සදහම් සයුරෙන් දිය දෝතක්.... (තෙවෙනි දිගහැරුම)
Tuesday, August 3, 2010
, at 11:59 AM
කයෙහි තිබෙන ඇත්ත ගැනම - පවතීවා නිතර සිහිය... ~ 03
කයෙහි යථා ස්වභාවය මැනැවින්ම දන්නා අයෙක් වේ නම්, ඒ අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ය. ලෝක සත්වයා මුලාවෙන් මුලාවට පත්වන්නා වූ මේ කයෙහි ඇත්ත ස්වභාවය බැලූ බැල්මට අපට ප‍්‍රකට නොවේ. එහෙත් යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ආකාරයට නුවණින් යුතුව විමසා බලන විට ය, මෙතෙක් කල් සුන්දරත්වයේ ප‍්‍රතිමූර්තියක් වශයෙන් සිතා සිටි මේ ශරීරයෙහි සත්‍ය ස්වභාවය පැහැදිලි වන්නේ.
කය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කොතරම්ම පුළුල් දැයි අපට යන්තමට හෝ සිතාගත හැක්කේ මෙබඳු සදහම් දෙසුම් සැදැහැ සිත් පුබුදුවාගෙන කියවා
බලන කල්හි ය.
”මහණෙනි, බොහෝ වසර ගණනක් පැරණි ගඬුවක් (සැරව ගලන තුවාලයක්) යම් සේ වේද, එපරිද්දෙන් ම මෙහි තුවාල බඳු සිදුරු නවයෙකි. ස්වභාවයෙන් ම හටගත් සිදුරු නවයෙකි. ඉන් යමක් වැගිරෙන්නේ නම් වැගිරෙන්නේ අසූචි ම ය. වැගිරෙන්නේ දුගඳ දෙයක් ම ය. වැගිරෙන්නේ පිළිකුල් සහගත දෙයක් ම ය. ඉන් යමක් පිටතට ගන්නේ නම් ගලන්නේ අසූචි ම ය. ගලන්නේ දුගඳ දෙයක් ම ය. ගලන්නේ පිළිකුල් සහගත දෙයක් ම ය.
මහණෙනි, සැරව ගලන තුවාලය යනු සතර මහා භූතයින්ගෙන් හටගත්, මව් පියන්ගේ එක් වීමෙන් සම්භවය වූ, බත් මාළුපිණි ආදියෙන් වැඩෙන, අනිත්‍ය වූ ස්වභාව ඇති, ඉලීම් පිරිමැදීම් ආදියෙන් පවත්වාගත යුතු, වහා බිඳී යන ස්වභාව ඇති මේ කයට නමකි. මෙහි තුවාල බඳු සිදුරු නවයෙකි. ස්වභාවයෙන් ම හටගත් සිදුරු නවයෙකි. ඉන් යමක් වැගිරෙන්නේ නම් වැගිරෙන්නේ අසූචි ම ය. වැගිරෙන්නේ දුගඳ දෙයක් ම ය. වැගිරෙන්නේ පිළිකුල් සහගත දෙයක් ම ය. ඉන් යමක් පිටතට ගන්නේ නම් ගලන්නේ අසූචි ම ය. ගලන්නේ දුගඳ දෙයක් ම ය. ගලන්නේ පිළිකුල් සහගත දෙයක් ම ය.
එම නිසා මහණෙනි, මේ කය කෙරෙහි අවබෝධයෙන් ම කළකිරෙන්න.”
(ගණ්ඩෝපම සුත්ත - අ.නි.)
දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් අතිශය සෝභමාන වූ සම්බුදු සිරුරකට උරුමකම් කියූ බුදුරජාණන් වහන්සේ මේ පෙන්වා දෙන්නේ මේ ශරීරයේ සැබෑ ස්වභාවයයි. මෙලෙසින් සත්‍යය තත්වය දකින්නට උන්වහන්සේ තම ශ‍්‍රාවකයන්ව පවා යොමු කරන ලද්දේ කාගේත් දෑස් අරවන අන්දමිනි.
වරක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුර දෙසම බලාසිටින්නට ආසා කළ වක්කලී ස්වාමීන් වහන්සේට වදාළ මේ ඔවදන දෙස බලන්න.
”වක්කලී, කම් නැත. මේ කුණු කය දැකීමෙන් ඔබට කුමන නම් ප‍්‍රයෝජනයක්ද? වක්කලී, යමෙක් ධර්මය දකින්නේ නම්, හේ මා දකී. යමෙක් මා දකින්නේ නම් හේ දකින්නේ ධර්මයයි.”
(වක්කලී සූත්ත - ස.නි.)
අනාවරණ ප‍්‍රඥා ඇති භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිවනට ඇති එකම මඟ වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ තම ශ‍්‍රාවකයන්ව මැනැවින් හික්ම වූ අන්දම සැබැවින් අසිරිමත් ය. ඒ සොඳුරු දහම සාක්ෂාත් කළ උන්වහන්සේගේ ශ‍්‍රාවක වූ රහතන් වහන්සේලා ද කය දෙස බැලූවේ ලෝකයේ සාමාන්‍ය ජනයා දකින ආකාරයකින් නොවේ. අවිද්‍යා මෝහාන්ධකාරය සිඳබිඳලා සසරෙන් එතෙරට වැඩි ඒ මුනිවරුන්ගේ අවබෝධය දෙස මොහොතක් නෙත් යොමා බලන්න.
”එම්බා ඇටසැකිල්ලකින් කරවන ලද කුටියක් ඇති තැනැත්තිය, මස් නහරින් මසා දැමූ සිරුරක් ඇති කාන්තාව, අසුචි පිරුණු දුගඳ හමන සිරුරක් ඇති තැනැත්තිය, ඔවැනි ස්වභාවයකින් යුතුව සිට ගෙනද අනුන්ගේ සිරුර දෙස ‘මගේ... මගේ...’ යැයි සිතන තිට නින්දා වේවා!
එම්බා අසුචි පුරවා ගත් මල්ලක් වැනි සිරුරක් ඇති තැනැත්තිය, සමකින් වැසී ගිය සිරුරකින් යුතු තැනැත්තිය, පපුවේ ගෙඩි හදා ගත් තැනැත්තිය, පේ‍්‍රතියක් වැනි තැනැත්තිය, තිගේ සිරුර පුරා නිරන්තරයෙන්ම අසුචි වැගිරෙන තැන් නවයකි.
නව ද්වාරයකින් අසුචි වැගිරෙන තිගේ සිරුර ඉතා දුගඳයි. නිවන් දකින්නට ඇති විශාලම බාධාව ඔබේ ඔය සිරුරයි. නිකෙලෙස් ජීවිතයක් ගත කරන්නට කැමැති භික්ෂුව ඔය අසුචි වළ දුරු කළ යුතුමයි.
මා මේ අසුචියෙන් යුතු සිරුර ගැන දන්නේ දේ වෙනත් කෙනෙක් දන්නවා නම්, ඔහු මේ ස්ත‍්‍රිය බැහැර කරන්නේ වර්ෂා කාලයේදී උතුරා පිටාර ගලන වැසිකිළි වළක් දුරුකරන පරිද්දෙනි.”
(මහා මොග්ගල්ලාන ථේර ගාථා - ඛු.නි.)
මේ ස්වභාවය නොදත් සියල්ලන්ටම සිදුවූයේ ඉමක් කොණක් නොපෙනෙන සසරෙහි සැරිසරන්නටය. සැරිසරමින් දුක් විඳින්නට ය. කෙස් රොදින් පහළටත්, යටි පතුළෙන් උඩටත් සමකින් වට වූ මේ සිරුරෙහි සැබෑ ස්වභාවය අවබෝධ කරගත්තෝ සසරෙන් එතෙරට වැඩියහ. එබැවින්....
නුවණ මෙහෙයවා යමක් සිතන්නට හැකි මිනිසත් බව ලද මේ මොහොතෙහි, කල්ප සියයකින් පවා ලබන්නට දුර්ලභ වූ සම්බුදු සසුනක් මුණ ගැසුණු මේ උතුම් මොහොතෙහි, බඹයක් පමණ වූ සිරුරක යථාර්ථය නොදැන, අල්ප වූ ආශ්වාදයකට මුලා වී තවදුරටත් මේ ඝෝර සසරේ අප සැරිසැරිය යුතු නොවේ. නුවණින් විමසා සත්‍යය පසක් කරන්නට තවත් ප‍්‍රමාද වන්නේ කුමටද?
ඔබ සැමට තෙරුවන් සරණයි!

Currently have 0 comments: