Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

බුදු ගුණ අනන්ත යි...!!! -- (විසිපස් වන කොටස)

Monday, December 14, 2009 , at 10:51 AM


490. සෝ භගවා ඉතිපි ඔක්ඛිත්තචක්ඛු:- පහතට හැර වූ දෙනෙත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඔක්ඛිත්තචක්ඛු’ වන සේක.

491. සෝ භගවා ඉතිපි ඕඝාතිගෝ:- කෙළෙස් සැඩ වතුරු ඉක්මවා වැඩි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඕඝාතිග’ වන සේක.

492. සෝ භගවා ඉතිපි ඕඝතිණ්ණෝ:- සසර සැඩ පහරින් එතෙර වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඕඝතිණ්ණ’ වන සේක.

493. සෝ භගවා ඉතිපි ඕදාතමනසංකප්පෝ:- සුදෝසුදු නිකෙළෙස් සිතිවිළි ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඕදාතමනසංකප්ප’ වන සේක.

494. සෝ භගවා ඉතිපි ඕපම්මකුසලෝ:- සදහම් උපමා පැවසීමෙහි දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඕපම්මකුසල’ වන සේක.

495. සෝ භගවා ඉතිපි ඕභාසකරෝ:- ප්‍රඥා ඕභාසය ඇති කරවන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඕභාසකර’ වන සේක.

496. සෝ භගවා ඉතිපි ඕභාසජාතෝ:- හටගත් ප්‍රඥා බැබළීම් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඕභාසජාත’ වන සේක.

497. සෝ භගවා ඉතිපි ඕහිතභාරෝ:- බහා තැබූ පංචඋපාදානස්කන්ධ බර ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඕහිතභාර’ වන සේක.

498. සෝ භගවා ඉතිපි ඕවාදකෝ:- සද්ධර්මයෙන් අවවාද කරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඕවාදක’ වන සේක.

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails