සදහම් සයුරෙන් දිය දෝතක්.... (දෙවෙනි දිගහැරුම)
Monday, August 2, 2010
, at 1:24 PM
කයෙහි තිබෙන ඇත්ත ගැනම - පවතීවා නිතර සිහිය... ~ 02
බුදුරජාණන් වහන්සේගේ ධර්මය ජීවිතයට ගලපා බැලීමේදී කයෙහි යථා ස්වභාවය නුවණින් විමසා බැලීම මූලික අංගයකි. එයට එතරම්ම වැදගත්කමක් හිමි වී ඇත්තේ වඩාත් ප‍්‍රකට වූ දෙයක් තුළින් ඉතා පහසුවෙන් ධර්මයට පිවිසිය හැකි නිසා ය. කය බිඳී යාම, ජරා ජීර්ණත්වයට පත් වීම, ලෙඩ දුක්වලට භාජනය වීම නිරන්තරයෙන් ම දැකිය හැකි පොදු ධර්මතාවයකි.
වරක් තමන්වහන්සේ හමුවට පැමිණි බොහෝ සේ ජරාජීර්ණව ගිය, වයස්ගත වූ, ලෙඩ දුක් වලින් පීඩාවට පත් වූ නකුලපිතු නම් උපාසක පින්වතෙකු අරභයා බුදුරජාණන් වහන්සේ කය ගැන වදාළ මේ ප‍්‍රකාශය දෙස බලන්න.
”ගෘහපතිය, එය එසේ ම ය. ගෘහපතිය එය එසේ ම ය. ගෘහපතිය, මේ කය නම් ලෙඩ රෝග පිණිසම වූවකි. සියුම් සිවියකින් වට වී ගිය බිත්තරයක් වැනි දෙයකි. ගෘහපතිය, එබඳු වූ කයක් පරිහරණය කරමින් මොහොතකට නමුත් නීරෝග බව ගැන කියන්නේ නම් එය මෝඩකමක් විනා අන් කුමක්ද? ඒ නිසා ගෘහපතිය, ඔබ මේ විදිහට හික්මිය යුතුයි. ලෙඩ වෙන මේ කය ලෙඩ වී ගිය ද, සිත නම් ලෙඩ නොකරගන්නෙමි’යි කියා ය. ගෘහපතිය, ඔබ විසින් හික්මිය යුත්තේ මේ අයුරිනි.”
(නකුලපිතු සුත්ත - ස.නි.)
අපගේ ශාස්තෘන් වහන්සේ කයෙහි ඇති යථා ස්වභාවය ඒ අයුරින් ම පරිපූර්ණ වශයෙන් ම අවබෝධ කරගත් නිසා ම ය, මේ ආකාරයට අවවාද කරන ලද්දේ. සැබැවින්ම අප පරිහරණය කරන කයත් ලෙඩ රෝග වලට කැදැල්ලක් නොවේද?
උපන් දා පටන් (බොහෝ විට මව්කුසින් බිහිවෙන්නටත් පෙර සිටම) මරණ මඤ්ඡුකය දක්වා ම මේ කය ලෙඩ දුක්වලින් බේරාගන්නට දරන වෑයම කොතෙක්ද? ඇතමෙකුට බෙහෙත් වලින් තොරව ජීවිතය පවත්වාගන්නට පවා නොහැකි තරමට ම රෝගාතුර වේ. නොසිතූ - නොපැතූ මොහොතක මේ කය අනතුරට භාජනය වන්නේ සියුම් කටුවකින් වැසී ඇති බිත්තරයක් පරිද්දෙන් ම ය. එබඳුම ප‍්‍රවේශමෙන් ය මේ කය ද සුරැකිය යුත්තේ.
එහෙත් එබඳු කය සුන්දර ලෙස හැඩ වැඩ දා, ඔපලා පරිහරණය කරන්නට දරන අසාර්ථක උත්සාහය ද බුදුරජාණන් වහන්සේ මැනැවින් අවබෝධ කොට ගත් සේක. වරක් උන්වහන්සේ හමුවට පැමිණි මාගන්දියා නම් මනස්කාන්ත දේහවිලාසයකින් යුතු තරුණිය අරභයා වදාළ මෙවදන් තුළින් ප‍්‍රත්‍යක්ෂ වන්නේ උන්වහන්සේ කය පිළිබඳව කොතරම් ම අවබෝධයකින් වැඩසිටියා ද යන්න ය.
”තණ්හා, අරති, රගා යන මාර දූවරු දුටු කල්හි ද මා හට මෛථූන සේවනය පිළිබඳ කැමැත්තක් ඇති නොවීය. මළ මුත‍්‍රවලින් පිරුණු මේ කය පාදයෙන් හෝ ස්පර්ශ කිරීමට මා හට කැමැත්තක් ඇති නොවේ.”
(මාගන්දිය සුත්ත - සු.නි.)
සුන්දර ලෙස දිස්වන අයුරින් මනාකොට කැටයම් හා චිත‍්‍රයෙන් අලංකාර කරමින් එහෙත් අභ්‍යන්තරයෙහි ඉවසිය නොහැකි දුගඳකින් යුතු අපවිත‍්‍ර දෙයින් පිරී ගිය භාජනයක් පරිද්දෙනි බුදුරජාණන් වහන්සේ මේ කය දුටුවේ. කය දෙස මොහොතක් නමුත් සිහිය පිහිටුවා නුවණින් විමසන්නට සමර්ථ අයෙක් වෙත් නම් ඔහු හට ස්වල්ප වශයෙන් හෝ එය තේරුම් ගත හැකිය.
මෙතරම්ම අපිරිසිදු, මෙතරම්ම පිළිකුල් දෙයින් නිමැවී මේ කය දෙස සුන්දර ලෙස බලන්නට අප පෙළඹුණේ මක් නිසාදැයි ඔබ කල්පනා කොට තිබේද? අපගේ ශාස්තෘන් වහන්සේ එය පැහැදිළි කළ සේක. අවිද්‍යා අන්ධකාරය තුළ සිටින සත්වයා යමක් හඳුනාගන්නේ එහි සත්‍යය ස්වභාවයෙන් ම නොවේ. එය ධර්මයෙහි හඳුන්වන්නේ ‘සඤ්ඤා විපල්ලාසය’ හෙවත් විපරීත හඳුනාගැනීම වශයෙනි. එම විපරීත හඳුනාගැනීමට අනුව අනිත්‍ය දේ නිත්‍ය ලෙස දැකීමටත්, දුක් දේ සැප ලෙස දැකීමටත්, අනාත්ම (ස්වකීය වසඟයෙහි පවත්වාගත නොහැකි) දේ ආත්ම ලෙස දැකීමටත්, අසුභ දේ සුභ වශයෙන් දැකීමටත් තරම් මුලා වී සිටිති.
යථාර්ථය දැකීම යනු මෙය නොවේ. එනම් අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දැකීමත්, දුක් දේ දුක් හැටියට දැකීමත්, අනාත්ම දේ අනාත්ම හැටියට දැකීමත්, අසුභ දේ අසුභ හැටියට දැකීමත් යථාර්ථයයි. අහෝ! සසරෙහි සැරිසරන අප කොතරම් මුලා වී ඇද්ද?
මේ මුලාවෙන් අපව මුදවා ගන්නේ සියල්ල දන්නා, සියල්ල දක්නා, භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේ මුල මැද අග පිරිසිදු ලෙස, පැහැදිලි වචන වලින්, පැහැදිලි ලෙස අර්ථ මතුවන ආකාරයට පරිපූර්ණ වූ නිවන් මඟ දේශනා කරන ලද්දේ ඒ උදෙසා ය. උන්වහන්සේ විසින් දේශිත ඒ ශ‍්‍රී සද්ධර්මය මුළුමනින්ම යොමු වී ඇත්තේ මේ මෝහ ජාලය බිඳ හැර සත්‍යාවබෝධ කරවන්නට ය. අවිද්‍යා අන්ධකාරය දුරු කොට ප‍්‍රඥාවේ ආලෝකය තුළින් සදාතනික ශාන්තිය උදාකර දීම පිණිස ය. කයෙහි යථා ස්වභාවය දෙස අප බැලිය යුත්තේ යථෝක්ත පාරිශුද්ධ අරමුණ මුදුන්පත් කරගැනීම පිණිස ය.
ඔබ සැමට තෙරුවන් සරණයි!

Currently have 0 comments: