වද දෙන සිත
Thursday, October 7, 2010
, at 8:54 PM
අප කෙතරම් බණ භාවනා කළත්, මේ සසර ගමන අවසන් වෙන තෙක් අපිට අතිශය පීඩාවන්, කරදර අපහසුකම් ඇතිවෙනවා. භාවනා කරන මුල් කාලෙදී කෙනෙකුට එතරම් අපහසුකම් නොවන්න පුළුවන්. භාවනා කරන මුල් කාලෙකදී තියෙන්නෙ භාවනාවක් දියුණු කර ගැනීමට තියෙන අපහසුව විතරයි. නමුත් භාවනාව දියුණු කර ගෙන ඒ භාවනාව යම් දුරක් පුරුදු කරගෙන යනකොට එයාට යම් යම් අපහසුකම් ඇතිවෙන්න පුළුවන්. භාවනා කිරීම නිසා ඇති වන අපහසුකම් නෙමේ එතකොට ඇති වෙන්නේ. අප භාවනාවක් කරලා ඒකෙන් යමක් කරන්න උත්සාහ කරනවා. කුමක්ද කරන්න උත්සාහ කරන්නේ? හිතේ් තියෙන කෙලෙස් දුරුකර ගන්න උත්සාහ කරනවා. එවිට අපට මුල් කාලයෙදී භාවනාව පුරුදු වෙන්න අපහසුවක් ඇතිවෙනවා නේද? පුරුදු වුණාට පස්සේ ඒ භාවනාව පහසු යි. ඊට පස්සේ ඒ භාවනාව මගින් අප කුමක්ද කරන්න කල්පනා කරන්නේ? හිතේ් තියෙන කෙලෙස් දුරුකර ගන්න මහන්සි වීම. ආන්න එතකොට අපට අපහසුවක් එනවා. මොකක්ද ඒ අපහසුව. ඒ කෙලෙස් නිසා අපිට පීඩා ඇතිවෙනවා. බලවත් පීඩා ඇතිවෙනවා. ආන්න ඒ පීඩා වලින් යට නොවී අපට සුව පහසුව ඇතිකර ගැනීම පිණිස බොහෝ සේ උපකාර මේ සංඥාව.
අපට පීඩාවක් ආවොත් රාගය, ද්වේශය, මෝහය ඉස්මතු වෙලා. ඉතින් ඒක හිතේ් එන්නේ. හිතේ තමයි ඒ පීඩාව තියෙන්නේ. ඉතින් අපට හොඳට සිහිය උපදවාගෙන ඒක අනිත්‍ය විදියට මෙනෙහි කර ගන්න පුළුවන් වුණොත් අපට ඒ පීඩාව දුරුකර ගන්න පුළුවන්කම තියෙනවා. හොඳට මතක තියා ගන්න, ඕනෑම චිත්ත පීඩාවක් එක පාරට හට ගන්නේ නෑ. එය ටික ටික ඇතිවෙලා වැඩිවෙලා යනවා.
ඉතින් අප ආරම්භයේදී තේරුම් ගන්න ඕනෑ. අපහසුවක් එනකොට මෙය වැඩිවෙලා යයි කියන දේ. එහෙම නම් ආරම්භයේදී ම අප එය මග හැර ගන්න දක්ෂ වෙන්න ඕනෑ. එහෙම නැත්නම් එය මග හරින්න බැරිනම් අනිත්‍ය විදියට මෙනෙහි කරලා දුරුකර ගන්න දක්ෂ වෙන්න ඕනෑ. සිහිය පිහිටුවා ගන්න ඕනෑ. එහෙමත් බැරිවුණොත් එය බලවත් වෙලා ගියොත් ‘මේක හට ගත් එකක්’ මේක නැති වීමක් තියෙනවා. ‘මේක සංඛිතයක්’ කියන විශ්වාසය අපට තියෙන්න ඕනෑ. එසේ විශ්වාසය ගොඩනගා ගත්තොත් අපට පුළුවන්කම තියෙනවා අනිත්‍ය විදිහට මෙනෙහි කරලා ඒ අපහසුව දුරුකර ගන්න. ඒක තමයි ධර්මයෙන් අපට තිබෙන පිළිසරණ.
රාග, ද්වේශ, මෝහ දුරු කරන්න අපි කැමති වූ පමණින් රාග, ද්වේශ, මෝහ අපෙන් අයින්වෙලා යන්නේ නෑ. දැන් අපි කැමැතියි කියලා රාග, ද්වේශ, මෝහ අපෙන් අයින්වෙලා යයි ද? අයින්වෙලා යන්නේ නෑ. ඇයි? ඒ අපි ඇස, කන, නාසය, දිව, ශරීරයට අකැමැති යි කියලා හිතුවට ඒවා අපෙන් නිදහස් වෙලායයි ද නෑ. ඇයි නිදහස් වෙලා යන්නේ නැත්තේ. දැන් අපි ඇස, කන, නාසය, දිව, ශරීරය සිතට අකමැති යි කියනවා. මම නම් එය අත්හරිනවා කියනවා. එසේ කියූ පමණින් එසේ සිතු පමණින් පුළුවන්ද කරන්න. අත්හරින්න පුළුවන් ද? ඇයි බැරි. මේවා මාරයාගේ වසඟයේ තියෙන දේවල්. අපේ වසඟයේ නෙමේ තියෙන්නේ.
මාරයා මේ ලෝකේ අධිපති භාවයෙන් යුක්තයි. අපි නිකම් දූවිල්ලකින් කෝටියෙන් එකක් තරම්වත් වටින්නේ නෑ. දූවිල්ල කියන එක ගොඩක් පුංචියි නේ ද? ඒකෙන් කෝටියෙන් එකක් තරම්වත් අපිට බලයක් නෑ. අපි සිතින් ඉන්නවා ලෝකයට වඩා බලයක් අපට තියෙනවා කියලා. එහෙම සිතනවා නේ ද? අපිට ලොකු හැකියාවක් තියෙනවා කියලා අපි සිතනවා නේ ද? නමුත් දූවිල්ලකින් කෝටියෙන් එකක් තරම්වත් බලයක් අපට නෑ. අප තව කෙනෙකුගේ වසඟයේ තියෙන දෙයක් මගේ කියල සලකමින් අපිට බලයක් තියෙනවා කියලා කල්පනා කරනවා. එය මාරයාගේ වසඟයේ තියෙන ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත මගේ් කියලා හිතාගෙන ඒවා මුල්කරගෙන අප සිතින් ම මවා ගත් බලයක්. අප සිතනවා මට බලයක් තියෙනවා. හැකියාවක් තියෙනවා කියලා. අන්න එබඳු මුලාවක නේද අප ඉන්නේ.
මාරයාගේ වසඟයේ තියෙන ආයතන හයක් මම කියලා හිතාගෙන මගේ කියලා හිතාගෙන ඒවා මුල්කරගෙන මවාගත් හැකියාවක් මත නේද අපි යැපෙන්නේ. අන්න ඒ යැපීම තුළ වාසය කරන තෙක් අපට මේකෙන් නිදහස් වෙන්න වත් පීඩා දුරුකර ගන්නවත් බෑ. ඒ නිසා මතක තියාගන්න මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත අධිපති භාවයෙන් අග්‍ර වූ මාරයාගේ වසඟයේ තියෙන දෙයක්. ඒකට මුලාවෙන් රැවටිලා ‘මම’ කියලා හිතාගෙන අප සිතින් ගොඩනගා ගත්ත හැකියාවක් තුළ අප ඉන්නේ. එහෙනම් තමන්ම හැකියාවක් නැත කියලා කල්පනා කළොත් අන්න එයාට තමන් ම සිතා මතා ගොඩනගා ගත යුතු හැකියාවක් තියෙනවා. මොකක් ද ඒ හැකියාව. ඒ තමයි ශ්‍රද්ධාව මුල්කරගෙන නුවණින් කල්පනා කිරීමේ හැකියාව. ඒක තමන් උපදවා ගන්න ඕනෑ. ඒක ඉබේ එන්නේ නෑ. සිතාමතා ම කළයුතු එකක්.
නමුත් සාමාන්‍ය මනුෂ්‍යයාගේ ස්වභාවය තමයි සිතේ එන අදහස හරි කියලා හිතාගෙන ඒ මත තීන්දු ගන්නවා. එතකොට සිතින් එන සිතිවිලි මත තීන්දුව තමා අරගෙන ඉවර යි’ සිත කාගේ ද? සිත මාරයාගේ එහෙනම් සිතිවිල්ල කාගේ ද? ඒකත් මාරයාගේ, ගින්නෙන් එන දැල්ල කාට ද අයිති. ගින්නට අයිති. එහෙනම් සිත මාරයට අයිති යි නම් හිතේ එන සිතිවිල්ල කාට ද අයිති. ඒක තමාට අයිති නෑ. ඒක මාරයට අයිතියි. එහෙනම් ඒ සිතිවිල්ලට අනුව තමන් කටයුතු කළොත් තමන් කාගේ වසඟයේ ද ඉන්නේ. මාරයාගේ වසඟයේ. අප හිතනවා අප නිදහස් කියලා. අන්න එතන තමා අපට වරදින තැන.
මම ස්වාධීනව ඉන්න ඕනෑ. මම නිදහසේ ඉන්න ඕනෑ කියලා හැඟීම් අපට එනවා. ඒවා සිතේ තියෙන්නේ. ඒ සිතිවිලි මාරයාට අයිති දේවල්. එසේ සිතන කෙනා මාරයට කොටු වෙලා. ඒ නිසා මාරයාගේ වසඟයෙන් නිදහස්වීම පිණිස කළයුතු එක දෙයයි තියෙන්නේ. ඒ තමයි සිතට එන සිතිවිල්ල බාර නොගත යුතු යි. අපි ශ්‍රද්ධාවට මුල්තැන දීලා ශ්‍රද්ධාවට ප්‍රමුඛත්වය දීලා, ශ්‍රද්ධාව උපදවාගෙන නුවණින් කල්පනා කරන්න පුරුදුවිය යුතු යි. එසේ ශ්‍රද්ධාව උපදවාගෙන නුවණින් කල්පනා කරන්න අපට යම් හැකියාවක් උපදනවා නම් උපදින්නේ කල්‍යාණ මිත්‍ර ඇසුරේ දී. කල්‍යාණ මිත්‍රයා ප්‍රකාශ කරනවා නම් යමක් ‘මේ දේ කරන්න’ ‘මේ දේ කරන්න එපා’ කියලා.
අපිට බලයක් තියෙන්න ඕනෑ ඒක පිළිගන්න. කල්‍යාණ මිත්‍රයා යමක් කියනකොට ඒක පිළිගන්න යමෙකුට පුළුවන්නම් එයා වීර්යවන්තයෙක්. එයා බලවත් වීර්යයවන්තයෙක්. ආන්න ඒ වීර්යය එයාට උපකාර වෙනවා. ඒ සිතට යට නොවී ඉන්න. සිතට යට වෙනවා කියලා කියන්නේ මාරයට යට වෙලා. ඒකෙන් මහා විශාල ලාභයක් අපට අහිමි කරලා දානවා. ඒ වගේම ලෝකයටත් ඒ ලාභය අහිමි වෙන තත්ත්වයට කටයුතු කරන අය බවට අප පත්වෙනවා.
ඒ නිසා හොඳට මතක තියා ගන්න කල්‍යාණ මිත්‍ර ඇසුරේ ඉඳගෙන අවවාදය ඇසුරේ ඉඳගෙන ශ්‍රද්ධාව උපදවාගෙන මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත කියන මේ ආයතන අනිත්‍ය විදියට තේරුම් ගන්න කල්පනා කරන්න. අනිත්‍ය විදියට තේරුම් ගන්න කෙනා සිතේ එන සිතිවිල්ල අනිත්‍ය යි කියලා කල්පනා කරනවා. සිතිවිලි මිහිරියි වගේ පෙනෙයි. තමන්ට ලොකු උපකාරයක් වගේ පෙනේ. නමුත් තේරුම් ගන්න ‘මේක සිතේ ආපු දෙයක්’ ‘මේක මම නොමෙයි’ ‘මේක මගේ නෙමෙයි’ මේක මාරයාට අයිති එකක්’ , ‘මේක මට උපකාරය පිණිස පවතින එකක් නෙමෙයි’ කියලා තේරුම් ගන්න. තේරුම් අරගෙන ඒ සිතත් අනිත්‍යයි කියලා පුරුදු කරන්න.
සිතිවිල්ලත් අනිත්‍යයි කියලා පුරුදු කරන්න. එතකොට අපට යම් සිතිවිල්ලක් උපදනවා නම් ඒ සිතිවිල්ල සකස් වෙච්ච දෙයක්. ඒ නිසා ඒ සිතිවිලි වලට ගොදුරු වෙන්න එපා. සිතිවිලි අනිත්‍ය විදියට දකින්න මහන්සි වෙන්න ඕනේ. එතකොට අපට විශාල සැනසීමක් ඇති කර ගන්න පුළුවන්කම තියෙනවා. අප සිතිවිල්ලක් නිසා පීඩාවට පත් වුණානම් ඒ සිතිවිල්ල අත් හැරුනට පස්සේ අප නිදහස්. හොඳට කල්පනා කරලා තමා දෙස හොඳට එබිකම් කරලා තමාගේ් ජීවිතය දිහා හොඳට බලන්න. මේ මහා පීඩා තුළ වාසය කරනවා නම් ඒක මේ සිතිවිල්වලට අසුවෙලා නේද හිරකූ®ඩුවක වගේ ඉන්නවා. අප කටු ගොඩක වගේ් ඉන්නවා. සිතිවිලි වලට අසුවෙලා. එක තැනක ඉඳලා හොඳට කල්පනා කරන්න.
මතු සම්බන්ධයි.
නාවලපිටියේ අරියවංශ හිමි
'බුදුසරණ' පුවත් පතේ පළ වූ ලිපියක් ඇසුරෙන්
http://www.lakehouse.lk/budusarana/2010/10/07/tmp.asp?ID=vision03

Currently have 0 comments: