ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කරමු. - 03
Tuesday, August 3, 2010
, at 9:56 AM
දැන් සමහර කට්ටිය අසුභය වැඩුවට මට පිළිකුල තේරෙන්නේ නෑ කියලා කියනවා. භාවනාවෙ නම තියෙන්නේ පිළිකුල් භාවනාව කියල ද? නෑ. පිළිකුල් භාවනාව නෙමේ නම අසුභ සංඥාව නේද? ඉතින් ගොඩාක් අය පිළිකුලක් බලහත්කාරයෙන් උපදවා ගන්න උත්සහ කරනවා. ඒක වැරදියි. ඉතින් පිළිකුල කියන්නේ සැපක් නෙමේනේ මහ දුකක්නේ, කැමතියිද? ඒ විදිහට පිළිකුල උපදවා ගන්න ඕනනම්, අසුභය වඩන්න ඕනෑ ද වැසිකිලි වල දිහා බලපුවහම ඉවරයිනේ. ආහාරය ගැන අප්පිරියාවක් නම් උපදවා ගන්න ඕනෙ. ඉතින් භාවනා කරන්න ඕනි නෑනේ. නරක් වෙච්ච ආහාර දිහා බැලුවහම ඉවරයිනේ. පිළිකුල උපදියි. එහෙනම් පිළිකුල උපදවා ගැනීම නෙමෙයි මේ භාවනා කිරීමේ අර්ථය.
ඒ නිසා පිළිකුල ඇති වෙනව නම් අප්පිරියාවක් නම් ඇති වෙන්නේ ඒක වැරදියි මතක තියාගන්න. දැන් අපිට ආහාරයේ පිළිකුල් සංඥාව වඩන්න ගිහිල්ලා ආහාර ගන්න බැරි නම් අර්ථයක් නෑ නේද? ආහාර ගන්න බැරි වීමක් වෙනව නම් ඒ භාවනාව කරපු විදිහ වැරදියි.
ආහාරයේ පිළිකුල් සංඥාව වඩන කෙනාට “රස තෘෂ්ණාව“ ක්‍ෂය වෙන එක තමා වෙන්නේ. රස කෙරෙහි තියෙන ඇල්ම අඩුවෙලා යනවා. එතකොට ආහාර රුචිය අඩුවෙලා යනවද? නෑ. ආහාර රුචිය අඩුවෙන්න නෑ. ආහාර රුචිය තියෙනවා. රස තෘෂ්ණාව තමා අඩු වෙන්නේ. දැන් පිළිකුලක් දැනුනොත් කෙනෙකුට මොකක්ද වෙන්නේ. රස තෘෂ්ණාව තියෙනවා. ආහාරය රුචිය අඩුවෙනවා. එතකොට ඒ ආහාරයේ පිළිකුල වැඩීම තුළින් ආහාර රුචිය අඩුවෙනවා නම් ඒ කරපු විදිහ වැරදියි. අඩුවිය යුත්තේ මොකක්ද? රස තෘෂ්ණාව, රුචිය අඩුවෙන්න බෑ මතක තියා ගන්න.
ඒ වගේ ම සමහර අය ඉන්නවා, අසුභ භාවනාව පුරුදු කරනකොට, ආහාර පිළිබඳ රුචිය අඩුවෙන බව කියන අය ඉන්නවා. එහෙම වෙනව නම් ඒත් වැරදි යි. මතක තියා ගන්න. සමහර විට ආහාර රුචිය නැති වෙනවා. අසුභය වඩන කොට අප්පිරියාව උපදිනවා නම් ඒකත් වැරදියි.
කරන විදිහ වැරදියි. ඒකයි විවිධ විදිහේ වචන පාවිච්චි කර කර පිළිකුල වඩන්න එපා කියලා කියන්නේ. මොකද හේතුව මේ භාවනා කිරීමෙන් පිළිකුල් හැඟීමක් උපදවා ගැනීම නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ.
අර්ථය වෙන්නේ පිළිකුල් හැඟීමක් උපදවා ගැනීම නෙමේ දැන් ආහාරයේ පිළිකුල් සංඥාව කියලා කියනවා. එහෙම කිව්වට ඒකෙන් ආහාරය පිළිබඳ පිළිකුලක් උපදවා ගැනීම නෙමෙයි කරන්නේ. අර්ථය වෙන්නේ ඒකෙන් අපේක්‍ෂා කරන්නේ, රස තෘෂ්ණාව දුරු කර ගැනීම. රස පිිළිබඳව තියෙන ආශාව දුරු කර ගැනීම නමුත්, ඒකෙන් එයාගේ ආහාර රුචියට හානි වෙන්නේ නෑ. ආහාර රුචිය නැති වෙලා යන්නෙ නෑ එයාට ආහාර ගන්න පුළුවන්. ඒ ගැන බය වෙන්න එපා. එතකොට ඒ කාරණා හොඳට මතක තියා ගන්න.
මේ කාරණා නොදැන අපි වරද්ද ගන්නවා. මේවා දැනගෙන ආහාරයේ පිළිකුල් සංඥාව හොඳින් පුරුදු කර ගන්න. ඒකත් ටික ටික තමා කරන්නේ. ටික ටික කරමින් පුරුදු කර ගන්න. මේ භාවනාවෙනුත් අපිට සමාධිය උපදවා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සමාධිය කිවුවහම ඉහළ සමාධි උපදවා ගන්න පුළුවන්. බොජ්ඣංග ධර්ම හත ම දියුණුවෙන භාවනාවක්.
විශේෂයෙන් ආහාරය පිළිබඳ රස තෘෂ්ණාව දුරු කර ගන්න පුළුවන් භාවනාවක්. ඉතින් ඒක විශාල ලාභයක් අපි කන බොන කබලිංකාර ආහාරය පිළිබඳ ඇල්ම දුරු කර ගන්න පුළුවන් වුනොත්, ඒක සුළුපටු ලාභයක් නෙමේ. අසාමාන්‍ය ලාභයක්. ප්‍රමාණ කරන්න බැරි ලාභයක්.
ඒ නිසා අපිට තේරෙන දෙයක්, පිළිගත යුතු දෙයක් තමයි, මේ ලෙහෙසි දෙයක් නෙමේ. ආහාර පිළිබඳ තෘෂ්ණාව දුරු කිරීම ලෙහෙසි නෑ. හැබැයි ඒකට තියන ක්‍රමය තමයි මේක. ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කිරීම. ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කිරීමෙන් රස තෘෂ්ණාව ක්‍ෂය වෙලා යනවා. ඒ නිසා මේ භාවනාව පුංචි යි, කියලා සරලයි කියලා අත හරින්න එපා. සරල විදිහට තිබුනට ඒකෙ ප්‍රතිඵල මහත් ඵලයි. ඒ නිසා මේ භාවනාව අඛණ්ඩව පුරුදු කර ගන්න. බහුල වශයෙන් කරන්න පුරුදු වෙන්න. දවසට දෙතුන් සැරයක් කරත් කමක් නෑ. තමන්ට පුළුවන් පුළුවන් විදියට කරන්න. මුලින් විනාඩි පහක් කලත් කමක් නෑ. කරමින් කාලය වැඩි කර ගන්න. විනාඩි පහක්, දහයක්, පහළොවක්... ඒ විදිහට කාලය වැඩි කර ගන්න ටික ටික, එතකොට අපිට කලක් යනකොට කරන්න වැඩ තියෙනවා ඕනෑ තරම්.
එතකොට කම්මැලිකමට ඉඩක් නෑ. නිකන් කතා කර කර ඉන්න වෙලාවක් එන්නෙ නෑ අපිට. ඇයි කරන්න වැඩ තියෙනවා නේද? දැන් අපිට කරන්න වැඩ නැත්නම් තමයි ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ. කරන්න වැඩ තියෙනව නම් අපිට අනවශ්‍ය කතාවලට වෙලාවක් නෑ.
දැන් අපිට භාවනා කීපයක් පුරුදු කරන්න තියෙනවා. පොත් පත් බලන්ට තියෙනවා එතකොට අනවශ්‍ය දේ කරන්ට අපිට වෙලාවක් තියෙනවාද? නෑ. කඩියෝ වගේ වැඩ. කඩියන්ට තියෙනවද? නිදහසක්. නෑ. නේ ද? එයා ඉතා වේගයෙන් වැඩ කරනවා. එයාට වෙනත් දේකට වෙලාවක් නෑ. ආන්න ඒ වගේ අපි යමක් කරන කෙනෙක් බවට පත්වෙනවා. යමක් කරන කෙනෙක් බවට පත්වෙන්න නම් කරන්න දේ තියෙන්න ඕනේ. දැන් ඔන්න කරන්න දේ තියෙනවා.
ඒ නිසා මේ භාවනාවන් අපි ටික ටික පුරුදු කර ගන්න. අඛණ්ඩව කරන්න පුරුදු වෙන්න. ඒ පිළිබඳ විශ්වාසය ගොඩ නඟා ගත්තොත් ඊළඟට විශේෂයෙන් මේ භාවනාවන් කිරීමෙන් අපිට ලැබෙන ප්‍රතිලාභය තමයි, ඉතාම ප්‍රනීත වූ ජීවිතයක් හදා ගන්න පුළුවන්. සැප සේ ඉන්න පුළුවන්.
කර්කශ දුක් නොවිඳ ඉන්න පුළුවන්. කටු ගොඩක ඉන්න කොට සැපයි ද? කෙනෙක් කටු ගොඩක ඉන්නවා සැප නෑ නේද? යම් දවසක එයා ඒ කටු ගොඩින් නිදහස් වෙනවා. නිදහස් වුනොත් එයාට පුළුවන් ඕන නම් නිදාගෙන ඉන්න. නැත්නම් එයාට පුළුවන් ඉඳගෙන ඉන්න. නැත්නම් එයාට ඇවිද ඇවිද ඉන්න පුළුවන්. නැත්නම් ඔය කොහෙට හරි හේත්තුවෙලා ඉන්න පුළුවන්. නැත්නම් වැතිරිලා ඉන්න පුළුවන්. නැත්නම් කා එක්ක හරි කතා කර කර ඉන්නත් පුළුවන් නේ.
දැන් කටු ගොඩේ ඉන්නවා. එයා කටුගොඩේ ඉන්නකොට එයාට නිදා ගන්න පුළුවන්ද? නිදිය ගන්නත් බෑ. හිටගෙන ඉන්න පුළුවන් ද? හිටගෙන ඉන්නත් බෑ.
ඇලවෙලා ඉන්න පුළුවන් ද? ඇලවෙලා ඉන්නත් බෑ. කතා කර කර ඉන්න පුළුවන් ද? ඒත් බෑ. කොහොම ද ඉන්නේ දුකසේ ම යි. ඒ නිසා ඒ කටු ගොඩෙන් නිදහස් වෙන්න කල්පනා කරන්න කැමැති වෙන්න. කටු ගොඩේ ඉන්නතාක් කටු ඇනෙවාමයි. කටු ඇනෙන්නේ නැතුව කටු ගොඩක ඉන්න බෑ. දැන් ඇනෙන්නේ නැති වෙයි කියලා තමයි එහාට මෙහාට වෙන්නෙන්. ආ මෙතන නම් ඇනෙන්නේ නැති වෙයි පොඩ්ඩක් එහාට යනවා. ඇනෙනවා. මෙහේ හොඳ නෑ වෙන තැනකට යන්න ඕනෙ කියලා හිතන්නේත් ඒකයි. එතන කටු නෑ. කටු ගලවන්නෙ ඒ ක්‍රමයට නෙමෙයි. තැන මාරු කිරීමෙන් තව කටු ඇන ගන්නවා. තැන මාරු කරලා කටු ගලවන්න බෑ.
ඒ නිසා අපි මේ වැඩ, පිළිවෙළකට කරමු. ඒ නිසා කටු වලින් නිදහස් වෙන්න කල්පනා කරන්න. කටු වලින් නිදහස් වීම සඳහා කැමැත්ත උපදවා ගන්න. ඒ කටු තියෙන්නේ හිතේ. බාහිර නෙමේ. අපි කල්පනා කරනවා බාහිර තමයි මේ ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ කියලා නෑ. හිතේ තමයි මේ කටු තියෙන්නේ. එතකොට අපි මේක තේරුම් ගත්තොත් අපි ඒවා ගලව ගන්න කල්පනා කරනවා. ආන්න ඒ සඳහා තමයි මේ එක් එක් භාවනා පුරුදු විය යුත්තේ. ඉතින් ඒවා පුරුදු කර ගත්තොත් ඔය අයට යම් කලකදී ඒ කටු ගොඩෙන් නිදහස් වෙලා සුවපහසුවෙන් වාසය කරන්න පුළුවන් කලක් එයි.
එතකොට තැන මාරු කළත් එකයි. එතන හිටියත් එකයි. එතකොට තැන මාරු කරන්නත් පුළුවන්. එතන ඉන්නත් පුළුවන්. පැහැදිලි ද? කාරණාව. මේක හැබැයි කියන තරම් ලේසි නෑ. මම කියනකොට හිතෙනවා ඇති හරි ලේසියිනේ කියලා. නෑ ලේසි නෑ. ලේසි නැති දේ කරන්න තමයි අපි කැමති විය යුත්තේ.
ලේසි දේ කරන්න කැමති වෙන්න එපා. තැන මාරු කරන එක ලේසියි, හරි ලේසියි, ඉතා ලෙහෙසියි. ලෙහෙසි දේ කිරීම අපි වැනි අයට සුදුසු නෑ. අපි කරන්න ඕනෑ දුෂ්කර දේ. අතිශයින් දුෂ්කර දේ කරන්න කැමැති වෙන්න. ආන්න එයා තමයි ජයග්‍රහණය කරලා තියෙන්නේ. ජයග්‍රහණය කියන්නේ දුෂ්කර දේ කරන එක. ඒක තමයි අභියෝගය. අන්න ඒ අභියෝගය භාර ගන්න.
අපි මේ කටයුතු ටික ටික පුරුදු වෙන්න ඕනෑ කියලා කල්පනා කරන්න.
එතකොට අපි නිදහස්ව තමාගේ කටයුතු කර ගන්නවා. බාහිර ගැටලු අපිට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. එතකොට ඔය ගොල්ලන්ට කරන්න වැඩ තියෙනවා. කරන්න වැඩක් නැතිකොට නොයෙකුත් විදිහට හිත එහෙ මෙහෙ දුවනවා.
කතා කරනවා. ඒව මේව මත කාලය නාස්ති වෙනවා. අන්තිමට නොහිතපු ගැටලු ඇති වෙනවා. ඒ නිසා මේ භාවනාවන් ටික ටික පුරුදු වෙන්න. එතකොට අපිට සුවපහසු බවක් ඇති කර ගන්න යම් කලක පුළුවන් වෙයි.
හදිසියේ දී නෙමෙයි. සියලු දෙනාට ම ඒ අසුභ සංඥාව, ඒ වගේ ම ආහාරයේ පිළිකුල් සංඥාව හොඳින් පුරුදු කරගෙන, ඉතාමත් ප්‍රණීත වූ ජීවිත ඇති කර ගන්න භාග්‍යය උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා.
නාවලපිටියේ අරියවංශ හිමි
'බුදුසරණ' පුවත් පතේ පළ වූ ලිපියක් ඇසුරෙන්
http://www.lakehouse.lk/budusarana/2010/08/03/tmp.asp?ID=fea01

Currently have 0 comments: