Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

'වස්සානේ බුදු ගුණ සුවඳ​' :: 02

Monday, August 2, 2010 , at 11:55 PM

පිපෙනා මලකට - ගලනා දොලකට - දැනෙනා බුදු ගුණ​
කළුගල් කුලකට - බොල් මැටි පිඬකට - දැනෙනා බුදු ගුණ​
ඉර හඳ දෙපලට - මේ මහ පොළොවට - දැනෙනා බුදු ගුණ​

32. බුද්ධ දිවාකර ධර්මරජාණෙනි වන්දේ
33. සීල සුගන්ධිත සඳමඬලාණෙනි වන්දේ
34. සැනසිලි මඟ වඩිනා සුගතාණෙනි වන්දේ
35. ගිනිගත් සිත් නිවනා මුනිඳාණෙනි වන්දේ
36. අඳුර එළිය කරනා සමිඳාණෙනි වන්දේ
37. මායාවෙන් ගැලවුන මුනිඳාණෙනි වන්දේ
38. සමවත් සුව විඳි පුණ්‍යවතාණෙනි වන්දේ
39. සුවපත් සිත් ඇති භගවත් හිමියනි වන්දේ
40. මිහිකත සනහා වැඩි මුනිඳාණෙනි වන්දේ
41. දමනය කළ ඉඳුරන් ඇතියාණෙනි වන්දේ
42. කුරුවීක නඳැති මිහිරි සරාණෙනි වන්දේ
43. පුණ්‍ය විලාසිත රන් සිරුරාණෙනි වන්දේ
44. ලෝක විරාජිත වීර නරාණෙනි වන්දේ
45. සුප්‍රභාතයේ හිරුමඬළාණෙනි වන්දේ
46. මරසෙන් පැරදු සෙන්පතියාණෙනි වන්දේ
47. බෝ මැඩ ජයගත් බුද්ධරජාණෙනි වන්දේ
48. වජිරාසනයේ බුදු සමිඳාණෙනි වන්දේ
49. අංගීරස සනරාමරයාණෙනි වන්දේ
50. විමුක්තියේ ධජධාරණයාණෙනි වන්දේ
51. කිසිදා නොසැලෙන මුනිවරයාණෙනි වන්දේ
52. කිසිදා නොහඬන මුනි නිඳුකාණෙනි වන්දේ
53. කිසිදා නොතැවෙන භාග්‍යවතාණෙනි වන්දේ
54. අමරණීය සම්බුදු සමිඳාණෙනි වන්දේ
55. බිය සැක දුරලූ සිංහරජාණෙනි වන්දේ
56. කෙළෙස් මලින් තොර පින් සිරුරාණෙනි වන්දේ
57. සිදුහත් ගෞතම බුදු සමිඳාණෙනි වන්දේ
58. සැනසිලි මඟ දෙසනා ඇදුරාණෙනි වන්දේ
59. මහකරුණාබර නිකෙළෙස් හිමියනි වන්දේ
60. රාග විරාගිත ඥාන ප්‍රභාවෙනි වන්දේ

සාදූ..! සාදූ.!! සාදූ!!!

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails