රාගයෙන් තොර පහසු විහරණ සලසන අසුභ භාවනාව - 2
Tuesday, June 15, 2010
, at 1:59 PM
(පසුගිය ලිපිය හා සම්බන්ධයි)
නිතර පුරුදු කිරීමත්, බහුල වශයෙන් පුරුදු කිරීමත් කියන කාරණාව වරදවා ගන්න එපා. ඒකෙන් අදහස් වෙන්නේ පටන් ගත්ත ගමන් ගොඩක් කිරීම නෙමෙ යි. ඕනෑම එකක් ආරම්භයේ දී අපි පුරුදු කර ගන්න ඕනෑ. හුරු කර ගන්න ඕනෑ. හුරු පුරුදු කර ගන්න යනකොට යම් වෙහෙසක් මහන්සියක් තියෙනවා. ඒ වෙහෙස මහන්සිය අපි නොතකා, කැප කිරීමකින් පුරුදු කළොත්, අපිට එයින් මහත් වූ ප්‍රනීතභාවයක් උපදවා ගන්න පුළුවන් කමක් තිබෙනවා.
ඕනෑම දෙයක් හුරු කරන කොට, පුරුදු කරන කොට, යම් වෙහෙසක් තියෙනවා. ඒ වෙහෙසට අපි භය වුණොත්, අපි ඒ පුරුදු කිරීම නතර කරනවා. අපහසුකමක් තියෙයි. ඒ අපහසුව, වෙහෙස ඇති වෙන්නෙ ආධුනික නිසා, පුහුණුවත් එක්ක ම ඒ වෙහෙස මහන්සිය නැතිවෙලා යනවා. ඕනෑම දෙයක් එහෙමයි.
ඔයගොල්ලන්ට ඉදිරියේ දී තේරෙයි අපි යම් භාවනාවක් කොච්චර හොඳින් පුරුදු කර ගත්තත් සමහර අවස්ථාවලදී අලුතින් කරන්නා වගේ මුහුණ දෙන්න වෙන වෙලාවල් තියෙනවා. එතකොට අපිට ආයෙත් වෙහෙස තියෙනවා. ඒ නිසා ඕනෑම එකක් ආරම්භයේ දී වෙහෙසක් තියෙයි. අපහසුවක් තියෙයි. ඒ වෙහෙස අපහසුව මුල්කරගෙන ඒ පුරුදු කිරීම අත්හරින්න එපා. මේක මට බෑ කියලා තීරණයකට එන්න එපා. එහෙම නැත්නම් මේක මට සුදුසු නෑ කියලා තීරණයකට එන්න එපා.
ගොඩාක් අය පොඩ්ඩක් කරලා, හිතනවා. “මේක මට බෑ, ගැලපෙන්නේ නෑ,මට සුදුසු නෑ “ කියලා අත හරිනවා. එහෙම තමාට සුදුසු නෑ කියලා තමන් ම තීන්දුවකට එන්න එපා. අපිට යම් භාවනාවක් පුරුදු වෙන්න කලක් යයි. සමහර කෙනෙකුට මාසෙන් දෙකෙන් හුරු වෙන්න පුළුවන්. එකිනෙකාට ඒ සඳහා ගතවන කාලය වෙනස් .අපි දන්නේ නෑ, අපිට මේක පුරුදු කර ගන්න කොච්චර කාලය ගත වෙයිද? කියලා . අපිට තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය කෙරෙහි විශ්වාසය තියාගෙන “ප්‍රණීත ජීවිතයක් ඇති කර ගන්න ඕනෑ.” කියන හැඟීමෙන් යුක්තව පුරුදු කර ගන්න. ඒ සඳහා අපිට උවමනා කරන එකම දේ තමයි මේ ධර්මයෙන් උපදවා ගන්න පුළුවන් . ඒ ප්‍රණීත භාවයට කැමති වීම.
අසුභය වඩන කෙනාට අතිශය සැප සහිත ජීවිතයක් ඇත කර ගන්න පුළුවන්. අසුභය බහුල වශයෙන් වඩනවා නම් එයාට පරිපූර්ණ වු සැප ඇති කර ගන්න ඒ තුලින් පුළුවන්. මේ සැපට කැමති කෙනා මේක, අපහසුයි කියලා හිතන්නේ නෑ. එයා ටික ටික පුරුදු කර ගන්න කැමැති වෙනවා, වෑයම් කරනවා. ආන්න එයාට ටික කලක් යනකොට ඒ භාවනාව තමන්ට හුරු පුරුදු දෙයක් බවට පත්වෙනවා.
එතකොට ප්‍රනීතව වාසය කරන්න තරම් භාග්‍ය සම්පන්න කෙනෙක් බවට පත්වෙනවා. ඒ නිසා කාටත් මේ භාග්‍යය තියෙයි කියලා අපිට විස්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය මත තමයි අපි මේ කාරණා සිහි කර දෙන්න කල්පනා කළේ.
ඒ නිසා ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් අපට පෙන්වා දුන්න ඒ පරම ගම්භීර ධර්මය, බලවත් විශ්වාසයෙන් යුක්තව පුරුදු කර ගන්න, අපි කවුරුත් කැමැති විය යුතු යි. එසේ කැමැති වීමෙන් ම එයා ශ්‍රද්ධාව උපදවා ගත්ත කෙනෙක් බවට පත්වෙයි. ඒ කැමති වීම ම එයාට ඒ ධර්මය පුරුදු කර ගන්න බලවත් උපකාරයක් බවට පත් වෙයි. ඒ කැමති වීම ම එයාට බලවත් පිනක් උපදවා ගන්න අවස්ථාවක් උදා වෙයි.
ඒ නිසා, කවුරුත් ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්න ඒ පරම ගම්භීර වූ සැප පහසුව ඇති කරන, සැපයම උදාකරන, නිවන පිණිස ම අපට උපකාර වන, ඒ සුන්දර ධර්මය අපේ ජීවිතයට පුරුදු කර ගෙන සුවසේ වාසය කරන්න කැමති සිත් ඇත්තේ වෙත්වා කියලා, අපි ආශිර්වාද කරනවා.

නාවලපිටියේ අරියවංශ හිමි
'බුදුසරණ' පුවත් පතේ පළ වූ ලිපියක් ඇසුරෙන්.

http://www.lakehouse.lk/budusarana/2010/06/12/tmp.asp?ID=vision09
සාදු!
සාදු!
සාදු !