Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

බුදු ගුණ අනන්ත යි...!!! -- (දහනවවන කොටස)

Wednesday, November 25, 2009 , at 10:12 AM


376. සෝ භගවා ඉතිපි අදීනමානසෝ:- කෙළෙසුන්ට හෝ කිසිවෙකුට හෝ යටපත් නො වන මනසක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අදීනමානස’ වන සේක.

377. සෝ භගවා ඉතිපි අපලෝකිතප්පත්තෝ:- විනාශ නො වන ස්වභාවය වූ නිවනට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපලෝකිතප්පත්ත’ වන සේක.

378. සෝ භගවා ඉතිපි අඛෝභියෝ:- කිසි දිනෙක නො කැළඹෙන සිත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අඛෝභිය’ වන සේක.

379. සෝ භගවා ඉතිපි අදෝසෝ:- කිසිඳු දොසකින් තොර සිතක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අදෝස’ වන සේක.

380. සෝ භගවා ඉතිපි අභිනීලනෙත්තෝ:- ඉතා නිල් පැහැති නෙත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභිනීලනෙත්ත’ වන සේක.

381. සෝ භගවා ඉතිපි අබ්භුතප්පත්තෝ:- ඉතා පුදුම සහගත ස්වභාවය වූ නිවනට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අබ්භුතප්පත්ත’ වන සේක.

382. සෝ භගවා ඉතිපි අභන්තචිත්තෝ:- කම්පිත නො වන සිත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභන්තචිත්ත’ වන සේක.

383. සෝ භගවා ඉතිපි අදන්තදමකෝ:- දමනය නොවූ අය දමනය කරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අදන්තදමක’ වන සේක.

384. සෝ භගවා ඉතිපි ආකප්පසම්පන්නෝ:- සොඳුරු දිවි පැවතුම් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආකප්පසම්පන්න’ වන සේක.

385. සෝ භගවා ඉතිපි ආකාසසමචිත්තෝ:- අහස හා සම සිතක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආකාසසමචිත්ත’ වන සේක.

386. සෝ භගවා ඉතිපි ආකාසසමමානසෝ:- නුඹ ගැබ සදිසි මනසක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකාසසමමානස’ වන සේක.

387. සෝ භගවා ඉතිපි ආකිණ්ණවරලක්ඛණෝ:- උතුම් ලක්ෂණයන් ගෙන් ගැවසී ගත් ජීවිතයක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආකිණ්ණ වරලක්ඛණ’ වන සේක.

388. සෝ භගවා ඉතිපි ආගතඵලෝ:- සපැමිණි අර්හත් ඵල ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආගතඵල’ වන සේක.

389. සෝ භගවා ඉතිපි ආචාරකුසලෝ:- යහපත් දිවි පැවතුම් පෙන්වා දීමෙහි දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආචාරකුසල’ වන සේක.

390. සෝ භගවා ඉතිපි අචාරඋපචාරඤ්ඤූ:- ආචාර උපචාර මැනවින් දන්නා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආචාරඋපචාරඤ්ඤූ’ වන සේක.

391. සෝ භගවා ඉතිපි ආනෙඤ්ජප්පත්තෝ:- නොසැලෙන ස්වභාවයට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආනෙඤ්ජප්පත්ත’ වන සේක.

392. සෝ භගවා ඉතිපි ආචාරගෝචරසම්පන්නෝ:- ඉතා යහපත් ඇවතුම් පැවතුම් වලින් යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආචාරගෝචරසම්පන්න’ වන සේක.

393. සෝ භගවා ඉතිපි ආදිත්තෝ:- ඇවිලගත් ප්‍රඥා ආලෝක ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආදිත්ත’ වන සේක.

394. සෝ භගවා ඉතිපි ආදිච්චබන්ධූ:- සූර්ය වංශයෙහි ඉපදුනු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආදිච්චබන්ධු’ වන සේක.

395. සෝ භගවා ඉතිපි ආදීනවදස්සී:- සසරේ ආදීනව දකිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආදීනවදස්සී’ වන සේක.

396. සෝ භගවා ඉතිපි ආදෙය්‍යවචනෝ:- පිළිගත යුතු වචන ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආදෙය්‍යවචන’ වන සේක.

397. සෝ භගවා ඉතිපි ආතාපී:- කෙළෙස් තවනා වීරියෙන් යුතු වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආතාපී’ වන සේක.

398. සෝ භගවා ඉතිපි ආභාසකරෝ:- ප්‍රඥා රශ්මිය ඇති කරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආභාසකර’ වන සේක.

399. සෝ භගවා ඉතිපි ආයකුසලෝ:- කුසල් දහම්හි දියුණුව පිළිබඳ දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආයකුසල’ වන සේක.

400. සෝ භගවා ඉතිපි ආයතපණ්හී:- දික් විලුඹ ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආයතපණ්හී’ වන සේක.

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails