Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

බුදු ගුණ අනන්ත යි...!!! -- (විසි එක්වන කොටස)

Saturday, November 28, 2009 , at 10:56 AM


417. සෝ භගවා ඉතිපි ඉච්ඡාවිනයෝ:- කැමැත්ත දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉච්ඡාවිනය’ වන සේක.

418. සෝ භගවා ඉතිපි ඉන්ද්‍රියගුත්තෝ:- ඉන්ද්‍රියයන් ආරක්ෂා කරගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉන්ද්‍රියගුත්ත’ වන සේක.

419. සෝ භගවා ඉතිපි ඉන්ද්‍රියසංවුතෝ:- ඉන්ද්‍රියයන් සංවර කර ගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉන්ද්‍රියසංවුත’ වන සේක.

420. සෝ භගවා ඉතිපි ඉන්ද්‍රියසම්පන්නෝ:- ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් ගෙන් යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉන්ද්‍රියසම්පන්න’ වන සේක.

421. සෝ භගවා ඉතිපි ඉන්ද්‍රියකුසලෝ:- සියලු ඉන්ද්‍රියයන් පිළිබඳ දක්ෂ හෙයින් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉන්ද්‍රියකුසල’ වන සේක.

422. සෝ භගවා ඉතිපි ඉන්ද්‍රියසංවරසම්පන්නෝ:- ඉන්ද්‍රිය සංවරයෙන් සමන්විත හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉන්ද්‍රියසංවරසම්පන්න’ වන සේක.

423. සෝ භගවා ඉතිපි ඉන්දීවරෝ:- නිලුපුල් මලක් මෙන් ඉතා ශෝභමාන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉන්දීවර’ වන සේක.

424. සෝ භගවා ඉතිපි ඉන්දඛීලූපමෝ:- ඉන්ද්‍රඛීලයක් මෙන් නො සැලෙස හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉන්දඛීලූපම’ වන සේක.

425. සෝ භගවා ඉතිපි ඉද්ධිප්පත්තෝ:- ඉර්ධි බලයන්ට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉද්ධිප්පත්ත’ වන සේක.

426. සෝ භගවා ඉතිපි ඉද්ධිපාදකුසලෝ:- ඉර්ධිපාද පිළිබඳ දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉද්ධිපාදකුසල’ වන සේක.

427. සෝ භගවා ඉතිපි ඉද්ධිපාදසම්පන්නෝ:- සතර සෘද්ධිපාදයන් ගෙන් යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉද්ධිපාදසම්පන්න’ වන සේක.

428. සෝ භගවා ඉතිපි ඉද්ධිඤාණපරිභාවිතෝ:- ඉද්ධිබල උපදවන ඤාණ වඩන ලද හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉද්ධිඤාණපරිභාවිත’ වන සේක.

429. සෝ භගවා ඉතිපි ඉරියාපථසම්පන්නෝ:- සොඳුරු ඉරියව් පැවතුම් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉරියාපථසම්පන්න’ වන සේක.

430. සෝ භගවා ඉතිපි ඉසි:- සෘෂි ගුණ දරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉසි’ වන සේක.

431. සෝ භගවා ඉතිපි ඉසිසත්තමෝ:- සත් බුදු රජාණන් වහන්සේලා අතරින් සත්වැනි මහා සෘෂින් වහන්සේ වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ ඉසිසත්තම’ වන සේක.

432. සෝ භගවා ඉතිපි ඉසිනිසභෝ:- අති ශ්‍රේෂ්ඨ සෘෂීන් වහන්සේ වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉසිනිසභ’ වන සේක.

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails