Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

අනුරාධපුරයෙන් පැරණි නගරයක් හමුවේ

Saturday, January 23, 2010 , at 9:54 AM

ශ්‍රී ලංකාවේ ලොකුම පුරාවිද්‍යා කැණීම වන අනුරාධපුර ඇතුළුනුවර කැණීම් අනුව අනුරාධපුර නගරය තරම් දියුණු ශිෂ්ඨාචාරයක ලක්‍ෂණ කි‍්‍රස්තු පූර්ව හයසියේ දී දකුණු ඉන්දියාවේ පවා නොමැති බව එහි කැණීමේ අධ්‍යක්‍ෂ ආචාර්ය ශිරාන් දැරණියගල කියයි.

ඇතුළුනුවර කැණීම නව කව්දයක් ඔස්සේ විධිමත්ව හා තාර්තිකව සනාථ කෙරෙන පුරාවිද්‍ය සාධක ඔස්සේ ජාත්‍යන්තර කැණීමක් ලෙස පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව හා ජර්මනියේ බර්ලින් විශ්ව විද්‍යාලයයේ පුරාවිද්‍යඥයෝ පසුගියදා සංරක්ෂණ, පරීක්‍ෂණ,විශ්ලේෂණ හා වර්තා කටයුතු ඇරැුඹහ.
බර්ලින් සරසවියේ පුරාවිද්‍යා මහාචාර්ය කායි කොල්මයර් ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා නිලධාරීන් සමග නවීන තාක්ෂණික කව්දයක් ඔස්සේ කැණීම මෙහෙවයි.
ආචාර්ය දැරණියගල කියනුයේ විජය රජුගේ ඉතිහාසයෙන් එපිට ඈත ඉතිහාසයක් ද දියුණු නගරයක් වූ අනුරාධපුරයේ ලෝහ තාක්ෂණ, මැටි නිර්මාණ හා අක්ෂර භාවිතය පැවැති බවත් එවැනි දියුණු නගරයක් දකුණු ආසියාවේම නොතිබූ බවත්ය.

‘‘ මේවගේ ලොකු කැණීමක් ලංකාවේම නෑ. අඩි සීයයි සියයක වළක් මෙහෙම පුරාවිද්‍යා පරීක්ෂණයක් ඉන්දියාවේත් නෑ. ඇතුළුනුවරට අයිති අක්කර 250ක පමණ භූමිය ආරක්ෂිත භූමියක් ලෙස ප‍්‍රකාශයට පත්කොට තිබෙනනේ. ලොකුම ගැටළුව තමා මෙම ඉඩමේ අනවසර පදිංචිකරුවන් සිටීමයි’’

විජය රජුගෙන් පසු අනුරාධපුරය ලෙස නම් තැබූ අනුරාධපුරයේ කි‍්‍රස්තු පූර්ව 400ටත් පෙර නාමය ‘‘අනුරාධ’’ විය හැකි බවට සාධක ලැබී ඇතැයි ද ඒ මහතා කියයි. ‘‘අනුරාධ’’ යනුවෙන් අක්ෂර යෙ¥ වළං කැබැල්ලක් එහි අදාල යුගයේ පස් ස්ථරවලින් හමු වූ බවත් කාබන් 14(සීx14* පරීක්ෂණය අනුව එය ක‍්‍රිස්තු පූර්ව 400ට අයත් බවත් ආචාර්ය දැරණියගල පවසයි.

අතුළුනුවර යනු අනුරාධපුර පැරණි දළදා මාලිගය පිහිටි භූමියයි. එය මෙරට රජ පෙළපතේ වසස්ථාන සහිත දියුණු නාගරික හා වාස්තු විද්‍යාත්මක ලක්ෂණ සහිත පුරාවිද්‍යා වැඩ බිමකි. විජය රජුගෙන් පෙර ඉතිහාසයේ උදෙනි, සැවැත්, බරනැස් ආදී දියුණු ඉන්දීය නගර පැවැති කාලයේදී ද එම අනුරාධපුර නගරය අතිශය දියුණු නගරයක් ලෙස ඉතිහාසඥයෝ හා පුරාවිද්‍යාඥයෝ පිළිගනිති. මීට වසර 12කට පෙර ආචාර්ය ශිරාන් දැරණියගල මෙම කැණීම ඇරඹුවේ මෙරට ප‍්‍රාග් ඉතිහාසය ලෝකයට විදහා දැක්වීමේ ප‍්‍රධාන කැණීම ලෙසයි. ඒ අනුව බර්ලින් සරසවි කණ්ඩායම එම ඉලක්කය සඳහා තවත් වසර හතරක් පමණ පර්යේෂණ කිරීමට නියමිතය.




fP;jkdrduh m%;sixialrKhg fmr


ඇතුළුනුවර කැණීමෙන් සොයාගත් ඉපැරැුණි යකඩ මුද්දක් බර්ලින් සරසවි සිසුවියෝ පිරික්සති.

අඩි 27ක් පමණ හාරා හඳුනාගෙන ඇති කි.පූ. 400 පමණ අනුරාධපුර නගයේ ගොඩනැඟිලි පාදමක්



ඇතුළුනුවර අඩි 100x100 කැණීම් වළ

ආචාර්ය ශිරාන් දැරණියගල



බර්ලින් සරසවි සිසුවියෝ

තුසිත අගලවත්ත මහතා සමග බර්ලින් සරසවියේ අයි. ඩොගාන්හාට්, හා ප‍්‍රැන්ෂිෂා ෆෙඞ්රික් පැරණි වළං කටුවක් පිරික්සති.

ලංකාදීප - මනුල වික‍්‍රම

ලංකාදීපයේ පළවූ මෙම ලිපිය තුළින් අපහට විශා‍ල කතා පුවතක් හෙළි දරව් කරයි. ඉතා ඈත අතීතයේ මෙම භූමිය කොයිතරම් නම් විරාජමානව තියෙන්නට ඇද්ද..මතකද මහා සුදස්සන සූත්‍රය...? රනින් රිදියෙන් තනා තිබුණු සුවිසල් මන්දිර...නැසී වැනසී ගොස් අනිත්ය වූ අයුරු බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති ආකාරය හදවත සසල කරවන සුලුයි. මිනිසුන් තැනූ මන්දිරවලටත් පෙරාතුව මිනිසුන් මරණයට පත් වී නැසී වැනසී යයි. මේ ගොඩනැගිලි පාදම්, වලං කටු වසර 2500ක් පමණ පැරණියි. ඒත් යන්තමින් හෝ ඒවා තවමත් දැකගත හැකියි. නමුත් ඒකාලෙ ජීවත් වුන මිනිසුන්ගේ ශරීරවල කිසිදු සටහනක් නැහැ. ඇතත්...ඉතා කලාතුරකිනි.

කාලයේ වැලිතලාවට යටවුන මෙම පුරාණ අනුරාධ නගරයේ තොරතුරු ඉස්මතු කිරීමේ ‍ගවේශනයට මේවන විටත් වසර 12ක් ගත වෙලා. ඒ වසර 12 තුළ මෙම ගවේශකයින් ද වසර 12කින් වයස්ගත වෙලා. පුරාවස්තුන්ගේ ගෙවීයාම පිරික්සන මොවුන්ට...තම සිරුරේ ගෙවී යාම ගැන සිහිපත් වූවාදැයි සැක සහිතයි.

සංස්කාරයන්ගේ නැසී වැනසී යාම පුදුම සහගතයි...! මෙවන් පුවත් දැක දැක...එය නැවත නැවතත් අමතක වී එම සංස්කාර නිත්‍යයැයි සිතන්නට පෙළඹීම නිසා අපි තවමත් සංසාරේ..!

මේසා මහත් දෑ විනාශ වී යද්දී...බඹයක් පමණ වූ අප සිරුර විනාශ වී යාම පුදුමයක් නොවේ...!

"හන්දදානි, භික්ඛවේ ආමන්තයාමි වෝ. වයධම්මා සංඛාරා. අප්පමාදේන සම්පාදේථ"

"මහණෙනි, මම ඔබව අවසන් වරට අමතමි. සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුලු ය. නොපමාව (කුසල් දහම්) වඩන්න."

ඔබ සැමට තෙරුවන් සරණයි...!

Bookmark and Share

Currently have 2 comments:

  1. Unknown says:

    :::::::
    බුද්ධ කාලෙ සැවැත් නුවර වාසය කරපු එක්තරා මාන්නක්කාර බමුණෙකුට ඕන වුනා කවුරුත් නොකරපු දෙයක් කරන්න​. එයා හිතුවා "මම මැරුණම කවුරුවත් වලදාල නැති ශුද්ධ වූ භූමියක මගේ මිනිය තැන්පත් කරන්න ඕන​" කියලා. බලන්න මේ හිත් වලට හිතෙන දේවල්. ඉතින් මෙයා මේ අදහස ඇතුව ඒ මේ අත ඇවිදින කොට දැක්කා තමුන්ගෙම වත්තෙ කෙලවරක තිබුන මහා දැවැන්ත නුග ගහක්. අවුරුදු දහස් ගානක් පරණ වෘක්‍ෂ රාජයෙක්. මෙයා හිතුව මෙතන තමයි නියම තැන මගේ මිනිය තැන්පත් කරන්න​. මෙතන තමයි වඩාත්ම ශුද්ධ වූ භූමිය කියලා. ඉතින් මෙහෙමෙ හිතලා මිනිස්සු දම්මවලා මේ මහා නුග ගහ කපලා ඉවත් කරන්න මෙයා පටන් ගත්තා. තුන්ලෝකාග්‍ර වූ අප සරණ ගිය ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ කටයුත්ත සිදුවෙන මාර්ගයේ ඉදිරියට වඩිනකොට මේක දැකලා නැවතිලා අර බමුණගෙන් මෙහෙම විචාරනවා. "පින්වත් බමුණ, ඇයි ඔබ මේ තරම් පැරණි, ශක්තිමත් ගහක් කපලා දාන්න හදන්නේ?"..... එතකොට බමුණා උත්තර දෙනවා "භවත් ගෞතමයන් වහන්ස​, මම හිතුවා මං මැරුණම මගේ මිනිය කවුරුවත් වලලළා නැති ශුද්ධ බිමක තැන්පත් කරන්න ඕන කියලා. මේක තමයි සුදුසුම තැන​. ඉතින් මම ඒකටයි මේ ගහ ඉවත් කරන්නේ" කියලා. මහා කාරුණික වූ අප ශාස්තෘන් වහන්සේ ඒ අසරණ බමුණගෙන් එයාගෙ නම විමසනවා. සතර ඉර්ධිවිධ ඥාණ සහිත භාග්‍යවතුන් වහන්සේ සිය පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් අර බමුණගේ පෙර ආත්ම භාවයන්ගේ කඳ පිළිවෙල නුවණින් විමසා බලලා මේ විදියට වදාරණවා. "පින්වත් බමුණ, ඔබ ඔය නමින්ම පමණක්, ඔය තැනම, 14000 වතාවක් මීට පෙර වලලළා තියෙනවා. නමුත් ඔබ එය දන්නේ නෑ. ඔබට එය පේන්නෙ නෑ."
    ::::::: ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!!!
    (සූත්‍ර පිටකය ඇසුරින්)

  1. Dimuth says:

    it is believable...because srilanka history is the best history...this is only one thing...in the future we will find more about our history....that time srilanka is the best country in the world..

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails