Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

බුදු ගුණ අනන්ත යි...!!! -- (විසිහත් වන කොටස)

Saturday, December 19, 2009 , at 11:38 PM


521. සෝ භගවා ඉතිපි කල්‍යාණජවනික්කමෝ:- සොඳුරු ජවයක් හා වීරියක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කල්‍යාණජවනික්කම’ වන සේක.

522. සෝ භගවා ඉතිපි කල්‍යාණඉරියාපථෝ:- සොඳුරු ඉරියව් පැවතුම් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කල්‍යාණඉරියාපථ’ වන සේක.

523. සෝ භගවා ඉතිපි කමලපත්තක්ඛෝ:- පියුම් පතක් වැනි සොඳුරු නෙත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කමලපත්තක්ඛ’ වන සේක.

524. සෝ භගවා ඉතිපි කම්මනියචිත්තෝ:- ඕනෑ ම අභිඥාවකට යොමුකළ හැකි කර්මන්‍ය සිතක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කම්මනියචිත්ත’ වන සේක.

525. සෝ භගවා ඉතිපි කම්මවිපාකකෝවිදෝ:- කර්ම විපාක පිළිබඳ අතිශයින් දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කම්මවිපාක කෝවිද’ වන සේක.

526. සෝ භගවා ඉතිපි කම්මයන්තවිසාටකෝ:- කර්ම යන්ත්‍රය විනාශ කරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කම්මයන්ත විසාටක’ වන සේක.

527. සෝ භගවා ඉතිපි කංඛච්ඡේදෝ:- සැකය සිඳ හල හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කංඛච්ඡේද’ වන සේක.

528. සෝ භගවා ඉතිපි කස්සකෝ:- අමා නිවන් ඵල ලැබ දෙන අනුත්තර ගොවිතැන සිදු කරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කස්සක’ වන සේක.

529. සෝ භගවා ඉතිපි කණ්ණසුක්කමුපාතිවත්තෝ:- කළු සුදු කර්ම ඉක්මවා ගිය හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කණ්ණ සුක්කමුපාතිවත්ත’ වන සේක.

530. සෝ භගවා ඉතිපි කරුණාවිහාරී:- කරුණා විහරණ ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කරුණාවිහාරී’ වන සේක.

531. සෝ භගවා ඉතිපි කරුණාඤාණසාගරෝ:- කරුණාවෙන් හා ඤාණයෙන් පිරි සයුරක් වැනි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කරුණා ඤාණ සාගර’ වන සේක.

532. සෝ භගවා ඉතිපි කරුණානිබද්ධසන්තානෝ:- නිරතුරුව ම කරුණාවෙන් පිරී ඉතිරුණු සිත් සතන් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කරුණා නිබද්ධ සන්තාන’ වන සේක.

533. සෝ භගවා ඉතිපි කරුණාමතිසාගරෝ:- කරුණාවෙන් හා ප්‍රඥාවෙන් පිරුණු සාගරයක් වැනි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කරුණාමතිසාගර’ වන සේක.

534. සෝ භගවා ඉතිපි කරුණාකරෝ:- කරුණාගුණ ආකරයක් බඳු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කරුණාකර’ වන සේක.

535. සෝ භගවා ඉතිපි කනකාචලසංකාසෝ:- රන් පර්වතයක් මෙන් බබළන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කනකාචල සංකාස’ වන සේක.

536. සෝ භගවා ඉතිපි කන්තසල්ලෝ:- කෙලෙස් හුල් හාරා දමන ලද හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කන්තසල්ල’ වන සේක.

537. සෝ භගවා ඉතිපි කරුණාමෙත්තසඤ්චයෝ:- කරුණා මෛත්‍රී ගුණ පිඬක් බඳු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කරුණාමෙත්තසඤ්චය’ වන සේක.

538. සෝ භගවා ඉතිපි කඤ්චනසන්නිභත්තචෝ:- රන් පැහැ ශරීර වර්ණ ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කඤ්චනසන්නිභත්තචෝ’ වන සේක.

539. සෝ භගවා ඉතිපි කඤ්චනග්ඝියසංකාසෝ:- රනින් කළ කනුවක් මෙන් ශෝභමාන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කඤ්චනග්ඝියසංකාස’ වන සේක.

540. සෝ භගවා ඉතිපි කප්පරුක්ඛෝ:- මුළු තුන් ලොවට ම කල්ප වෘක්ෂයක් බඳු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කප්පරුක්ඛ’ වන සේක.

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails