ජීවිතය සමග සමබරව භාවනාව පවත්වා ගැනීම - 02
Saturday, April 24, 2010
, at 11:28 PM
(ජීවිතය සමග සමබරව භාවනාව පවත්වා ගැනීම - 01 හා සම්බන්ධයි)
බණ භාවනාත් එහෙමයි. බණ භාවනාව උදේටත් කරන්න. දවල්ටත් කරන්න. රාත්‍රියටත් කරන්න. තමන් පුරුදු කරන භාවනාව ටික ටික හරි කරන්න. අපිට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ අන්න එහෙම කළොත් විතරයි. එහෙම නොවුනොත් අපිට ඒ භාවනාව දියුණු කර ගන්න බැරිව යනවා. ඒ විදියට නො කළොත් , දියුණු වු භාවනාවක් තියෙනවා නම්, ඒක වැඩි දියුණු කර ගන්නත් බැරිව යනවා.
ඊළඟ දේ තමයි යම් සමාධියක් ඉපදුන කෙනෙක් ඉන්නවා නම්, ඒ සමාධියෙන් අපිට ප්‍රයෝජන ලබා ගන්න නම්, ඒ සමාධිය බලවත් කර ගන්න නම්, එයා උදේ දවල් හවස මේ කාලවලදී භාවනා කළ යුතුයි. එහෙම භාවනා නොකර හිටියොත්, ඒ සමාධිය බලවත් කර ගන්න බැරිව යනවා. සමාධියෙන් ලැබෙන ඒ සුව පහසුව නැතිව යනවා. අපිට යම් වෙලාවක හිතුනට මේක කෙරෙන්නේ නෑ කියලා. නමුත් ඩිංගක් හරි කෙරෙනවා. දැන් අර කන්දක යන්නා වගේ. අපි හැරමිටියක් ගහ ගහ හරි හිමීට යනව නේ.... නේ ද? හිමීට හිමීට හරි යනවා. ඒ නිසා අපි ඒක තේරුම් ගන්න ඕනෑ. අපි කෙරෙන්නෙ නෑ කියලා කල්පනා කළාට සිත අභ්‍යන්තර වශයෙන් ටික ටික හරි කෙරෙනවා.
දැන් කෙරෙන්නේ නෑ කියලා අපි හිතන්නේ අර හොඳට තිබුණු අවස්ථාවක් පිළිබඳ කල්පනා කරල යි. අපි හිතමු දවල් කාලෙ හොඳට භාවනා කෙරෙනවා. නමුත් ඒ විදියට උදේ කෙරෙන්නේ නෑ. එතකොට අපි හිතනවා දැන් කෙරෙන්නේ නෑනේ කියලා. නමුත් එතකොටත් ඩිංගක් හරි කෙරෙනවා. ඒ නිසා අපි දවසේ කාලය පුරාම ක්‍රමානුකූල ව ඒ කරන බණ භාවනා කර ගන්න බලන්න. එහෙම නැත්නම් අපිට සාර්ථකත්වයක් ඇති කර ගන්න බැරිව යනවා.
ඊළඟ කාරණාව තමා, අපි හිතමු ඒ විදිහට දවසේ ඒ කාලය තුළ උදේ දහවල් රාත්‍රි මේ විදියට භාවනා නො කරන කෙනෙක් හිටියොත්, එයාට භාවනා කිරීමෙන් ලැබෙන සුව පහසුව ලබා ගන්න බැරිව යනවා. මොකද එතකොට එක වෙලාවක් පමණ යි භාවනා කරන්නේ, වැඩි වෙලාවක් භාවනා කරන්නේ නෑ. එතකොට භාවනා කිරීමෙන් ලැබෙන සුව පහසුව හොදින් පවත්වාගෙන යන්න එයාට පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. සමබර ව භාවනා කර ගන්නවා නම්, හොඳින් සුවපහසුව පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබෙනවා.
ඇත්තෙන්ම භාවනා කිරීමෙන් තමයි යම් සුවපහසුවක් ලබන්න පුළුවන්කම තියෙන්නේ. භාවනා කිරීමෙන් තමයි අපිට රාග ද්වේශ මෝහ තුනී කර ගැනීමේ හැකියාව උපදින්නේ. ඒ තුනී වු පමණින් සුව පහසුවක් ලැබෙනවා. නමුත් ඒක සම්පූර්ණ සුවපහසුවක් නෙමෙයි නේ නේ ද? ඩිංගක් භාවනා කරන කෙනෙකුට රාග ද්වේශ මෝහ තුනී වෙන්න පුළුවන්. යටපත් වෙන්න පුළුවන්. ඊට පස්සේ එයාට සැපයක් ඇති වෙනවා. ඉතින් ඒ බණ භාවනා හොඳින් වැඩි වෙලාවක් දවස පුරා සමබර කරලා කළොත්, එතකොට කුසල් දහම් බලවත් වෙලා යනවා. කුසල් දහම් බලවත් වෙනකොට අකුසල් ගෙවෙන්න පටන් ගන්නවා.
ඒක යි අපි දවසර පුරා ඒ කාලය සමබර විදියට කරගෙන යන්න ඕනෑ. එහෙම නැත්නම් අපි වැඩි කාලයක් අකුසල් ගෙවෙන්නේ නැති විදියට යි ඉන්නේ. අපි භාවනාවක් දවස පුරාවට කරනවා නම් අකුසල් ගෙවෙන විදියට තමා අපි පුරුදු කරන්නේ. ඒ නිසා කාලය අපතේ දාගන්න එපා. සමාධිය පුරුදු කරන කෙනෙක් ඉන්නවා නම් එය ත් එහෙම කරන්න ඕනෑ. එයා දැන් ඉතින් මට සමාධිය තියෙනවා නේ ....කියලා හිතල භාවනා කරන වෙලාව අතපසු කර ගත්තොත්, එයාට ඒ සමාධියෙන් ලැබෙන සැපය හීනවෙලා යන්න පුළුවන්. කලක දී සමාධිය දුරු වෙලා ලැබෙන සැපය නැතිව යන්න පුළුවන්.
ඒ නිසා සමාධිය තියෙන කෙනා සමාධිය හොඳින් පවත්වන්නත්, සමාධිය මගින් උපදවා ගන්න පුළුවන් අනෙකුත් කුසල් දහම් උපදවා ගන්නත්, එයා කළ යුත්තේ උදේ දහවල් රාත්‍රි ඒ කාලයේ සමබර කරමින් ඒ සමාධිය පුරුදු කරන්න කල්පනා කිරීම යි. සමාධිය පුරුදු කරන්න කරන්න සමාධිය වඩන්න වඩන්න තමයි සුව පහසුව ඇති වෙන්නේ.
දැන් අපි හිතමු රහතන් වහන්සේ නමක් ගැන. උන් වහන්සේ සම්පූර්ණයෙන් රාග ද්වේශ මෝහ දුරුකරල යි වැඩ ඉන්නේ. උන්වහන්සේටත් ලොකු සැපතක් ලබන්න පුළුවන් සමාධියෙන්. සමාධිය තුළ ඉන්න කොට විශාල සැපතක් තුළයි ඉන්නෙ. සමාධියේ ඉඳලා ආපහු නැගී හිටියට පස්සේ ඒ රහතන් වහන්සේලාට දකින අය කියනවා නේද මුහුණ ප්‍රසන්න යි කියලා. එතකොට බලන්න රහතන් වහන්සේලා පිළිබඳව එහෙම යි. එතකොට අනිත් අය ගැන කවර කථා ද? රාග ද්වේශ මෝහ දුරු කරපු කෙනාටත් සමාධිය තුළ ඉන්න කොට අතිශය සැපක් තියෙනවා නම් රාග ද්වේශ මෝහ දුරු නො කරපු, රාග, ද්වේශ, මෝහ සහිත කෙනෙක් සමාධියක් තුළ ඉඳීමෙන් කොච්චර සුවයක් තියෙනව ද?
ඒ නිසා කම්මැලිකම ඇති කර ගන්න එපා. අමාරු යි කියලා නො කර ඉන්න එපා. කලක් යනකොට පුරුදු වෙලා යනවා. මුලදිම අමාරුයි තමයි. ඒක මේ වගේ් කාරණයක්. දැන් බලන්න අපි ගිහි කාලයේ මතක ඇති සපත්තුවක් ගත්තම, සපත්තුවක් ඉස්සෙල්ලාම අදිනකොට පහසු යි ද? ගොඩකට පහසුවක් නෑ. කකුල කැපිලා තුවාල වෙලා ඉතා අමාරුයි. ටික කලක් ගියායින් පස්සෙ එහෙම අමාරුවක් තිබ්බදවත් පේන්නෙ නෑ. ඉතා සුවපහසු යි නේ ද?
ඒ වගේ් භාවනාවක් පුරුදු කරන්න ඉස්සෙල්ලාම පටන් ගන්න කොට අමාරුයි. නමුත් කලක් යද්දී පුරුදු වෙලා ඉතා සුවපහසු යි, සැප සහිතයි. දැන් අපි එක භාවනාවක් කරනවා, ඊට පස්සේ අපි අලුතෙන් තව භාවනාවක් කරනවා කියලා හිතමු. එතකොටත් එහෙමයි. අලුතින් යමක් පටන් ගන්නකොට අමාරුයි . දැන් අර සපත්තු දාල පුරුදු කෙනෙක් ආයේ සපත්තුවක් ගන්නවා. පුරුදු යි කියලා නෑ නේ ද?, අලුතින් එකක් ගන්න කොට....? ආයෙත් අර අපහසුව එනවා.
ඒ වගේ තමයි භාවනාවක් පුරුදු කරපු කෙනා අලුතින් තව භාවනාවක් පුරුදු කරන කොට අපහසුකම් තියෙනවා. ඇයි ඒ ....? ඒ අපහසුකම එන්නේ පුහුණු නැති නිසා, පුහුණු කිරීමත් සමග ම අපහසුව දුරු වෙලා යනවා. ඒ නිසා සමහර වෙලාවට උදේට කම්මැලිකම තියෙන්න පුළුවන්. නොවැඩී තියෙන්න පුළුවන්. නමුත් වැඩෙන්නෙ නෑ කියලා ගන්න එපා. නිදිමත එන්න පුළුවන්. ඒකට යට වෙන්න එපා. මම මේක පුරුදු කර ගන්න ඕනෑ කියන හැඟීමෙන් පුරුදු කර ගන්න. කලක දී ටික ටික හරි යනවා. පුරුදු වෙලා යනවා.
දහවල් කාලයේ ත් එහෙමයි සමහර විට නිදිමත තියෙන්න පුළුවන්. ඒකට අහුවෙන්න එපා. දැන් ඉතින් දවල් මට අමාරුයි. නිදිමතයි. කියලා හිතන්න එපා. එතනදී පස්සේ කරන්නම් කියලා හිතෙයි. එහෙම ගන්න එපා. නෑ ...මම දැන් පුරුදු කරන්න ඕනෑ...කියලා හිතලා පුරුදු කරන්න. ඉතින් කලක දී අපහසුකම් දුරු වෙලා සුව පහසුව එයි.
රාත්‍රි කාලෙ දී කෙනෙකුට හිතෙන්න පුළුවන් ‘දැන් අමාරු යි ..නිදි මතයි ‘ කියලා. ඒකට යට වෙන්න එපා. ඒක අතහැරලා පුරුදු කරන්න. ඒ විදියට අපි උදේ දහවල් රාත්‍රි කාල වලදී ක්‍රමානුකූ®ල ව කළොත් කලක් යනකොට, ඕනෑම වෙලාවක භාවනාවක් කරන්න. ඕනෑ ම වෙලාවක සමාධියට සම වදින්න පුළුවන් කමක් තියෙයි. එතකොට අපිට දවස පුරා ප්‍රණීත ව වාසය කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ ප්‍රණීත බව ඇති වෙන්නේ සමාධිය පුරුදු කිරීමත් සමගයි.
සමාධිය කියලා කියන්නේ නිවන් මඟ. නිවන් මඟ කියලා කියන්නේ අකුසල් දුරු වීම පිණිස උපකාර කර ගන්නා වූ දේ...අපි ධර්මයේ හැසිරෙන්න පටන් ගත් පමණින් ම අප තුළ තියෙන අකුසල් සියල්ල ගෙවිලා යන්නේ නෑ නේද?...අකුසල් දුරු වීම පිණිස අපි මොකක්ද කළ යුත්තේ. නිවන්මඟ වඩන්න ඕනෑ.නිවන් මඟ කියලා කියන්නේ සමාධියයි. සමාධිය වැඩීමෙන් ම තමයි අකුසලය දුරු වෙලා යන්නේ. ඒ නිසා අපි සමාධිය පුරුදු කරන්න, සමාධිය තුළ වැඩි වෙලාවක් වාසය කරන්න පුළුවන්කම ඇති කර ගන්න ඕනෑ. හැබැයි එය ක්‍රමාණුකූ®ලව කළ යුතු දෙයක්.
මොකද එතන තමයි අකුසල් ගෙවිලා යන තැන. අර ගිනි මද්දහන තියෙන වෙලාවෙ දි වතුර ටිකක් ඇගේ ගා ගන්නකොට සුවයක් එනවා නේ ද? වතුර ටික ගාලා ටිකකින් නැවත අපහසු යි. එහෙනම් එයා නිතර වතුර ගැවසෙන තැනක හිටියොත් එහෙම අව්ව කොච්චර තිබ්බත් ගැටලුවක් නෑ නේ ද? අන්න ඒ වගේ තමයි අපි නිතර බණ භාවනාවේ යෙදිලා ඉන්නව නම්, බහුල වශයෙන් සමාධිය පුරුදු කරනවා නම්, අර අකුසලයෙන් එන බලවත් පීඩා එනවා ද? නෑ. ඒ පීඩා දුරු වෙන්න පටන් ගන්නවා.
එතකොට අකුසලය ටික ටික ගෙවිල යනවා. ඇයි අපි අකුසලය පවත්වන්නේ නෑ. කුසලය තමයි පවත්වන්නේ. කුසලය පවත්වන්න පවත්වන්න අකුසලය ගෙවිලා යනවා. එකට යි ඒ උදේ දහවල් රාත්‍රී කියන ඒ කාල වලදී ක්‍රමානුකූ®ල ව භාවනා පුරුදු කළ යුත්තේ. ඒක මතක තියා ගන්න. මතක තියාගෙන පුරුදු කර ගන්න. මුල දි එක දිගට පැය ගණන් කරන්න බෑ. එහෙම කරන්න හිතන්නත් එපා. කරන්නත් එපා. එතකොට අපි අසාර්ථකයි. මුලදී ටික ටික කරන්න.
කලක් යනකොට අපිට තේරෙයි මේක සාර්ථක යි කියලා. සමාධිය තියෙන කෙනාත් එහෙම යි. එහෙම නැත්නම් අපිට ඒ සමාධියෙන් මහත් ඵල ප්‍රයෝජන ලබා ගන්න බැරිව යනවා. නොලැබූ කුසල් දහම් ලබා ගන්න බැරිව යනවා. ඒ නිසා මේ දේශනාවෙ තියෙන කාරණාව මම හිතන්නේ ඔයගොල්ල තේරුම් ගනීවි. භාවිතා කරාවි. ඒ කාරණාව තෝරා බේරා ගෙන අපි ජීවිතයට ගලපා ගත්තොත් අපිට මේ ධර්මයෙන් යම් පිහිටක් පිළිසරණක් ලබා ගන්න පුළුවන්.
එහෙම වුණොත් ඒ පිළිසරණ උපරිම වශයෙන් ලබා ගැනීමේ අවස්ථාව අපිට තියෙනවා. ඒ උපරිමය කෙසේ වෙතත් අවම පිහිටක් හෝ ලබා ගන්න කල්පනා කරන්න. ඉතින් ඔය ගොල්ලන්ට ඒ අවස්ථාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ බණ භාවනා පුරුදු කරගෙන ඒ කෙළෙස් වලින් විඳීන දුක් වේදනා අඩුගානේ යටපත් කරගෙන හෝ සුව පහසුව සිටීවා කියන කැමැත්ත අපි තුළ බලවත්ව තිබෙනවා. ඒ රාග ද්වේශ මෝහ නිසා විඳින අපහසුකම් දුරු වේවා කියන හැඟීම අපි ළඟ තියෙනවා. ඒ රාග ද්වේශ මෝහ යම් කලක දී ඔබලාට පරිපූර්ණ වශයෙන් දුරු කර ගන්න පුළුවන්කම ලැබුණොත් අපි තුළ ඒකට බලවත් සේ කැමැත්තක් තියෙනවා. පරිපූර්ණ ත්ත්වයක් කෙසේ වෙතත්, රාග ද්වේෂ මෝහ තුනී කරගෙන හෝ ඉන්න අවස්ථාව උදාවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාට ම තෙරුවන් සරණයි.

'බුදුසරණ' පුවත් පතේ පළ වූ ලිපියකි
http://www.lakehouse.lk/budusarana/2010/04/13/tmp.asp?ID=vision03
සියලු දෙනාට ම තෙරුවන් සරණයි