Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

බුදු ගුණ අනන්ත යි...!!! -- ( හයවැනි කොටස)

Thursday, November 12, 2009 , at 9:52 AM


76. සෝ භගවා ඉතිපි අසත්තෝ:- කිසිවකට නො ඇලෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසත්ත’ වන සේක.

77. සෝ භගවා ඉතිපි අසමධුරෝ:- අසමාන වීර්යය ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසමධුර’ වන සේක.

78. සෝ භගවා ඉතිපි අසන්තාසී:- කිසි දිනෙක ත්‍රාසයට පත් නො වනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසන්තාසී’ වන සේක.

79. සෝ භගවා ඉතිපි අසඨෝ:- කපටිකම් නැති ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසඨ’ වන සේක.

80. සෝ භගවා ඉතිපි අසදිසෝ:- සමාන කෙනෙකුන් නොමැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසදිස’ වන සේක.

81. සෝ භගවා ඉතිපි අසංඛෝභෝ:- කිසි විටෙක කැළඹිය නො හැකි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසංඛෝභ’ වන සේක.

82. සෝ භගවා ඉතිපි අසංඛතප්පත්තෝ:- අසංඛත නිවනට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසඛතප්පත්ත’ වන සේක.

83. සෝ භගවා ඉතිපි අසම්මෝහධම්මෝ:- මුළා නො වන ස්වභාවයෙන් යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසම්මෝහධම්ම’ වන සේක.

84. සෝ භගවා ඉතිපි අසම්මෝහාධිමුත්තෝ:- මෝහය ක්ෂය කිරීම නම් වූ නිවන ප්‍රත්‍යක්ෂ කොට සිටිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසම්මෝහාධිමුත්ත’ වන සේක.

85. සෝ භගවා ඉතිපි අසජ්ජමානෝ:- කිසිවිටෙක නො ගැටෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසජ්ජමාන’ වන සේක.

86. සෝ භගවා ඉතිපි අසම්භීතෝ:- කිසිවකින් භීතියට පත් නො වනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසම්භීත’ වන සේක.

87. සෝ භගවා ඉතිපි අසන්තසන්තෝ:- කිසිකලෙක තැති නො ගන්නා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසන්තසන්ත’ වන සේක.

88. සෝ භගවා ඉතිපි අසංසයෝ:- සංකා රහිත හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසංසය’ වන සේක.

89. සෝ භගවා ඉතිපි අසාරම්භෝ:- එකටෙක කිරීම් දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසාරම්භ’ වන සේක.

90. සෝ භගවා ඉතිපි අසංහාරියෝ:- කෙළෙසුන් විසින් පැහැරගත නො හැකි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසංහාරිය’ වන සේක.

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails