Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

බුදු ගුණ අනන්ත යි...!!! -- (විසිහය වන කොටස)

Friday, December 18, 2009 , at 1:05 PM


499. සෝ භගවා ඉතිපි කතකරණීයෝ:- අමා නිවන් පිණිස කළ යුතු සියල්ල නිම කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කතකරණීය’ වන සේක.

500. සෝ භගවා ඉතිපි කතසමණෝ:- සියලු ශ්‍රමණ කෘත්‍යයන් සම්පූර්ණ කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කතසමණ’ වන සේක.

501. සෝ භගවා ඉතිපි කතකිච්චෝ:- නිවන් මගෙහි සියලු කටයුතු පරිපූර්ණ කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කතකිච්ච’ වන සේක.

502. සෝ භගවා ඉතිපි කතහත්ථෝ:- නිවන් මග පිළිබඳ කෘතහස්ථ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කතහත්ථ’ වන සේක.

503. සෝ භගවා ඉතිපි කතයොග්ගෝ:- මැනවින් ප්‍රගුණ කොට නිම කළ නිවන් මග ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කතයොග්ග’ වන සේක.

504. සෝ භගවා ඉතිපි කතකල්‍යාණෝ:- සිදු කරන ලද යහපත් කටයුතු වලින් පිරිපුන් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කතකල්‍යාණ’ වන සේක.

505. සෝ භගවා ඉතිපි කතකුසලෝ:- සිදු කරන ලද කුසල් දහමින් පිරිපුන් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කතකුසල’ වන සේක.

506. සෝ භගවා ඉතිපි කතභීරුත්තානෝ:- භය රහිත නිවනට පැමිණීම පිණිස කළ යුතු සියල්ල සිදු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කතභීරුත්තාන’ වන සේක.

507. සෝ භගවා ඉතිපි කතත්ථෝ:- ස්වාර්ථය සේ ම පරාර්ථය ද සිදු කොට නිම කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කතත්ථ’ වන සේක.

508. සෝ භගවා ඉතිපි කතාධිකාරී:- සම්මා සම්බුදු බව පිණිස සසරෙහි කරන ලද උතුම් පැතුමන් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කතාධිකාරී’ වන සේක.

509. සෝ භගවා ඉතිපි කතාවී:- දුකෙන් මිදෙනු පිණිස කළ යුතු සියල්ල සම්පූර්ණ කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කතාවී’ වන සේක.

510. සෝ භගවා ඉතිපි කතූපාසනෝ:- කුසල් වැඩුම පිණිස මැනවින් පුහුණු වූ ජීවිත ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කතූපාසන’ වන සේක.

511. සෝ භගවා ඉතිපි කල්ලචිත්තෝ:- සුවපත් වූ සිත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කල්ලචිත්ත’ වන සේක.

512. සෝ භගවා ඉතිපි කල්ලිතකුසලෝ:- සමාධි සිත පැහැදවීමෙහි අතිශයින් දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කල්ලිතකුසල’ වන සේක.

513. සෝ භගවා ඉතිපි කල්‍යාණමිත්තෝ:- මුලු තුන් ලොවට ම පරම කල්‍යාණමිත්‍රයාණන් වහන්සේ වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කල්‍යාණමිත්ත’ වන සේක.

514. සෝ භගවා ඉතිපි කල්‍යාණදස්සනෝ:- සොඳුරු දර්ශන ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කල්‍යාණදස්සන’ වන සේක.

515. සෝ භගවා ඉතිපි කල්‍යාණපීති:- සුන්දර වූ ප්‍රීතිමත් භාවයකින් යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කල්‍යාණපීති’ වන සේක.

516. සෝ භගවා ඉතිපි කල්‍යාණසීලෝ:- සොඳුරු සිල් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කල්‍යාණසීල’ වන සේක.

517. සෝ භගවා ඉතිපි කල්‍යාණධම්මෝ:- සමාධි සමාපත්ති ආදී සුන්දර ධර්මයන් ගෙන් යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කල්‍යාණධම්ම’ වන සේක.

518. සෝ භගවා ඉතිපි කල්‍යාණපඤ්ඤෝ:- සොඳුරු ප්‍රඥා ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කල්‍යාණපඤ්ඤ’ වන සේක.

519. සෝ භගවා ඉතිපි කල්‍යාණවාක්කරණෝ:- සොඳුරු කථා බස් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කල්‍යාණවාක්කරණ’ වන සේක.

520. සෝ භගවා ඉතිපි කල්‍යාණපටිභානවා:- සොඳුරු වැටහීම් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කල්‍යාණපටිභානවා’ වන සේක.

Bookmark and Share

Currently have 1 comments:

  1. Anonymous says:

    Is there a way that I can view this in english?
    Thank You!
    Judith

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails