Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

එළිසබෙත් රැජිනගෙන් පාඩමක්

Monday, January 25, 2010 , at 8:34 AM


හැරි ට්‍රොමන් සහ බ්‍රිතාන්‍ය රැජිණ (1945 - 1953)

මේ තමයි බ්‍රිතාන්‍යයෙ එළිසබෙත් රැජින. මේ ඔබට පේන්නෙ ඇමඑක්සත් ජනපදයේ හැරි ට්‍රොමන් ජනාධිපතිවරයා සමග ගත් ඡායා රූප. මේ 1945 සිට 1953 දක්වා වන කාලයේ දී යම් අවස්ථාවත දී ගත්ත ඡායාරූපයක්. බලන්න මෙතන එළිසබෙත් රැජිනගෙ ස්වභාවය. හරිම තරුණයි නේ..? ඔනම කෙනෙක් වසග වෙන රූපයක් රැජිනට එදා තිබුණා. ඇත්තටම එදා සිට අද වන තුරු ඇමරිකාවේ ජනාධිපතිවරු 11ක් පත් වී තිබෙනවා. නමුත් තාම බ්‍රිතාන්‍ය රැජිණ මේ එළිසෙබත් ම යි. ඒත් එක දෙයක් වෙනස් වෙලා. ඒ බව ඔබට මී ළග ඡායා රූපයෙන් දැක ගන්න පුලුවන්...!



වසර හැටකට පමණ පසු >>>




























බැරක් ඔබාමා සහ බ්‍රිතාන්‍ය රැජිණ 2009


මෙන්න අද තත්වය...සෑහෙන්න වෙනස් වෙලා නේද..! බලන්න අවුරුදු පනහක් හැටක් වගේ කාලයකදී කෙනෙකුගෙ සුන්දරත්වය වෙනස් වී යන හැටි...! ඔන්න ඔය දේ තමයි බුදු රජාණන් වහන්සේ දේශනා කළේ. ඉපදුන සත්වයා හිරු සදු තාරකා වල ගමන් වේගයටත් වඩා වේගයෙන් වයසට යනවා. හොදට තියෙන දත් වැටෙනවා...කලු කෙස් සුදු වෙනවා. හම රැලි වැටෙනවා..ශරීර ශක්තිය දුර්වල වෙනවා. පසුව කපා හෙලූ කෙසෙල් කදක් වගේ ඇදගෙන වැටෙනවා. මෙන්න මේකයි උපන් සත්වයාගෙ ජීවිතේ කියන්නෙ..!


මේ ලෝක ප්‍රසිද්ධ වියපත් වූ චරිතයක්...! ඔබ...අපි...අප්‍රසිද්ධ වියපත් වූ ජීවිත බවට පත්වෙන අය. ඇත්තටම මේ නැසී වැනසී යන ජීවිතයක් දරාගෙන නටන මේ පිස්සුව හරියට වතුර නටන තුරු කකුළුවා දිය කෙළින්නාවන් ම වූ සිද්ධියක් නේ ද?


ඉතාම වයසට ගිය පුද්ගලයින් පිළිබද හිතන්න ඔන ආකාරය ගැන බුද්ධ දේශනාවක් බුදු රජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. ඒ තමයි දේව දූත සූත්‍රය. ඇත්තටම වයසට ගිය කෙනෙක් දුටු විට හිතන්න කිව්වෙ මෙහෙමයි.


"හැබැවටම මමත් වයසට යනව නේද...මමත් වයසට යන ස්වභාවය ඉක්මවා ගිහින් නෑ...අහෝ මේ ජරාවටපත්වෙන ජීවිතයක් දරාගෙන තව තවත් ප්‍රමාද වන්නෙ ඇයි...අද අද ම කුසල් දහම් වැඩිය යුතු යි."


මේ විදියට හිතන කෙනා ජරාවට පත් වීම හමුවේ තම ජීවිතය නිවැරදි ධර්ම මාර්ගයට යොමුකර ගන්නවා. ඇත්තටම වයස්ගත මිනිසුන් දුටු විට අපිට මෙසේ නොසිතෙන්නේ අපිතුළ තියෙන යෞවන මදය නිසයි. ඒ යෞවන මදය අනතුරුදායක යි. ඒ නිසා බොහෝ අකුසල් සිදු වෙනවා. සදාකාලින යෞවනත්වයක් අපිට නෑ. මේ සියල්ල තාවකාලිකයි. අලුයම් කාලෙට හමායන සුළගෙ ඉද හිට මල්සුවද දැනෙනව වගෙ ඉක්මනින් නැතිවෙලා යන දෙයක් මේ තරුණ කාලය කියන්නේ.


මේ තරම් අස්ථිර වූ ජිවිතයක් දරාගෙන තව තවත් ප්‍රමාද නොවී දැන් දැන් ම කුසල් දහම් වඩන්න...ගෞතම මුනිදුන්ගේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න....ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ වි...!

ඔබ සැමට තෙරුවන් සරණයි...!

Bookmark and Share

Currently have 1 comments:

  1. TP says:

    Sadu! Sadu!! Sadu!!!
    Theruwan Saranai.

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails