සදා සැනසිල්ල වේවා...
ජීවිතය කියන්නේ මහා පුදුමාකාර දෙයක්. මේ ලෝකයේ ජීවත් වෙන මිනිස්සුන්ට කොච්චර සැප සම්පත් තිබ්බත්, කොච්චර බල තල තිබ්බත්, කොච්චර දැන උගත්කම් තිබ්බත්, ඒ හැම කෙනෙක් ම ඒ දේවල් වලින් සෑහීමකට පත් වෙන්නෙ නෑ. තව තවත් මොන මොනවා ම හරි හොයනවා. තව තවත් මොන මොනවාට හෝ ආශා කරනවා. මේ හිත තණ්හාවට දාස වෙලා තිබෙන්නේ කියල බුදු රජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි.
කොතරම් ඉහළට ඉගෙන ගත්ත උනත් සමාජයේ මොන මොන තැන්වල කටයුතු කළා උනත් ඒ හැම ජීවිතයකට ම අවසානයේ දීඅත් වෙන්නේ එක ම එක ඉරණම යි. ඒ හැම කෙනෙක්ට ම වසයට යන්න වෙනවා. ලෙඩ වෙන්න වෙනවා. මරණයට පත් වෙන්න වෙනවා. තමන් සමාජයේ කොතරම් උසස් තැනක් හෙබවුවත් ඒ දේවල් උපයෝගීකරගෙන ඒ ඉරණමෙන් ගැලවෙන්න කාටවත් බෑ. ඒ නිසා ම ධර්මය තුළින් හිත සකස් කරගත්ත කෙනෙකුට ඇරෙන්න,ලෙඩ වීම ඉදිරියේ, වසයට යෑම ඉදිරියේ, මරණය ඉදිරියේ කම්පා නො වී ශෝක නො වී නො තැවී ඉන්න බැහැ. ඒක තමයි ඇත්ත. ඒක ම යි ඇත්ත..
ඉතින් ඒ නිසා සමාජ තත්ව, බල තල,දැන උගත් කම්,මුදල් හදල්, මේ එකක්වත් ජීවිත යථාර්ථයට සාපේක්ෂව අර්ථවත් දේවල් වෙන්නෙ නෑ. වසයට යෑම ඉදිරියේ ලෙඩ වීම ඉදිරියේ, මරණය ඉදිරියේ, ශෝකය වැළපීම සුසුම් හෙලීම ඉදිරියේ ඒ හැම දෙයක් ම අර්ථ ශූන්ය දේවල්. හිස් දේවල්. ඒ නිසා මෙලොව දීවගේ ම පරලොව දී ත් ශ්රෙෂ්ඨ වන්නේ සත්වයා ව ශෝක වැළපීම් දුක් දොම්නස් වලින් එතෙර කරවන බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය ම යි.
ARTHAYEN DARMAYEN APATA ANUSASANA KOTA APAVA NUVANATHTHO KARANA KALYANA MITHRA PIVATH LOKU SUVAMIN VAKSETA ME APA VENUVEN MAHATH U KAPAVIMEN KARANA ME UPAKARA HETHUVEN APAGE SATHUTU SITHIN PIDENA ME PINA PIVATH LOKU SUVAMIN VAHANSETA SASARA DUKEN NIDAHAS VENNA HETHU VEVA!!! ANUMODAN VEVA!!!ANUMODAN VEVA!!!