Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

තාරුණ්‍යයේ ඔබ සැමට ආරාධනා....!

Thursday, February 4, 2010 , at 3:23 PM

ආදරය සෙනෙහස කියන්නෙ මහ පුදුමාකාර අත්දැකීමක්. මිනිසෙක් ගැහැණියකට, ගැහැණියක් මිනිසෙකුට ළං වෙන පුදුමාකාර බන්ධනයක්. බෝසතුන් සසරේ ආදරය කළ අයුරු චන්ද කින්නර ජාතකයේ මැනවින් පෙන්වා දෙනවා...!

ඒත් මේ ආදරය සෙනෙහස නියමාකාරයෙන් සිදු විය යුතු අයුරු ඔබ දන්නවාද..? ලොව උතුම් ම සෙනෙහසක්, පූජනීය සෙනෙහසක් සහ ඒ සෙනෙහස තුළ ගැබ් ව ඇති වගකීම් ගැන ඔබ දන්නවා ද? සුන්දර ජීවිතයක් ධර්මානුකූලව ගොඩනගාගන්නා අයුරු ඔබ දන්නවාද..? සතුටින් සමගියෙන් සොදුරු දිවියක් ගත කරන අයුරු ඔබ දන්නවාද...?

වෙළෙන්දන් පෝෂණය කරන වැලන්ටයින් කාම මිත්‍යාවට රැවටෙන්න එපා...! තෙරුවන් සරණ ගිය යොවුන් ඔබ සැමගේ යුග දිවිය, ගිහි දිවිය, තාරුණ්‍යය ආලෝකමත් කරගැනීම පිණිස ගෞතම බුදු සමිදුන‍්ගේ ධර්මය ඔබේ සිත තුල තැන්පත් වන්නට ඉඩ හරින්න.

අමාවතුර කල්‍යාණමිත්‍රයෝ යොවුන් සභාව සංවිධානය කරන දැවැන්ත යොවුන් වැඩසටහනක්...! පාසැල් වයසේ, විශ්ව විද්‍යාල වල, රැකියා ආයතන වල, යුග දිවි ගෙවන, දස දහස් ගණනක තරුණ තරුණියන්ගේ ධාර්මික එක්තැන් වීමක්...!

කැලණිය රජ මහා විහාරයේ සෑ රදුන් අභියස දී...!

පෙබරවාරි 14 වැනි දින සවස 4.00 සිට

අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන්...!

සුන්දර තාරුණ්‍යයේ ප්‍රීතිමත් අනාගතයක් උදෙසා....
යොවුන් වියේ පසුවන ඔබ සැමට ආරාධනා...!

(මෙම පණිවිඩය හැකි තාක් ප්‍රචාරය කරන්න)

Bookmark and Share

Currently have 1 comments:

  1. Anonymous says:

    බොහොම හොඳයි වැඩේ...

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails