බෙන්තර ගලපාත මහ සෑ රදුන්....
Wednesday, January 20, 2010
, at 8:06 PM
ඓතිහාසික බෙන්තර ගලපාත රාජමහා විහාරයේ
චෛත්‍ය රාජයාණන් වහන්සේ
චෛත්‍ය රාජයාණන් වහන්සේ
මහා කාෂ්‍යප දළඳාව දඹදිවින් ලක්දිවට වැඩම කරවා ඇත්තේ අනුරාධපුර සමයේදී ය. මුලින් මහා කාෂ්‍යප දළඳාව වැඩ සිටියේ ගලපාත රාජමහා විහාරයේ දළඳා මැදුරෙහි වන අතර, පසුව දෙවැනි පරාක්‍රමබාහු මහ රජතුමා (ක්‍රි.ව.1236-1270) විසින් වැඩි ආරක්‍ෂාව සඳහා ගලපාත රාජමහා විහාරයේ මෙම දාගැබ තනවා ඒ තුළ මහා කාෂ්‍යප දළඳාව තැන්පත් කර ඇත.
මහා කාෂ්‍යප මහ රහතන් වහන්සේ ගේ ශාරීරික ධාතුන් වහන්සේ නමක් තැන්පත් කර තනා ඇති ලෝකයේ එකම දාගැබ ඓතිහාසික බෙන්තර ගලපාත රාජමහා විහාරයේ ඇති මේ අසිරිමත් මහා දාගැබ් වහන්සේ යි.
-ගයාන් චානුක විදානපතිරණ-
Currently have 0 comments: