Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

අපි හැබෑවටම නිදහස් ද? (ගෞතම සංදේශය 09)

Monday, February 1, 2010 , at 11:07 AM


නිදහස් දේශයක්, නිවහල් හෙට දවසක් ගැන හැමතැනම ඝෝසා ඇහෙනවා බොහොම තීව්‍ර විදියට​. ක්රි.​.1500 ගණන් වල ඉඳලාම අපි ඔය ගැන ඝෝසා කළානෙ. අවට සමාජයේ කරුණු කාරණා විදියට සිද්ධ වෙද්දි සැබෑම නිදහස ලෝකයට කියලා දීපු, නිදහසට මඟ කියා දීපු, ක්රියාවෙන් පෙන්වලා දීපු, නිදහස කරා වූ මාර්ගයේ තම ශ්රාවකයන් මනාව හික්මවනු ලබපු තුන්ලෝකාග් වූ, දෙව් මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ මේ 'නිදහස' ගැන කළේ මොන ආකාරයේ විග්රහයක් ? අද අපි ගෞතම සංදේශය තුළින් මේ ගැන මොහොතක් දෙඩමළු වෙමු.


එදා බුද්ධ කාලෙ දඹදිව සත් ගවේෂණය ගැන තිබුනෙ පුදුමාකාර උනන්දුවක්. විවිධාකාර අය විවිධාකාර දේවල් කළා මේ වෙනුවෙන්. 'බාහිය' කියන්නෙත් වගේ උත්සහ කරල තමුන් 'අරහත්' යැයි හිතාගෙන හිටි කෙනෙක්. මෙයා ජීවත් වුනේ සුප්පාරක පටුනේ. ඉන්දියාවෙ බටහිර වෙරළ තීරයේ. වර්තමාන ඉන්දියාවෙ Sopara. මහාරාෂ්ට් ප්රාන්තයේ. මුම්බායට මඳක් උතුරු පැත්තට වෙන්නයි මේ තැන තියෙන්නෙ. සුප්පාරක පටුන ගැන වැඩිපුර පේළියක් එකතු කරන්න හිතුනෙ ඒක අපේ ශ්රී ලාංකීය ඉතිහාස වංශකතාවෙ එන වැදගත් ස්ථානයක් නිසා. හෙළ රජ පෙළපතේ මූලාරම්භකයා ලෙස සැලකෙන විජය රජතුමා ලංකාවට එන්න නැව් නැංගෙත් සුප්පාරක පටුනෙන් බවයි මහාවංශය කියන්නේ. ඉතින් අපි කතා කරමින් හිටියෙ බාහිය ගැනනෙ. බාහිය ඇඳගෙන හිටියෙත් ටිකක් අමුතු fashion එකේ ඇඳුමක්. ඒක දර පතුරු වලින් නිර්මිතයි. නිසා මිනිස්සු මෙයාට කිව්වෙ 'බාහිය දාරුචීරිය' කියල​. විවිධ ආකාරයේ තපස් රැකපු මේ තැනත්තා හිතුවා එයත් රහතන් වහන්සේ නමක් කියලා. මෙයාගෙ හිතේ ඇතිවුන මේ වැරදි සිතිවිල්ල දැකපු, මෙයාට හිතවත් දෙවිකෙනෙක් මෙයා ගැන අනුකම්පාවෙන් කරුණු පහදලා දීලා සැබෑ අරහත් මඟ කියා දෙන එවකට සැවැත් නුවර වැඩසිටි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන සැළ කර සිටියා.


සත්යය ගැන එදා තිබුන පිපාසාව පුදුමෙනුත් පුදුමයි. බාහිය එවේලේම පිටත් වුනා සුප්පාරක පටුනෙන් සාවත්ථිය බලා​. අද වගේ වාහන තිබුනෙ නැහැනෙ. පයින්ම තමයි. ධර්ම පිපාසාව කොතරම් කියනව නම් මෙයා අතරමඟ නැවතුනේ රැයක් ගතකරන්න පමණමයි. ලංකාව වගේ 67 ගුණයක් විතර විශාල ඉන්දියාවෙ, සුප්පාරක පටුනෙ ඉඳල සාවත්ථියට තියෙන දුර සිතියමකින් බැලුවත් අපිට දාඩිය දානව​. හැබැයි බාහිය ගියෙ පයින්. අව් වැසි, සා පිපාසා නොබලා. කොහොම හරි මේ බාහිය සැවැත් නුවර ජේතවනාරාමෙට පැමිණෙනවා. නමුත් භාග්යවතුන් වහන්සේ පිණ්ඩපාතෙ වැඩලා. මෙයා පාරවල් දිගේ ඇවිදගෙන ගියා බුදුරජාණන් වහන්සේ හොයාගෙන​. මහා තෙදැති නරෝත්තමයන් වහන්සේව බාහිය දුරදීම හඳුනාගත්ත​. දුවගෙන ගිහින් වැඳ වැටුනා. තෙවරක්ම ආයාචනා කිරීමෙන් පස්සෙ චතුර් මහා ඉර්ධිවිධ ඥාණයෙන් යුත් භාග්යවතුන් වහන්සේ බාහිය ගැන උපන් මහත් අනුකම්පාවෙන් මේ විදියට වදාරණවා.


පින්වත් බාහිය, එහෙනම් ඔබ මේ විදියටයි හික්මෙන්න ඕන​. යමක් දකින විට, දේ ගැන කෙලෙස් ඇති නොවීමක්මයි වෙන්නෙ. එය දැකීම් මාත්රයක් පමණයි. යමක් අසන විට, දේ ගැන කෙලෙස් ඇති නොවීමක්මයි වෙන්නෙ. එය ඇසීම් මාත්රයක් පමණයි. යමක් ආඝ්රහණය කරන විට, දේ ගැන කෙලෙස් ඇති නොවීමක්මයි වෙන්නෙ. එය ගඳ​-සුවඳ දැනීම් මාත්රයක් පමණයි. යමක් රස විඳින විට, දේ ගැන කෙලෙස් ඇති නොවීමක්මයි වෙන්නෙ. එය රස විඳීම මාත්රයක් පමණයි. යම් පහසක් විඳින විට, දේ ගැන කෙලෙස් ඇති නොවීමක්මයි වෙන්නෙ. එය පහස විඳීම් මාත්රයක් පමණයි. යමක් සිතින් දැනගත්ත විට, දේ ගැන කෙලෙස් ඇති නොවීමක්මයි වෙන්නෙ. එය දැනගැනීම් මාත්රයක් පමණයි.


ඉතින් පින්වත් බාහිය,
යම් වෙලාවක ඔබ යමක් දකින විට දකින දේ ගැන, අසන විට අසන දේ ගැන, ආඝ්රහනය කරන විට ආඝ්රහනය කරන දේ ගැන, රස විඳින විට රස විඳින දේ  ගැන, පහස ලබන විට පහස ලබන දේ ගැන, සිතින් දැනගන්න විට දැනගන්න දේ ගැන කෙලෙස් ඇති නොවීමක් නම් වෙන්නෙ ඔබ හේතුවෙන් ඒකට බැඳෙන්නෙ නෑ. යම් වෙලාවක ඔබ කිසිවකට බැඳෙන්නෙ නැත්තං ඔබ එතන නෑ. ඔබ එතන නැත්නං ඔබ මෙලොවත් නෑ. ඔබ පරලොවත් නෑ. දෙක අතරත් නෑ. ඔබ 'නිදහස්'.......


මෙහෙම දේශනා කරලා බුදුරජාණන් වහන්සේ නැවතත් පිණ්ඩපාතෙ වැඩියා. බාහියට මුළුමනින්ම 'නිදහස්' වෙන්න ගතවුනේ බොහොම සුළු වෙලාවයි. ඔයාලත් කැමති නම් බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේගේ මේ මුළු කතාපුවත  දැනගන්න, ඛුද්දක නිකායෙ, උදාන පාළියෙ, බෝධි වර්ගයේ තියෙන 'බාහිය සූත්රය' කියවන්න​.


මොහොතකට හිතල බලන්න අපි මේ කෙළෙස් කාමයන්ට කොයිතරම් බැඳිලා ගිහින් කියලා. මේ කාම ගිනි වලින් කොයිතරම් නම් දැවි දැවි ඉන්නෙ කියලා. මේ කාම මඩ ගොහොරුවේ අපි කොයිතරම් එරිලද ඉන්නෙ කියලා..... අවාසනාව අපිට ඒක නොපෙනෙන එක​. පෙනුනත් පිළිගන්න අකමැති  එක​. පිළිගත්තත් ගොඩ එන්න අකමැති එක​. ගොඩ එන්න කැමති උනත් ඊට අනුගමනය කළයුතු මාර්ගය පිළිපදින්න අකමැති එක​. මේ කොයි එකට අකමැති වුනත් අපිට වෙන්නෙ මඩේම එරිල ඉන්න​. නුවණැති වීරියවන්ත කෙනා විතරයි වලෙන් ගොඩ යන්නේ. කලාතුරකින්…… මේ ලාමක, තුච්ඡ කාමුක ආශ්වාදයන්ට ඇලිලා, ඒවයින් අන්ධ වෙලා ඉන්න අය හිතනවා සැප විඳිමින් සිත්සේ ජීවත් වීම තමයි නිදහස කියලා. බලන්න මේ කාමයන් නිසා අපි කොයිතරම් නම් බන්ධන ප්රමාණයකට හිර වෙලාද කියල​. ගොඩක් වෙලාවට අපිට තේරුම් ගන්න අමාරුයි අපි බන්ධනයක හිර වෙලාද කියලවත්. තරමටම අපි අන්ධ වෙනවා. මොහොතකට හිතලා බලන්න ජීවිතේ කවදා හරි ඔයාල මොනයම්ම දෙයක් හෝ වෙනුවෙන් දුක් වුනා නම්, කඳුළු සැළුව නම්, හඬා වැලපුනා නම් බන්ධනයක් නිසා නෙවෙයිද කියලා...... ඉතින් අපි නිදහස් ?


මේ ලෝ දහම පසක් නොකරගැනීම නිසා, සැබෑ නිදහස නොලැබීම නිසා එක පුද්ගලයෙක් මේ අනවරාඝත සංසාර ගමනෙදි හෙළූ කඳුළු සතර මහා සාගර ජලයට වැඩි බවයි තුන්කල් දක්නා ණුවනින් යුත්, ලෝකවිදූ වූ අප ශාස්තෘන් වහන්සේ වදාලේ. මේ සසර ගමන අතිශය අනියතයි. බියකරුයි. බිහිසුණුයි. මේ ගමන වැටිල තියෙන්නෙ සතර අපාය හරහා. මහා දුක් කන්දරාවක්, වේදනා සමුදායක් මැදිනුයි මේ පාර වැටිල තියෙන්නෙ. ඉතින් මෙවන් වූ සසරකින් නොමිදුනු සත්වයාට කවරනම් නිදහසක් ?


ඇති තතු ඇති ලෙසම දැක
කවදානම් අපිනිදහස් වෙමු ?

'ගෞතම සංදේශය​'
මුලාවෙහි ගිලෙන්නට නොව අවබෝධයෙහි සැරිසරන්නට​.....

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails