Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

බුදු ගුණ අනන්ත යි...!!! -- (විසිවන කොටස)

Friday, November 27, 2009 , at 11:28 AM

401. සෝ භගවා ඉතිපි ආයතනකුසලෝ:- අධ්‍යාත්මික බාහිර ආයතන විෂයෙහි දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආයතනකුසල’ වන සේක.

402. සෝ භගවා ඉතිපි ආමන්තකෝ:- සද්ධර්මයෙන් ලෝකය අමතන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආමන්තක’ වන සේක.

403. සෝ භගවා ඉතිපි ආරද්ධවිරියෝ:- ඇරඹූ වීරියෙන් යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආරද්ධවිරිය’ වන සේක.

404. සෝ භගවා ඉතිපි ආරක්ඛසති:- සුරකින ලද සිහියක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආරක්ඛසති’ වන සේක.

405. සෝ භගවා ඉතිපි ආරාචාරී:- ලෝකයෙන් වෙන් වී හැසිරෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආරාචාරී’ වන සේක.

406. සෝ භගවා ඉතිපි ආරෝගගතෝ:- පරම නිරෝගී භාවය නම් වූ නිවනට වැඩි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආරෝගගත’ වන සේක.

407. සෝ භගවා ඉතිපි ආරෝහපරිණාහසම්පන්නෝ:- ආරෝහපරිණාහසම්පන්න හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආරෝහපරිණාහසම්පන්න’ වන සේක.

408. සෝ භගවා ඉතිපි ආලෝකකරෝ:- ප්‍රඥා ආලෝකය ඇති කරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආලෝකකර’ වන සේක.

409. සෝ භගවා ඉතිපි ආලෝකදදෝ:- ප්‍රඥා ආලෝකය ලබා දෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආලෝකදද’ වන සේක.

410. සෝ භගවා ඉතිපි ආලෝකබහුලෝ:- ප්‍රඳා ආලෝකයෙන් ගැවසී ගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආලෝකබහුල’ වන සේක.

411. සෝ භගවා ඉතිපි ආසවඛීණෝ:- සියලු ආශ්‍රව ක්ෂය කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආසවඛීණ’ වන සේක.

412. සෝ භගවා ඉතිපි අනිමිත්තරතෝ:- නිමිති රහිත සමවත් කැමති වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනිමිත්තරත’ වන සේක.

413. සෝ භගවා ඉතිපි අත්ථකාරේතා:- තුන් ලොවට යහපත සිදු කරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අත්ථකාරේතා’ වන සේක.

414. සෝ භගවා ඉතිපි අජාතප්පත්තෝ:- නො ඉපදෙන ස්වභාවය වූ නිවනට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අජාතප්පත්ත’ වන සේක.

415. සෝ භගවා ඉතිපි අභූතප්පත්තෝ:- හට නො ගත් ස්වභාවය වූ නිවනට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභූතප්පත්ත’ වන සේක.

416. සෝ භගවා ඉතිපි අකතප්පත්තෝ:- කිසිවකින් සකස් නො කළ නිවනට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකතප්පත්ත’ වන සේක.

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails