සිංහලයා ගෙට වෙලා.....
Monday, April 12, 2010
, at 10:52 AM
(ගෞතම සංදේශය 15)
දැරිවියන්ගේ 'ගෙට වීම' ගැන අපි අසා ඇත්තෙමු. නමුත් ජාතියක 'ගෙට වීම' සවනතට තරමක් නුහුරු විය හැකිය. එනිසාමය අප අදහස් කළේ 'ගෞතම සංදේශය' තුළින් ඒ සඳහා ඉඩ හසරක් වෙන් කිරීමට.
ගෙට වූ දැරිවියට කිසිදු කරුණක් උදෙසා බාහිර ලෝකය හා සම්බන්ධයක් නොමැත. නැකැත් කෙරුවාවන් අහවර වී චාරිත්‍ර-වාරිත්‍ර නිමවන තුරු ඇය හිරු-සඳු නොදකී. ඇඳෙන් බහින, නාන, කන, බොන, වැසිකිළි යන වේලාවන් පවා තීරණය කරනුයේ හිත්-පිත් නැති, විටෙක නීච වන, තවත් විටෙක කිපෙන නව ග්‍රහයෝ ය. ඇගේ සියළු දෛනික කටයුතු කොට උඩ ය……. ඒ ගෙට වූ දැරිවිය යි. සාමාන්‍ය තත්ත්ව යටතේ දැරිවියක් ගෙට වන්නේ ජීවිතයට එක් වරකි. නමුත් ශ්‍රී ලංකාවේ මහ ජාතිය වන සිංහලයා වාර්‍ෂිකව 'ගෙට වෙති'. රටේ සියළු ආයතන වල සේවකයෝ නිවාඩු යති. බැංකු, කාර්‍යාල, ව්‍යාපාරික ස්ථාන වසා දමති. සියල්ලෝම ගෙවල්-දොරවල් බලා යති. ලිප් නිවති. ළිං වසති. පයිප්ප ද වසති. නොකති. නොබොති. නොනාති. ජාතියම ගෙට වෙති. සූර්‍යයාගේ දෙක මාරු වනතුරු බලා සිටිති. අනේ අනිච්ඡං....!
වසරක් පුරාවටම සාගින්නෙන් සිටියවුන් මෙන් කෑම බීම රැස් කරති. බුදින්නට නැකත එනතුරු මඟ බලති. වසර පුරාවටම නිරුවතින් සිටියවුන් මෙන් ඇඳුම් ගන්නට පෝළිං ගානේ ය. නොකා නොබී සිටි මේ නිරුවත් ගඳ ගසන ජාතිය නාන්නේ ද නැත. ඊට ද නැකත එනතුරු මුවඅයා බලා සිටිති. නානු ගා නාන්න සෙට්වෙන මොවුන්ගේ හිසට කොහොඹ කොළය. පයට නිදිකුම්බාය. කොහොඹ හා නිදිකුම්බා වෙනුවට කහඹිලියා හා පතොක් භාවිතයෙන් නැකත මහත් ඵල මහානිසංස වනු ඇත. සැමදා පායන හඳ දකින්නට ද මේ බත් බුදින වෘෂභයින්ට නැකතක් ඇත. සියල්ල අහවර වී රැකී රක්‍ෂා බලා යන්නේද ග්‍රහයා කියන පරිදි ය. ජොබ් එක ගහලා ගිය ද ග්‍රහයාට එරෙහි විය නොහැක.
හදිස්සියකට ගමනක් යාමට පාරට බැස්සොත් තේකක් බොන්නේ අල්ලාට පින් සිද්ධ වන්නටය. මන්ද යත් බවලත් ජාතිය ගෙට වී ඇති බැවිනි. පිඹුරුපත් සැකසෙමින් පවතින්නේ ආසියාවේ ආශ්චර්‍යය බවට පත් වීමට ය. ඊට කළින් මේ ජාතිය වනසන මිථ්‍යාදෘෂ්ඨික හණමිටි කාරයන් හට brain wash එකක් වුවමනාය. නැතහොත් සියළු ආශ්චර්‍යයන් පිඹුරුපත් අතර පමණක්ම සිරවූ සිහින බවට පත්වීම නොවැළක්විය හැකිය.
බුදුන් පහළ වූ දඹදිව මිථ්‍යා දෘෂ්ඨිකයින්ගේ මහ ගෙදරයි. එදා - අද මෙන්ම හෙටටත් එය එසේමය. එදා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින් අවබෝධ කොටගත් පරම සත්‍ය වූ ධර්මයන් දේශනා කරන විට වේදය සරණ ගිය බමුණු මත කරපින්නා ගත් සමාජය මුළුමනින්ම මේ උතුම් ධර්මයට එරෙහි විය. පිනැති බුද්ධිමතුන්ට පමණක් ගෝචර වූ ශ්‍රී සද්ධර්මය අවබෝධකරනට සමර්ථ වූයේ මහපොළොවෙන් බුදු නියසිළඟට ගත් පස් පිඬ හා සම වූ ඉතා අල්ප පිරිසකි. මහ පොළොව වන් සෙස්සෝ නිරය හරහා වැටුනු සසරටම වන් හ. බුදු බණක් නෑසූ සමාජයක් තිසරණයෙහි පිහිටුවීම අති බැරෑරුම් කර්තව්‍යය කි. බුද්ධ බලය දසත පැතිරී තිබූ එදා එය යතාර්ථයක් කරවීම ජයගත හැකි අභියෝගයක් විය. නමුත් අද තත්ත්වයන් ඊට හාත්පසින්ම වෙනස් ය. අධර්මවාදී මාර බලයන් දසත වෙලාගෙන ය. සත්‍යට ඉඩක් නැත. 'සත්‍යය ජයගනී' යන්න ද දඹදිවින් පාත් වූ බමුණු මතයක් විනා බුදු දහමේ සඳහන් නොවන්නකි.
ලාංකිකයා සියවස් ගණනාවක් පුරාවට බුදු බණක් ඇසුවේ නැත. බුදු බණක් කීවේ නම් එයද නොතේරෙන්නට ය. 99%ක්ම වූයේ බුදු බණ නාමයෙන් වූ සම්පප්‍රලාප ය. බණ කියන්නාගේ පුද්ගලික මතය විනා බුදු දහම ඉස්මතු නොවී ය. විටින් විට බදු දහම ඉස්මතු කිරීමට ගත් උත්සහයන් ද අධර්මවාදී බලවේග විසින් සූක්‍ෂමව මැඩලනු ලැබීය. බුදු බණ නොදත් චීවරධාරීහු බමුණාගේ වේදය සරණ ගියහ. බුදු දහමේ නාමයෙන් පැවිදිව, මහා සඟරුවට පිදෙන උතුම් දානය වළඳමින් කිසිදු හිරිකිතයක්, විලි ලැජ්ජාවක් නොමැතිව මොවුහු කේන්දර බලති. නැකැත් හදති. බලි-තොවිල්, යාග -හෝම කරති. වස් කවි කියති. ඒ මදිවාට මේ ගෙටවන බවලත් ජාතිය තව තවත් අඳුරේම තැබීමට කේන්දරේ, නැකතේ ගුණ වයති. මහණකම වරද්දාගත්තවුන් ලද විපාක ත්‍රිපිටකය පුරා අන්තර්ගත ය. මේ අධර්මවාදී චීවරධාරීන් හට උඩගෙඩි දෙන ගිහියන් හට අත්වන ශෝචනීය විපාක ද එහි මනාව පැහැදිලි කොට ඇත. සැප කැමැත්තෝ අප්‍රමාදී වෙත්වා!!!
බොහෝ දනා පවසනුයේ මේ සියල්ල මහින්දාගමනයෙන් ලද සංස්කෘතික උරුමයන් බව ය. ඊටත් වඩා මුලාවක් නැත. වැඩිහිටියන්ට ගරු කිරීම, නෑ ගම් යාම, පරණ තරහ අමතක කිරීම සඳහා අළුත් අවුරුද්ද ඉතා වැදගත් යැයි පණ්ඩිතයෝ දොඩති. තිසරණයෙහි පිහිටා කටයුතු කරන්නෝ නිතිපතා පිදිය යුත්තන් පුදති. දිනපතා මාපිය වැඩිහිටියන් වන්දනා කරති. අමතක කිරීමට තරහක් ඔවුන් තුළ නැත. මෛත්‍රිය, කරුණාව සෑම විටම පෙරදැරි ය. ඔවුන්ගේ ආධ්‍යාත්මික ගුණවගාවන් අති සාර්ථක ය. ඒ සඳහා අමුතුවෙන් දිනයක් හෝ කාලයක් අවැසි නොවේ. මේ බහුබූත විගඩම් සියල්ල පැමිණෙන්නේ තිසරණය ගිලිහුනු විටය. සංස්කෘතික අංගයන් පෙරටුකොට ගෙන උත්සවයක් ගැනීම හෝ දිනයක් වෙන් කිරීම සියළු කෙලෙසුන්ගෙන් නොමිදුනු සමාජයක සාමාන්‍ය දෙයකි. නමුත් ඒ මුවාවෙන් මිථ්‍යදෘෂ්ඨිය කරපින්නා ගැනීම මහත් අභාග්‍යය කි. මෝඩ කමකි.
බුදු දහමේ ඒකායන අරමුණ සියළු කෙලෙසුන් ප්‍රහාණය කරන ලද අමා මහ නිවන යි. එය මාර්ග ඵල සතරකින් යුත්, මාර්ග අංග තිස් හතකින් යුත්, ක්‍රමවත්, අර්ථවත්, ධනාත්මක වැඩපිළිවෙලකි. දෙකේ පංතියට යාමට පෙර අප බාලාංශය සමත් විය යුතුය. බුදු දහමෙහි මූලිකම වන්නේ සෝතාපත්ති ඵලය යි. එනම් මිථ්‍යාදෘෂ්ඨිය සහමුලින්ම දුරුකොට සසරේ ආරක්‍ෂාව සලසා ගැනීමයි. මෙම ආරක්‍ෂාව යනු බිලි දී, බලි තොවිල් කොට, හතර කොනේ මුට්ටි එල්ලා ලබා ගන්නක් නොවේ. එය මිථ්‍යාදෘෂ්ඨිය දුරලා දහම තුළට අනුගත වීම නිසා සිදු වන සතර අපායෙන් අත්මිදීම යි. එය ඔලිම්පික් පදක්කමක් මෙන් ප්‍රදානය කොට ආපසු ලබා ගන්නක් නොවේ. පෙට්ටගමක හෝ සේප්පුවක බහා තබන්නක් ද නොවේ. එය දහමෙහි හැසිරෙන ප්‍රඥාවන්තයින් හට පමණක් ඇතිවන අවබෝධයකි.
කළය මුනින් අතට හරවා කොපමණ ජලය වත්කල ද කළය නොපිරේ. අප කොපමණ කරුණු කාරණා ගෙනහැර දැක්වුව ද විවෘත මනසකින් තොරව ඒ දෙස බලන්නා කිසි කලෙක සත්‍යයට නොපැමිණෙයි. යතාර්ථය ඔහුගෙන් දුරස් වෙයි. සත්‍යයේ ඥාණාලෝකය ඔහුට අහිමි ය. ඔහු අඳුරේම ඉපිද, අඳුරේම ජීවත්ව, අඳුරේම මියැදෙන, සියළු දෙනාගේ අනුකම්පාව ලැබිය යුතු තවත් එක් අවාසනාවන්තයෙ කි.
ශ්‍රී සද්ධර්මය මහ සයුර වැනිය. අප මේ කතා කරන්නේ වෙරළ ගැනය. දියඹ තව බොහෝ දුරය.
'ගෞතම සංදේශය' -
මුලාවෙහි ගිලෙන්නට නොව අවබෝධයෙහි සැරිසරන්නට ......

නිමල බුදුදහමට පරිබාහිර වූ තම පෞද්ගලික මතවාද පතුරුවා හැරීම සඳහා comments තීරුව තෝතැන්නක් නොකරගන්නා මෙන් ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඒ සඳහා ගෞතම බුද්ධ ශාසනයට පිදුම් දුන් DhammaMedicine තුළ ඉඩක් නොමැති බව කරුණාවෙන් සලකන්න.
සහතික ඇත්ත, සම්පූර්ණයෙන් එකඟයි!
"අරහං බුදු ගුණෙන් මගේ, හිරුගෙ අපලෙ දුරු වේවා!" කියන චීවරධාරීන් සිටින රටක මේවා සුලු දේවල්ය. එරෙහිව කතා කළොත් සදාචාරයට, සභ්‍යත්වය, අවුරුදු දෙදාස් පන්සීයට එරෙහිව යාමකි!
---
SBU සින්ඩිකේටරය හරහා ඔබේ ලිපි මගේ Google Reader ගිණුම වෙත ආවද, මින් පෙර ඔබගේ ලිපි නොකියවූයේ මෙයද හුදෙක් "බණ කියන" තැනක් ලෙස සිතමිනි.
නමුත් මෙය මාගේ මතයන් හා බොහෝ ලෙස ගැළපෙන තැනක් බව පෙනේ.
මේ නැකැත් ගැන මහා ලොකුවට පුරසාරම් දොඩවන එක අයෙක් හෝ බුදු ගුණ ගැන, ශ්‍රී සද්ධර්මයේ ගුණ ගැන හෝ රහතන් වහන්සේලාගේ ගුණ ගැන කතා කරනවාද?
Im a Sri Lankan Muslim. But I agreed abt your article abt Sri Lankan Buddhist. Good Work.