Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

ජීවිත අභියෝගය...

Friday, October 9, 2009 , at 6:12 PM


පෘතග්ජන මිනිසුන් ගේ ජීවිත අභියෝගය සහ යථාර්තය...

සාමාන්ය මිනිස්සුන් ගෙ ජීවිත වල, අභියෝග කියල කියන නොයෙකුත් දේවල් තියෙනවා... සාමාන්ය මිනිස්සුන් ගෙ ජීවිත වල තිබෙන අර්ත විරහිත මේ අභියෝග ගැන කියල දුන්නෙ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ...

දැන් අපි ගනිමු කෙනෙක් ඉස්කෝලෙ යනවා... ඉස්කෝලෙ යන කාලෙ එයාගෙ අභියෝගෙ විභාගෙ..
විභාග ටික පාස් කරාට පස්සේ එයා ගෙ අභියෝගෙ රස්සාව...
ඊට පස්සේ එයා ගෙ අභියෝගෙ කසාදෙ..
ඊට පස්සේ එයාගෙ අභියෝගෙ ඉඩමක් ගැනිල්ල...
ඊට පස්සේ එයා ගෙ අභියෝගෙ ගෙයක් හැදිල්ල..
ඊට පස්සේ අභියෝගෙ ළමයින් ව හොඳ ඉස්කෝලෙකට දා ගන්න එක..
ඊට පස්සේ ළමයින්ට උගන්න ගන්න එක...
ඊට පස්සේ ළමයින්ට රස්සාවක් හොයා දෙන එක..
ඊට පස්සේ බන්දල දෙන එක...
ඊට පස්සේ ළමයින් ගේ ළමයි පරිස්සම් කොරන එක..
ඊට පස්සේ...ඊට පස්සේ මොකක් ද.?..තමන් ඔත්පල වෙන එක..
ඊට පස්සේ.. තමන් මැරිල කොහේ යයි ද දන්නෙ නැති එක..
(පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ගේ දෙසුමක් ඇසුරිනි..)

ඇත්තෙන්ම ඔබ ත් මේ ළාමක අභියෝග මත ජීවිතය කා දමන අයෙක් ද..? මොහොතක් සිතන්න.....ජීවිතයේ සැබෑම අභියෝගය ඔබ බාර ගන්නේ කවදා ද?......

Bookmark and Share

Currently have 1 comments:

  1. Unknown says:

    ලබා නේක දුක් සිතින් හඬයි නුවරුන්
    හිසින් දරාගත් නොනිමෙන ගිනි දකිමින්......

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails