Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

බුදු ගුණ අනන්ත යි...!!! -- (විසි දෙවන කොටස)

Friday, December 11, 2009 , at 10:15 AM


433. සෝ භගවා ඉතිපි උක්කාධාරෝ:- අවිදු අඳුර දුරු කරන ප්‍රඥා ගිනි සිළුව දරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උක්කාධාර’ වන සේක.

434. සෝ භගවා ඉතිපි උක්ඛිත්තපළිඝෝ:- අවිද්‍යාව නම් වූ දොර පොල්ල ඔසවා තැබූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උක්ඛිත්තපළිඝ’ වන සේක.

435. සෝ භගවා ඉතිපි උග්ගතපෝ:- උග්‍ර තපස් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උග්ගතප’ වන සේක.

436. සෝ භගවා ඉතිපි උග්ඝාතිනිග්ඝාතිවීතිවත්තෝ:- ඇලීම් ගැටීම් ඉක්මවා ගිය හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උග්ඝාති නිග්ඝාති වීතිවත්ත’ වන සේක.

437. සෝ භගවා ඉතිපි උච්ඡේදවාදී:- සියළු අකුසලයන් ගේ විනාශය පවසන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උච්ඡේදවාදී’ වන සේක.

438. සෝ භගවා ඉතිපි උජු:- සෘජු ගුණ ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උජු’ වන සේක.

439. සෝ භගවා ඉතිපි උජුභූතෝ:- සෘජු ස්වභාව ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උජුභූත’ වන සේක.

440. සෝ භගවා ඉතිපි උත්තමපුරිසෝ:- උතුම් පුරුෂ රත්නයක් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උත්තමපුරිස’ වන සේක.

441. සෝ භගවා ඉතිපි උත්තමවණ්ණෝ:- උත්තම වර්ණ ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උත්තමවණ්ණ’ වන සේක.

442. සෝ භගවා ඉතිපි උත්තමපුග්ගලෝ:- උතුම් ගුණ දරණ පුද්ගලයාණන් වහන්සේ වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උත්තමපුග්ගල’ වන සේක.

443. සෝ භගවා ඉතිපි උත්තමදමථප්පත්තෝ:- උතුම් හික්මීමට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උත්තම දමථප්පත්ත’ වන සේක.

444. සෝ භගවා ඉතිපි උත්තමසමථප්පත්තෝ:- උතුම් සංසිඳීමට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උත්තම සමථප්පත්ත’ වන සේක.

445. සෝ භගවා ඉතිපි උත්තමෝ:- තුන් ලොවට ම උත්තම වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උත්තම’ වන සේක.

446. සෝ භගවා ඉතිපි උත්තරණෝ:- සසරින් එතෙර වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උත්තරණ’ වන සේක.

447. සෝ භගවා ඉතිපි උත්තිණ්ණවිචිකිච්ඡා:- සැකයෙන් එතෙර වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උත්තිණ්ණ විචිකිච්ඡා’ වන සේක.

448. සෝ භගවා ඉතිපි උදග්ගචිත්තෝ:- ඉතා ප්‍රීතිමත් සිතක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උදග්ගචිත්ත’ වන සේක.

449. සෝ භගවා ඉතිපි උදග්ගලෝමෝ:- දකුණට කැරකැවී උඩට හැරුණු නිල්වන් ලෝම ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උදග්ගලෝම’ වන සේක.

450. සෝ භගවා ඉතිපි උපට්ඨිතසතී:- එළඹ සිටි සිහි ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උපට්ඨිතසතී’ වන සේක.

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails