Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

කිට්ටු වෙන අවුරුද්දයි - තට්ටු වෙන තිසරණයයි

Tuesday, April 6, 2010 , at 5:41 PM

(ගෞතම සංදේශය 14)
- සිංහලයාගේ හින්දු අළුත් අවුරුද්ද 

ජ්‍යෝතිෂය​ උපන් රට ඉන්දියාවයි. නමුත් එහි බමුණන් වත් සිංලහයන් තරම් ජ්‍යෝතිෂය අදහන්නේ නැත.

ලංකාවේ බෞද්ධයන් වශෙයන් පෙනී සිටිනා අය සමඟ කතා බස් කළ විට පෙනන්නේ තිසරණය ගැන ඔවුන් තුළ කිසි විශ්වාසයක් නැති බවයි. ඔවුන් ලාභ ප්‍ර​යෝජන උදෙසා ඕනෑම වෙලාවක කිසි හිරිකිතයකින් තොරව බුදු දහම පාවා දෙන්නට සූදානම්ය. ඔවුන් තිසරණයට වඩා ජ්‍යෝතිෂය විශ්වාස කරන්නේත් කර්ම-කර්ම ඵලයන්ට වඩා නැකත විශ්වාස කරන්නේත් සාධාරණ කරුණු මතය. 

දැන් කාලයක් මුළුල්ලේ කේන්දරයටත් නැකතටත් අනුව කටයුතු කොට ඒ තුළින් ලත් සාර්ථකත්වය ලෝකයටම ඔප්පු කොට තිබේ. සිංහල ජනතාව මේ ලෝකය තුළ දියුණුවේ හිනිපෙත්තටම නැග්ගේ නැකතේ ආනුභාවෙයන් බව දැන් සියල්ලෝම දනිති. කොටින් ම ඇමරිකානු ජනාධිපතිවරයා පවා දැන් සිංහලයන්ගෙන් නැකැත් බලා ගන්නේලු. කේන්දරයේත් නැකතේත් ආනුභාවෙයන් දැන් මහා බලසම්පන්න සිංහල නායකත්වයක් බිහි වී තිබේ. දැන් රට තුළ කිසි ප්‍ර​ශ්ණයක් නැත. ඒ තරම් ම සරුසාරය. ඔවුහු නැකතට කුඹුරු වපුරති. දැන් රට සහලින් ස්වයංපෝෂිතය. ඔවුහු නැකතට එළවළු පළතුරු වවති. දැන් ලෝකයටම එළවළු පළතුරු යවන්නේ ලංකාවෙනි. නැකතට කර්මාන්තශාලා අරඹති. ඒවා කොතරම් සරු ද යත් දැන් සියළු යාන වාහන ඉතා දියුණු මට්ටමින් නිෂ්පාදනය කෙරන්නේ ලංකාවේ ය. ඔවුහු නැකතට බැංකු විවෘත කරති. දැන් දුප්පත් රටවලට ණය දෙන්නේත් ලෝකයට ආධාර දෙන්නේත් ඒ නැකතේ ආනුභාවෙයන් දියුණු වූ බැංකු වලිනි. ලංකාවේ භික්ෂූන් වහන්සේලාත් අතිශයින්ම සිල්වත් ය. ගුණවත් ය. ධර්ම විනය පිළිබඳව අංග සම්පූර්ණ බහුශ්‍රැත බවකින් යුක්තය. ඔවුන් ධර්මය හැටියට පවසන්නේ ශ්‍රී සද්ධර්මයම පමණි. ඔවුන්ගේ මේ සා ආනුභාවයේ රහස කිම? ඒ වෙන කිසිවක් නොව නැකතට මහණ කිරීම නිසාය. දැන් දේශපාලකයෝ පවා සාමය ස්ථාපිත කිරීමට නැකතට පහන් පත්තු කරති.

දැන් බොහෝ දෙනක් මත්පැන් බොන්නේ ත් නැකතටලු ය. නොහොඹිනා වැඩ කරන්නේ ත් නැකතටලු ය. හරියටම නැකතට ඒ කටයුතු කිරීමෙන් අපල නැතිවේ ලු.
 
මේ දිනවල ඔවුන් කඩිමුඩියේ සූදානම් වන්නේ ඔවුන්ට මේ සා සෞභාග්‍ය​යක් ලබා දුන් සියළු නැකැත් වලින් සපිරි ඔවුන්ගේ අළුත් අවුරුද්ද සමරන්නට ය. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංකමණය වන්නේ ලු. එය යි ඔවුන්ගේ අවුරුද්ද. ඒ වෙනුවෙන් ඔවුන්ට සියළු කටයුතු කරන්නට සිදු වී තිබෙන්නේ නැකතට ය. ඔවුන්ගේ අවුරුද්ද සමරන්නට දැන් ඔවුන් හමුදාවක් මෙන් සීරුවෙන් සිටිති. නැකතට අනුව සියළු චාරිත ඉෂ්ට කරගත්තොත් ඔවුන්ගේ ජීවිත කිරියෙන් පැණියෙන් ඉතිරී යනු නිසැක ය.

ඔවුන් සියළු වැඩ නවත්වන වේලාවක් තිබේ. ඒ නැකැත් නැති වේලාව ලු. ආයෙමත් නැකත පටන් ගනී. එවිට නැකතට ලිප පත්තු කරති. නැකතට බත් කති. නැකතට ඇඳුම් මාරු කරති. නැකතට වැසිකළි යති. ඔවුන් ඒ දිනවල සාමාන්‍ය​ විධියට වතුර නාගන්ටවත් කැමති නැත. ඒකට ද නැකතක් තිබේ. හිසට කොහොඹ කොළ පයට නිදිකුම්බා කොළ තබා නානු ගාගෙන ය නැකතට නා ගත යුත්තේ. ඒ අනුහසින් සියළු රෝග පීඩා සිරුරින් පහවී යනු ඇත.

නැකතට ආරම්භ කරන ලද ලෝකෙය් දියුණු ම කර්මාන්තශාලා ඔවුන් සතු ය. ඔවුන්ගේ අවුරුද්ද වෙනුවෙන් ඔවුන් එහි වැඩ අල්ලන්නේ නැකතට ය. ඔවුන්ට සල්ලි වලින් කිසි අඩුවක් නැත. නැකතට පටන් ගත් ඔවුන්ගේ බැංකු වලින් නැකතට ගනුදෙනු කළ යුතුය. එවිට ඊළඟ අවුරුද්දේ නැවත සූර්යයා මාරු වී යන තුරු ඔවුන්ට මිළ මුදල් වලින් හිඟයක් නැත. නැකත යනු ඔවුන්ට සියළු දේ ලබා දෙන කප් රුකක් වැන්න. නැකත යනු ඔවුන්ට සිතූ පැතූ සම්පත් ලබා දෙන සිතුමිණක් වැන්න.

මෙතරම් දේවල් නැකැත් තුළින් සාර්ථක කරගත් ඔවුන්ට තව දුරටත් කළ යුතු එක දෙයක් තිබේ. එනම් නැකතට දිවි නසා ගැනීම යි. එවිට ඒ නැකෙත් අනුහසින් ඔවුන් සුගතියේ යනු ඇත. ඊට ප්‍ර​ථමයෙන් හොඳ නැකතක් බලා අං තට්ටුවක් පැළඳ ගත යුතු ය. එවිට ඒ නැකෙත් අනුහසින් කකුල්වල කුර හට ගැනීමෙන් ඒ කටයුත්ත සම්පූර්ණ වනු ඇත.

මේ ගැන කිව යුතුව තිබෙන්නේ එකම එක දෙයකි.
නැකැත් කේන්දර පිස්සුව අතහැර තිසරණය ට පැමිණෙන තුරාවට ඔවුන් සතර අපාය කරා ගෙනයන මිථ්‍යාදෘෂ්ඨියෙන් නම් ගැලවිල්ලක් නැති බවයි.
- පූජ්‍ය​ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් බෝධිඤාණ සඟරාවට සපයන ලද ලිපියක් ඇසුරෙන් -

‘ගෞතම සංදේශය’
- මුලාවෙහි ගිලෙන්නට නොව අවබෝධයෙහි සැරිසරන්නට​....

Bookmark and Share

Currently have 2 comments:

  1. මේ සමාජයේ බොහෝ දෙනා කැමති නෑ මෙවැනි යථාර්ථයක් පිලිගන්න. මෙවැනි අවබෝධයක් ඇති අයට ගැරහීමට නම් ඕනෑ තරම් අය සිටිනවා.

  1. Anonymous says:

    aththatm godak watina lipiyak ...bohoma sthuthi....nakathata wiwaha wenawa keeyen keeyada sarthaka wenne....

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails