Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

බුදු ගුණ අනන්ත යි...!!! -- (දහසයවන කොටස)

Sunday, November 22, 2009 , at 9:52 AM


301. සෝ භගවා ඉතිපි අභිභූ:- මුළු තුන් ලොව ම සදහම් තෙදින් මැඩලන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභිභූ’ වන සේක.

302. සෝ භගවා ඉතිපි අභිනිබ්බුතත්තෝ:- වෙසෙසින් නිවී ගිය ජීවිතයක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභිනිබ්බුතත්ත’ වන සේක.

303. සෝ භගවා ඉතිපි අභිඤ්ඤාවෝසිතෝ:- විශිෂ්ඨ ඤාණයෙන් නිවන් මග සම්පූර්ණ කළ හෙයින් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභිඤ්ඤාවෝසිත’ වන සේක.

304. සෝ භගවා ඉතිපි අභිධම්මකුසලෝ:- ගම්භීර ධර්මයෙහි දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභිධම්මකුසල’ වන සේක.

305. සෝ භගවා ඉතිපි අභිවිනයකුසලෝ:- ගැඹුරු විනයෙහි දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභිවිනයකුසල’ වන සේක.

306. සෝ භගවා ඉතිපි අභිඤ්ඤාවෝසානපාරමිප්පත්තෝ:- විශේෂ ඤාණයන්ගෙන් යුතු ව බඹසර දිවි ගෙවා පරතෙරට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභිඤ්ඤා වෝසාන පාරමිප්පත්ත’ වන සේක.

307. සෝ භගවා ඉතිපි අභීතෝ:- අභීත පුරුෂෝත්තමයාණන් වහන්සේ වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභීත’ වන සේක.

308. සෝ භගවා ඉතිපි අභීරු:- කිසිවකට බිය නො වනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභීරු’ වන සේක.

309. සෝ භගවා ඉතිපි අරහං:- සියළු කෙලෙසුන් දුරු කොට ලොවේ සියළු පූජාවන්ට සුදුසු වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අරහං’ වන සේක.

310. සෝ භගවා ඉතිපි අරසරූපෝ:- රූප රස, ශබ්ධ රස, ආදී පංච රසයන්ට ඇති තෘෂ්ණාවේ මුල් සුන් කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අරසරූප’ වන සේක.

311. සෝ භගවා ඉතිපි අරණෝ:- ‛රණ’ නම් වූ කෙළෙසුන් දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අරණ’ වන සේක.

312. සෝ භගවා ඉතිපි අරත්තෝ:- කාමයන්ට නො ඇලුනු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අරත්ත’ වන සේක.

313. සෝ භගවා ඉතිපි අරියෝ:- තුන් ලොවෙහි පරම ආර්යයන් වහන්සේ වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අරිය’ වන සේක.

314. සෝ භගවා ඉතිපි අරියසීලෝ:- ආර්ය සීලයකින් යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අරියසීල’ වන සේක.

315. සෝ භගවා ඉතිපි අරියප්පත්තෝ:- පරම උත්තමභාවය වූ නිවනට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අරියප්පත්ත’ වන සේක.

316. සෝ භගවා ඉතිපි අරියද්දසෝ:- පරම උත්තමභාවය වූ නිවන දුටු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අරියද්දස’ වන සේක.

317. සෝ භගවා ඉතිපි අරියවංසෝ:- පුරාණ සම්බුදුවරුන් ගේ පරපුරට අයත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අරියවංස’ වන සේක.

318. සෝ භගවා අරඤ්ඤකෝ:- අරණ්‍යයේ වසනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අරඤ්ඤක’ වන සේක.

319. සෝ භගවා ඉතිපි අරෝසනෙය්‍යෝ:- කිසිවෙකු විසිනුදු නො පෙළිය යුතු වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අරෝසනෙය්‍ය’ වන සේක.

320. සෝ භගවා ඉතිපි අඝවිනයෝ:- සියළු දුක් නැසූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අඝවිනය’ වන සේක.

321. සෝ භගවා ඉතිපි අළාමකෝ:- අළාමක දිවි ගත කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අළාමක’ වන සේක.

322. සෝ භගවා ඉතිපි අලිප්පමානෝ:- ලෝකයෙහි නො තැවරෙනසුලු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අලිප්පමාන’ වන සේක.

323. සෝ භගවා ඉතිපි අලීනචිත්තෝ:- කිසි දිනෙක පසුබට නො වන සිත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අලීනචිත්ත’ වන සේක.

324. සෝ භගවා ඉතිපි අලෝලෝ:- ලෝල නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අලෝල’ වන සේක.

325. සෝ භගවා ඉතිපි අලෝභෝ:- ලෝභය දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අලෝභ’ වන සේක.

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails