Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

අවාසනාවට ඇත්ත කතාවක්...

Thursday, October 22, 2009 , at 4:40 PM

දයාබර යාලුවේ,

මම මේ කියන්න යන කථාව ඔබ හැම කෙනෙක් ම වගේ මීට කලින් කියවල ඇති.. නමුත් ආයිමත් කියන්න ඕන කියල හිතුනේ, ජීවිතේ තිබෙන අනතුර නිතර නිතර කල්පනා නො කළොත් අපි ප්‍රමාදයට වැටෙන නිස යි.

බලන්න මේ පිංතූරෙ දිහා.. මේ ඉන්නෙ Jacqueline Saburido. මේ පින්තූරෙ අරන් තිබෙන්නෙ 1999 අවුරුද්දෙ ..1978 දෙසැම්බර් 20 වෙනිද තමයි
ධනවත් පවුලක එක ම දරුවා හැටියට වෙනිසියුලාවේ Caracas වල දි ඇය මෙලොව එලිය දැක්කෙ.. ඇගේ පියා නිශ්පාදය කර්මාන්තශාලා හිමි කරුවෙක්.. පවුලේ එක ම දරුවා හැටියට ඇය ලස්සන සුඛෝපභෝගී ජීවිතයක් ගත කළා.
යම් දවසක තමන් ගෙ තාත්තගෙ ව්‍යපාර කටයුතු වලට උරුමකාරිය වීමේ බලාපොරොත්තුව හිතේ දරාගෙන ඇය ඉංජිනේරු ශිෂ්‍යාවක් හැටියට තමයි ඉගෙනීම් කටයුතු කරගෙන ගියේ.

කර්මය සත්වයා ව මෙහෙයවන හැටි අපිට හිතා ගන්නවත් බෑ.. 1999 අගෝස්තු මාසෙදි, තමන් ඉගෙන ගනිමින් සිටිය කොලේජ් එකෙන් ටික කාලෙකට සමු ගත්ත ඇය ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම සදහා
Texas වෙත ගියා..

එක දවසක් රෑ යාලුවො කට්ටියක් එක්ක ඇය උපන්දින පාටියකට සහභාගී වුනා. කෑව බීව, නැටුව ගැයුව, විනෝද වුනා. පාටිය ඉවර වුණාට පස්සෙ
Jacqueline සහ ඇගෙ යහලුවන් හතර දෙනෙක් Oldsmobile වර්ගයේ වාහනයකින් ‍ගෙදර එමින් සිටියා. හරියට ම කියනව නම් එදා 1999 සැප්තැම්බර් මාසෙ 18 වෙනිදා..පාන්දර...

Jacqueline ඇතුළු යාලුවො ටික ගෙදර එමින් ඉන්න කොට ඒ මාර්ගයේ ම Reggie Stephey කියන 17හැවිරිදි තරුණයා තමන් ගේ යහලුවන් පිරිසක් සමග මත් පැන් පානය කරල ආපසු තමන් ගේ නිවෙස බලා යමින් හිටියා. ඔහු දක්ෂ පුට්බෝල් ක්‍රීඩකයෙක් ‍වගේ ම උසස් පාසල් ශිෂ්‍යයෙක්. මත් පැන් පානය කළා ම වාහනයක් තියා තමන්ට තමන් ව වත් හසුරුව ගන්ට බැහැ කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ නෙ..

ඉතින්
Texas වල Austin වලට ආසන්න ප්‍රදේශයක දී මං තීරු හතරක් තිබ්බ අදුරු වීදියක දී, බමන මතින් හිටපු Reggie ධාවනය කළ ඔහු ගේ SUV රථය මාවතේ මැද රේඛාව හරහා පැමිණ Jacqueline ඇතුළු පිරිස ගමන් කළ රථයේ වේගයෙන් ගැටුණා.

අනතුර සිදු වූ සැනින්
Jacqueline ගමන් කළ රථයේ සිටි ඇගෙ යෙහෙළියන් දෙදෙනෙක් එතැන ම මිය ගියා.. Jacqueline ගේ දෙපා වාහනයේ ඩෑෂ් බෝඩයට හිර වුණා. ඇයට කර කියා ගන්නට කිසි ම දෙයක් නැහැ. ඔවුන් ගමන් කළ රථය මොහොතකින් ගිනි දැල් වලින් වෙලී ගියේ Jacqueline ගේ ශරීරයේ සියයට 60 ක් ම තුන් වෙනි මාත්‍රයේ පිළිස්සුම් තුවාල (third-degree burns) වලට ගොදුරු කරවමිනු යි.

මේ තිබෙන්නේ ඇය ගමන් ගත් රථය අනතුරෙන් පසු දිස් වූ ආකාරය යි.

කුමක් හෝ හේතුවක් නිසා ඇගේ දිවි ගැලවුණා.

ඇගේ කෙස්, නාසය, තොල්, ඇගේ පෙනීමෙන් බොහෝ ප්‍රමාණයක් ඇතුළු බොහෝ දේ ඇයට අහිමි වුණා.

මේ වන විට ඇය ශල්‍ය කර්ම 150 කට වඩා වැඩි සංඛ්‍යාවකට මුහුණ දී තිබෙනවා..දැනටත් වෛද්‍යවරු ඇයව යම් කිසි හෝ මට්ටමක යථා තත්වයකට ගෙන එන්න මහන්සි ගන්නවා..

Jacqueline ගේ මුල් ඡායාරූප සහ අනතුරින් පසු ඡායාරූප සසඳා බලන්න..
මේ සංසාර‍ය කෙතරම් නම් බියකරුයි ද..?


මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඇය කුඩා අවදියේ දී සිය දෙවම්පියන් සමග උපන්දින උත්සවයක දී සිටි ආකාරය යි..

මේ 1998 දී සිය පියා සමග ගත් ඡායාරූපයක්


ඇය යහලුවන් සමග පාටියක දී..


අනතුරින් පසු ශල්‍ය කර්ම 40 පමණ සිදු කිරීමෙන් අනතුරුව ඇගේ රූපය යි මේ..


ඇය රිය අනතුරේදී තත්පර 45 පමණ කාලයකු යි දරුණු ලෙස පිලිස්සීමට ගොදුරු වුණේ...



මේ අනතරින් පසු 2000 වසරේ දී පමණ ඇගේ පියා සමග ගත් ඡායාරූපයන්..



ඇයට ප්‍රතිකාර කරන ආකාරය...


ඇස් පිය නැති නිසා ඇය ගේ පේනීම පවත්වාගෙන යෑමට ඇසට eye drops දැමීම අවශ්‍ය යි.



බීමතින් රිය පැදවූ තරුණයාට ‍අධිකරණයේ ඩොලර් 20000 දඩ මුදලක් සහ අවුරුදු හතක සිර දඩුවම් පැණවූවා.. දැන් ඔහු තමන් අතින් Jacqueline ගේ සහ අන් අයගේ ජීවිත වලට සිදු වූ වරදට දැඩි ව පසුතැවෙමින් කල් ගෙවනවා.



මේ අවුරුදු 4 කට පසු ඇගේ ඡායාරූපයක්..


දයාබර යාලුවේ..

තවත් එක් මනුස්ස ජීවියෙකුගේ සෝචනීය ජීවිත කතන්දරේ තමයි අපි ඒ කියෙව්වෙ.. සමහර තුවාල තියෙනවා කාලයත් එකක් සුව වෙලා යන ඒව..ඒත් ඒ තුවාල ත් එකක් රූපයට බැදිච්ච හිත තුවාල වුණොත් ඒක නම් ලෙහෙසියෙන් හොඳ වෙන්නෙ නෑ.. රූපය තමන් ගේ කියල අල්ල ගත්ත ඇය දැන් කොයි තරම් නම් සිතින් දුක් විඳිනවා ඇත්ද..?

ලෝකය පිහිටල තිබෙන්නේ දුක මත (දුක්ඛේ පතිට්ඨිතෝ ලෝකෝ) කියල බුදු රජාණන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මය සනාතන එකක්. එදාට වගේ ම අදට ත් හැම කාලයකට ම ත් වලංගු එකක්. මේ වගේ සිදු වීම් සංසාරෙදි අපිට කොයි තරම් නම් සිදු වෙන්න ඇත්ද...? මිනිස්සු වෙලා ම ඉපදිලා බෙලි කැපුම් කාලා මිය ගිය අවස්ථාව වල ගලා ගෙන ගියපු ලේ එකතු කළො ත් සතර මහා සාගරේ ජලයට වඩා වැඩියි කියල බුදු රජාණන් වහන්සේ දේශනා කළේ මේ දුක හොදින් ම දුටු නිස යි.

සමහර අවාසනාවන්ත මිනිස්සු මේ බුදු සමි‍ඳුන් ගේ වචන විශ්වාස කරන්නෙ නැහැ. බුදු රජාණන් වහන්සේ ට ලෝක සත්වයාව මුලා කරන්න කොහෙත් ම උවමනාවක් තිබුණෙ නැහැ. උන්වහන්සේ නිකෙලෙස් කෙනෙක්. ‍සත්වයින් විදින මේ වගේ දුක් දැකල තමයි බුදු රජාණන් වහන්සේ ඒ සත්‍ය ලෝකයට දේශනා කළේ...

මේ සිදු වීම හෙට සිදු වෙන්නෙ ඔබට ද මට ද කියල කියන්න බෑ.. ජීවිතේ එච්චරට ම අස්ථීර යි. අනිත්‍ය යි. අවිනිශ්චිත යි.. අපිට මේ දේ නො‍ වෙයි කියල කොහොම ද කෙනෙක් කියන්නේ...? හෙට අපිට මේ දේ සිදු වුනොත් මනසින් දුක් ‍නො වී ඉන්න ඔබේ හිත ශක්තිමත් ද....? ඒක නැවත නැවත සිතා බැලිය යුතු දෙයක්..

ඒ නිසා පින්වත් යාලුවනේ...බිඳිල විසිරිලා වැනසිලා පිච්චිලා යන කය රැක ගන්න විවිධ දේවල් කෙරුවට, ඒකෙන් අපිට සැබෑ සැනසිල්ල ලබල දෙන්නෙ නෑ.. මනස සුවපත් කරන අවුෂධය හැම දවසක ම ටික ටික හරි අපි ගන්න ඕන.. ඒ දහම් අවුෂධය පානය කරන්න ප්‍රමාද වුණොත් අපිට ත් කවදා හරි තැවෙන පසුතැවෙන ජීවිතයක් උරුම වේවි..

ඊට කලින් අපි අප්‍රමාදී වෙමු..ඒ බුදු සමිඳුන් පෙන්වා වදාළ සියලු දුක් නිවන නිවන් මගේ ම හැසිරෙන්නට උත්සාහවත් වෙමු.. ඔබට ඒ සඳහා ශක්තිය ලැබේවා..

(ඇගේ ජීවිතය ගැන කියැවෙන මේ වීඩියෝ දර්ශනය ත් නරඹන්න කියල ඉල්ලා සිටිනවා.)



Bookmark and Share

Currently have 10 comments:

  1. මේක මම කලින් දැකල තියෙනව. ඒත් දැකපු නැති අය‍ට වගේම දැකපු අයටත් ආපුහු මකත් කරල දෙන්න තරන් වටිනා පණිවුඩයක් මේක

  1. Anonymous says:

    Good story

  1. Anonymous says:

    ahooo....... me thuchcha bhawa pewethmata ninda wewa. Ipadimata ninda wewa. waha waha niwan pinisa hikmena ekamai hoda.

    Pinwath soyura, obata bohoma pin...!

  1. Anonymous says:

    eyata hamadema nathiwela eath apita ehema wela na. me dewal ahala balala ea samaga sri saddarmaya ape jewithata galapeema neda waha waha kalayuthuma de.... theruwan saranai obata

  1. Anonymous says:

    mama meka kalin kiyawala tiyenawa.ath me wage dewal walin minissunge as padana hoda maragayata yomu karana hamaotama pin...

  1. Anonymous says:

    sadu sadu sadu,, me wage dewal thama loke thiyenne, budurajanan wahanse eka hondatama dakka, sadu sadu sadu

  1. Anonymous says:

    parissamen riya padawanna.
    beemathwa riya padaweemen walakinna.
    beemathwa riya padaweemen obageth, an ayageth jeewitha anathure helai

  1. Unknown says:

    That's the reality of life.We should make our mind stronger to face anything.Thank you for kind guidance............

  1. Anonymous says:

    jevithe asthira bawa nawata nawatha mathak karana dena oba samata godak pin labewaaaa!!!!!!!!

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails