Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

මේ සා බියකරු අනියත සසරක් කිම යළි පතනුව මතු වාරේ.....

Thursday, November 12, 2009 , at 8:37 PM

පෙර කල බුදු රජවරුන් දකින්නැති සදහම් අසමින් සංසාරේ
රහතුන්
වැඩි උත්තම මඟ ගන්නට පින් මදි වෙන්නැති මෙතු කාලේ
තෙරුවන්
සරණින් කළ පින් මහිමෙන් ලත් ක්ෂණ සම්පත මේ වාරේ
කෙලෙසින්
ඉඩදෙනු ගිලිහී යන්නට මෙවරත් අඳ බලයින් වාගේ.....


පෙරේත තිරිසන් අමනුස භවයන් හැකි ගණින්නට පාරේ
ඝනඳුරු
ලෝ කුඹු නිරයෙ පැසෙන්නැති අනේක කල්පයෙ සංසාරේ
හැඬූ
කඳුළු සමුදුරු පරයන්නැති ලත් සෝ තැවුලින් හැම වාරේ
මේ
සා බියකරු අනියත සසරක් කිම යළි පතනුව මතු වාරේ.....


දෙව් බඹ සුගතියෙ සැප විඳින්න ඇති ලද විරාමයක දිගු ගමනේ
පින්
කෙළවර නිරයට යළි යන්නැති පව් ගෙවනට කළ සංසාරේ
රජ
සිටු කුළ වල අන්ථඃපුර මැද සැපයෙන් මත්වී නෙක වාරේ
දුගතිගාමි
අකුසල් පුරවන්නැති ලාමක සැප සොයමින් දිවියේ.....


ලද විට දහමත් මිනිසත් භවයත් කළණ මිතුරු බස් සඟ රුවනේ
මන්
පමා වඩනට බල ප්රඥා සීල සමාධිත් මඟ නිවනේ
මොහොතක්
විය යුතු නොපමා ලෙස නිවනා ගිනි ගත් හිස හනි හනිකේ
අප්
රමාදයෙන් වඩනෙමු වීරිය කළ යුතු දෙය කරනට සසුනේ
.....

Bookmark and Share

Currently have 1 comments:

  1. kasun says:

    ඔබ විසින් නියැදි මෙම පැදියෙන් මා සිත තුල පැවැති බුද්ධාලම්බන ප්‍රිතිය සහ භාවනාව සදහා මා සිත වහා යොමුකරවන මෙම පදමාලාව කියවා අවබෝධකරගත් සැනෙකින්ම මා ආමනන්දානයට පත්වීමි.
    ඔබට පින්, මෙවැනි සුසැදියක් කෙරෙහි ඔබ කාලය හා ශ්‍රමය යොමුකලාට...
    එයම දිර්ඝවූ සසරෙහි විරාමයක් තබන්නට ඔබටමැ පි‍ටුවහලක් වනු නො අනුමානයැ.

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails