Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

Advices given to Vishaka

Thursday, October 15, 2009 , at 10:53 PM


සිය පියා විශාඛාවට ලබා දුන් අවවාද

01 - අන්තෝ අග්ගි බහි න නීහරිතබ්බෝ -  ඇතුළත ගිනි පිටතට ගෙන නො යන්න.

තේරුම (- තමන් ගේ ස්වාමියා ගේ අගුණල සිය නිවසේ ගැටලූල ආදිය බාහිර නිවෙස් වල අයට පැවසීමෙන් වළකින්න.

02 - බාහිරතෝ අග්ගි න අන්තෝ පවේසේතබ්බෝ - පිටත ගිනි ඇතුළට නො ගෙනෙන්න.

තේරුම (- තමන් ගේ ස්වාමියා ගැන හෝ පවුලේ අය ගැන හෝ බාහිර උදවිය කියන දේවල් අසාගෙන විත් නිවසේ නො කියන්න.

03 - යේ දදන්ති තේසං යේව දාතබ්බං - දෙන අයට ම දෙන්න.

තේරුම (-  නිවසේ ඇති උපකරණ ආදිය ඉල්ලාගෙන යෑමට යමෙක් පැමිණ විට, ඔහු එය ආපසු ලබා දෙන තැනැත්තෙක් නම්, එවැනි අයට පමණක් එම උපකරණ ආදිය ලබා දෙන්න.

04 - යේ න දෙන්ති, තේසං න දාතබ්බං - නො දෙන අයට නො දෙන්න.

තේරුම (- නිවසේ ඇති උපකරණ ආදිය ඉල්ලාගෙන යෑමට යමෙක් පැමිණ විට, ඔහු එය ආපසු ලබා නො දෙන තැනැත්තෙක් නම්, එවැනි අයට ඒවා දීමෙන් වළකින්න.

05 - දදන්තස්සාපි අදදන්තස්සාපි දාතබ්බං - දෙන අයටත් නො දෙන අයටත් දෙන්න.

තේරුම (- දිළිදු වූ යම් කිසිවෙක් කිසිවක් ඉල්ලාගෙන පැමිණි විට ඔහු ආපසු දුන්නා හෝ නො දුන්නා හෝ දන් දෙන්න.

06 - සුඛං නිසීදිතබ්බං - සුවසේ හිඳගන්න..

තේරුම(- සිය ස්වාමියාල මාමණ්ඩිය ඇතුළු වැඩිහිටි අය ±ක නැගිටිය යුතු තැන් වල හිඳගෙන සිටීමෙන් වළකින්න.

07 - සුඛං භුඤ්ජිතබ්බං - සුවසේ අනුභව කරන්න.

තේරු ම(- සිය ස්වාමියාල මාමණ්ඩිය ඇතුලූ වැඩිහිටි අයට ප්‍රථමයෙන් කෑම ගැනීමෙන් වළකින්න. ඒ අයට ආහාර පානාදිය සපයා ඒ කටයුතු සොයා බලා ඉන්පසු ව ආහාර ගන්න.

08 - සුඛං නිපජ්ජිතබ්බං - සුවසේ සැතපෙන්න.

තේරුම (- සිය ස්වාමියා මාමණ්ඩිය ඇතුළු වැඩිහිටි අයට ප‍රථමයෙන් නිදා ගැනීමෙන් වළකින්න. ඒ අයට කළ යුතු උපස්ථාන ආදිය සිදු කොට ඒ අය නිදාගත් පසු ව නිදා ගන්න.

09 - අග්ගි පරිචරිතබ්බෝ - ගිනි පුදන්න

තේරුම (-  සිය ස්වාමියාට ත් මාමණ්ඩිය ඇතුළු වැඩිහිටි අයට ත් ගෞරව බුහුමන් දක්වන්න.

10 - අන්තෝ දේවතා නමස්සිතබ්බා - ඇතුළත දෙවිවරුන් හට පුද සත්කාර කරන්න.

තේරුම (- සිය ස්වාමියාට ත් මාමණ්ඩිය ඇතුළු පවුලේ වැඩිහිටි අයට ත් දෙවියන් සේ සළකා පුද සත්කාර කරන්න.

(ධම්මපදට්ඨකථා)


Blogged with the Flock Browser

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails