Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

සත්‍යයේ සටහන - බුද්ධියේ විමසුමට

Wednesday, February 3, 2010 , at 4:34 PM

 
කුමට කා බී නිති සැරසෙන්නේ
කොතැන මේ කය අරගෙන යන්නේ


සාමාන් ලෝකයා කයෙහි පවතින පිළිකුල් සහගත දේ ගැන කතාකිරීමට කිසිසේත්ම කැමති නැත​. ඔවුහු සිරුරේ ඇත්තා වූම අසුභ දෙය සුභ වශයෙන් ගෙන නොයෙක් අයුරින් වර්ණනා කරති. කයෙහි තිබෙන්නා වූම අසුභය සිහිකිරීම නොකළ යුතු දෙයක් කොට සළකති. එහෙත් භාග්යවත් බුදුජාණන් වහන්සේ නමක් ලෝකයෙහි පහළ වීම නිසා තමා තුළ පවතින යතාර්ථය දෙස බැලීමේ භාග්යය ලෝකයට උදා විය​. උන්වහන්සේ අපට අනුශාසනා කර වදාළේ අසුභ දෙය අසුභ වශයෙන් බැලීමටය​. අනිත් දෙය අනිත් වශයෙන් බැලීමටය​. දුක් දෙය දුක් වශයෙන් බැලීමටය​. අනාත්ම දෙය අනාත්ම වශයෙන් බැලීමටය​. එහෙයින් අසුභ දෙය අසුභ වශයෙන් බැලීම අස්වාභාවික දෙයක් නොවේ. අස්වාභාවික වන්නේ අසුභ දෙය සුභ වශයෙන්, සුන්දර වශයෙන් බැලීමය​. තම ශ්රාවකයන්ට ජීවිතයේ යතාර්ථය පෙන්නා දී සැබෑ විමුක්තිය උදාකරදීම බුදුරජාණන් වහන්සේගේ ඒකායන අභිලාෂය විය​.


"පින්වත්නි, කයේ අසුභය දකිමින් වාසය කරන විට 'සුභ' යැයි (සුන්දර) සිතෙහි මුල් බැසගෙන යම් රාගයක් ඇත්ද එය දුරුවී යයි. තමාගේ සිත තුළ ආනාපානා සතිය මනාව පිහිටා තිබෙන විට සිතට පීඩා ඇතිකරවන අනවශ් ලාමක විතර්ක ඇති නොවේ. සියළු සංස්කාර ධර්මයන් අනිත් වශයෙන් දකිමින් වාසය කරන විට, සිතෙහි යම් මුලාවක් ඇත්ද එය දුරු වී යයි. යම් අවබෝධඥාණයක් ඇත්ද එය උපදී"
(ඛුද්දක නිකාය - ඉතිවුත්තක පාළි - අසුභානුපස්සී සූත්රය​)


සතර මහා භාතයන්ගෙන් හටහත් මේ කයෙහි ඇත්තේ කළු පැහැයෙන් යුතු වූ, පුළුටු ගඳින් යුතු වූ, දිරායන සුළු වූ කෙස් ​. නිරතුරුවම දහදිය හා කුණු සමඟ තැවරී තිබෙන ලොම්​. දිරා යන ස්වභාවයෙන් යුතු නියපොතු ​. කුහර හට ගැනීමෙන් කුණු වන්නා වූ, නිරතුරුවම දුර්ගන්ධය හමන්නා වූ, මැලියම් තැවරී ගිය දත් ​. කළක දී පතුරු ගැලවී යන්නා වූ, හොරි-බිබිලි-අළුහම්-දද​-වණ​-කුෂ්ඨ ආදිය හටගන්නා වූ සම ​. තුවාල වූ විට කුණු වී සැරව පිරෙන්නා වූ, වහා පණුවන් හටගන්නා වූ මස් වැදලි ​. නොයෙක් ප්රමාණයෙන් යුතු වැල් පුරුක් ලෙසින් සිරුරේ මස් අතර වැදී සිටින නහර වැල්​. හිස් කබල, ගෙල ඇට, උරහිස් ඇට, ඇඟිලි ඇට, පපු ඇට, ඉල ඇට, කොඳු ඇට, කළවා ඇට, දණහිස් ඇට, පා ඇට, පා ඇඟිලි ඇට ආදී වශයෙන් නහර වැල් වලින් හා මසින් වෙලා ගත් ඇටසැකිල්ල ​. ඇට ඇතුලේ පවතින ජල්ලි වැනි වූ වහා කුණු වී යන ඇට ලොඳ ​. අඹ ගැට දෙකක හැඩය ගත්තා වූ, ලේ ධාතුවට එක්වන ජලය පෙරා මුත්රා බවට පත්කරවන, නොයෙකුත් ලෙඩ රෝගයන්ගෙන් නරක් වන වකුගඩු ​. ලේ ධාතුව සිරුරේ පැතිරවීමේ මූලික ස්ථානය වන පිළී ගඳ හමන, ලෙය අඩපතක් පමණ රැඳී ඇති මස් ගොබය වන හෘදමාංශය ​. පිළී ගඳ හමන, ලොකු ලේ කුට්ටියක් වැනි වූ, කුණු වී යන්නා වූ, කැවුතු මස නම් වූ අක්මාව ​. කහ පාටින් යුතු පිත වගුරුවන්නා වූ පිත්තාශය ​. කුණු වී යන, මස් වැදැල්ලක් වැනි වූ බඩදිව ​. දසත විහිදී ගිය කුඩා නාලිකා වලින් සෑදුනු ලොකු වැටකොළු දෙකක් වැනි වූ, හුස්ම ඉහළ ගත්විට පිම්බෙන්නා වූ පහළ හෙළූ විට හැකිලෙන්නා වූ, ලෙයින් මසින් වැකුණු පෙණහළු ​. හම ගැසූ ගැරඬියකු ලේ ඔරුවක දරණ ලා සිටින්නාක් වැනි වූ, කුස තුළ තෙරපී දරණ ලා තිබෙන,පණුවන්ගෙන් ගැවසුන කුඩා බඩවැල ​. වැළඳූ ආහාර අසූචි බවට පත්වෙමින් නලයක් දිගේ ඇදෙන්නාක් මෙන් එකතු වෙමින් ඇදී යන, අසූචියෙන් පිරුණු මහ බඩවැල ​. සපා කෙළ සමඟ මිශ් වී ගිය ආහාරය බලු වමනයක් පිරවූ මල්ලක් සේ පවතින බොක්ක නම් වූ අමාශය ​. වැළඳූ ආහාරය දිරවා යාමෙන් කුණු වූ මැටි පිඬක් සේ අධික දුර්ගන්ධය හමන්නා වූ අසූචි ​. හිස් කබල ඇතුලේ දඟර ගැසී පවතින, ලේ තැවරුණ කුරුම්බා ලොඳ වැනි මොළය ​. 


දුගඳ හමන්නා වූ, කහපාටින් යුතු දියරය වන පිත ​. සතුන් දැමූ වමනයක් සේ දුගඳ හමන පෙණ ගොඩින් යුතු, සෙවෙල ගතියෙන් වැගිරෙන සෙම ​. ලේ ධාතුව කුණු වීමෙන් පසු වහා පණුවන් හටගන්නා වූ කහපාට දියරයක් වැනි සැරව ​. පිළී ගඳ හමන්නා වූ රක්ත වර්ණයෙන් යුතු දියරය වන ලේ ​. ලුණු වතුරක් වැනි වූ, මහත් දුර්ගන්ධයෙන් යුතු වූ, සිරුර පුරාම වැගිරෙන දියරය දහදිය ​. සමටත් මසටත් අතර පවතින තෙල් තට්ටුව වන තෙල් මන්ද ​. දෑස් ගොබළු මතින් වැගිරෙන්නා වූ පිළිකුල් උපදවන, ලුණු වතුරක් වැනි කඳුළු ​. දහදිය සමඟ එක්ව මේදය තුළින් තෙල් ගතියෙන් මතුවන වුරුණු තෙල ​. මුඛයේ දෙකොපුල් අතරින් වැගිරෙන්නා වූ, දුගඳ හමන සෙවල ගතියෙන් යුතු, පෙණ සහිත වූ කෙළ ​. කහපාටින් යුතු වූ, ඇලෙන සුළු වූ, දුගඳ හමන්නා වූ, නාසයෙන් වැගිරෙන්නා වූ සොටු ​. ඇට සන්ධි අතර තැවරී ඇත්තා වූ සෙවල සහිත දියරය වන සඳ මිදුළු ​. අපවිත් දියරයක් වශයෙන් සිරුරෙන් බැහැර වන, අධික දුර්ගන්ධයෙන් යුතු දියරය වන මුත් ​.


"යට යම් සේ නම් උඩටත් එසේමය
උඩ යම් සේ නම් යටටත් එසේමය​"
(සංයුක්ත නිකාය - ඉද්ධිපාද විභංග සූත්රය​)

(සම්පූර්ණ උපුටා ගැනීම: අමා නිවන් සුව බොහෝ දුර නොවේ!!! -මහා සතිපට්ඨාන සූත්රය- පූජ් කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමින්වහන්සේ)

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails