Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

බුදු ගුණ අනන්ත යි...!!! -- (විසිහතර වන කොටස)

Sunday, December 13, 2009 , at 10:53 AM


471. සෝ භගවා ඉතිපි ඒකචාරී:- තණ්හාව නම් වූ දෙවැන්නා ගෙන් තොර ව හැසිරෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඒකචාරී’ වන සේක.

472. සෝ භගවා ඉතිපි ඒකමාසීනෝ:- එකලාව දිවි ගෙවන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඒකමාසීන’ වන සේක.

473. සෝ භගවා ඉතිපි ඒකභත්තිකෝ:- පෙර වරු සමයේ පමණක් ආහාර ගන්නා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඒකභත්තික’ වන සේක.

474. සෝ භගවා ඉතිපි ඒකරත්තෝ:- හුදෙකලාවේ ඇලුණු සිත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඒකරත්ත’ වන සේක.

475. සෝ භගවා ඉතිපි ඒකග්ගචිත්ත:- ඒකඟ වූ සිත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඒකග්ගචිත්ත’ වන සේක.

476. සෝ භගවා ඉතිපි ඒකපුග්ගලෝ:- සමාන වූ දෙවැනි පුද්ගලයෙකු මුලු තුන්ලොවෙහි ම නො මැති හෙයින් (තුන් ලොවෙහි ම සිටින එවැනි එක ම පුද්ගලයාණන් වහන්සේ වන හෙයින්) ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඒකපුග්ගල’ වන සේක.

477. සෝ භගවා ඉතිපි ඒකන්තවීතරාගෝ:- ඒකාන්ත වශයෙන් ම රාගය දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඒකන්තවීතරාග’ වන සේක.

478. සෝ භගවා ඉතිපි ඒකන්තවීතදෝසෝ:- ඒකාන්ත වශයෙන් ම ද්වේශය දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඒකන්තවීතදෝස’ වන සේක.

479. සෝ භගවා ඉතිපි ඒකන්තවීතමෝහෝ:- ඒකාන්ත වශයෙන් ම මෝහය දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඒකන්තවීතමෝහ’ වන සේක.

480. සෝ භගවා ඉතිපි ඒකන්තවීතසෝකෝ:- ඒකාන්ත වශයෙන් ම ශෝකය දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඒකන්තවීතසෝක’ වන සේක.

481. සෝ භගවා ඉතිපි ඒකන්තනික්කිලේසෝ:- ඒකාන්ත වශයෙන් ම නිකෙළෙස් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඒකන්ත නික්කිලේස’ වන සේක.

482. සෝ භගවා ඉතිපි ඒකන්තපරිසුද්ධෝ:- ඒකාන්ත වශයෙන් ම පාරිශුද්ධ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඒකන්ත පරිසුද්ධ’ වන සේක.

483. සෝ භගවා ඉතිපි ඒකන්තපරිපුණ්ණෝ:- ඒකාන්ත වශයෙන් ම පරිපූර්ණ ජීවිතයක් ගත කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඒකන්ත පරිපුණ්ණ’ වන සේක.

484. සෝ භගවා ඉතිපි ඒකවීරෝ:- තනිව ම මරු ජයගත් මුළු තුන් ලොවෙහි ම සිටින එක ම විරුවාණන් වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඒකවීර’ වන සේක.

485. සෝ භගවා ඉතිපි ඒකේකලෝමෝ:- එක් එක් රෝම කූපයෙහි හට ගත් එක් එක් රෝම සහිත මහා පුරුෂ ලක්ෂණය ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඒකේකලෝම’ වන සේක.

486. සෝ භගවා ඉතිපි ඒණිජංඝෝ:- ඒණි නම් මුවන් ගේ බඳු කෙණ්ඩා සහිත මහා පුරුෂ ලක්ෂණය ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඒණිජංඝ’ වන සේක.

487. සෝ භගවා ඉතිපි ඒකෝදිභූතෝ:- අතිශයින් එකඟ වූ සිත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඒකෝදිභූත’ වන සේක.

488. සෝ භගවා ඉතිපි ඒකාරෝ:- සතිය නම් වූ එක ම අරය ඇති අනුත්තර සංග්‍රාම රථය ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඒකාර’ වන සේක.

489. සෝ භගවා ඉතිපි ඒකාරක්ඛෝ:- සතියෙන් සුරැකුණු ජීවිත ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඒකාරක්ඛ’ වන සේක.

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails