Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

බුදු ගුණ අනන්ත යි...!!! -- (දහහතර වන කොටස)

Friday, November 20, 2009 , at 10:13 AM


251. සෝ භගවා ඉතිපි අතිදේවෝ:- දෙවියන් ඉක්මවා ගිය හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අතිදේව’ වන සේක.

252. සෝ භගවා ඉතිපි අතිතුලෝ:- වෙන කිසිවෙකුට ත් තුලනය නො වනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අතිතුල’ වන සේක.

253. සෝ භගවා ඉතිපි අත්තාධිපකෝ:- තමන් වහන්සේ අධිපති කොට ගෙන සිටිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අත්තාධිපක’ වන සේක.

254. සෝ භගවා ඉතිපි අත්තඤ්ඤූ:- සිය ගුණ දන්නා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අත්තඤ්ඤූ’ වන සේක.

255. සෝ භගවා ඉතිපි අත්ථඤ්ඤූ:- සැබෑ අර්ථය දන්නා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අත්ථඤ්ඤූ’ වන සේක.

256. සෝ භගවා ඉතිපි අත්තසඤ්ඤතෝ:- සිය ජීවිතය සංවර කර ගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අත්තසඤ්ඤත’ වන සේක.

257. සෝ භගවා ඉතිපි අත්ථදස්සී:- සියළු අර්ථයන් දකිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අත්ථදස්සී’ වන සේක.

258. සෝ භගවා ඉතිපි අත්තදීපෝ:- තමා දිවයිනක් කර ගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අත්තදීප’ වන සේක.

259. සෝ භගවා ඉතිපි අත්තඤ්ජහෝ:- ආත්මදෘෂ්ටිය හැර දැමූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අත්තඤ්ජහ’ වන සේක.

260. සෝ භගවා ඉතිපි අත්තදන්තෝ:- සිය ජීවිතය දමනය කර ගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අත්තදන්ත’ වන සේක.

261. සෝ භගවා ඉතිපි අත්තගුත්තෝ:- අකුසලයෙන් තමන් රැකගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අත්තගුත්ත’ වන සේක.

262. සෝ භගවා ඉතිපි අත්තභරෝ:- අනෙකෙක් පෝෂණය නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අත්තභර’ වන සේක.

263. සෝ භගවා ඉතිපි අත්ථද්ධෝ:- තදගති නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අත්ථද්ධ’ වන සේක.

264. සෝ භගවා ඉතිපි අත්ථවාදී:- අර්ථය පවසන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අත්ථවාදී’ වන සේක.

265. සෝ භගවා ඉතිපි අත්ථකාමෝ:- අර්ථය ම කැමැති වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අත්ථකාම’ වන සේක.

266. සෝ භගවා ඉතිපි අත්ථකුසලෝ:- සැබෑ අර්ථයෙහි දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අත්ථකුසල’ වන සේක.

267. සෝ භගවා ඉතිපි අත්ථස්සනින්නේතා:- සැබෑ අර්ථය ඉස්මතු කරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අත්ථස්සනින්නේතා’ වන සේක.

268. සෝ භගවා ඉතිපි අතිරච්ඡානකථිකෝ:- දෙතිස් කථා නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අතිරච්ඡානකථික’ වන සේක.

269. සෝ භගවා ඉතිපි අතිදේවප්පත්තෝ:- අති ශ්‍රේෂ්ඨභාවයට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අතිදේවප්පත්ත’ වන සේක.

270. සෝ භගවා ඉතිපි අතුලෝ:- කිසිවෙකුට සම කළ නො හැකි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අතුල’ වන සේක.

271. සෝ භගවා ඉතිපි අතුලදස්සනෝ:- සම කළ නො හැකි සොඳුරු දසුන් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අතුලදස්සන’ වන සේක.

272. සෝ භගවා ඉතිපි අතුලතේජෝ:- සම කළ නො හැකි තේජස් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අතුලතේජ’ වන සේක.

273. සෝ භගවා ඉතිපි අවිරුද්ධෝ:- ලොවෙහි නො ගැටෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අවිරුද්ධ’ වන සේක.

274. සෝ භගවා ඉතිපි අවිකම්පමානෝ:- කිසි කලෙක නො සැලෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අවිකම්පමාන’ වන සේක.

275. සෝ භගවා ඉතිපි අවිතක්කඣායී:- විතර්ක රහිත ධ්‍යානයන් වඩනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අවිතක්කඣායී’ වන සේක.

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails