Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

රැස් කරනා පින එයි පසු පස්සේ.... 03

Sunday, April 11, 2010 , at 2:21 PM

.........පින්වත් දිව්‍ය පුත්‍රය, ඔබ මෙහි ඉන්නේ අහස් ගමන් ඇති හස්ති රාජයෙකුගෙ පිටේ. මේ ඇතා සුදුම සුදුයි. විශාල දළ දෙකක් තියෙනවා. ලස්සනට සරසලා තියෙනවා. ඒ වගේම බලවත්. මහ ජව සම්පන්නයි. මේ ඇතගෙ දළ දෙක මත නිල්වන් ජලය තියෙන, පිපුන නෙලුම් තියෙන ලස්සන පොකුණු දෙකක් පහල වෙලා. ඒ පිපුන නෙලුම් මත පංචාංගික තූර්යවාදන මිහිරට නාද වෙද්දි මේ මනහර දිව්‍ය අප්සරාවන් ලස්සනට නටනවා.

මහානුභාව සම්පන්න දිව්‍ය පුත්‍රය, දිව්‍ය අධිපති බවටයි දැන් ඔබ පත්වෙලා ඉන්නෙ. මිනිස් ලෝකෙ ඉන්න කාලෙදි මොන වගේ පිනක්ද ඔබ කලේ? ආනුභාව සම්පන්න ව ඔය බැබලි බැබලී ඉන්න කල පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එලියෙන් හැම දිසවම බබලනවා.

මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නය අහුවේ. ඒ ගැන ඒ දිව්‍යපුත්‍රයා ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලබුනේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිලිතුරු දුන්නේ.

මහා ඍෂිවරයාණන් වන කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ස්ථූපයට නටුවෙන් ගිලිහුණු මල් අටක් මේ දෑතින්ම පූජා කරගත්තේ සිතේ පැහැදීමෙන්මයි. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මට මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි.

මහනුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදි ඔය පින තමයි මං කර ගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගෙ සිරුරෙන් විහිදෙන එලියෙන් හැම දිසවම බබලනවා.

සාදූ! සාදූ!! සාදූ!!!

උපුටා ගැනීම:
මහමෙව්නා ත්‍රිපිටක පරිවර්තන - ඛුද්දක නිකාය 2 - විමානවත්ථු පාළි - 05. මහාරථ  වර්ගය - දස වන නාග විමානය​
(සකළ සත හට කරුණාවෙන් උතුම් බුද්ධ වචනය සරළ සිහළට හැරවූ කිරිබත්ගොඩ ඥාණානන්ද සුපින්වත් ගුරුදේවෝත්තමයාණන් වහන්සේට නමස්කාර වේවා!!!)

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails