Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

බුදු ගුණ මහිම තුඩ තුඩ රැව් දුනාවේ....

Monday, January 11, 2010 , at 5:34 PM

සිව් මහ නදී සයුරට එක් වුනා වේ

හිරු සඳු නැගී අවරින් බැස ගියා වේ

අම දම් සුවඳ දසතම පැතිරුනා වේ

බුදු ගුණ මහිම තුඩ තුඩ රැව් දුනා වේ


තෙරුවන් බලෙන් නිදි දන පුබුදුවන්න යි

බුදු හිමි අනුහසින් දම් ඇස ලබන්න යි

ආරද​ විරිය නිති හද තුළ රැඳෙන්න යි

පිය උරුමයේ රැකවරණය ලබන්න යි


සද්ධා සීල ශ්‍රැත චාගය පඥ්ඥා ය​

සක් දෙවිඳුත් වඳී මහ ගුණ සමුදා

උපේක්‍ෂාව මෙත් කරුණා මුදිතා ය​

විවරල මඟයි තෙක් බඹු අකනිට්ටා


ජාතිය - ජරා - මරණය පරදවන්න යි

අනිත්‍ය - දුක - අනාත්මය දකින්න යි

රාගය - ද්වේෂ - මෝහය දුරු කරන්න යි

සිල් - සමාධි - ප්‍රඥා නිති වඩන්න යි


ඉපදුන සංඛත වෙනස්ව මියෙන්න යි

හේතුවකින් හටගත් ඵල බිඳෙන්න යි

ඵල හටගත් හේතු යළි නොම සැදෙන්න යි

ලෝ දම පසක් කොට සසරින් මිදෙන්න යි


මග අරි අටැඟි වෙත ඒවා පිනැති දන න්

විමසා නුවණ සිව් අරි සත ගැනම නිති න්

සත් තිස් බෝධි ගුණ තුළ සිත නිති වඩමි න්

ලබනට සුවය නිකෙලෙස් නිවනේ පහසි න්


බැහැරින් ලද මිතුරු කළණයි සඟ රුව නේ

කතරක අතරමග හමු උල්පත ලෙසි නේ

සදහම් ස්වාක්ඛාතයි සවනත වැකු නේ

නිති නොපමා වීරිය මිස නැත අන් සර නේ


මේ ගෞතම බුද්ධ රාජ්‍යය යි!!!

Bookmark and Share

Currently have 1 comments:

  1. Anonymous says:

    godaka sundarai

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails