Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

බුදු ගුණ අනන්ත යි...!!! -- (හත්වැනි කොටස)

Friday, November 13, 2009 , at 10:14 AM


91. සෝ භගවා ඉතිපි අසාරත්තෝ:- කිසිඳු අයුරකින් නො ඇලෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසාරත්ත’ වන සේක.

92. සෝ භගවා ඉතිපි අසමයවිමුත්තෝ:- සැමකල්හි ම විමුක්ත වූ සිතක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසමයවිමුත්ත’ වන සේක.

93. සෝ භගවා ඉතිපි අසිතෝ:- ලෝකය ඇසුරු නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසිත’ වන සේක.

94. සෝ භගවා ඉතිපි අසිප්පජීවී:- ශිල්පයකින් ජීවිතය නො පවත්වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසිප්පජීවී’ වන සේක.

95. සෝ භගවා ඉතිපි අස්සාසකෝ:- මුළු තුන් ලොවට ම සැනසුම සදනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අස්සාසක’ වන සේක.

96. සෝ භගවා ඉතිපි අසම්මූළ්හවිහාරී:- මෝහය දුරු වූ නිවනෙහි වාසය කරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසම්මූළ්හවිහාරී’ වන සේක.

97. සෝ භගවා ඉතිපි අසෝකෝ:- ශෝකය දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසෝක’ වන සේක.

98. සෝ භගවා ඉතිපි අස්සද්ධෝ:- ලොව්තුරු දහම් තමන් වහන්සේ ම දැනගෙන අන් අයෙකු කෙරෙහි ශ්‍රද්ධාවට නො යනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අස්සද්ධ’ වන සේක.

99. සෝ භගවා ඉතිපි අසය්හසාහී:- නො ඉවසිය හැකි දේ ඉවසන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසය්හසාහී’ වන සේක.

100. සෝ භගවා ඉතිපි අසංගමානසෝ:- කිසි තැනක නො ඇලෙන මනසක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසංගමානස’ වන සේක.

101. සෝ භගවා ඉතිපි අසේඛෝ:- නිවන් මග තුළ තමන් වහන්සේ ම හික්මී, තව දුරට ත් හික්මිය යුතු නො වන
හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසේඛ’ වන සේක.

102. සෝ භගවා ඉතිපි අනංගණෝ:- අංගණ නම් වූ ළාමක අකුසල් දුරු කළ
හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනංගණ’ වන සේක.

103. සෝ භගවා ඉතිපි අනපෙක්ඛෝ:- අපේක්ෂා රහිත සිත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනපෙක්ඛ’ වන සේක.

104. සෝ භගවා ඉතිපි අනගාරියුපේතෝ:- ගිහි සැප හැර දමා අනගාරික බවට පැමිණි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනගාරියුපේත’ වන සේක.

105. සෝ භගවා ඉතිපි අනන්දි:- කැමැත්ත දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනන්දි’ වන සේක.

106. සෝ භගවා ඉතිපි අනඝෝ:- හැම දුකින් නිදහස් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනඝ’ වන සේක.

107. සෝ භගවා ඉතිපි අනඤ්ඤපෝසී:- අන් කිසිවෙක් පෝෂණය නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනඤ්ඤපෝසී’ වන සේක.

108. සෝ භගවා ඉතිපි අනන්තදස්සී:- අනන්ත නිවන දකිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනන්තදස්සී’ වන සේක.

109. සෝ භගවා ඉතිපි අනවජ්ජභෝජී:- මිත්‍යා ආජීවයෙන් තොර වූ නිවැරදි භෝජන ඇති
හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනවජ්ජභෝජී’ වන සේක.

110. සෝ භගවා ඉතිපි අනඤ්ඤනෙය්යෝ:- වෙන කිසිවෙක් විසින් නිවනට නො පැමිණවිය යුතු
හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනඤ්ඤනෙය්ය’ වන සේක.

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails