Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

බුදු ගුණ අනන්ත යි...!!! -- (දහඅටවන කොටස)

Tuesday, November 24, 2009 , at 9:51 AM


351. සෝ භගවා ඉතිපි අමතාකරෝ:- අමෘත ආකරයක් වැනි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමතාකර’ වන සේක.

352. සෝ භගවා ඉතිපි අමමෝ:- මමත්වය දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමම’ වන සේක.

353. සෝ භගවා ඉතිපි අමරෝ:- මරණය ජය ගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමර’ වන සේක.

354. සෝ භගවා ඉතිපි අමක්ඛෝ:- ගුණමකු බව නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමක්ඛ’ වන සේක.

355. සෝ භගවා ඉතිපි අමච්ඡරී:- මසුරු බව නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමච්ඡරී’ වන සේක.

356. සෝ භගවා ඉතිපි අමායා:- මායා රහිත හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමායා’ වන සේක.

357. සෝ භගවා ඉතිපි අමිතයසෝ:- ප්‍රමාණ රහිත යසසක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමිතයස’ වන සේක.

358. සෝ භගවා ඉතිපි අමුඛරෝ:- මුඛරි භාවය රහිත හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමුඛර’ වන සේක.

359. සෝ භගවා ඉතිපි අමුච්ඡිතෝ:- කාමයන් තුළ මුර්ඡාවට පත් නො වනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමුච්ඡිත’ වන සේක.

360. සෝ භගවා ඉතිපි අමෝඝෝ:- නොසිස් ජීවිතයක් ගත කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමෝඝ’ වන සේක.

361. සෝ භගවා ඉතිපි අමෝහෝ:- මෝහය දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමෝහ’ වන සේක.

362. සෝ භගවා ඉතිපි අහිංසකෝ:- කිසි ම හිංසාවක් නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අහිංසක’ වන සේක.

363. සෝ භගවා ඉතිපි අහීනින්ද්‍රියෝ:- අඩු නො වූ ඉඳුරන් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අහීනින්ද්‍රිය’ වන සේක.

364. සෝ භගවා ඉතිපි අගථිතෝ:- කාමයන්ට නො බැඳුනු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අගථිත’ වන සේක.

365. සෝ භගවා ඉතිපි අගදූපමෝ:- කෙළෙස් ලෙඩ සුව කරන ඖෂධයක් වැනි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අගදූපම’ වන සේක.

366. සෝ භගවා ඉතිපි අගිද්ධෝ:- කිසිවකට ත් ගිජු නො වනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අගිද්ධ’ වන සේක.

367. සෝ භගවා ඉතිපි අග්ගපුග්ගලෝ:- තුන් ලොවට ම අග්‍රපුද්ගලයාණන් වහන්සේ වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අග්ගපුග්ගල’ වන සේක.

368. සෝ භගවා ඉතිපි අග්ගෝ:- සියලු සත්වයන්ට ම අග්‍රහෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අග්ග’ වන සේක.

369. සෝ භගවා ඉතිපි අග්ගප්පත්තෝ:- අග්‍ර නිවනට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අග්ගප්පත්ත’ වන සේක.

370. සෝ භගවා ඉතිපි අග්ගඤ්ඤූ:- අග්‍ර නිවන දැන ගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අග්ගඤ්ඤූ’ වන සේක.

371. සෝ භගවා ඉතිපි අඤ්ඤදත්ථුදසෝ:- ඒකාන්තයෙන් ම සියල්ල දකිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අඤ්ඤදත්ථුදස’ වන සේක.

372. සෝ භගවා ඉතිපි අඤ්ඤාවිමුත්තෝ:- අරහත්ඵලයෙහි විමුක්තියට පත් වූ සිත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අඤ්ඤාවිමුත්ත’ වන සේක.

373. සෝ භගවා ඉතිපි අඩ්ඪෝ:- ලොව්තුරු ගුණයෙන් ආඪ්‍ය හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අඩ්ඪ’ වන සේක.

374. සෝ භගවා ඉතිපි අංගීරසෝ:- මුළු සිරුරෙන් ම විහිදෙන රශ්මිධාරා ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අංගීරස’ වන සේක.

375. සෝ භගවා ඉතිපි අරෝගෝ:- කෙළෙස් ලෙඩ දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අරෝග’ වන සේක.


Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails