.
මේ විදිහට මරණය ගැන කල්පනා කරන්න. දවල්, හවස, රාත්‍රී මේ විදිහට නිරන්තරයෙන් පුරුදු කරන්න. ඉතින් මේ විදිහට අපි මරණය ගැන කල්පනා කරනවා නම් අපේ හිත එන්න එන්න සන්සුන් වනවා. සංවර වනවා. දැඩි බව නැති වෙලා යනවා. මෙල්ල වෙනවා.
එතකොට එයාට සංසිදුණ සිතින් වාසය කරන්න පුළුවන්. එයාගේ හිතේ ඇලෙන ගැටෙන ගතිය දුරු වෙලා යන්න පටන් ගන්නවා. ඒ වගේ ම තමයි එයාට වීර්ය උපදිනවා. වීර්යයයෙන් යුක්තව වාසය කරන කෙනකු බවට පත් වනවා. අකුසලයට කැමැති වන්නෙ නෑ. කුසලයට හිත කැමැති වනවා.
නාවලපිටියේ අරියවංශ හිමි
'බුදුසරණ' පුවත් පතේ පළ වූ ලිපියක් ඇසුරෙන්
http://lakehouse.lk/budusarana/2010/08/09/tmp.asp?ID=vision04

Currently have 0 comments: