Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

බුදු ගුණ අනන්ත යි...!!! -- (පහළොස්වන කොටස)

Saturday, November 21, 2009 , at 9:48 AM


276. සෝ භගවා ඉතිපි අවිපරීතදස්සනෝ:- යථා ස්වභාවයෙන් නො වෙනස් වූ දර්ශන ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අවිපරීතදස්සන’ වන සේක.

277. සෝ භගවා ඉතිපි අවිපටිසාරසම්පන්නෝ:- විපිළිසර නො වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අවිපටිසාර සම්පන්න’ වන සේක.

278. සෝ භගවා ඉතිපි අවිසංවාදකෝ:- ලොව මුලා නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අවිසංවාදකෝ’ වන සේක.

279. සෝ භගවා ඉතිපි අවිරූළ්හිච්ඡන්දෝ:- කැමැත්ත යළි නො වැඩෙන ලෙස සිඳලූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අවිරූළ්හිච්ඡන්ද’ වන සේක.

280. සෝ භගවා ඉතිපි අවිකත්ථී:- තමන් හුවා නො දක්වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අවිකත්ථී’ වන සේක.

281. සෝ භගවා ඉතිපි අවිඝාතපක්ඛිකෝ:- දුක් පක්ෂය බැහැර කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අවිඝාතපක්ඛික’ වන සේක.

282. සෝ භගවා ඉතිපි අවික්ඛිත්තචිත්තෝ:- නොවිසිරෙන සිත් ඇති හෙයින් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අවික්ඛිත්ත චිත්ත’ වන සේක.

283. සෝ භගවා ඉතිපි අවිසාහටමානසෝ:- නො කැළඹෙන මනසක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අවිසාහටමානස’ වන සේක.

284. සෝ භගවා ඉතිපි අවිවරදන්තෝ:- විවර රහිත දන්තධාතූන් වහන්සේලා ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අවිවරදන්ත’ වන සේක.

285. සෝ භගවා ඉතිපි අව්‍යාපන්නෝ:- කෝප නො වන සිතක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අව්‍යාපන්න’ වන සේක.

286. සෝ භගවා ඉතිපි අවිප්පවාසෝ:- නිවනින් වෙන් නො වී වසනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අවිප්පවාස’ වන සේක.

287. සෝ භගවා ඉතිපි අවිහංසකෝ:- කිසිදු හිංසාවක් නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අවිහිංසක’ වන සේක.

288. සෝ භගවා ඉතිපි අව්‍යාපජ්ඣරතෝ:- අව්‍යාපාදයට කැමති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අව්‍යාපජ්ඣරත’ වන සේක.

289. සෝ භගවා ඉතිපි අව්‍යාපජ්ඣාරාමෝ:- මෙත් සිත පතුරුවා වැඩ සිටින හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අව්‍යාපජ්ඣාරාම’ වන සේක.

290. සෝ භගවා ඉතිපි අව්‍යාපන්නචිත්තෝ:- ව්‍යාපාද රහිත සිතක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අව්‍යාපන්නචිත්ත’ වන සේක.

291. සෝ භගවා ඉතිපි අවේරී:- වෛර නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අවේරී’ වන සේක.

292. සෝ භගවා ඉතිපි අවේධධම්මෝ:- නො සැලෙන ස්වභාවයෙන් යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අවේධධම්ම’ වන සේක.

293. සෝ භගවා ඉතිපි අභයෝ:- නිර්භය වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභය’ වන සේක.

294. සෝ භගවා ඉතිපි අභයගතෝ:- භය රහිත නිවනට වැඩි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභයගත’ වන සේක.

295. සෝ භගවා ඉතිපි අභයප්පත්තෝ:- භය රහිත නිවනට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභයප්පත්ත’ වන සේක.

296. සෝ භගවා ඉතිපි අභයදස්සී:- භය රහිත නිවන දකිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභයදස්සී’ වන සේක.

297. සෝ භගවා ඉතිපි අභයේවිමුත්තෝ:- භය රහිත නිවන් දැක, සසරින් මිදුණු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභයේවිමුත්ත’ වන සේක.

298. සෝ භගවා ඉතිපි අභිරූපෝ:- අතිශයින් සුන්දර හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභිරූප’ වන සේක.

299. සෝ භගවා ඉතිපි අභික්කන්තදස්සී:- ඉතා සොඳුරු දර්ශන ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභික්කන්තදස්සී’ වන සේක.

300. සෝ භගවා ඉතිපි අභිනීහාරකුසලෝ:- මතු මතු සමවැදුම පිණිස ධ්‍යානයන් ප්‍රගුණ කිරීමෙහි ඉතා දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභිනීහාරකුසල’ වන සේක.

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails