Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

බුදු ගුණ අනන්ත යි...!!! -- (එකොලොස් වන කොටස)

Tuesday, November 17, 2009 , at 10:09 AM


176. සෝ භගවා ඉතිපි අනුත්තරෝ:- තමන් වහන්සේට වඩා උතුම් අයෙක් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුත්තර’ වන සේක.

177. සෝ භගවා ඉතිපි අනුපායාසෝ:- සිත් තැවුල් නැති ජීවිතයක් ගත කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුපායාස’ වන සේක.

178. සෝ භගවා ඉතිපි අනුපාදානෝ:- සියළු උපාදානයන් බැහැර කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුපාදාන’ වන සේක.

179. සෝ භගවා ඉතිපි අනුස්සදෝ:- ඇවිස්සී යන කෙලෙස් කිසිවක් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුස්සද’ වන සේක.

180. සෝ භගවා ඉතිපි අනුද්ධතෝ:- නො සන්සුන් භාවය දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුද්ධත’ වන සේක.

181. සෝ භගවා ඉතිපි අනුන්නළෝ:- මාන නළ රහිත හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුන්නළ’ වන සේක.

182. සෝ භගවා ඉතිපි අනුබ්බිග්ගෝ:- තැති ගැනීම් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුබ්බිග්ග’ වන සේක.

183. සෝ භගවා ඉතිපි අනුස්සංකී:- සැක රහිත හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුස්සංකී’ වන සේක.

184. සෝ භගවා ඉතිපි අනුපුබ්බවිහාරී:- පිළිවෙලින් සමවදිනා සමවත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුපුබ්බවිහාරී’ වන සේක.

185. සෝ භගවා ඉතිපි අනුපුබ්බූපසන්තෝ:- පිළිවෙලින් සංසිඳීගිය සිත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුපුබ්බූපසන්ත’ වන සේක.

186. සෝ භගවා ඉතිපි අනුනේතා:- සැක දුරු කරවමින් නිවන් මග තුළ සමාදන් කරවන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුනේතා’ වන සේක.

187. සෝ භගවා ඉතිපි අනුපගතෝ:- කෙළෙසුන් කරා නො එළඹුනු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුපගත’ වන සේක.

188. සෝ භගවා ඉතිපි අනුපනාහෝ:- බද්ධ වෛර නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුපනාහ’ වන සේක.

189. සෝ භගවා ඉතිපි අනුපමෝ:- කිසිවකට උපමා කළ නො හැකි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුපම’ වන සේක.

190. සෝ භගවා ඉතිපි අනුසාසනකුසලෝ:- ධර්මානුශාසනාවට අතිශයින් දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුසාසන කුසල’ වන සේක.

191. සෝ භගවා ඉතිපි අනූනභෝගෝ:- සියළු ලොව්තුරු භෝගයන් ගෙන් අනූන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනූනභෝග’ වන සේක.

192. සෝ භගවා ඉතිපි අනුබුද්ධෝ:- සිව්සස් දහම් මැනවින් අවබෝධ කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුබුද්ධ’ වන සේක.

193. සෝ භගවා ඉතිපි අනුකම්පකෝ:- සියළු සත්වයිනට අනුකම්පා ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුකම්පක’ වන සේක.

194. සෝ භගවා ඉතිපි අනුවිදිතෝ:- සිව්සස් දහම් මැනවින් ප්‍රකට කරගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුවිදිත’ වන සේක.

195. සෝ භගවා ඉතිපි අනුච්චාවචසීලෝ:- උස්පහත් නො වූ සිථීර සිල් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුච්චාවච සීල’ වන සේක.

196. සෝ භගවා ඉතිපි අනුනයපටිඝවිප්පහීනෝ:- ඇලීම් ගැටීම් දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුනය පටිඝ විප්පහීන’ වන සේක.

197. සෝ භගවා ඉතිපි අනුරෝධවිරෝධසමතික්කන්තෝ:- (රාග වශයෙන්) අනුකූල වීම්, (ද්වේශ වශයෙන්) විරුද්ධ වීම්, සියලු අයුරින් ඉක්මවා ගිය හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුරෝධ විරෝධ සමතික්කන්ත’ වන සේක.

198. සෝ භගවා ඉතිපි අනූපඝාතෝ:- අන් අයට පීඩා නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුපඝාත’ වන සේක.

199. සෝ භගවා ඉතිපි අනුපවාදෝ:- කෙලෙස් සහිත ව කිසිවෙකුට ගර්හා නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුපඝාත’ වන සේක.

200. සෝ භගවා ඉතිපි අනූනංගෝ:- සියලු කායිකාංගයන් ගෙන් සේම කුසලාංගයන් ගෙන් අනූන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනූනංග’ වන සේක.

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails