Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

රැස් කරනා පින එයි පසු පස්සේ.... 02

Monday, April 5, 2010 , at 4:19 PM


 ........ ඔබට රන්වන් දිවසළු තියනවා. රන්කොඩි ලෙල දෙනවා. රන් ආභරණවලින් සැරසිලා ඉන්න්වා. රන්වන් පාට සඳුන් වලින් ගත තවරාගෙන ඉන්නවා. රන්වන් පාට මහනෙල් මල් පැළඳගෙන ඉන්නවා. ප්‍රසාදයත් රන්වන්. සයනාසනත් රන්වන්. රන්බඳුන් තියනවා. රන්වන් කුඩ තියනවා. දිව්‍ය රථත් රන්වන්. ඒ අශ්වයනුත් රන්වන් පාටයි. ඒ විජිනි පතුත් රන්වන් පාටයි.

සුන්දරී, ඔබ ඉස්සර මනුස්ස ලෝකෙදි මොන වගේ කුසල කර්මයක්ද කළේ. පින්වත් දෙව්දුව, අපි මේ ඔබෙන් අහන්නෙ මෙවැනි පුණ්‍ය විපාකයක් ලබන්නට හේතු වුණු පුණ්‍ය කර්මය ගැනයි. සක් දෙව්ඳුනි, වැටකොළු නමින් වැල් ජාතියක් තියනවා. මං ඒ වැලෙන් මල් හතරක් කඩා ගත්තා. මට ලොකු බලාපොරොත්තුවක් තිබුණෙ නෑ. මං ඒ මල්ගෙන බුදු රජුන්ගේ ස්ථුපය කරා ගියා.

ශාස්තෘන් වහන්සේ ගේ උතුම් බුදු සිරුර ගැන හිතද්දී මගේ හිතට පුදුමාකාර සතුටක් දැනුණා.මං ඒ ස්ථුපය ගැනමයි සිත සිතා හිටියේ.ඒ ගව දෙන එනවා මං දැක්කේ නෑ. මට ස්ථුපය ලඟට ගිහින් මල් පුජා කරගන්නා අදහස ඉටුකර ගන්න බැරි උණා. ගව දෙන ඇනලා මං මැරුණා. ඉතින් මට ඒ පින රැස් කර ගන්න පුළුවන් වුණා නම් මීටත් වඩා උතුම් සැප ලැබෙනවා කියලයි මට හිතෙන්නේ.

පින්වත් දේවේන්ද්‍රය, මඝවා නම් වූ උතුම් දෙවිඳ, මං ඒ පුණ්‍ය කර්මයෙන් තමයි මිනිස් ශරීරය අත් හැරලා ඔබ අතරට පැමිණුනේ.

තව්තිසා දෙව්ලොවට අධිපති මඝවා නම් වූ ඒ උතුම් දෙව්දුන් තව්තිසා දෙව්වරුන්ව පැහැදෙන විදිහට මාතලී දිව්‍ය පුත්‍රයාට මෙහෙම කිව්වා.

පින්වත් මාතලී, මේ පුණ්‍ය විපාකය දිහා බලන්න. හරි අසිරිමත් නේද? දිය යුතු දේ ඉතා යන්තම් දෙයක් වුණත් ඒ පින මහත්ඵල ඉපදෙව්වා නෙව. තථාගත වූ බුදුරජාණන් වහන්සේ ගැන වේවා, තථාගත ශ්‍රාවකයන් ගැන වේවා සිත පහදවා ගෙන සුළු දෙයක් දුන්නත් ඒ දක්‍ෂිණාව අල්ප  වෙන්නේ නෑ. පින්වත් මාතලී, එන්න අපිත් තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වඩ වඩාත් පුදමු. පින් කිරීමමයි සැපය කියන්නෙ.

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දීත්, උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සෙත් සම සිතින්ම යම් පූජාවක් කරනවා නම් සම විපාක ලැබෙනවා. මේ සත්වයන් සුගතියේ උපදින්නෙ සිත පිහිටුවා ගන්නා වූ යහපත් දේ අනුවමයි. යම් කෙනෙකුට පූජා සත්කාර කරන දායකයන් සුගතියේ උපදිනවා නම්, ඒ තථාගතයන් වහන්සේලා ඒකාන්තයෙන්ම ලෝකයට පහළ වන්නේ බොහෝ දෙනාට යහපත උදාකරන්ටමයි.

සාදූ! සාදූ!! සාදූ!!!
උපුටා ගැනීම:
මහමෙව්නා ත්‍රිපිටක පරිවර්තන - ඛුද්දක නිකාය 2 - විමානවත්ථු පාළි - 04. මඤ්ජෙට්ඨක වර්ගය - නව වන පීත විමානය
(සකළ සත හට කරුණාවෙන් උතුම් බුද්ධ වචනය සරළ සිහළට හැරවූ කිරිබත්ගොඩ ඥාණානන්ද සුපින්වත් ගුරුදේවෝත්තමයාණන් වහන්සේට නමස්කාර වේවා!!!)


Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails