Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

අම්මේ.....

Monday, November 30, 2009 , at 5:20 PM

දුකඳුළු හෙලා නෑඹිලියට සහල් ගරන අම්මේ
නුඹෙ සෙනෙහස සුවඳ දෙදී ගෙනදෙයි සුව​
අම්මේ
දස මසක්ම​ දස දුක් විඳ ලේ කිරි පෙවු අම්මේ

යදිනෙමි වරයක් සදනට සත හට සුව අම්මේ


ආදරයේ උල්පත නුඹ නොවේය මා රාහුල පුතු
අම්මේ

මව් ගුණ සුවඳ හැමදාමත් සිහිලයි තෙදබලැතියි නුඹෙ
අම්මේ

එනමුදු ජරා මරණය ඒ හැම පරයන දුක් සයුරකි
අම්මේ

බුදු පිය උරුමය තුළ පතනෙමි රැකවරණය​
අවසර
අම්මේ


අනවරාඝතයි
බියකරු සසර දුකක්මයි අඳුරුයි
අම්මේ

මරු පරදා මගෙ බුදු පියා ජයගති බෝ මැඩ මුල
දුක​
අම්මේ

ඒ මඟ අම නිවන් කෙලවර සදා සැපයි නිති සොඳුරුයි

අම්මේ

දෙනවද
විවරණ පුතු හට වඩිනට රහතුන් ගත් මඟ
අම්මේ


තුරුලට වී සුව විඳිමින් පමා වෙන්න බැහැ රත්තරං
අම්මේ

මේ ලද ක්‍ෂණය ගිලිහෙනු දී පරදිනු බෑ මේ සටනින්
අම්මේ

පූජා දී සසුනට සැදැහෙන් පිහිටා සරණයෙ තිසරණ
අම්මේ

මං එනතුරු ඉදිකඩ ළඟ නෙත කඳුලින් බලා නොයින්
අම්මේ.......
෴෴෴


Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails