Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

මැරෙණ ඉපදෙන ලොවක යළිත් නොමසරන්නට......

Tuesday, November 17, 2009 , at 12:31 PM

ජීවිතය

නොවේ විඳින්නට හෝ විඳවන්නට මුලාවෙන්

නමුදු කරන්නට අවබෝධ

ඇති තතු ඇති සැටියෙන්

ජරා-මරණ, සෝක-වැළපුම්, දුක්-දොම්නස්, සුසුම් ලීම්

ඇතිද ජය ගත් අයෙක්.......


දුවමින් පුරාවට පැය 24

පටන් තේරෙන දා හය හතර

ලුහුබඳිමින් පුහු කාමයන් මස් වැදලි වන්

නොනිම් තරඟයක පැටලී මුලාවෙන් නොමැති ජය කණු

මිරිඟු පසු මුව රැලක් වන්

නොදකිමින් සසරක දුක, අනියත බියකරු…….


ඇතිවූ නිසා හේතුවක් හටගෙන ඇත ඵලයක්

පසක් කරමින් ලෝ දහම නැතිවී යයි ඵලය

නිරුද්ධ වීමෙන් හේතුව

බලන් දෑස් හැර මෑත් කොට මෝහයේ කඩතුරාව

ඇතිද මිදුනෙක් දහමින් හේතු-ඵල

උපන් නමුදු අත් නොවූ ජරා-මරණ.........


තණග දිය බිඳක් වන් ගලා යන දොළක් වන් ජීවිතය

සයුර මත පාවෙනා හිම කඳක් සේම වන් සසර

මැරෙණ ඉපදෙන ලොවක යළිත් නොමසරන්නට

දුරැලා දුරින්ම රාග-ද්වේෂ-මෝහ

අවබෝධයෙන්ම හේතුව

නොම යන්නට යළි ඵලයක් කරා

යාත්‍රා කරන්නට කාල‍යයි

මඟ හැරෙන්නට මත්තෙන් අන්තිම නෞකාව......

අප්‍රමාදව

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails