Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

රැස් කරනා පින එයි පසු පස්සේ....

Thursday, April 1, 2010 , at 9:52 PM


.....පින්වත් දෙව්දුව​, ඔබ ඔය සුන්දර රූපෙන් බැබලෙමින් ඉන්නෙ හැම දිසාවක්ම බබුළුවන ඕසධී තාරකාවක් වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද​? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ වගේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින් ද​?
මහානුභාව ඇති පින්වත් දෙව්දුව​, මිනිස් ලෝකෙ ඉන්න කාලෙ මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලි ඉන්න පින මොකක් ද​? ඔබේ සිරුරෙන් විහිදෙන් එළියෙන් හැම දිසාවම බබලනවා.

මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි ඒ මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩක් සතුටු වුනා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුනේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.
 
මම කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ස්ථූපයට පස් ආකාර සුවඳ වර්ග පූජා කළා.

ඒ මගේ දිව්‍ය විමානය බලනු මැනවි. මම අප්සරාවක්. කැමති කැමති රූපයන් මට මවාගන්න පුළුවන්. පිනේ විපාකය බලන්න​. මම දාහක් අප්සරාවන්ට උතුම් කෙනෙක්. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිණෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි.
 
මහානුභාව සම්පන්න වූ ස්වාමින්වහන්ස​, මිනිස් ලෝකෙදි ඔය පින තමයි මම කරගත්තෙ. ආනුභාව සම්පන්නව බැබැලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන් එළියෙන් හැම `දිශාවම බබළනවා.....
 
සාදූ! සාදූ!! සාදූ!!!
උපුටා ගැනීම​:
මහමෙව්නා ත්‍රිපිටක පරිවර්තන - ඛුද්දක නිකාය 2 - විමානවත්ථු පාළි - 03.පාරිච්ඡත්තක වර්ගය - පස්වන ගුත්තිල විමානය​ 
(සකළ සත හට කරුණාවෙන් උතුම් බුද්ධ වචනය සරළ සිහළට හැරවූ කිරිබත්ගොඩ ඥාණානන්ද සුපින්වත් ගුරුදේවෝත්තමයාණන් වහන්සේට නමස්කාර වේවා!!!)


Bookmark and Share

Currently have 2 comments:

  1. Anonymous says:

    මට ප්‍රශ්නයක් තියෙනවා...
    අපිට බැරිද අපි එකතු කර ගන්න පින් වලින් ටිකක්, වෙන කෙනෙකුටත් ටිකක් දෙන්න..
    මැරිච්ච කෙනෙකුට නෙමෙයි, ජීවත් වෙලා ඉන්න කෙනෙකුට...

    (මේක විහිළුවට නෙමෙයි ඇහුවේ, ඇත්තටම)

  1. Unknown says:

    මෙහෙමයි.....
    අපට පුලුවනි ජීවත් වෙලා ඉන්න අයට අපි කරන පින් අනුමෝදන් කරන්න​. සිත් පහදවාගෙන අනුමෝදන් වෙන එක ඒ අයගෙ වැඩක්. බලෙන් දෙන්න බැහැ. ඒක හරියට සතෙකුට කෑමක් දෙනව වගේ. අපට පුලුවනි කෑම ටික පිඟානකට දාල තියන්න​. කන එක සතාගෙ වැඩක්. අපිට කවන්න බැහැනෙ.

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails