Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

සදා මට දැනේවා බුදු සුවඳ මේ බිමේ.....

Friday, December 11, 2009 , at 9:12 PM

සිව් මහා බුදුවරුන් පහස ලද මේ බිමේ
ද්රෝණයක් ධාතූන් වැඩ හිඳින මේ බිමේ
ශ්රී මහා බෝ රජුන් සිහිල දෙන මේ බිමේ
සදා මට දැනේවා බුදු සුවඳ මේ බිමේ

ත්රිපිටකය අකුරු කොට සුරැකගත් මේ බිමේ
අසූහර දහස් රහතුන් හිඳිය මේ බිමේ
පෝය දා බුදු රැසින් එළිය වන මේ බිමේ
සදා මට දැනේවා බුදු සුවඳ මේ බිමේ

සොළොස් තැන් පහස දී බුදුන් වැඩි මේ බිමේ
යමා මහ පෙළහරින් අසිරි පෑ මේ බිමේ
මිහිඳු හිමි දම් සුවඳ පැතිරවූ මේ බිමේ
සදා මට දැනේවා බුදු සුවඳ මේ බිමේ

රහත් මුනිවරුන් නිති ඇවිද ගිය මේ බිමේ
තෙරුවණේ තෙද බලැති අසිරිමත් මේ බිමේ
මිහිරි දම් අමා වැසි ඇද හැලෙන මේ බිමේ
සදා මට දැනේවා බුදු සුවඳ මේ බිමේ ෴෴෴

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails