Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

බුදු ගුණ අනන්ත යි...!!! -- (දහහත්වන කොටස)

Monday, November 23, 2009 , at 10:13 AM


326. සෝ භගවා ඉතිපි අජලිතෝ:- කෙළෙස් ගින්නෙන් නොදැල්වෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අජලිත’ වන සේක.

327. සෝ භගවා ඉතිපි අජරප්පත්තෝ:- නො දිරන ස්වභාවය වූ නිවනට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අජරප්පත්ත’ වන සේක.

328. සෝ භගවා ඉතිපි අජිතඤ්ජයෝ:- නො දිනූ මර යුදය ජය ගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අජිතඤ්ජය’ වන සේක.

329. සෝ භගවා ඉතිපි අජ්ඣත්තචින්තී:- සිය ආධ්‍යාත්මයට යොමුවූ සිතුවිළි ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අජ්ඣත්තචින්තී’ වන සේක.

330. සෝ භගවා ඉතිපි අජ්ඣත්තරතෝ:- සිය ආධ්‍යාත්මයෙහි පිහිටි සිත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අජ්ඣත්තරත’ වන සේක.

331. සෝ භගවා ඉතිපි අබද්ධෝ:- කිසිවකට නොබැඳුනු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අබද්ධ’ වන සේක.

332. සෝ භගවා ඉතිපි අබන්ධනෝ:- කෙලෙස් බැමි දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අබන්ධන’ වන සේක.

333. සෝ භගවා ඉතිපි අබ්භුතෝ:- පුදුම සහගත ගුණ දරණා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අබ්භුත’ වන සේක.

334. සෝ භගවා ඉතිපි අබ්බූළ්හේසිකෝ:- තෘෂ්ණාව නම් වූ ස්ථම්භය මුලින් ම උදුරා දැමූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අබ්බූළ්හේසික’ වන සේක.

335. සෝ භගවා ඉතිපි අබ්බූළ්හසල්ලෝ:- කෙළෙස් හුල් මුලින් උදුරා දැමූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අබ්බූළ්හසල්ල’ වන සේක.

336. සෝ භගවා ඉතිපි අබ්‍යග්ගමානසෝ:- මැනවින් එකඟ වූ මනසක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අබ්‍යග්ගමානස’ වන සේක.

337. සෝ භගවා ඉතිපි අබ්‍යාපජ්ඣාධිමුත්තෝ:- ක්‍රෝධය ක්ෂය වී ගිය නිවන ප්‍රත්‍යක්ෂ කොට ගෙන සිටිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අබ්‍යාපජ්ඣාධිමුත්ත’ වන සේක.

338. සෝ භගවා ඉතිපි අබ්‍යාපජ්ඣප්පත්තෝ:- ක්‍රෝධය දුරු වී ගිය නිවනට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අබ්‍යාපජ්ඣප්පත්ත’ වන සේක.

339. සෝ භගවා ඉතිපි අමතෝ:- නොමියෙන ගුණ ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමත’ වන සේක.

340. සෝ භගවා ඉතිපි අමතෝගධෝ:- අමා නිවනේ බැස ගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමතෝගධ’ වන සේක.

341. සෝ භගවා ඉතිපි අමතප්පත්තෝ:- අමා නිවනට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමතප්පත්ත’ වන සේක.

342. සෝ භගවා ඉතිපි අමතස්සදාතා:- ලොවට අමෘතය දන් දෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමතස්සදාතා’ වන සේක.

343. සෝ භගවා ඉතිපි අමතද්දසෝ:- අමා නිවන දුටු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමතද්දස’ වන සේක.

344. සෝ භගවා ඉතිපි අමතපරියෝසානෝ:- අමා නිවන් සුව කෙළවර කොට ගෙන සිටිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමතපරියෝසාන’ වන සේක.

345. සෝ භගවා ඉතිපි අමතගතෝ:- අමා නිවනට වැඩි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමතගත’ වන සේක.

346. සෝ භගවා ඉතිපි අමතදස්සී:- අමා නිවන ප්‍රත්‍යක්ෂ ලෙස දකිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමතදස්සී’ වන සේක.

347. සෝ භගවා ඉතිපි අමතරතෝ:- අමා නිවනට කැමති වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමතරත’ වන සේක.

348. සෝ භගවා ඉතිපි අමතකුසලෝ:- අමා මහ නිවනට දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමතකුසල’ වන සේක.

349. සෝ භගවා ඉතිපි අමතාවහෝ:- අමා නිවන් සුව ගෙන දෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමතාවහ’ වන සේක.

350. සෝ භගවා ඉතිපි අමතාධිගතෝ:- අමෘතය ලැබ ගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අමතාධිගත’ වන සේක.

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails