Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

බුදු ගුණ අනන්ත යි...!!! -- (දොළොස්වන කොටස)

Wednesday, November 18, 2009 , at 9:54 AM


201. සෝ භගවා ඉතිපි අනුත්තමෝ:- අති උතුම් ගුණ දැරූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුත්තම’ වන සේක.

202. සෝ භගවා ඉතිපි අනුව්‍යඤ්ජනසම්පන්නෝ:- උතුම් අනුව්‍යංජනයන්ගෙන් (ශාරීරික අනුලක්ෂණ) යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුව්‍යඤ්ජනසම්පන්න’ වන සේක.

203. සෝ භගවා ඉතිපි අනූනමනසංකප්පෝ:- කිසිඳු ගුණයකින් ඌන නො වූ සංකල්ප ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනූනමනසංකප්ප’ වන සේක.

204. සෝ භගවා ඉතිපි අන්තිමදේහධාරී:- අන්තිම දේහය දරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අන්තිමදේහධාරී’ වන සේක.

205. සෝ භගවා ඉතිපි අන්තිමසාරීරෝ:- අන්තිම සිරුරු දරා වැඩ සිටි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අන්තිමසාරීර’ වන සේක.

206. සෝ භගවා ඉතිපි අන්තගූ:- සසර පරතෙරට වැඩි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අන්තගූ’ වන සේක.

207. සෝ භගවා ඉතිපි අන්තකරෝ:- සසර දුක් කෙළෙවර කරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අන්තකර’ වන සේක.

208. සෝ භගවා ඉතිපි අන්තගතෝ:- සියළු සංස්කාරයන් හි කෙළවරට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අන්තගත’ වන සේක.

209. සෝ භගවා ඉතිපි අන්තප්පත්තෝ:- ලෝකයෙහි කෙළවරට පැමිණි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අන්තප්පත්ත’ වන සේක.

210. සෝ භගවා ඉතිපි අන්තලික්ඛචරෝ:- අහසින් ගමන් කළ හැකි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අන්තලික්ඛචර’ වන සේක.

211. සෝ භගවා ඉතිපි අනේකාකාරසම්පන්නෝ:- නොයෙක් ආකාර ගුණයන්ගෙන් යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනේකාකාර සම්පන්න’ වන සේක.

212. සෝ භගවා ඉතිපි අනේජෝ:- ඒජා නමැති තෘෂ්ණාව දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනේජ’ වන සේක.

213. සෝ භගවා ඉතිපි අනෝමෝ:- අලාමක ජීවිතයක් ගත කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනෝම’ වන සේක.

214. සෝ භගවා ඉතිපි අනෝකසාරී:- උපාදානස්කන්ධ නමැති නිවහන අත්හැර හැසිරෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනෝකසාරී’ වන සේක.

215. සෝ භගවා ඉතිපි අනෝකෝ:- උපාදානස්කන්ධ නමැති නිවහන නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනෝක’ වන සේක.

216. සෝ භගවා ඉතිපි අනෝමපඤ්ඤෝ:- අළාමක ප්‍රඥා ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනෝමපඤ්ඤ’ වන සේක.

217. සෝ භගවා ඉතිපි අනෝමවීරෝ:- අළාමක වූ වීර ගුණ ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනෝමවීර’ වන සේක.

218. සෝ භගවා ඉතිපි අනෝමවණ්ණෝ:- අළාමක පැහැ ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනෝමවණ්ණ’ වන සේක.

219. සෝ භගවා ඉතිපි අනෝමදස්සී:- අළාමක දර්ශන ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනෝමදස්සී’ වන සේක.

220. සෝ භගවා ඉතිපි අසාමන්තපඤ්ඤෝ:- කිසිවෙකුට සමීප විය නො හැකි ප්‍රඥා ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසාමන්තපඤ්ඤ’ වන සේක.

221. සෝ භගවා ඉතිපි අසෝචකෝ:- ශෝක නො කරවන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසෝචක’ වන සේක.

222. සෝ භගවා ඉතිපි අප්පමාදවිහාරී:- අප්‍රමාදී විහරණයන් ගෙන් යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පමාදවිහාරී’ වන සේක.

223. සෝ භගවා ඉතිපි අදළිද්දෝ:- ලොව් තුරා සැපතින් නො දිළිඳු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අදළිද්ද’ වන සේක.

224. සෝ භගවා ඉතිපි අදුතියෝ:- දෙවැන්නෙක් නො මැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අදුතිය’ වන සේක.

225. සෝ භගවා ඉතිපි අදුට්ඨෝ:- දෝෂ නැති සිත් දැරූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අදුට්ඨ’ වන සේක.

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails